5. උපාසක සූත්‍ර වර්ණනාව
පංචම සූත්‍රයෙහි ඉච්ඡානංගලකො යනු ඉච්ඡා නංගල නම් කොසොල් රට එක් බ්‍රාහ්මණ ගමෙකි. එම ගම වාසය කරන නිසා හෝ එහි උපන් නසා හෝ ඉච්ඡානංගලක නම් වේ. තුන්සරණය යාමෙන් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි උපාසක බව ලබාගත් උපාසක තෙමේ පන්සිල් සමාදන් වූයේ බුද්ධමාමක, ධම්මමාමක, සංඝමාමක වේ. කෙනචිදෙව කරණීයෙනාති තබන ලද ණයක් නිදහස්කොට කිසියම් දෙවියකු විසින් කළයුතු බැවින්න තීරෙත්‍වා නිමවා, මේ උපාසකයා පෙර නිතර භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ ආශ්‍රය කරයි. හෙතෙම කිසියම් කාලයක් කාර්යබහුල වීම නිසා බුදුරජාණන් වහන්සේ හමුවන්නට නොගියේය. භාග්‍යවතුන් වහන්සේ ඒ නිසා මෙසේ ප්‍රකාශ කළහ. චිරස්සං ඛො ත්‍වං උපාසක ඉමං පරියාය - මකාසි යදිදං ඉධාගමනායාති
එහි චිරස්සං බොහෝ කලකින් පරියායං වාරයක්, යදිදන්ති යනු නිපාතයකි. චිරපටිකාහං මම බොහෝ කාලයක සිට, බොහෝ කාලයක සිට සමීපයට පැමිණෙන්නට, කෙහිචි කෙහිචීති ඇතැමෙකු විසින්, ඇතැමෙකු විසින් හෙවත් යම් අය විසින් ඔවුන් විසින් බුදුන් කෙරෙහි ආදරයක් දක්වනු ලැබේ. ශාස්තෲන් වහන්සේ කෙරෙහි වෙසෙසින් පැහැදුණු අයට හෝ ශාස්තෲන් වහන්සේ ගේ දැකීමෙන් හෝ ධර්මශ්‍රවණයෙන් ලද ආදරයත් අන්තැනක ඇති නොවේ. කිච්චකරණීයෙහි අවශ්‍යයෙන් කළයුතු කටයුතු කුඩා හෝ ලොකු කළයුතුය. ව්‍යාවටො උත්සාවත් වූයේ.
එතමත්‍ථං විදිත්‍වා බුදුන්ගේ පහළවීම දුර්ලභ කල්හි හා මිනිසත් බව දුර්ලභ කල්හි සත්ත්වයන්ගේ කෙලෙස් ඇති බැවින් කුසලයට අනතුරක් වේ. කිසිම කෙලෙසක් නැත්තහුට යන මේ කාරණය සියලු අයුරින් දැන ඉමං උදානං මේ උදානය ප්‍රකාශ කෙළේය.
තත්‍ථ සුඛං වත තස්ස න හොති කිඤ්චීති යම් පුද්ගලයෙකුට කිසියම් රූපාදී වස්තුවක් මෙය මාගේය යි තෘෂ්ණාවෙන් අල්වා ගැනීම් වශයෙන් න හොති නැත. විද්‍යමාන නොවේ. එම පුද්ගලයාට ඒකාන්තයෙන්ම සැපයකි. ‘න හොසී’ යි ද පාඨයක් ඇත. එහි අතීත කාල වශයෙන් අර්ථය දතයුතුය. සමහරෙක් ‘න හොති කිඤ්චි’ යන පදයෙන් රාගාදී ක්ලේශයක් යමකුට නැත්තේ යයි අර්ථ ප්‍රකාශ කරති. එය සුදුසු නැත. යම් පුද්ගලයෙකුට කිසියම් ස්වල්ප වූ ද උවදුරු ලබා දෙන රාගාදී ක්ලේශයක් නැති බැවින් ඒකාන්තයෙන් සැපයකි යි අර්ථ ඇත්තේය. ඉදින් රාගාදී කෙලෙස් නැත්තේ කවරකු හටද? ඒ සංස්කාර ධර්මයන් අවබෝධ ඇත්තහුටය. යමෙක් සිවුමග පිළිබඳ වූ සොළොස්වැදෑරුම් කටයුතු අවසන්කොට ඇත්තේ ද හෙතෙම සංස්කාර ධර්මයන් පිළිබඳ කටයුතු අවසන්කොට ඇත්තේය. ඒ නිසා ප්‍රතිවේධය අවබෝධ කළ බැවින් බහුශ්‍රැත නම් වේ.
භාග්‍යවතුන් වහන්සේ මෙසේ කෙලෙස් ප්‍රහීණ කළ බැව්හි අනුසස් දක්වා කෙලෙස් ප්‍රහීණ නොකළ බැව්හි ආදීනව දැක්වීමට සකිඤ්චනං පස්ස යන මේ ආදිය වදාළහ. එහි අදහස මෙසේය. රාගාදී කෙලෙස් ඇතිවිට ඒ කෙලෙස් ඇතිබව නොදන්නහුට කාමය වස්තූන් සෙවීම, රැකීම හේතුවෙන් මමය, මාගේය යි ගැනීම නිසා විපතට පත් පුද්ගලයා බලන්න යි ධර්ම සංවේගයට පත් ශාස්තෲන් වහන්සේ තමන්ගේ හැඟීම ප්‍රකාශ කරති. ජනො ජනස්මිං පටිබද්ධ රූපො තෙමේ අනෙක් පුරුෂයකු සමානය යි තෘෂ්ණා වශයෙන් ඇලුණු සිත් ඇති බැවින් වැනසෙහි. විපතට පත්වෙයි. ‘පටිබද්ධචිත්තො’ පාඨයක් ඇත. එහි අර්ථය මෙයමය.
‘පුත්තා මත්‍ථි ධනම්මත්‍ථි ඉති බාලො විහඤ්ඤති
අත්තාහි අත්තනො නත්‍ථි කුතො පුත්තා කුතො ධනං’
මේ ආදී සූත්‍ර දේශනාවන්ගෙන් පැහැදිලි කළ යුතුය.
පස්වැනි සූත්‍ර වර්ණනාව යි.
6. ගර්භිනී සූත්‍ර වර්ණනාව
සවැන්නෙහි අඤ්ඤතරස්ස පරිබ්බාජකස්ස එක් කෙළෙඹි පරිබ්‍රාජකයකුගේ දහරා තරුණී මාණවිකා බ්‍රාහ්මණ දියණියකට ව්‍යවහාර කරන නමකි. පජාපතී භාර්යාව, ගබ්භනී දරුවකු ලැබීමට ආසන්න ස්ත්‍රියක්. විජඤ්ඤා අද ද හෙටදැයි දරුවකු ලැබීමට ආසන්න කාලය වේ. මේ බමුණා වනාහි ශක්තිමත් රූපයකින් යුක්ත විය. එබැවින් බිරිඳක සමග වූ ඔහුට පරිව්‍රාජක වහරින් හඳුන්වති. ඔහුගේ භාර්යාවද බ්‍රාහ්මණ කුලයෙහි වූ ඔහුට බ්‍රාහ්මණයි අමතයි. තෙලං තල්තෙල්ය. තල් තෙල් මිශ්‍ර වූ යම් යම් ඖෂධ වර්ග දරුවකු වදන කල්හි ප්‍රසව වේදනාවට ප්‍රතිකාර වශයෙන් අවශ්‍ය බැවින් ඒ ගිතෙල් තල්තෙල් ආදිය ගෙන්වනු මැනවැයි නියම කරයි. යං මෙ විජාතාය භවිස්සති යම් තල තෙලක් මා දරුවකු ලබන කල්හි එය පහසුවීම සඳහා වන්නේය. පරිබ්බාජිකාය යි පාඨයක් ද ඇත. කුතො කවර තැනකින් යම් ගෙදරකින් හෝ මිත්‍ර ගෙදරකින් හෝ තෙල් ආදිය ගෙන එන්නෙම් නම් එබඳු තැනක් මට නැත. තෙලං ආහරාමි දැනට සමීපයෙහි ඇති තැනකින් තෙල් ගෙන එන්නෙමි. ශ්‍රමණයෙකුට හෝ බ්‍රාහ්මණයෙකුට හෝ ගිතෙල් හා තලතෙල් කැමති තාක් බොන්නට දෙනු ලැබේ. නො නහරිතුං භාජනයකින් හෝ අතින් බැහැර ගෙන යන්නට දෙනු නොලැබේ. උග්ගරිත්‍වා වමනය කොට හෝ දෙන්නෙම් නම් යෙහෙකැයි සිතුවේය. ඔහුට මෙසේ අදහසක් ඇතිවිය. මම රජුගේ කෝෂ්ඨාගාරයට ගොස් ඒ තෙල් කැමති තාක් බී එකෙණෙහිම ගෙදර පැමිණ එක් බඳුනක් තබා එහි වමනය කොට උදුනක් සකස් කොට ඒ තෙල් පිත හා සෙම නිසා අපවිත්‍ර වී ඇත්නම් ගින්නෙන් ඒවා පුලුස්සා දමමි.