තත්‍ථ ගාමෙ අරඤ්ඤෙ සුඛදුක්ඛ පුට්ඨොති ගමෙහි හෝ වනයෙහි හෝ යම්කිසි සැපයකින් හෝ දුකකින් පෝෂිතව සැපදුක් අනුභව කරන්නවුන්ගේ සිවුපසයෙන් යුක්ත වූ නෙවත්තතො නො පරතො දහෙත මම සැපවත් වෙමි. මම දුක්ඛිත වමෙි. මාගේ සැපය, මාගේ දුකය, අන්‍යයා විසින්ද මට සුවදුක් උපදවන ලද්දේය. ඒ සුවදුක් තමන්ටද නැත. අනුන්ටද නැත. කුමක් නිසාද? මේ පංචස්කන්ධයෙහි මම ය කියා හෝ මාගේ ය කියා හෝ අනුන්ගේ කියා හෝ කිසිම දැකිය යුත්තක් නැත. හුදෙක් සංස්කාරයෝම හේතූන් පරිදි ඉපදී ක්‍ෂණයක් ක්‍ෂණයක් පාසා විනාශ වෙති. මෙහි දේශනාවට හේතුව සැපදුක් ග්‍රහණයි. සියලු ලෝකධර්මයට අනුව අර්ථය දතයුතුයි.
මෙහි ඔහුට තමාගේ හා අන්‍යයාගේ රහත් බවට කරුණු දක්වයි. ඵුසන්ති ඵස්සා උපධිං පටිච්ච මේ සුඛවේදනීය වූ ද දුක්ඛ වේදනීය වූද ස්පර්ශයෝ පංච ස්කන්ධ සංඛ්‍යාත උපධිය (නැවත නැවත ඉපදීම) නිසා එම පංචස්කන්ධය ඇතිකල්හි තමාට හැකි පමණින් එම විෂයය ස්පර්ශ කෙරෙති. අදුක්ඛමසුඛ වේදනාව ශාන්ත ස්වභාවය නිසා සැපයේම සංග්‍රහයට පත්වේ යයි දෙවැදෑරුම් වේ. ස්පර්ශ වශයෙන්ම මේ අර්ථ වර්ණනාව කරන ලදි.
යම්ලෙසකින් ඒ ස්පර්ශයෝ ස්පර්ශ කෙරෙත්ද එය දැක්වීම පිණිස නිරුපධිං කෙන ඵුසෙය්‍යුං ඵස්සා යනු කියන ලදි. සියලු ආකාරයෙන් ස්කන්ධයන්ගේ උත්පත්තිය නැති කල්හි කවර කරුණකින් ඔවුහු ස්පර්ශයෝ ස්පර්ශ කෙරෙත්ද? එයට කාරණයක් නැත. ඉදින් වනාහි තෙපි ආක්‍රොශ ආදි වශයෙන් උපදින සැපදුක් කැමති නොවව් නම් සියලු අයුරෙන් උපධීන්ගේ අභාවය ඇති කල්හිත් යෝග කරව් යි අනුපාදිසෙස නිර්වාණ ධාතුව පිළිබඳව ගාථාව අවසන් කෙළේය. මෙසේ මෙම උදානයෙන් වට්ට විවට්ට පිළිබඳ විස්තරය කියන ලදි.
සතරවැනි සූත්‍ර වර්ණනාව යි.
5. උපාසක සූත්‍ර වර්ණනාව
පංචම සූත්‍රයෙහි ඉච්ඡානංගලකො යනු ඉච්ඡා නංගල නම් කොසොල් රට එක් බ්‍රාහ්මණ ගමෙකි. එම ගම වාසය කරන නිසා හෝ එහි උපන් නසා හෝ ඉච්ඡානංගලක නම් වේ. තුන්සරණය යාමෙන් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි උපාසක බව ලබාගත් උපාසක තෙමේ පන්සිල් සමාදන් වූයේ බුද්ධමාමක, ධම්මමාමක, සංඝමාමක වේ. කෙනචිදෙව කරණීයෙනාති තබන ලද ණයක් නිදහස්කොට කිසියම් දෙවියකු විසින් කළයුතු බැවින්න තීරෙත්‍වා නිමවා, මේ උපාසකයා පෙර නිතර භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ ආශ්‍රය කරයි. හෙතෙම කිසියම් කාලයක් කාර්යබහුල වීම නිසා බුදුරජාණන් වහන්සේ හමුවන්නට නොගියේය. භාග්‍යවතුන් වහන්සේ ඒ නිසා මෙසේ ප්‍රකාශ කළහ. චිරස්සං ඛො ත්‍වං උපාසක ඉමං පරියාය - මකාසි යදිදං ඉධාගමනායාති
එහි චිරස්සං බොහෝ කලකින් පරියායං වාරයක්, යදිදන්ති යනු නිපාතයකි. චිරපටිකාහං මම බොහෝ කාලයක සිට, බොහෝ කාලයක සිට සමීපයට පැමිණෙන්නට, කෙහිචි කෙහිචීති ඇතැමෙකු විසින්, ඇතැමෙකු විසින් හෙවත් යම් අය විසින් ඔවුන් විසින් බුදුන් කෙරෙහි ආදරයක් දක්වනු ලැබේ. ශාස්තෲන් වහන්සේ කෙරෙහි වෙසෙසින් පැහැදුණු අයට හෝ ශාස්තෲන් වහන්සේ ගේ දැකීමෙන් හෝ ධර්මශ්‍රවණයෙන් ලද ආදරයත් අන්තැනක ඇති නොවේ. කිච්චකරණීයෙහි අවශ්‍යයෙන් කළයුතු කටයුතු කුඩා හෝ ලොකු කළයුතුය. ව්‍යාවටො උත්සාවත් වූයේ.