3. දණ්ඩ සූත්ර වර්ණනාව
තුන්වෙනි සූත්රයෙහි කූටාරකා යනු දරුවෝය. අන්තරාච සාවත්ථිං අන්තරාච ජෙතවනං තන්හි අන්තරා ශබ්දය ‘තදන්තරං කො ජානෙය්ය අඤ්ඤත්ර තථාගතා’ යි ද ජනා සංගම්ම මන්තෙති මඤ්ච ත්වඤ්ච කිමන්තරං’ යන ආදී තන්හි කාරණයෙහි සඳහන් වේ. ‘අද්දසා මං භන්තෙ අඤ්ඤතරා ඉත්ථි විජ්ජන්තරිකාය භාජනං ධොවන්ති’ යන ආදී තන්හි වේලාවෙහි ද ‘යස්සන්තරතො න සත්ති කොපා’ ආදී තන්හි සිත යන අර්ථයෙහි ද ‘අපිමායං තපොදා ද්වින්නං මහානිරයානං අන්තරිකාය ආගච්ඡති’ යන තන්හි අවකාශයෙහි ද සඳහන් වේ. එබැවින් සැවැත් නුවරටද, ජේතවනයට ද අතරෙහි යි අර්ථගත යුතුයි.
අහි දණ්ඩෙන හනන්තී යනු බිලයෙන් නික්ම ගොදුරු සොයා යන බඩගින්නෙන් සිටි කළු නයෙකු ලුහුබැඳ දඬුවලින් පහරදෙති. එකල්හි සැවැත්නුවර පිඬු පිණිස හැසිරෙන බුදුරජාණන් වහන්සේ අතරමග ඒ දරුවන් දැක ‘දරුවෙනි, කුමක් නිසා මේ නයාට දණ්ඩෙන් පහර දෙවුදැ’යි අසා ‘ස්වාමීනි දෂ්ඨ කිරීමේ බියෙන්’ යි කී කල්හි ‘මොවුහු තමන්ට සැප කරන්නෝය. අහෝ අවිද්යාවෙන් මුලාකරන ලද මුන්ගේ දක්ෂකමෙකියි ධර්මසංවේගය උපදවූයේය. එසේ ධර්ම සංවේගයෙන් උදානය පහළ කළ සේක. එහෙයින් අථ ඛො භගවා ආදිය දැක්වීය.
එතමත්ථං විදිත්වා යනු ‘මේ දරුවෝ තමන්ගේ සැප පිණිස අනුන්ට දුක් දෙන්නෝ පරමාර්ථ සුවයක් නොලබන්නාහයි යන මේ කරුණ දැන අනුන්ට වැරදි ලෙස පිළිපැද සැප සොයන්නට මතු දුක් ලැබෙන බවත්, යහපත් ලෙස පිළිපදින්නන්ට ඒකාන්තයෙන් සැප ලැබෙන බවත් දේශනාකොට අනුන්ට හිංසා කිරීමෙන් වැලකී ඒකාන්තයෙන්ම සැප ලැබිය යුතු බවත් බුදුරජාණන් වහන්සේ මේ උදානය පහළ කළ සේක.
එහි සුඛකාමානි ඒකාන්තයෙන්ම සැප කැමති තමන්ට සැප බලාපොරොත්තු වෙති. භූතානි යනු ප්රාණීහුය. දණ්ඩෙන යනු දේශනා මාත්රයකි. දණ්ඩකින් හෝ ගල්කැටවලින් හේ ආයුධයකින් හෝ අත්වලින් හෝ පහරදීම, යමෙක් සැප කැමති මේ සියලු සතුන්ට ජාතිවාදයෙන් බැණීම් සංඛ්යාත වාග්දණ්ඩයෙන් හෝ අත් මුගුරු ආයුධ ආදියෙන් පෙළීම්, තැලීම්, කැපීම් ආදී වශයෙන් ශරීර දණ්ඩනයෙන් හෝ කහවණු සියයක් දහසක් තබාගැනීම් වශයෙන් ධන දණ්ඩනයෙන් හෝ යන මේ දණ්ඩනවලින් මෙම දණ්ඩන අතරින් යම්කිසි දණ්ඩනයකින් විහිංසති වෙහෙසට පත්කරයි. දුකට පත්කරයි. අත්තනො සුඛ මෙසානො පෙච්ච සො න ලභතෙ සුඛං ඒ පුද්ගලයා තමන්ගේ සැප සොයන්නෙ, ප්රාර්ථනා කරන්නේ පරලොව මිනිස් සැප දිව්ය සැප, නිවන් සැප යන ත්රිවිධ සුඛයම නොලබයි. ඒකාන්තයෙන් එම හිංසා කිරීම් නිසා දුකම ලබා යනු මෙයින් අදහස් වේ.
පෙච්ච සො ලභතෙ සුඛං මෛත්රියෙන් යුක්ත වූ මම සැප කැමැත්තේ දුක් පිළිකෙව් කෙළේ මෙසේ සියල්ලෝම සිතත්වායි කියන ලද පරිදි කිසියම් හිංසාවකින් සියලු සත්ත්වයන්ට හිංසා නොකරයි. ඒ පුද්ගලයා පරලොව මිනිසකු වූයේ මිනිස් සැපද, දෙවියකු වූයේ දිව්ය සැපද, ඒ සැප දෙක ඉක්මවා නිවන්සැපද ලබයි යනු ප්රකාශකිරීම සඳහා ලභතෙ යි කියන ලදි.