තිංසත් ථේරීගාථා වර්ණනාව
මුසලානි ගහෙත්වාන යන ගාථාව තිහක් පමණ වූ භික්ෂුණීන්ගේ ගාථාවය. ඔවුහුද පෙර බුදුවරුන්ගේ කාලවල කරනලද අධිකාර්ය ඇත්තාහු ඒ ඒ භවයන්හි සසර ගමන නිමකිරීමට අදාළවූ කුසල් රැස්කරන්නාහු ක්රමයෙන් රැස්කළ කුසල් සම්භාරය හේතුකොට මේ බුදු උපතෙහි ස්වකීය කර්මයන් විසින් මෙහෙයනු ලබන්නාහු ඒ ඒ කුලගෙවල ඉපිද වැඩිවියට පැමිණි පසු පටාචාරා තෙරණියගෙන් බණ අසා සැදැහැය ලබා පැවිදිව පිරිසිදු සිල් ඇත්තාහු වතාවත් පුරමින් සැරිසරති. ඉක්බිති දිනක් පටාචාරා තෙරණියෝ ඔවුන්ට මේ ගාථාවලින් ධර්මදේශනාවක් කළහ:
මුසලානි ගහෙත්වාන ධඤ්ඤං කොට්ටෙන්ති මානවා,
පුත්තදාරානි පොසෙන්තා ධනං වින්දන්ති මානවා.
පුත්තදාරානි පොසෙන්තා ධනං වින්දන්ති මානවා.
කරොථ බුද්ධසාසනං යං කත්වා නානුතප්පති,
ඛිප්පං පාදානි ධොවිත්වා එකමත්තෙ නිසීදථ,
චෙතො සමථමනුයුත්තො කරොථ බුද්ධසාසනං.
ඛිප්පං පාදානි ධොවිත්වා එකමත්තෙ නිසීදථ,
චෙතො සමථමනුයුත්තො කරොථ බුද්ධසාසනං.
මිනිස්සු මොහොල්ගස් ගෙන ධාන්ය කොටත්, ඔවුහු අඹුදරුවන් පෝෂණය කරමින් ධනය උපයා ගනිත්.
යමක් කිරීමෙන් තැවීමකට පත්නොවේද, එවැනිවූ බුදුන්ගේ අවවාදය පිළිපදින්න. වහාම පා දොවා එකත්පසෙක හිඳගන්න. සිත දමනය කිරීමෙහි යෙදීමෙන් බුදුන්ගේ අනුශාසනාව ඉටුකරන්න.
මෙහි ලුහුඬු අදහස මෙසේය: මේ සත්ත්වයෝ ජීවත්වීම උදෙසා මොහොල්ගස් ගෙන අනුන්ගේ ධඤ්ඤං කොට්ටෙන්ති - වංගෙඩිකාරිය කරති. අනෙකුත් සුලු වැඩ කර අඹුදරුවන් පෝෂණය කරමින් සුදුසු පරිදි ධනය ද උපයා ගනිති. ඔවුන්ගේ ඒ කර්මාන්ත පහත්ය, ලාමකය, දුක් සහිතය, අනර්ථය ගෙනදෙනසුලුය. එහෙයින් එවැනි කරදර සහිත කටයුතු අත්හැර කරොථ බුද්ධසාසනං - ශික්ෂාත්රය සංඛ්යාත බුද්ධ වචනය කරොථ - ඉටුකළ යුතුය. තමාගේ සිතතුළ උපදවා ගත යුතුය. එයට හේතුව ප්රකාශ කරයි. යං කත්වා නානුතප්පති - එය කිරීම හේතුකොට දැනුදු අනාගතයෙහිදු තැවීමකට නොපැමිණෙයි. දැන් එය කිරීමෙහි පූර්වකෘත්යය හා සුදුසු ක්රමයද පෙන්වීමට ඛිප්පං පාදානි ධොවිත්වා - යනුවෙන් කියන ලදී. එහි යම්හෙයකින් පා නොසෝදා මුව නොසෝදා කාලයට අනුකූල නොවේද එවිට හිඳගැනීමේ සුවය නොලබයි. පා දොවා මුව සෝදා එකත් පසෙක හුන්නාහුනට ඒ දෙකම ලැබෙයි. එහෙයින් වහාම ලබාගෙන තිබෙන මේ මොහොත අපතේ නොයවා පාදානි තමාගේ දෙපා ධොවිත්වා එකමන්තෙ - නිදහස් තැනක නිසීදථ - හිඳගන්න. අරමුණු තිස් අටෙන් තම සිත රුචිකරවන අරමුණක සිත පිහිටුවා චෙතො සමථමනුයුත්තා - එකඟ වූ සිතින් චතුරාර්ය සත්ය භාවනා වශයෙන් බුදුන් වහන්සේගේ සාසනං - අවවාදය, අනුශාසනාව කරොථ - සැපයිය යුතුය.
ඉක්බිති ඒ භික්ෂුණීහු තෙරණියගේ අවවාදායහි පිහිටා විදසුන් වඩා භාවනාව වඩන්නාහු නුවණ මුහුකුරා ගිය හෙයින්ද හේතුසම්පත් ඇති බැවින්ද පිළිසිඹියා සහිත රහත් බවට පැමිණ තමාගේ පිළිවෙත දෙස හැරී බලා අවවාද ගාථා සමග පහත දැක්වෙන ගාථාද දෙසූහ.
තස්සා තං වචනං සුත්වා පටාචාරාය සාසනං,
පාදෙ පක්ඛාලයිත්වාන එකමන්තං උපාවිසුං,
චෙතොසමථමනුයුත්තා අකංසු බුද්ධසාසනං.
පාදෙ පක්ඛාලයිත්වාන එකමන්තං උපාවිසුං,
චෙතොසමථමනුයුත්තා අකංසු බුද්ධසාසනං.
රත්තියා පුරිමෙ යාමෙ පුබ්බජාතිං අනුස්සරුං,
රත්තියා මජ්ඣිමෙ යාමෙ දිබ්බචක්ඛුං විසොධයුං,
රත්තියා පච්ඡිමෙ යාමෙ තමොක්ඛන්ධං පදාලයුං.
රත්තියා මජ්ඣිමෙ යාමෙ දිබ්බචක්ඛුං විසොධයුං,
රත්තියා පච්ඡිමෙ යාමෙ තමොක්ඛන්ධං පදාලයුං.
උට්ඨාය පාදෙ වන්දිංසු කතා තෙ අනුසාසනී,
ඉන්දංච දෙවා තිදසා සංගාමෙ අපරාජිතා,
පුරක්ඛත්වා විහරියාම තෙවිජ්ජම්හ අනාසවා.
ඉන්දංච දෙවා තිදසා සංගාමෙ අපරාජිතා,
පුරක්ඛත්වා විහරියාම තෙවිජ්ජම්හ අනාසවා.