5. පඤ්චකනිපාතය
අඤ්ඤතරා ථේරීගාථා වර්ණනාව
පස්වන නිපාතයෙහි පණ්ණවීසති වස්සානි යන්න එක්තරා තෙරණියකගේ ගාථාවකි. මෝතොමෝ ද පෙර බුදුවරුන්ගේ කාලවල කරනලද අධිකාර්ය ඇති ඒ ඒ භවයන්හි දී කුසල් රැස්කර මේ බුදුපතෙහි දෙව්දහනුවර මහාප්‍රජාපතී ගෞතමියගේ කිරිමව වී වැඩුණාය. නම්ගොත් විසින් අප්‍රකටය. මහාප්‍රජාපතී ගෞතමී පැවිදි වූ කල ඕතොමෝ ද පැවිදි වී විසිපස්වසරක් කාමරාගයෙන් පීඩාකරනු ලැබ අසුරුසණක් ගසන කාලයක් පමණවත් සිතේ එකඟ බවක් නොලැබ දෑතින් හිස බදාගෙන වැළපෙමින් ධම්ම දින්නා තෙරණියගෙන් බණ අසා කාමයෙහි නොඇලුණු සිත් ඇත්තී කමටහන් ගෙන භාවනාවෙහි යෙදෙන්නී, නොබෝ කලකින්ම ෂඩ් අභිඥා ලැබ තමාගේ පිළිවෙත බලා උදන් අනන්නී-
පණ්ණවීසති වස්සානි යතො පබ්බජිතා අහං,
නච්ජරාසඞ්ඝාත මත්තම්පි චිත්තස්සුප සමජ්ඣගං.
අලද්ධා චෙතසො සන්තිං කාමරාගෙන වස්සුතා,
බාහා පග්ගය්හ කන්‍දන්තී විහාරං පාවිසිං අහං.
සා භික්‍ඛුනිමුපාගඤ්ඡිං යා මෙ සද්ධායිකා අහු,
සා මෙ ධම්මමදෙසෙසි ඛන්‍ධායතනධාතුයො.
තස්සා ධම්මං සුණිත්‍වාන එකමන්තෙ උපාවිසිං,
පුබ්බෙ නිවාසං ජානාමි දිබ්බචක්‍ඛු විසොධිතං.
චෙතොපරිච්චඤාණං ච සොතධාතු විසොධිතා,
ඉද්ධීපි මෙ සච්ඡිකතා පත්තො මෙ ආසවක්‍ඛයො,
ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
මගේ පැවිදිවීමෙන් විසිපස්වසරක් පුරා අසුරුසණක් ගසන කාලයක් පමණවත් සිතේ එකඟ බවක් නොලදිමි.
කාමරාගයෙන් පෙළෙන්නී සිතේ සැනසීමක් නොලැබ දෙඅතින් හිස බදාගෙන හඬමින් විහාරයෙන් විහාරයට ගියෙමි.
මම භික්‍ෂුණියක් වෙත ගියෙමි. ඕ මා පැහැදවූ තැනැත්තිය වූවාය. ඛන්‍ධ ධාතු ආයතන වශයෙන් ඈ මට ධර්‍මය දේශනා කළාය.
ඇයගෙන් බණ අසා එකත්පසෙක හිඳගතිමි. පෙර ආත්ම සිහිකිරීමේ දැනීම ලබාගතිමි. දිවැස පිරිසිදු කෙළෙමි.
සිත් දැනීමේ නුවණ ලබාගතිමි. දිවකණ පිරිසිදු කළෙමි. ඍද්ධිබලය ලබාගතිමි. ආසව විනාශ කළෙමි, ෂඩ් අභිඥා ප්‍රත්‍යක්‍ෂ කළෙමි, බුදුන්ගේ අනුශාසනය පිළිපැදීමි.
යන ගාථා ප්‍රකාශ කළාය.
එහි, අච්ඡරාසඞ්ඝාතමත්තම්පි අසුරුසණක් ගැසීමට ගතවන ක්‍ෂණයක් පමණ කාලයක් පවා, ඇඟිලිපොලන සුලු කාලයක් පවා යන තේරුමය. චිත්තස්සුපසමජ්ඣගං - සිතේ සැනසීම, එකඟබව ‘න දුජ්ඣගං’ යනුවෙන් ගැනෙන්නේ නොලැබුණු බවය.
කාමරාගෙනවස්සුතා - කාමගුණ සංඛ්‍යාත වස්තුකාමයන් විෂයෙහි දැඩිලෙස බැසගැනීම නිසා උග්‍රකාමරාගයෙන් මැඩුණු සිත් ඇත්තී,
භික්‍ඛුනිං - ධම්මදින්නා තෙරණිය උදෙසා කියයි.
චෙතො පරිච්ච ඤාණංච - සිත් දැනගැනීමේ නුවණ ‘විසොධිතං’ (පිරිසිදු කරන ලදී) යනුවෙන් සම්බන්ධ කරගතයුතුය. ලබාගත්තේය යන තේරුමය. සෙස්ස පෙර කියනලද පරිදිය.
එක්තරා තෙරණියකගේ ගාථා වර්‍ණනාව නිමි.
විමලා ථේරීගාථා වර්ණනාව
මත්තා වණ්ණෙන රූපෙන - මෙය විමලා තෙරණියගේ ගාථාවය. මොතොමෝ ද පෙර බුදුවරුන්ගේ කාලවල කරනලද අධිකාර්ය ඇත්තී, ඒ භවයන්හි පින් රැස්කර මේ බුදුපතෙහි විසාලා නුවර එක්තරා නගරශෝභනියකගේ දියණියක වී උපන්නාය. ඇයගේ නම විමලා විය. ඕ මුහුකුරා ගිය කල්හි එම වෘත්තියම කරමින් ජීවත්වන්නී දිනක් ආයුෂ්මත් මහමුගලන් හිමියන් විසාලා නුවර පිඬුපිණිස හැසිරෙනු දැක පිළිබඳ සිත් ඇතිවූවා තෙරණුවන් වසන තැනට ගොස් තෙරණුවන් පොළඹවා ගැනීමෙහිලා වෑයම් කළාය. ඇය එසේ කළේ තීර්ථකයන්ගේ මෙහෙයවීමෙකින් යයි ඇතැමෙක් කියති. තෙරණුවෝ ඇයගේ සිරුරෙහි ස්වභාවය පෙන්වාදීම් වශයෙන් කරුණු පැහැදිලිකර අවවාද කළහ. එය යට කියනලද තෙරණුවන්ගේ කථාවෙහි ඇතුළත්වේ. තෙරුන් වහන්සේගේ අවවාද ඇසීමෙන් සංවේගයට පැමිණියා වූ ඕතොමෝ හිරිඔතප් පිහිටුවා සසුනෙහි සැදැහැව ලැබ උපාසිකාවක් වී පසුකලක භික්‍ෂුණීන් සමීපයෙහි පැවිදිව වෑයම්කරන්නී, හේතුසම්පත් ඇති බැවින් තොමෝ කලෙකින්ම රහත්බවට පැමිණ තමාගේ පිළිවෙත සිහිකර උදාන වශයෙන්:
මත්තා වණ්ණෙන රූපෙන සොභග්ගෙන යසෙනච,
යොබ්බනෙන වුපත්ථද්ධා අඤ්ඤාසමතිමඤ්ඤිහං.
විභූසිත්‍වා ඉමං කායං සුචිත්තං බාලලාපනං,
අට්ඨාසිං වෙසිද්වාරම්හි ඵද්දො පාසමිවොඩ්ඩිය.
පිලන්‍ධනං විදංසෙන්ති ගුය්හං පකාසිතං බහුං,
අකාසිං විවිධං මායං උජ්ඣග්ඝන්තී බහුං ජනං.