“යථා බ්රහ්මා තථා එකො, යථා දෙවො තථා දුවෙ,
යථා ගාමො තථා තයො, කොලාහලං තතුත්තරිං”
යථා ගාමො තථා තයො, කොලාහලං තතුත්තරිං”
එහි “නාගො සංගාමසීසෙවා” යම් සේ ආජානෙය්ය ඇත් රජු යුධ මැද දී කඩු, හී, තෝමරාදී පහර ඉවසමින් සතුරු සෙනඟ විධ්වංසනය කරන්නේ ද එසේම කැළයෙහි වෙසෙන භික්ෂුව ද ආරණ්යක වූ මැසිමදුරු ආදී උපද්රව සිහි ඇතිව ඉවසන්නේ ය. එසේ ඉවසමින් භාවනා බලයෙන් මාර බලය සුණුවිසුණු කරන්නේ ය.
“යථා බ්රහ්මා” බ්රහ්මයා හුදකලාව සිත් කෝපවීම් විරහිතව නිරන්තරව ධ්යාන සුවයෙන්ම සුවපත් ව වසන්නේ යම් සේද එසේම “එකො” භික්ෂුව ද තනිව, හුදකලාව විවේක සැපය විඳිමින් සැප විඳියි. හුදකලා වූ ශ්රමණයාගේ සැපය ඉතා උසස් යැයි කියන ලදි. මේ ප්රකාශයෙන් හුදකලාව වෙසෙන භික්ෂුව බ්රහ්මයකු වැනි යැයි අවවාද දෙයි. “යථා දෙවො තථා දුවෙ” දෙවියන් අතර සිත් කෝපවීම් ආදිය ඇතිවන්නාක් මෙන් භික්ෂූන් දෙදෙනෙකු සිටින විට, එක්ව විසීමේ දී ගැටුම් ද ඇති වේ. එනිසා දෙදෙනෙකු සමග විසීම දෙවියන් හා සමවූවකි. “යථා ගාමෙ තථා තයො” මෙය අප පාඨයකි. තිදෙනෙක් වූ භික්ෂුව එක්ව විසීම ගමක විසීම හා සමය. විවේක වාසයක් නොවේ යන අදහසයි. “කොලාහලං තතුත්තරිං” තිදෙනෙකුට වඩා වූ බොහෝ පිරිසක් සමග විසීමෙන්, කෝලාහලයක්, මහත් - උස් ශබ්ද ඇති මහාජන සන්නිපාතයක් හා සමාන කලබලයක් ඇති වේ. “එනිසා හුදකලා වාසය කිරීම අගනේය” යන අදහසයි.
යසෝජ ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.
සාටිමත්තිය ස්ථවිරගාථා වර්ණනාව
“අහු තුය්හං පුරෙ සද්ධා” යනාදී ගාථා ආයුෂ්මත් සාටිමත්තිය තෙරුන් වහන්සේගේය. එහි උපත කෙසේද? උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවේ කළ ප්රාර්ථනා ඇතිව, ඒ ඒ භවයේ දී පින් රැස් කරමින් අවුත් සිද්ධත්ථ භාග්යවතුන් වහන්සේගේ කාලයේ දී සිටුගෙයක උපන්හ. නුවණැති බවට පත් ඒ සිටු කුමරු දිනක් ශාස්තෲන් වහන්සේ දැක පැහැදුණු සිතින් තල් අත්තක් (වටාපතක්) දුන්නේ ය. ඒ පින්කමේ විපාක වශයෙන් දෙව්-මිනිස් දෙගතියේ සැරි සැරූ හෛතම, මේ බුද්ධෝත්පාද කාලයේදී මගධ රට බමුණු කුලයක ඉපිද සාටිමත්තික නමින් ප්රකට විය. ඔහු තුරුණු වියට පැමිණ පූර්ව හේතු සම්පත් ඇති බැවින් ආරණ්යයක භික්ෂූන් සමීපයේ පැවිදි වී විදසුන් කමටහන වඩා ෂඩ් අභිඥාලාභී මහතෙරනමක් විය. උන්වහන්සේ අපදාන පාළියේදී මෙසේ වදාළහ.
“මම සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේට රන් රුවනින් වසන ලද තල් වටක් දුන්නෙමි. එයින් මහත් යසස් දරමි.
මීට කල්ප අනූ හතරකට පෙර මම තල් අත්තක්, වටාපතක් පිදුවෙම් ද එහි විපාක වශයෙන් දුගතියක නූපන්නෙමි.
දැන් මම සියලු කෙලෙස් දැවූයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”
ෂඩ් අභිඥාලාභී වූ උන්වහන්සේ භික්ෂූන්ට අවවාද දෙති. අනුශාසනා කරති. බොහෝ සත්ත්වයන්ට ධර්මය දෙසමින් සරණ සිල්හි පිහිටුවති. එක්තරා ශ්රද්ධාව නැති අප්රසාද වූ පවුලක් බුදුසමයෙහි විශේෂයෙන් පැහැදුණු බවට පත් කළහ. එනිසා එම පවුලට අයත් මිනිස්සු තෙරුන් වහන්සේ කෙරෙහි විශේෂයෙන්ම පැහැදුණහ. එම පවුලේ එක් රූමත් දැකුම්කළු දැරිවියක් පිඬුපිණිස වැඩම කළ තෙරුන්ට මැනවින් සකසා දානය පූජා කරන්නීය. දිනක් මාරයා “මෙසේ කිරීමෙන් මේ තෙරුන්ගේ අපකීර්තිය වැඩේ. සසුනේ පිහිටක් නොලැබේ” යැයි සිතා තෙරුන්ගේ රුව මවාගෙන ගොස් ඒ දැරියගේ අත අල්ලා ගත්තේය. දැරිය “මේ මනුෂ්ය ස්පර්ශයක් නොවේ” යැයි සිත දැනගත්තී අත මුදාගත්තීය. මෙය දුටු ඒ ගෙදර වැසියෝ තෙරුන් පිළිබඳව අප්රසාදයක් ඇතිකර ගත්හ. දෙවැනි දිනයේ සාටිමත්තිය තෙරුන් එම කාරණය සිහි නොකරම ඒ ගෙදරට පිඬුසිඟා වැඩි නමුත් ඒ ගෙදර මිනිස්සු අනාදර-අප්රසාද බවක් දැක්වූහ. එවිට තෙරණුවෝ ඊට හේතු විමසා බැලූහ. පෙරදින මාරයාගේ ක්රියාව දුටු තෙරණුවෝ ඔහුගේ බෙල්ලෙන්ම බලුකුණ ඉවත්කරමියි අධිෂ්ඨාන කොට, ඒ දුෂ්ට ක්රියාවෙන් තෙරුන් මුදවා ගැනීමට පැමිණි මාරයා ලවා පෙරදින සිදු වූ ඒ පුවත තත්වාකාරයෙන්ම ප්රකාශ කරවා, මාරයා බිය කරවා, තර්ජනය කර අත්හැරියහ. ඒ දුටු ගෙදර ප්රධානියා, “ස්වාමීනි! වරදට සමාවනු මැනවි” යි තෙරුන්ගෙන් සමාව ගෙන, “ස්වාමීනි! මම අද පටන් ඔබ වහන්සේට උපස්ථාන කරමි”යි පැවසීය. තෙරණුවෝ ඔහුට දහම් දෙසන සේක් මේ ගාථා තුන වදාළහ.
“අහුතුය්හං පුරෙ සද්ධා - සාතෙ අජ්ජ න විජ්ජති,
යං තුය්හං තුය්හමෙවෙතං - නත්ථි දුච්චරිතං මම”
යං තුය්හං තුය්හමෙවෙතං - නත්ථි දුච්චරිතං මම”