පස්සික ස්ථවිරගාථා වර්ණනාව
“එකොපි සද්ධො මෙධාවී” යනු ආයුෂ්මත් පස්සික තෙරුන් වහන්සේගේ ගාථාවන්ය. ඒවායේ උපත කෙසේ ද? උන්වහන්සේද පෙර බුදුවරු හමුවේ කළ ප්රාර්ථනා ඇතිව ඒ ඒ භවයේ ඉපිද පින් කරමින් අවුත් අත්ථදස්සි භාග්යවතුන් වහන්සේගේ කාලයේ දී සිටුගෙයක ඉපිද නුවණැති බවට පත්වූහ. දිනක් ශාස්තෲන් වහන්සේ දැකීමෙන් හටගත් ප්රසන්න වූ සිතින් ඔහු පුලිල ගෙඩි පූජා කළේය. ඒ පින්කමේ විපාක වශයෙන් දෙව් මිනිස් දෙගතියේ සැරිසැරූ හෙතෙම මේ බුද්ධෝත්පාදයේදී කොසොල් රට බමුණු පවුලක ඉපිද පස්සික නමින් ප්රකට වැඩිවියට පත්ව අප ශාස්තෲන් වහන්සේගේ යමාමහපෙළහර දැක ලැබූ ශ්රද්ධා ඇතිව සසුනේ පැවිදි විය. මහණදම් පුරමින් සිටි පස්සික හිමියෝ වරෙක රෝගාතුර වූහ. ඉක්බිති උන්වහන්සේ ඤාතීහු වෙදෙකු ගෙන්වා බෙහෙත් කරවීම් ආදියේ රෝගය දුරු කළ. ඒ ආබාධයෙන් සුවපත් වූ පස්සික හිමියෝ හටගත් සංවේගයෙන් භාවනාවට සිත යොදවා ෂඩ් අභිඥාලාභී වූහ. උන්වහන්සේ අපදාන පාළියේදී මෙසේ වදාළහ.
“මහත් වූ යසස් ඇති අත්ථදස්සි බුදුරජහු අහසෙහි වඩිනු දැක පැහැදුණු සිත් ඇති වූ මම; සතුටින් යුතුව උන්වහන්සේට පුලිල ගෙඩියක් පිදුවෙමි.
මීට කල්ප එක්දහස් අටසීයකට පෙර යම් ඵල පූජාවක් කළෙම් ද එහි විපාක වශයෙන් දුගතියක නූපන්නෙමි. ඵලදානයේ විපාක මෙබඳුය.
දැන් මම සියලු කෙලෙස් දැවූයෙමි. -පෙ- බුද්ධානුසාසනාව ඉටුකළෙමි.”
ෂඩ් අභිඥාලාභී උන්වහන්සේ අහසින් නෑයන් වෙත වඩමවා අහසේ හිඳ දහම් දෙසා ඔවුන් සරණ සිල්හි පිහිටවූහ. ඔවුන් අතරින් ඇතැමෙක් කළුරිය කොට සරණ සිල්හි පිහිටි බැවින් දෙව්ලොව උපන්හ. ඉක්බිති බුද්ධෝපස්ථානයට පැමිණි පස්සික තෙරුන් ඇමතූ බුදුරජාණන් වහන්සේ “පස්සික! නුඹ ගේ නෑයෝ සුවසේ වෙසෙත් ද?” විමසූහ. තෙරණුවෝ තමා නෑයන්ට කරන ලද උපකාර ශාස්තෲන් වහන්සේට පවසමින් මේ ගාථා තුන වදාළහ.
“එකොපි සද්ධො මෙධාවී අස්සද්ධානිධ ඤාතිනං,
ධම්මට්ඨො සීලසම්පන්නො හොති අත්ථාය බන්ධුනං”
ධම්මට්ඨො සීලසම්පන්නො හොති අත්ථාය බන්ධුනං”
“නිග්ගය්හ අනුකම්පාය චොදිතො ඤාතයො මයා,
ඤාති බන්ධව පෙමෙන කාරං කත්වාන භික්ඛුසූ”
ඤාති බන්ධව පෙමෙන කාරං කත්වාන භික්ඛුසූ”
“තෙ අබ්භතීතා කාලකතා පත්තා තෙ තිදිවං සුඛං,
භාතරො මය්හං මාතා ච මොදන්ති කාමකාමිනො”
භාතරො මය්හං මාතා ච මොදන්ති කාමකාමිනො”
එහි පළමු ගාථාවේ අර්ථ මෙසේ ය. යමෙක් කර්ම ඵල පිළිබඳ විශ්වාසයෙන් ද රත්නත්රය පිළිබඳ විශ්වාසයෙන් ද යුක්ත වූයේ “සද්ධො” සැදැහැ ඇතිව, එසේම කර්මයෙන් කළ ඤාණාදී යෝග වශයෙන් “මෙධාවී” නුවණ ඇතිව, ශාස්තෲන් වහන්සේගේ අවවාද අනුව ක්රියා කිරීමෙන් ලෝකෝත්තර ධර්මයෙහි පිහිටි බැවින් “ධම්මට්ඨො” ලොවුතුරු දහම් පිහිටියේ, ආචාර සීලයෙන් ද මාර්ග සීලයෙන් ද ඵල සීලයෙන් ද යුක්තව “සීල සම්පන්නො” සීල සම්පන්න වූයේ. මෙසේ දැක්වූ ශ්රද්ධාදී ගුණමහිමයෙන් යුතු එකම පුද්ගලයා පවා එම ගුණ විරහිත වූ “අස්සද්ධානං” අශ්රද්ධාවන්ත “ඉධ” මේ ලෝකයෙහි “මොවුහු අපගේ යැයි දැනගෙන (ඤාතබ්බ) යුතු හෙයින් “ඤාතී” නම් ඤාතීන්ට, එසේම ප්රේම බන්ධනයෙන් බැඳුණු බැවින් “බන්ධු” යැයි ලැබූ ම් අති ඤාතිහිතමිත්රාදීන්ට “අත්ථායහොති” හිතවැඩ පිණිස වේ.
මෙසේ සැමට සාධාරණව පැවසූ ගුණ මහිම තමා තුළ වේ යැයි (අත්තූපනායික) තමා මුල් කොට දක්වනු සඳහා දෙවන, තෙවන ගාථාව කියන ලදි. එහි “නිග්ගය්හ අනුකම්පාය චොදිතො ඤාතයො මයා” “දැනුත් දුක්පත් බැවින් කුසලයක් නොකර, අනාගතයේ දුගතියට, පිරිතැවීමට නොපැමිණෙව”යි යනුවෙන් ඥාතීන්ට නිග්රහ කරමින් මවිසින් අවවාද දෙන ලදි. “ඤාතී බන්ධව පෙමෙන” – “මොහු අපගේ ඤාතියෙකි”යි මෙසේ පැවති ප්රේමය නිසා මගේ අවවාද ඉක්මවීමට අසමත් වූ ඔවුහු, “කාරං කත්වාන භික්ඛසූ” පැහැදුණු සිත් චීවරාදී සිවුපසය පරිත්යාග කිරීමෙන් ද උපස්ථාන කිරීමෙන් ද භික්ෂූන් වහන්සේ කෙරෙහි සත්කාර සම්මාන කොට, “තෙ අබ්භතීතා කාලකතා” ඒ මගේ ඥාතීහු කළුරිය කළාහු, මේ ලෝකය ඉක්මවූවාහු. නැවත “තෙ” යනු නිපාත මාත්රයකි. “තිදිවං සුඛං” දෙව්ලොවට අයත් සියලු සැප හෝ පැතූ දෙව් සැප ලබාගත්හ. “ඒ කවර ඤාතීහුදඝ”යි දැක්වීමට - “භාතරො මය්හං මාතා ච මොදන්ති කාම කාමිනො” මගේ සෝයුරෝ ද මෑණියෝ ද කළුරිය කළාහු තමා විසින් පැතුවාවූ වස්තු කාම සම්පත්තීන්ගෙන් යුක්තව සතුටු වෙති. ප්රීතිවෙති.