ආනන්‍ද ස්ථවිරගාථා වර්ණනාව
පිසුනෙනච කොධනෙන ච ආදී ගාථා ආයුෂ්මත් ආනන්ද තෙරුන්ගේය. මොහුද පෙර බුදුවරුන් කල කරන ලද ප්‍රාර්ථනා ඇත්තේ පදුමුත්තරස්ස පදුමුත්තර බුදුන්ගේ කාලයෙහි හංසවතී හංසවතී නගරයෙහි ශාස්තෲන් වහන්සේගේ ඤාති සහෝදරයෙක්ව උපන්නේය. සුමනො සුමන යන නම විය. මොහුගේ පියා වනාහි ආනන්ද නම් රජවිය. ඔහු තමාගේ වැඩිවිය පත්වූ ආනන්ද කුමාරයාට හංසවතී නගරයෙන් යොදුන් දෙදහසක් තන්හි වස්තුව දුන්නේය. ඔහු ඉඳහිට අවුත් බුදුන්වහන්සේවත් පියාවත් දකියි. එකල්හි රජතුමා බුදුරජාණන් වහන්සේද ශතසහශ්‍රයක් භික්‍ෂු සංඝයාට මනාව තමාම උවටැන් කරයි. අනිත් අයට උපස්ථාන කිරීමට ඉඩ නොදෙයි.
එම කාලයෙහි ප්‍රත්‍යන්තයක ජනයා කුපිත වූහ. රාජ කුමාරයා ඒ බව රජුට නොදන්වා තමාම එය සංසිඳවීය. ඒ අසා රජතෙමේ සතුටු වූ සිතැත්තේ පුතා කැඳවා පුත සුමන! තොපට වරයක් දෙමි. වරයක් ගන්නයැයි කීය. කුමාර තෙමේ භික්‍ෂූන් වහන්සේලාත්, ශාස්තෲන් වහන්සේටත් තුන්මාසයක් උපස්ථාන කර ජීවිතය සඵල කරගනු කැමැත්තෙමි. මෙය නොහැක. අනිකක් කියන්නයැයි කීය. දේවයන්වහන්ස! ක්‍ෂත්‍රියයන්ගේ වචන දෙකක් නැත. මේ වරයම මට දෙන්න. අනිකකින් මට වැඩක් නැත. ඉදින් ශාස්තෲන් වහන්සේ විසින් අනුදැන වදාරන්නේ නම් දෙන්නේය. ඔහු බුදුන්ගේ අදහස දැනගන්නෙමියි විහාරයට ගියේය.
ඒ වේලාවේ භාග්‍යවතුන් වහන්සේ බත්කිස නිමවා ගඳකිලියට වැඩියේ වෙයි. ඔහු භික්‍ෂූන් වෙත පැමිණ ස්වාමීනි! මම බුදුන් දැකීමට ආවෙමි. බුදුන් දකින්නට මට ඉඩදෙන්න. සුමනො සුමන නම් තෙරුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ උපස්ථායකයන් වහන්සේය. උන්වහන්සේ ලඟට යන්න යැයි කීහ. ඔහු තෙරුන් සමීපයට ගොස් වැඳ ස්වාමීනි! මට බුදුන්වහසේ පෙන්වන්නැයි කීය. තෙරුන් වහන්සේ ඔහු බලා සිටියදීම මහපොළවෙහි ගිලී බුදුන් ලඟට පැමිණ භාග්‍යවතුන් වහන්ස! රාජපුත්‍රයා ඔබවහන්සේ හමුවීමට පැමිණ සිටීයැයි කීය. මහණ. එසේනම් පිටත අසුනක් පනවන්න යැයි වදාළහ. තෙරුන් වහන්සේ නැවතද ඔහු බලා සිටියදීම බුද්ධාසනයක් ගෙන ඇතුල් ගඳකිළියෙන් නික්ම පිරිවෙනින් පිටත මතුවී ගඳකිළි පිරිවෙනහි අසුනක් පැනවීය. කුමාරයා එය දැක මේ භික්‍ෂුව වනාහි ලොකු කෙනෙක් යැයි සිතුවේය.
භාග්‍යවතුන් වහන්සේද ගඳකිළියෙන් නික්ම පැනවූ ආසනයෙහි වැඩ සිටියේය. රාජපුත්‍රයා බුදුන් වැඳ පිළිසඳර කථාකොට [missing trans] ස්වාමීනි! කුමක් සිදුකර මෙසේ වල්ලභ බවට පත්වූයේද? දානාදි පිංකම් සිදුකර යැයි කීය. භාග්‍යවතුන් වහන්ස! මම ද මේ තෙරුන් මෙන් අනාගතයෙහි බුදු සසුනෙහි වල්ලභයකු වනු කැමැත්තෙමි. [missing trans]