40. චත්තාලීසනිපාතය
මහාකස්සප ස්ථවිරගාථා වර්ණනාව
සතලිස්වන නිපාතයෙහි නගණෙන පුරක්‍ඛතො ආදී ගාථාවන් ආයුෂ්මත් මහා කාශ්‍යප තෙරුන්ගේය. මුන්වහන්සේ වනාහි පදුමුත්තරස්ස පියුමතුරා බුදුන්ගේ කාලයේ හංසවතී නගරයෙහි වෙදෙහො වේදේහ නම් වූ අසූ කෝටියක් සම්පත් ඇති කෙළෙඹි පුත්‍රයෙක් විය. ඔහු උපාසකයකු වී බුද්ධමාමකව, ධර්මමාමකව, සංඝමාමකව ජීවත්වන්නේ එක් උපෝසථ දිනයක උදෙන්ම මනාබොජුන් අනුභවකොට උපෝසථ අංගයන් සමාදන් වී සුවඳ මල් ආදිය ගෙන විහාරයට ගොස් බුදුන් වැඳපුදා එකත්පසෙක සිටියේය.
ඒ මොහොතෙහි ශාස්තෲන් වහන්සේ මහානිසභත්‍ථෙරං මහානිසභ නම් වූ තුන්වන තෙරනමක් ‘මහණෙනි, ශ්‍රාවකයන් අතර ධුතාංගධරයන්ගෙන් මේ නිසභ තෙරුන් අග්‍රස්ථානයෙහි තැබීය. උපාසකතුමා එය දැක පැහැදුනේ ධර්මදේශනාව අවසානයේ මහාජනයා නැගිට ගිය කල්හි බුදුන් වැඳ ‘ස්වාමීනි, හෙට දානය සඳහා මාගේ ආරාධනය පිළිගන්න’ යැයි ඉල්ලා සිටියේය. උපාසකය! භික්‍ෂු සංඝයා බොහෝය. භාග්‍යවතුන් වහන්ස කොපමණක්ද? හැටඅටදහසක් යැයි වදාළහ. ස්වාමීනි! එක් සාමණේර නමක්වත් විහාරයෙහි ඉතිරි නොවී දානය සඳහා ආරාධනය භාරගන්නයැයි කීය. ශාස්තෲන් වහන්සේ ආරාධනය පිළිගත් සේක. උපාසකතුමා බුදුන් ආරාධනය පිළිගත් බව දැනගෙන ගෙට ගොස් මහදන් සූදානම් කර පසුවදා බුදුන්වහන්සේට දනට වඩින්නට සුදුසු වේලාව දැන්වීය. ශාස්තෲන් වහන්සේ පාත්‍රාසිවුරු ගෙන භික්‍ෂු සංඝයා පිරිවරා උපාසකතුමාගේ ගෙදරට වැඩ පැනවූ අසුනෙහි වැඩසිටියේ දානය සඳහා පැන් පිළිගැන්වීමෙන් අනතුරුව කැඳ ආදිය පිළිගෙන දානය පිළිගැන්වීම කළේය. උපාසකතුමාද බුදුන් සමීපයෙහි සිටියේය.
මේ අතරේදී මහානිසභත්‍ථෙරො මහානිසභ තෙරුන් වහන්සේ පිඬු පිණිස හැසිරෙන්නේ එම වීදියටම පිවිසියේය. උපාසකතුමා දැක නැගිට ගොස් තෙරුන්ට වැඳ ස්වාමීනි! පාත්‍රය දෙන්නයැයි ඉල්ලීය. තෙරුන්වහන්සේ පාත්‍රය දුන්නේය. ස්වාමීනි, මෙහි වඩින්න. භාග්‍යවතුන් වහන්සේද වැඩසිටී යැයි කීය. උපාසකතුමනි, එය නුසුදුසුය. උපාසක තැන පාත්‍රය ගෙන පිණ්ඩපාතයෙන් පුරවා පිටතට ගෙන ගොස් පිළිගැන්වීය. ඉක්බිති තෙරුන්වහන්සේ අනුව ගොස් නතරවී නැවත බුදුන් ලඟට පැමිණ වාඩිවී මෙසේ කීය. ස්වාමීනි! මහානිසභත්‍ථෙරො මහානිසභ තෙරුන් වහන්සේ, බුදුන්වහන්සේ ගෙයි වැඩසිටින බව කියූ නමුත් මෙහි වඩින්නට නොකැමැති වී යැයි කීය. ස්වාමීනි, ඔබවහන්සේලාට වඩා අමතර ගුණයක් උන්වහන්සේට තිබේදැයි විචාළේය. බුදුවරයාණන්ට වනාහි ගුණමකුකමක් නැත. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ. උපාසකය! අපි භික්‍ෂාව ලබමින් ගෙයි හිඳිමු. ඒ භික්‍ෂුව වනාහි මෙහි වාඩිවී භික්‍ෂාව නොගනී. අපි ග්‍රාමාත්ත සේනාසනයෙහි වසමු. ඔහු අරණ්‍යයෙහිම වාසය කරයි. අපි ජනාකීර්ණයෙහි වසමු. ඔහු එලිමහනෙහි වාසය කරයි යැයි ඔහුගේ මේ ගුණයයි මේ ගුණයයි කියමින් මහා සමුදුර පුරවන්නාක් මෙන් වදාළේය.
උපාසක තෙමේ සාමාන්‍යයෙන් දැල්වෙන පහනකට තෙල් ඉස්සාක් මෙන් අතිශයින්ම පැහැදුනේ මෙසේ සිතීය. මට වෙන සැපකින් කවර ඵලයක්ද? අනාගතයෙහි එක් බුදුවරයන් වහන්සේ නමක් ලඟ ධුතංග දරන්නවුන් අතුරෙන් අග්‍රස්ථානයට පත්වන්නෙමියි ප්‍රාර්ථනා කළේය. මෙසේ සිතා ඔහු නැවතද දනට ආරාධනා කොට මේ ක්‍රමයට දවස් හතක් මහදන් දී සත්වන දවසෙහි බුදුන් ප්‍රමුඛ මහා සංඝයාට තුන්සිවුරු පිළිගන්වා බුදුන් පාමුළ වැටී මෙසේ කීය. ස්වාමීනි, සත්දවසක් දන් දෙන්නා වූ මාගේ මෙත්තා කාය කර්මය, මෛත්‍රී වචී කර්මය, මෛත්‍රී මනෝ කර්මය එළඹ සිටියේද මේ පිනින් මට අන්‍ය වූ දෙව්සැපක් හෝ ශක්‍ර, මාර, බ්‍රහ්ම සම්පතක් ප්‍රාර්ථනා නොකරමි. මේ පුණ්‍යකර්මය වනාහි අනාගතයෙහි එක් බුදුවරයන් වහන්සේ නමකගේ සමීපයෙහි මහානිසභත්‍ථෙරෙන මහානිසභ තෙරුන් විසින් පතන ලද තනතුරට පත්වීම සඳහා තෙළෙස් ධුතාංග දරන්නන්ගෙන් අග්‍රස්ථානයට පත්වීම සඳහා හේතුවේවායි ප්‍රාර්ථනා කළේය. ශාස්තෲන් වහන්සේ, මොහු විසින් ලොකු තනතුරක් පතන ලදී. එය ඉටුවෙයිද? නොවේදැයි බලන්නේ සඵල වනබව දැක මෙසේ වදාළහ. ඔබ විසින් මනාප වූ තනතුරක් පතන ලදී. කල්ප ශතසහශ්‍රයක් ගිය තැන ගොතමො ගොතම නම් බුදුන්වහන්සේ පහළවන්නේය. ඔබ උන්වහන්සේගේ තතිය සාවක මහා කස්සපත්‍ථෙරො මහාකස්සප තෙරුන් නම් වන්නෙහිය. ඒ අසා උපාසක තැන බුදුවරයාණන් වහන්සේලාගේ වචන දෙකක් නැතැයි පසුවදා ලැබෙන සම්පතක් ලෙස එය සැලකීය. ඔහු දිවි ඇතිතෙක් දන්දී සිල්රැක නොයෙක් ආකාර යහපත් දේ කොට එහි කලුරිය කළේ ස්වර්ගයෙහි උපන්නේය.