සුනීත ස්ථවිරගාථා වර්ණනාව
“නීචෙ කුලම්හි” යනු ආයුෂ්මත් සුනීත තෙරුන් වහන්සේගේ ගාථාවන්ය. ඒවායේ උපත කෙසේ සිදුවීද? උන්වහන්සේ ද පෙර බුදුවරුන් හමුවේ කළ ප්‍රාර්ථනා ඇතිව ඒ ඒ භවයේදී පින්දහම් රැස්කරමින්, දෙව් මිනිස් දෙගතියේ සැරිසරා පැමිණියහ. බුද්ධ ශූන්‍ය කාලයක සිටුගෙයක ඉපිද, වැඩිවියට පත්ව දරුවන් සමඟ ක්‍රීඩා කරමින් යන්නේ, එක් පසේ බුදුවරයෙක් ගමේ පිඬුසිඟා වඩිනු දැක, “නුඹගේ මේ මුළු සිරුරේම තුවාල ඇත්තකුමෙන්, මුළු ශරීරයම වසාගෙන පිඬුසිඟා යෑමෙන් කවර ප්‍රයෝජනයක් ද? කෘෂිකර්ම, වෙළඳාම් ආදී ජීවිකාවලින් දිවි පැවැත්වීම අකැප ද? ඉදින් ඒවා කිරීමට අසමත් නම් ගෙවල්වල මළමුත්රාදී අපද්‍රව්‍ය බැහැර කරමින් කශල ශෝධකයෙක්ව ජීවත් වන්න”යි ආක්‍රෝශ කළේය. එම පාපකර්මය නිසා නිරයේ පැසුණු හෙතෙම, ඒ කර්මයේම විපාක වශයෙන් මිනිස් ලොව ද බොහෝ ජාති සිය ගණනක කශල ශෝධක කුලයෙහි ම ඉපිද දිවිගෙවීය. මේ බුද්ධෝත්පාද කාලයේදී ද කශලශෝධක සැඬොල් කුලයේ සුනීත නමින් ඉපිද, අශුචි ඉවත් කරමින් කෑම් ඇඳීම් පමණක්වත් නොලැබ දිවිගෙවීය.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ රෑ මධ්‍යම යාමයේ දී දිගුකලක් බුදුවරුන් විසින් පුරුදු කළ මහා කරුණා ඵල සමවතට සමවැදී ඉන් නැගිට, බුදු ඇසින් ලොව දෙස බැලූ සේක්; සුනීතගේ චිත්තාභ්‍යන්තරයේ කළයක දැල් වූ පහනක් මෙන් බබලන අර්හත්වයට උපනිශ්‍රය වූ හේතු සම්පත් දුටුසේක. රාත්‍රිය ඉක්මගිය කල්හි පෙරවරු සමයේ හැඳ පෙරව පා සිවුරු රැගෙන භික්ෂු මහා සංඝරත්නය පිරිවරාගත් තථාගතයන් වහන්සේ රජග නුවරට පිඬුසිඟා වැඩිසේක. සුනීත අශුචි ඉවත් කරන වීථියට වැඩම කළ බුදුපියාණෝ ඉදිරියටම වැඩියහ. සුනීත ද ඒ ඒ තැනින් ඉඳුල්, මළ මුත්‍රා, කැලි කසළාදිය රැස්කරගෙන කූඩයක දමාගෙන කදකින් ගෙන යමින් සිටියේය. තමාගේ ඉදිරියට මහා සංඝරත්නය පිරිවරාගෙන වැඩම වන ශාස්තෲන් වහන්සේ දැක, ගෞරවාදරයෙන් වික්ෂේපයට පත් සිතින් යුක්ත වූවේ, ගමන් මඟින් සැඟවීමට අවස්ථාවක් නොලැබ, කුණු කද බිත්තිය පසෙක තබා, එක් පසෙකින් බිත්තිය ඇතුලට පිවිසෙන්නාක් මෙන් බිත්තියේ එල්ලී ඇඳිලි බැඳගෙන සිටියේය. “බිත්ති සිදුරකින් ඉවතට යනු කැමතිව සිටියේය.” යි ද කියති.
ශාස්තෲන් වහන්සේ සුනීත ළඟට පැමිණ; මෙතෙම තමාගේ කුසල මූලයෙන් මෙහෙයවා තමාවෙත පැමිණි, මා පිළිබඳව ගෞරව භය දක්වමින් ජාතියෙන් ද කර්මයෙන් ද ඉතා පහත් බැවින් ඉදිරියේ සිටියත් ලැජ්ජාවේ. ඒකාන්තයෙන් ම මොහු විශාරදත්වයට පත්කරන්නෙමි”යි කොවුල් හඬින් මනෝඥ වූ මේඝ ශබ්දය හා සමාන ගැඹුරු බ්‍රහ්මස්වරයෙන් “සුනීත” යැයි ඇමතූසේක. “මේ දුක්ඛිත ජීවිතයෙන් කවර ප්‍රයෝජනයක් ද? පැවිදිවීමට අකමැතිද?” විමසූ සේක. ඒ ශාස්තෲ වදන් ඇසූ සුනීත; අමෘතයෙන් අභිෂේක කරන ලද අවස්ථාවක මෙන් මහත් උදාර වූ ප්‍රීති සොම්නසට පැමිණ, ඒ සතුට විඳිමින්; “ඉදින් භාග්‍යවතුන් වහන්සේ මා වැන්නවුන් ද මේ බුදුසසුනේ පැවිදි කරන සේක් නම්, මම පැවිදි නොවී සිටින්නේ කුමක් හෙයින් ද? භාග්‍යවතුන් වහන්ස, මා පැවිදි කරන සේක්වා”යි පැවසීය. ශාස්තෲන් වහන්සේ “එව, මහණ” යි වදාළ සේක. ඒ සමගම ඒහි භික්ෂුභාවයෙන් පැවිදි උපසම්පදා දෙකම ලැබූ සුනීත සෘද්ධිමය පා සිවුරු ලබා සියවස් සපිරි මහතෙර නමක් මෙන්, ශාස්තෲන් වහන්සේ ගේ ඉදිරියේ පෙනී සිටියේය. භාග්‍යවතුන් වහන්සේ සුනීත තෙරුන් විහාරයට කැඳවාගෙන ගොස් කමටහන් දුන්සේක. උන්වහන්සේ පළමුව අෂ්ටසමාපත්ති හා පංචාභිඥා උපදවාගෙන පසුව විදසුන් වඩා ෂඩ්අභිඥාලාභී වූහ. සුනීත තෙරුන් වෙත පැමිණි ශක්‍රාදී දෙවියෝ ද බ්‍රහ්මයෝ ද උන්වහන්සේට වැන්දහ. එනිසා කියන ලදි.
“තාව දෙවතා සත්තසතා උළාරා බ්‍රහ්ම විමානා උපසංකමිත්වා,
අජාතියං ජාතිජරාභිභූතං නීතං නමස්සන්ති පසන්නචිත්තා” තී.
අජාතියං ජාතිජරාභිභූතං නීතං නමස්සන්ති පසන්නචිත්තා” තී.
“ඒ මහත් බ්‍රහ්ම විමානයන්ගෙන් සත්සියයක් දෙවියෝ පැමිණ, ජාති ජරා මැඩලූ, නැවත උපදින්නා වූ සුනීත තෙරුන්ට පහන් සිතින් නමස්කාර කරති.”
භාග්‍යවතුන් වහන්සේ දේව සමූහයා පෙරටුකරගෙන වැජඹෙන සුනීත තෙරුන් දැක, සිනාපහළ කර ප්‍රශංසා කරමින් “තපෙන බ්රහ්මචරියෙන” යන ගාථාවෙන් දහම් දෙසූ සේක. ඉක්බිති බොහෝ භික්ෂූහු සුනීත තෙරුන් ලවා සිංහ නාදය පවත්වනු කැමතිව පිරිස් මැද දී, ඇවැත් සුනීතය, නුඹ කවර කුලයකින් මේ බුදුසසුනේ පැවිදිවූයෙහි ද? කෙසේ ආර්ය සත්‍ය අවබෝධ කළෙහි ද?” යි විමසූ සේක. ඒ ප්‍රශ්නයට පිළිතුරු දෙන සුනීත හිමියෝ සිංහනාද කරමින් මේ ගාථා වදාළහ.
“නීචෙ කුලම්හි ජාතො දළිද්දො අප්පභොජනො,
හීනං තම්මං ආසි, අහොසිං පුප්ඵඡඩ්ඩකො”
හීනං තම්මං ආසි, අහොසිං පුප්ඵඡඩ්ඩකො”
“ඡිගුච්ඡිතො මනුස්සානං පරිභූතො ච වම්හිතො,
නීචං මනං කත්වාන වන්දිස්සං බහුකං ජනං”
නීචං මනං කත්වාන වන්දිස්සං බහුකං ජනං”
“අථද්දසාසිං සම්බුද්ධං භික්ඛුසංඝපුරක්ඛතං,
පවිසන්තං මහාවීරං මාගධානං පුරුත්තමං”
පවිසන්තං මහාවීරං මාගධානං පුරුත්තමං”
“නික්ඛිපිත්වාන බ්යාභහිං වන්දිතුං උපසංකමිං,
මමෙව අනුකම්පාය අට්ඨාසි පුරිසුත්තමො”
මමෙව අනුකම්පාය අට්ඨාසි පුරිසුත්තමො”
“වන්දිත්වා සත්ථුනො පාදෙ එකමන්තං ඨිතො තදා,
පබ්බජ්ජං අහමායාචිං සබ්බසත්තාන මුත්තමං”
පබ්බජ්ජං අහමායාචිං සබ්බසත්තාන මුත්තමං”
“තතො කාරුණිකො සත්ථා සබ්බලොකානුකම්පකො,
එහි භික්ඛූ’ති මං ආහ, සාමෙ ආසූපසම්පදා”
එහි භික්ඛූ’ති මං ආහ, සාමෙ ආසූපසම්පදා”
“සොහං එකො අරඤ්ඤස්මිං විහරන්තො අතන්දිතො,
ආකාසිං සත්ථු වචනං යථා මං ඔවදී ජිනො”
ආකාසිං සත්ථු වචනං යථා මං ඔවදී ජිනො”