12. ද්වාදස නිපාතය
සීලව ස්ථවිරගාථා වර්ණනාව
දොළොස්වන නිපාතයේ “සීලමෙව” යනු ආයුෂ්මත් සීලව තෙරුන් වහන්සේගේ ගාථාවන්ය. ඒවායේ උපත කෙසේ ද? උන්වහන්සේ ද පෙර බුදුවරුන් හමුවේ කළ ප්රාර්ථනා ඇති ව, ඒ ඒ භවයේ දී නිවන් ප්රාර්ථනා කරගනිමින් කුසල් දහම් රැස්කරමින් අවුත්, මේ බුද්ධෝත්පාද කාලයේ දී රජගහ නුවර බිම්බිසාර මහරජුගේ පුතු ලෙස උපන්නේ ය. එකුමරු සීලව නමින් ප්රකට විය. වැඩිවියට පත් එකුමරු මරා දැමීමට අජාසත් මහරජු චණ්ඩ මතැතෙකු පිට නැංවීම් ආදී අනේකවිධ උපක්රම යෙදූවත්, ඒ සියල්ල අසාර්ථක විය. පශ්චිම භවිකයා රහත් නොවී කිසිසේත් ම මරණයත් පත් නොවන බැවිණි. සීලව කුමරුට ඇති උපද්රව දුටු භාග්යවතුන් වහන්සේ මහමුගලන් තෙරුන් කැඳවා “සීලව කුමරු මෙහි රැගෙන එන්න” යි අණකළ සේක. තෙරණුවෝ සෘද්ධි බලයෙන් මහා හස්තියා බුදුරදුන් වෙත ගෙන්වූහ. සීලව කුමරු ඇතු පිටින් බැස භාග්යවතුන් වහන්සේට වැඳ එකත් පසෙක සිටියේ ය. ඔහුගේ අදහස් අනුව භාග්යවතුන් වහන්සේ සදහම් දෙසූ සේක. ධර්මශ්රවණයෙන් ලැබූ ශ්රද්ධා ඇති එ කුමරු සසුනේ පැවිදිව විදසුන් කමටහන වඩා, නොබෝ දිනකින් ම රහත්භාවයට පත්විය. සීලව තෙරුන් කොසොල් රට වසන බව ඇසූ අජාසත් රජු, “ඔහු මරව” යි රාජ පුරුෂයන්ට නියෝග කළේය. තෙරුන් සමීපයට ගිය ඒ රාජපුරුෂයෝ, තෙරුන්ගේ දහම් දෙසුම් අසා හටගත් සංවේග සිත් ඇතිව, තෙරුන් කෙරෙහි පැහැදී පැවිදිවූහ. ඔවුන් ඇමතූ සීලව තෙරණුවෝ මේ ගාථා වලින් දහම් දෙසූහ.
“සීල මෙවෙධ සික්ඛෙථ අස්මිං ලොකෙ සුසික්ඛිතං,
සීලං හි සබ්බ සම්පත්තිං උපනාමෙති සෙවිතං.”
සීලං හි සබ්බ සම්පත්තිං උපනාමෙති සෙවිතං.”
“සීලං රක්ඛෙය්ය මෙධා වී පත්ථයානො තයො සුඛෙ,
පසංසං විත්තිලාභඤ්ච පෙච්ච සග්ගෙ ච මොදනං.”
පසංසං විත්තිලාභඤ්ච පෙච්ච සග්ගෙ ච මොදනං.”
“සීලවා හි බහු මිත්තෙ සඤ්ඤ මෙනාධිගච්ඡති,
දුස්සීලො පන මිත්තෙහි ධංසතෙ පාපමාචරං”
දුස්සීලො පන මිත්තෙහි ධංසතෙ පාපමාචරං”
“අවණ්ණඤ්ච අකිතතිඤ්ච දුස්සීලො ලභතෙ නරො,
වණ්ණකිත්තිං පසංසඤ්ච සදා ලභති සීලවා”
වණ්ණකිත්තිං පසංසඤ්ච සදා ලභති සීලවා”
“ආදි සීලං පතිට්ඨා ච කල්යාණානඤ්ච මාතුකං,
පමුඛං සබ්බධම්මානං තස්මා සීලං විසොධයෙ.”
පමුඛං සබ්බධම්මානං තස්මා සීලං විසොධයෙ.”
“වෙලා ච සංවරො සීලං චිත්තස්ස අභිභාසනං,
තිත්ථං ච සබ්බබුද්ධානං, තස්මා සීලං විසොධයෙ.”
තිත්ථං ච සබ්බබුද්ධානං, තස්මා සීලං විසොධයෙ.”
“සීලං බලං අප්පටිමං සීලං ආවුධමුත්තමං,
සීලං ආභරණං සෙට්ඨං, සීලං කවචමබ්භුතං.”
සීලං ආභරණං සෙට්ඨං, සීලං කවචමබ්භුතං.”
“සීලං සෙතු මහෙසක්ඛො, සීලං ගන්ධො අනුත්තරො,
සීලං විලෙපනං සෙට්ඨං යෙන වාති දිසොදිසං.”
සීලං විලෙපනං සෙට්ඨං යෙන වාති දිසොදිසං.”
“සීලං සම්බලමෙවග්ගං, සීලං පාථෙය්යමුත්තමං,
සීලං සෙට්ඨො අතිවාහො යෙන යාති දිසොදිසං.”
සීලං සෙට්ඨො අතිවාහො යෙන යාති දිසොදිසං.”
“ඉධෙව නින්දං ලභති පෙච්චාපායෙ ච දුම්මනො,
සබ්බත්ථ දුම්මනො බාලො සීලෙසු අසමාහිතො.”
සබ්බත්ථ දුම්මනො බාලො සීලෙසු අසමාහිතො.”
“ඉධෙව කිත්තිං ලභති පෙච්ච සග්ගෙච සුම්මනො,
සබ්බත්ථ සුමනො ධීරො සීලෙසු සුසමාහිතො.”
සබ්බත්ථ සුමනො ධීරො සීලෙසු සුසමාහිතො.”
“සීලමෙව ඉධ අග්ගං පඤ්ඤවා පන උත්තමො,
මනුස්සෙසු ච දෙවෙසු සීලපඤ්ඤාණතො ජයං” තී.
මනුස්සෙසු ච දෙවෙසු සීලපඤ්ඤාණතො ජයං” තී.
මෙහි “සීලමෙවිධ සික්ඛෙථ අස්මිං ලොකෙ” ‘ඉධ’ යනු නිපාතයකි. මේ සත්ත්ව ලෝකයේ තමාට හිත වැඩ කැමති කුලපුත්රයා චාරිත්ර වාරිත්රා දී බේද ඇති සීලය ම මුලසිට රකින්නේය. සිල් ආරක්ෂා කරමින් මනාව හික්මීම, සිල් පද නොකැඩීම් වශයෙන් මනාව ශික්ෂිතව, සුපරිශුද්ධව, සුපිරිසුන්ව හික්මෙන්නේය. “අස්මිං ලොකෙ” මේ සංස්කාර ලෝකයේ හික්මිය යුතු ධර්මයන්හි සීලය මුල්කරගෙන හික්මෙන්නේය. සම්මා දිට්ඨි ආදි සම්පත් ද සීලය මත පිහිටා ඇති බැවින් “සීලංහි” යනාදිය පැවසූහ. එහි “හී” හේතුව දැක්වීමේ වචනයකි. මනාව සේවනය කළ, දිගුකලක් සුරැකි, මනාව ආරක්ෂා කළ සීලය නිසා මනුෂ්ය සම්පත් දිව්ය සම්පත්, බ්රහ්ම සම්පත්, නිවන් සම්පත් යනාදී සෑම සම්පත්තියක්ම ඒ සීලයෙන් යුක්ත සත්ත්වයාට ලැබේ.
“සීලය සියලු සම්පත් එළවන්නේය.” යනුවෙන් සංක්ෂිප්තව පැවසූ අදහස විස්තර කරමින් “සීලං රක්ඛෙය්ය” යන ගාථාව පැවසූහ. එහි “රක්ඛෙය්ය” ආරක්ෂා කරන්නේය. ප්රාණඝාතයෙන් වැලකෙමින් වත්පිළිවෙත් පුරමින් පාපයට විරුද්ධ වූ හෙයින් සීලය “රකියි” නම් වේ. “මෙධාවි” නුවණැත්තා. මෙයින් සීලය රක්ෂා කිරීමේ උපාය දැක්විණි. ඤාණබලය නිසා සමාදන් වූ ශීලය නොකඩා ආරක්ෂා කරයි. “පත්ථයානො” කැමතිව පතමින් “තයො සුඛෙ” ත්රිවිධ සැප සැප නිමිති හෝ “සැප” යැයි ගනු ලැබේ. “පසංසං” කීර්තිය, නුවණැත්තන්ගේ ප්රශංසාව “විත්තිලාභං” සන්තෝෂ ලාභය “විත්තලාභං” යන පාඨය ද යෙදේ. “ධනලාභ” යන අරුත එහි ඇත. සිල්වතා අප්රමාදී බැවින් මහත් වූ භෝග සම්පත් ලබන්නේය. “පෙච්ච” කළුරිය කොට “සග්ගෙව මොදනං” දිව්ය ලෝකයේ ඉෂ්ට මනාප කාමගුණයන්ගේ සතුට පතමින් මේ ලෝකයේදී ප්රශංසාව ද ධනලාභ (සැප ලාභය) ද පරලොව දිව්ය සම්පත් ලබා සතුටු වීමද කැමැත්තෝ සිල් රකිත්වා යන අර්ථයයි.