උපසේන ස්ථවිරගාථා වර්ණනාව
“විවිත්තං අප්ප නිග්ඝොසං” යනු ආයුෂ්මත් උපසේන තෙරුන් වහන්සේගේ ගාථාවන් ය. ඒවායේ උපත කෙසේ ද? උන්වහන්සේ ද පෙර පදුමුත්තර භාග්යවතුන් වහන්සේගේ සමයේ දී හංසවතී නුවර, කුලගෙයක ඉපිද, තරුණවියට පැමිණ ශාස්තෲන් වහන්සේ සමීපයට පැමිණ දහම් ඇසූහ. දිනක් ඔහු ශාස්තෲන් වහන්සේ එක් භික්ෂුවක් සෑම ආකාරයෙන් ම සතුට ගෙනදෙන (සමන්ත පාසාදික) තෙරවරුන්ගෙන් අග්රභාවයට පත්කරනු දැක, ඒ සඳහා ප්රාර්ථනා කර බුදුරජාණන් වහන්සේගෙන් විවරණ ලැබ, දිවි ඇතිතාක් පින් දහම් රැස්කරමින්, දෙව් මිනිස් දෙගතියෙහි සැරිසරා පැමිණ, මේ බුද්ධෝත්පාද කාලයේ දී නාල ග්රාමයේ රූපසාරී බැමිණියගේ කුස උපන්නේය. ඔහු උපසේන නම් විය. වැඩිවියට පත් උපසේන කුමරු ත්රිවේද පාරගතව, දිනක් ශාස්තෲන් වහන්සේගෙන් දහම් අසා, ලැබූ ශ්රද්ධා ඇතිව පැවිදි විය. උපසම්පදා වී එක් වස් ඇති උපසේන හිමියෝ, “ආර්ය ගැබ වඩන්නෙමි”යි තවත් භික්ෂුවක් උපසම්පදා කරවා ගෙන, උන්වහන්සේ සමග ශාස්තෲන් වහන්සේ බැහැදැකීමට ගියහ. ශාස්තෲන් වහන්සේ උපසේන හිමි එක් වස් ඇති ව උපසම්පදා කරගත් භික්ෂුව සද්ධිවිහාරික බව අසා “හිස් පුරුෂය, යම් මේ පිරිස් බැඳ ගැනීම නම් වූ බහුලතාවයක් වේද, ඒ පිරිස් පිරිවරා ගැනීමට නුඹ ඉතා ඉක්මණින් වැටුනෙහිය” යනුවෙන් ගැරහූ සේක. දැන් මම යම් පුද්ගලයකු නිසා ශාස්තෲන් වහන්සේගේ ගැරහීමට ලක්වූයෙම් ද ඒ පුද්ගලයා නිසා ම ශාස්තෲ ප්රසාදය ලබාගන්නෙමි”යි අධිෂ්ඨාන කරගත් උපසේන හිමියෝ, විදසුන් වඩා නොබෝ කලකින් ම රහත් වූහ. අපදාන පාළියේ දී උන්වහන්සේ මෙසේ වදාළහ.
“කඳුපාමුලක වැඩ හුන් මනුෂ්යයන් අතර උත්තම වූ ලෝකජ්යෙෂ්ඨ වූ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ වෙත මම එළඹුනෙමි.
මනාව පිපුණු කිණිහිරි මලක් දුටු මම එය නටුවෙන් කඩාගෙන, ඒ මලින් ඡත්රය අලංකාර කර එය ශාස්තෲන් වහන්සේට දැරුවෙමි.
සුන්දර රසවත් ආහාරයක් ද පූජාකළෙමි. ඒ පිණ්ඩපාත දානයෙන් කරගත්තා වූ, අග්ර පුද්ගල වූ මහාවීර වූ බුදුපියාණන් වහන්සේ මා හට පුණ්යානුමෝදනා කළසේක.” “මෙම ඡත්ර දානය ද ආහාර දානය ද හේතු කරගෙන, එම චිත්ත ප්රසාදය ද නිසා මෙතෙම කාම සම්පත් අනුභව කරන්නේ ය. සතිස් වරක් ශක්රදේවේන්ද්රව උපදින්නේ ය.
සක්විති රජ ව විසිඑක් වරක් උපදින [missing trans]
කල්ප ලක්ෂයකට පසුව ඔක්කාක වංශයේ උපදින ගෞතම නම් ශාස්තෲන් වහන්සේගේ සසුන බබළන මෙතෙම, උන්වහන්සේගේ ධර්මයට දායාද වූ, ධර්මයෙන් නිර්මිත වූ උපසේන නම් බුද්ධ ශ්රාවකයෙක් වන්නේය.”[missing trans]
“මෙය මාගේ අවසාන ආත්මභාවයයි. සියලු භව නැසුවෙමි. සේනා සහිත මාරයා ජයගෙන අන්තිම ශරීරය දරමි.
දැන් මම සියලු කෙලෙස් දැවුයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”
රහත් උපසේන හිමියෝ තනිව ම සියලු ධුතාංග ධර්ම සමාදන්වූහ. අන්ය භික්ෂූන් ද සඳහා යොමුකර වූහ. එනිසා භාග්යවතුන් වහන්සේ උපසේන මහ රහතන් වහන්සේ, සමන්තපාසාදික භික්ෂූන්ගෙන් අග්රභාවයට පත්කළ සේක. ඊට පසුකාලයක දී කොසඹෑනුවර කලහය ඇති වී භික්ෂු සංඝයා දෙකඩ වූ කල්හි, එක් භික්ෂුවක් විසින් ඒ කලහය වර්ජනය කරනු කැමැත්තෙන්, “දැන් මේ සංඝයා භේද කරන කළහය ඉපදුණි. මවිසින් කෙසේ පිළිපැදිය යුත්තෙක් ද?” යි විචාරන ලද්දේ, උපසේන හිමියෝ විවේකවාසයේ සිට ඔහු පිලිපැදිය යුතු අයුරු ප්රකාශ කරමින් මේ ගාථා වදාළහ.
“විවිත්තං අප්පනිග්ඝොසං වාළමිගනිසෙවිතං,
සෙවෙ සෙනාසනං භික්ඛු පටිසල්ලාන කාරණා.”
සෙවෙ සෙනාසනං භික්ඛු පටිසල්ලාන කාරණා.”
“සංකාර පුඤ්ජා ආහත්වා සුසානා රථියාහි ච,
තතො සංඝාටිකං කත්වා ළූඛං ධාරෙය්ය චීවරං.”
තතො සංඝාටිකං කත්වා ළූඛං ධාරෙය්ය චීවරං.”
“නීචං මනං කරිත්වාන සපදානං කුලාකුලං,
පිණ්ඩිකාය චරෙ භික්ඛු ගුත්තද්වාරො සුසංවුතො.”
පිණ්ඩිකාය චරෙ භික්ඛු ගුත්තද්වාරො සුසංවුතො.”
“ළූඛෙන පිච සන්තුස්සෙ, නාඤ්ඤං පත්ථෙ රසං බහුං,
රසෙසු අනුගිද්ධස්ස ඣානෙ න රමතී මනො.”
රසෙසු අනුගිද්ධස්ස ඣානෙ න රමතී මනො.”