7. රජපුත්‍ර ප්‍රෙතවස්තු වර්ණනාව
“පුබ්බෙ කතානං කම්මානං” ආදියෙන් ආරම්භවන මේ ප්‍රේත වස්තු කථාව ශාස්තෲන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන කල්හි රාජ පුත්‍ර ප්‍රේතයකු අරභයා වදාළහ. එහි අතීතයෙහි යම් කිතවස්ස නම් රජ කෙනෙක් වූයේ ද? ඒ රජුගේ ප්රත්රයා අතීතයෙහි වූ පසේ බුදුවරයකුට අපරාධ කොට බොහෝ අවුරුදු ගණනක් නිරයේ පැසී, ඒ කර්මයාගේම ඉතිරි වූ විපාකයෙන් ප්‍රේතයකු වී උපන්නේ ද? ඔහු මෙහි රාජපුත්‍ර ප්‍රේතයා යනුවෙන් හඳුන්වයි. ඔහුගේ කථාව යට කී සානුවාසික ප්‍රේතයාගේ කථා වස්තුවෙහි විස්තර වශයෙන් ආයේමය. එහෙයින් එහි කී ආකාරයෙන්ම ගතයුතුයි. එකල්හි සාණුවාසික තෙරුන් තමන්ගේ ඤාති ප්‍රේතයන් පිළිබඳව කී කල්හි ශාස්තෲන් වහන්සේ හුදෙක් තොපගේ නෑයෝ පමණක් ප්රේතයෝව නො උපදිත්, ඔබ ද මෙයින් ඉක්ම ගිය අත්බැව්හි දී ප්‍රේතයෙක් වී මහා දුක් වින්දේය යනුවෙන් කී කල්හි, ඒ තෙරණුවන් විසින් ආයාචනා කළ කල්හි, මේ රාජ පුත්ත ප්‍රේත වස්තුව වදාළ සේක.
පෙර ජන්මයන්හි කරන ලද අකුසල කර්මයන්ගේ විපාකය සිත මනරම් වූ කල්හි රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ හේතුවලින් මැඩ පවත් වන්නේය.
බොහෝ වූ නැටුම් - ගැයුම්, කාමරතිය, ක්‍රීඩා ආදිය විඳ උයනෙහි සිත් අලවා රජගහ නුවරට පිවිසෙන්නේ,
දැමුණු සිත් ඇති, සමාහිත වූ, අල්පේච්ඡ වූ, ලජ්ජා සහිත වූ පාත්‍රයට ලැබුණු දෙයකින් ආහාරයෙහි සතුටු වූ, සුනේත්ර නම් පසේ බුදුන් දැක්කේය.
රාජ පුත්‍රයා ඇතු පිටින් බැස ස්වාමීනි පිණ්ඩපාතය ලබන ලද්දේදැයි විමසා උන්වහන්සේගේ අතින් පාත්‍රය ඇරගෙන උඩට ඔසවා
තද පොළවෙහි පාත්‍රය ගසා බිඳ දමා සිනහසෙමින් මදක් ඉවත්ව සිට මහණ! මම කිතව රජුගේ පුත්‍රයා වෙමි. ඔබ මට කුමක් කරන්නෙහි ද?
ඒ අකුශල කර්මයාගේ විපාකය කටුක විය. ඒ කර්මයෙන් රාජ්‍ය පුත්‍රයා නිරයෙහි උපන්නේය.
කරන ලද දරුණු පව් ඇති ඔහු සුවාසුදහස් සයක්ම, අවුරුදු නහුත ගණනක් නරකයෙහි මහා දුකට පැමිණියේය.
අඥාන වූ රාජ පුත්‍රයා උඩු බැලීම ද, යටි කුරුව ද, වම් ඇලයෙන් හා දකුණු ඇලයෙන් යුතුව ද, උඩුකුරු පා ඇතිව ද, බොහෝකල් නිරයේ පෙළුණේය.
කරන ලද පව් ඇති ඔහු නොයෙක් අවුරුදු දහස් ගණනක් මුළුල්ලේ නිරයෙහි ඉතාමත් දුකට පැමිණියේය.
අපරාධයන් කෙරෙහි මෛත්‍රී පතුරුවන, යහපත් පැවැතුම් ඇති, සෘෂිවරයන් වෙත, වැරදි අන්දමින් මෙවැනි පව්කම් කරන පුද්ගලයෝ එබඳුම වූ කටුක වූ දරුණු වූ විපාක විදිත්.
ඒ රාජ පුත්‍රයා ඒ නරකයෙහි බොහෝ කාලයක් මුළුල්ලෙහි අන්ත දුක් විඳ එයින් චුත වූයේ, සා පිපාසා දෙකින්ම මැඩුණා වූ ප්‍රේත යෝනියෙහි ඉපිදුනේ, ප්‍රේතයෙකු වී.
යම් කෙනෙක් සම්පත් මදයෙන් මත් වී කරන පාප කර්මයන්හි ආදීනව දැක, ඉසුරු මදය හැරපියා යටහත් පැවැත්මෙන් පවතින්නේද
බුදුන් කෙරෙහි ගෞරව සහිත වේ ද? නුවණැත්තෙක් වූ හෙතෙම මේ ආත්මයේ දීම පැසසීමට භාජනය වී, මරණින් මතු දෙව්ලොවට පැමිණේ
මෙම රාජපුත්‍ර ප්‍රේත වස්තුව වදාළ සේක.
එහි පුබ්බෙ කතානං කම්මානං විපාකො මථයෙ මයං - යනු පෙර ජාතිවලදී කරන ලද අකුසල කර්මයන්ගේ විපාකය, මහත්ව උපදිනු ලබන්නේ, අඳබාලයන්ගේ සිත් කළඹන්නේය. මැඩපවත්වන්නේය. අනුන්ට අනර්ථ කිරීමෙන් තමන්ටම අනර්ථ උපදවා ගන්නේය යන අදහසයි.
දැන් සිත මර්දනය කිරීම් වශයෙන් දක්වන්නට, රූපෙ සද්දෙ - ආදිය කියන ලදී. එහි රූපෙ - රූප හේතුවෙන්, යම් රූපාරම්මණයක් ලැබීම නිමිති කොට ගෙන යන අර්ථයි. සද්දෙ - ආදියෙහි ද මේ න්‍යායමයි, ක්‍රමයමැයි.
මෙය සාධාරණ කිරිමේ අර්ථයෙන් අසාධාරණ නියමයන් දක්වන්නේ, නච්චගීත ආදිය කීයේය. එහි රතිං යනු කාමයේ ඇල්මයි. ඛිඩ්ඩං යනු යහළුවන් හා කරන ක්‍රීඩාවයි. ගිරිබ්බජං යනු රජගහ නුවරයි.
ඉසිං යනු අශෛක්ෂ වූ සීලාදීන්ගෙන් යුක්ත වන අර්ථයෙන් ඉසි යනු වේ. සුනෙත්ත - මේ නම් පසේ බුදුන් වහන්සේ, අත්ත දන්තං - යන උතුම් වූ දැමීමෙන් දමනය කරන ලද සිතින් සමාහිතං - යනු අර්හත් ඵල සමාපත්තියෙන් සමාහිත වූ, උඤ්ජෙ පත්ත ගතෙ රතං යනු භික්ෂාචාරයෙන්, පිණ්ඩපාතයෙන් පාත්‍රයට ලැබුණු දෙයකින් ආහාර වශයෙන් සතුටු වන්නා වූ,
ලද්ධා භන්තෙති ව බ්රෑවී, යනු ස්වාමීනි පිණ්ඩපාතය ලැබෙන්නේ ද විශ්වාසනීය අර්ථයෙන් කීයේය. උච්චං පග්ගය්හා - යනු එසවීමට හැකිතාක් පාත්‍රය ඔසවා,
ථණ්ඩිලෙ පත්ත මහින්දිත්වා - යනු ගොරෝසු වූ තද වූ මහ පොළවේ ගසා පාත්‍රය බිඳ, අපක්කමී - යනු මඳක් ඈතට ගියේය, අඳබාල වූ මේ තරුණයා නිකරුණේ මහා අනර්ථයකට තමන් විසින්ම පත්වන්නේ යයි, කාරුණික වශයෙන් බැලූ පසේ බුදුන්ට රාජ පුත්‍රයා මෙසේ කීය, රඤ්ඤො කිතවස්සාහං පුත්තො - මං භික්ඛු කරිස්සසී - යනු මම කිතව රජුගේ පුත්‍රයා වෙමි. මේ මුඩු මහණ මට කුමක් කරන්නෙහි ද?
එරූස්සපා - දරුණු ලෙසින්, කටුකො අනිටු ලෙසින්, යං යම් විපාකයක්, සමප්පිතො - යනු ඇලුනේ
ඡළෙවා චතුරාසීති වස්සානි, නහුතානි වා - අවුරුදු අසූහාර දහ බැගින් සයවරක්, උඩුකුරුව සයනය කිරීමෙන්, යටිකුරුව හෙවීමෙන්, වම් පසින් ද දකුණු පසින් ද හා උඩුකුරුව ද දෙපා එල්බෙමින් ද, ඒ ඒ එක් එක් වසර අසූහාර දස බැගින් දුක් වින්දේය. එහෙයින් කියන ලද -