මග්ගඞ්ගනිද්දෙසවණ්ණනා
සූත්රාන්ත නිර්දේශයෙහි, සම්මා දිට්ඨියා යනු ෂෂ්ඨි වචනයි. ධ්යාන, විදර්ශනා, මාර්ග, ඵල, නිර්වාණයන්හි, ලෞකික විරති සම්ප්රයුක්ත සිතෙහිද, සුදුසු පරිද්දෙන් සම්ප්රයෝග වශයෙන්ද අරමුණු වශයෙන්ද, පවත්නා සම්යග් දෘෂ්ටියෙහි සමාන ලක්ෂණ වශයෙන් ඒකාකාර වූ සම්යග් දෘෂ්ටියෙහි, වික්ඛම්භන විවෙකො යනු යටපත් කිරීම් වශයෙන් දුර කිරීම් වශයෙන් විවේකයයි කවරකගේද? නීවරණයන්ගේ. ඔහුට පඨමජ්ඣානං භාවයතො යනාදිය යටපත් කිරීම් වශයෙන් ප්රථමධ්යානයම යූ.සේයි. එය කී කල්හි සෙසු ධ්යානයෝද කියන ලද්දාහුම වෙති. ධ්යානයන්හිද සම්යග් දෘෂ්ටිය විද්යමාන හෙයින් සම්යග් දෘෂ්ටියෙහි විවේකය නමැ. තදංග විවෙකො යනු ඒ ඒ විදර්ශනා ඤාණයෙන් වන විවේකයයි. දිට්ඨිගතානං යනු දෘෂ්ටි විවේකයාගේ දුෂ්කර හෙයින්ද, ප්රධාන හෙයින්ද දෘෂ්ටි විවේකයම යූ.සේයි. නිබ්බෙධභාගියං සමාධිං යනු විදර්ශනා සම්ප්රයුක්ත සමාධියයි, සමුච්ඡෙද විවෙකො යනු කෙලෙසුන්ගේ විනාශකිරීම් වශයෙන් වන විවේකයයි. ලොකුත්තරං ඛයාමි මග්ගං යනු ක්ෂය සංඛ්යාත නිර්වාණයට පමුණුවන ලෝකෝත්තර මාර්ගයයි. පටිප්පස්සද්ධි විවෙකො යනු කෙලෙසුන්ගේ සංසිඳීමෙහිදී වන විවේකයයි. නිස්සරණ විවෙකො යනු සියලු සංඛතයන්ගෙන් නිදහස්වීම වූ සංස්කාර විවේකයයි. ඡන්ද ජාතො හොති යනු පූර්ව භාගයෙහි හටගත් ධර්මච්ඡන්දය වෙයි. සද්ධාධිමුත්තො යනු පූර්ව භාගයෙහිම ශ්රද්ධායෙහි ඇලුණේ වේ. චිත්තඤ්චස්ස ස්වාධිට්ඨිතං යනු පූර්වභාගයෙහි මෙම යෝගියාගේ සිතද මනාව අධිෂ්ඨාන කරන ලදුයේ මනාව පිහිටුවන ලදුයේ වේ. මෙසේ, ඡන්දය, ශ්රද්ධාව, සිත යන මෙම තෙදහම් පෙරකලැ උපන් විවේකයන්ට උපනිශ්රය හෙයින් නිශ්රය නමැ. සමහරු වනාහි ‘චිත්තඤ්චස්ස සමාධිට්ඨිතං’ යැයි සමාධිය කියන ලදැයි කියති. විරාගාදීන්හිද එම ක්රමයමැයි.
නිරොධ වාරයෙහි වනාහි නිරොධ ශබ්දයෙන් අන්ය සමාන වචනයක් දක්වන්නහු විසින් ‘අමතං ධාතු’යි යූසේයි. සෙසු තන්හි ‘නිරොධො නිබ්බාණං’යි දක්වයි. දෙඅයුරින්ම නිර්වාණයම දැක්වේ. ඡන්ද, ශ්රද්ධා, චිත්තයන්ම විවේකාදී සතරෙහි එකිනෙකෙහි ත්රයය, ත්රයය බැගින් කොට දොළොස් නිශ්රය වෙයි.
සම්මා සංකප්ප, වායාම, සති, සමාධීන්හිද මෙම ක්රමයෙන් අර්ථ යෙදීම දතයුත්තාහ. සම්මා වාචා, කම්මන්ත, ආජීවයන්ගේ වනාහි ධ්යානක්ෂණයෙහිද, විදර්ශනා ක්ෂණයෙහිද අභාව හෙයින්, ධ්යාන විදර්ශනාවන්ට පූර්වභාග අපරභාග වශයෙන් පවත්නා විරතීහු, ධ්යාන විදර්ශනා සන්නිශ්රිත කොට කියන ලදැයි දතයුතුය. නීවරණයන්ගේද දෘෂ්ටිගතයන්ගේද, විවේක, විරාග, නිරොධ, පටිනිස්සග්ගයෝ, එසේ පවත්නා විරතීන්ගේ විවේකාදීහු නමැයි දතයුතුය. අට්ඨක නිපාතයෙහි ‘ඉක්බිති භික්ෂුව නුඹ මෙම සමාධිය සවිතර්ක සවිචාර වඩන්නෙහිය. අවිතර්ක විචාර මාත්රව වඩන්නෙහිය. අවිතර්ක, අවිචාරවද වඩන්නෙහිය. ප්රීති සහිතවද වඩන්නෙහිය. ප්රීති රහිතවද වඩන්නෙහිය. සති සහගතවද වඩන්නෙහිය. උපේක්ෂා සහගතවද වඩන්නෙහි යයි’ මෛත්රී ආදීහුද, කායානුපස්සනාදීහුද, ස්වකීය අධ්යාත්ම මූලික සමාධි වශයෙන් චතුෂ්ක, පඤ්චකධ්යානිකාදීන් මෙන් යූසේයි. මෙසේ මෙහිද පූර්වභාග, අපරභාග වශයෙන් විරතීහු යූ.සේයි. අක්ෂර ඡායා මාත්රය ගෙන භාග්යවතුන් වහන්සේට අසත්ය දෙයින් දොස් නොනැගිය යුතුයි. බුදුවදන් ගැඹුරුයි. ගුරුන් ඇසිරිකොට අදහස් වශයෙන් ගතයුතුය.
බොධ්යංග-බල, ඉන්ද්රිය වාරයන්හිද මෙම ක්රමයෙන් අර්ථය දතයුතුය.
විවෙක කථා වර්ණනා නිමි.
චරියා කථා
විවේක කථාවට අනතුරුව, උතුම් විවේකය වූ, නිස්සරණ විවේක සංඛ්යාත නිර්වාණය සාක්ෂාත් කිරීමෙහි උපායමාර්ග දැක්වීම සඳහා, එසේ සාක්ෂාත් කළ, නිරෝධයෙහි, ලෝහිත සුව සඳහා ක්රියාකිරීම දැක්වීම සඳහාද ඉන්ද්රිය කථායෙහි නිර්දිෂ්ට චර්යාකථා නැවැත කියන ලදි. එහි අර්ථ වර්ණනා ඉන්ද්රිය කථායෙහි කියන ලද්දේමය.
චර්යා කථා වර්ණනාව නිමි.
ප්රාතිහාර්ය්ය කථා
ලෝකාර්ථ චර්යා කෙළවරකොට ඇති, චර්යා කථාවට අනතුරුව, ලෝකාර්ථ අනුශාසනා කෙළවරකොට ඇති, ප්රාතිහාර්ය විස්තර දක්වන්නහු විසින් දේශිත සූත්රාන්ත පූර්වංගම ප්රාතිහාර්ය කථායෙහි පෙර නුවූ අර්ථ අනුවර්ණනාවයි. එහි සූත්රාන්තයෙහි පාටිහාරියානි යනු එකිනෙකට විරුද්ධ ඉන්ද්රියයන්ගෙන් වෙන් වෙන්ව බැහැර කිරීම් වශයෙන් ඉද්ධිපාරිහාරියං යනු සිද්ධවීම් වශයෙන් සෘද්ධියි. විරුද්ධ දෑ එළැවීම් වශයෙන් ප්රාතිහාර්ය යයි. සෘද්ධියම ප්රාතිහාර්ය වූයේ සෘද්ධි ප්රාතිහාර්ය යයි. අනෙක්වාහි වනාහි පෙන්වීම් වශයෙන් ආදෙසනංයි. අනුසාසන වශයෙන් අනුසාසනීයි. සෙස්ස කියන ලද ක්රමයමැයි.