විවේක කථා
විවෙකකථාවණ්ණනා
දැන් ප්රහාණ අවසානයෙහි, අභිසමය කථාවට අනතුරුව ප්රහාණාකාරය දක්වන්නහු විසින් දේශිත, සූත්රාන්ත පූර්වාංගම විවේක කථායෙහි පෙර නුවූ අර්ථ අනුවර්ණනාවයි. එහි සූත්රාන්තයෙහි යෙ කෙචි යනු සේස රහිතව හාත්පසින් ග්රහණයයි. බලකරණීයා යනු සෘජු බාහු බලයෙන් කළයුතු හෙයින්, කම්මන්තා යනු දිවීම්, පැනීම්, සීසෑම්-වැපිරීම් ආදී ක්රියා, ශක්තිවන්තයින් විසින් කරනු ලැබෙත්. සීලං නිස්සාය යනු සිව් පිරිසිදු සීලය නිශ්රයකොට, භාවෙති යනු බිඳුණු සිල්වත්හුට භාවනා අභාව හෙයින් මෙහි වනාහි ලෞකික ලෝකෝත්තර මාර්ග භාවනා අදහස් කරන ලදි. විවෙක නිස්සිතං යනු තදංග, සමුච්ඡේද, නිස්සරණ විවේක නිශ්රිත විවෙකො යනු විවේකතාව, මෙම ආර්ය මාර්ග භාවනායෙහි අනුයුක්ත යෝගියා විදර්ශනා ක්ෂණයෙහි, කෘත්යය වශයෙන් තදංග විවේක නිශ්රිතව, අදහස් වශයෙන් නිස්සරණ විවේක නිශ්රිතව, මාර්ග ක්ෂණයෙහි කෘත්යය වශයෙන් සමුච්ඡේද විවේක නිශ්රිත අරමුණු වශයෙන් නිස්සරණ විවේක නිශ්රිතව වඩයි. විරාග නිශ්රිතාදීණ්හිද එම ක්රමයමැයි. විවේකයම නොඇලීම් අර්ථයෙන් විරාගයයි. නිරෝධාර්ථයෙන් නිරෝධයයි. අත්හැරීම් අර්ථයෙන් වොස්සග්ගයි. නොහොත් කෙලෙසුන්ගෙන් වෙන් වූ හෙයින් විවේකයි. කෙලෙසුන් කෙරෙන් නොඇලුණු හෙයින් විරාගයි. කෙලෙසුන්ගේද නිරුද්ධ කළ හෙයින් නිරෝධයි. කෙලෙසුන්ගේද පරිත්යාග කළ හෙයින් අත්හළ හෙයින් වොස්සග්ගයි. වොස්සග්ගය වනාහි දෙයාකාරය. පරිත්යාග වොස්සග්ගය හා පැනවැදීම් වොස්සග්ගය වශයෙනි. එහි පරිත්යාගය වොස්සජනය යනු විදර්ශනා ක්ෂණයෙහි තදංග වශයෙන්ද මාර්ග ක්ෂණයෙහි සමුච්ඡේද වශයෙන්ද කෙලෙස් ප්රහාණයයි. ප්රස්කන්දන වොස්සජනය යනු විදර්ශනා ක්ෂණයෙහි එහි නිම්නභාවයෙන් මාර්ග ක්ෂණයෙහි අරමුණු කිරීමෙන් නිර්වාණය තුළට වැදීම එම ද්වයයම මෙම ලෞකික ලෝකෝත්තර මිශ්රිත අර්ථ වර්ණනා ක්රමයෙහි සුදුසුය. එසේම මෙය සම්යග් දෘෂ්ටි ආදීන්හි එක් එක් ධර්මයද, කියන ලද ආකාරයෙන් කෙලෙස්ද අත්හරියි. වොස්සග්ග පරිණාමිං යනු මෙම සියලු වචනයෙන්, වොස්සග්ගාර්ථය නියමකොට දෙන ලදුයේ මුහුකුරා ගියේ මේරූයේ යයි යූ.සේයි. මෙම ආර්ය මාර්ග භාවනායෙහි අනුයුක්ත භික්ෂුව සම්යග් දෘෂ්ටි ආදීන්හි එක් එක් ධර්මය කෙලෙස් පරිත්යාග වොස්සග්ගාර්ථයද, නිර්වාණයට පැනවැදීම් වොස්සග්ගාර්ථයද මෝරවයි. යම්සේ මුහුකුරා ගියේද එසේ එය වඩයි.
බීජගාම භූතගාමා යන මෙහි මූලබීජ, ඛන්ධ බීජ, අග්ග බීජ, ඵල බීජ, බීජ බීජ යයි බීජය පස්වැදෑරුම්ය. බීජගාමනම් බීජ සමූහයයි අර්ථයි. එයම පිරිපුන් නිල් අංකුර පහළ වීමෙහි පටන් භූතගාම නමැ. සිදුවූ, හටගත්, හටගත් මූලය නිල් අංකුරයන්ගේ සමූහයයි අර්ථයි. නිල් අංකුර කාලයෙහි පටන් දේවතා පරිග්රහය වේයයි එම දේවතා සංඛ්යාත භූතයින්ගේ ග්රාමයනුයි භූතගාම යයි කියති. වුද්ධිං යනු අංකුර වශයෙන් වැඩීමයි. විරූළ්හිං යනු වෘක්ෂයන්හි කඳන් ආදී වශයෙනි. වෙපුල්ලං යනු කෘත්යයන් සම්පූර්ණත්වයට පත්වීම් වශයෙන් මහත් භාවයැයි අර්ථයි. ‘විපුලත්තං’යිද පාඨයි. තවද එම තෙපදයන් සීල, සමාධි, ප්රඥාවන්හිද යොදති.
මග්ගඞ්ගනිද්දෙසවණ්ණනා
සූත්රාන්ත නිර්දේශයෙහි, සම්මා දිට්ඨියා යනු ෂෂ්ඨි වචනයි. ධ්යාන, විදර්ශනා, මාර්ග, ඵල, නිර්වාණයන්හි, ලෞකික විරති සම්ප්රයුක්ත සිතෙහිද, සුදුසු පරිද්දෙන් සම්ප්රයෝග වශයෙන්ද අරමුණු වශයෙන්ද, පවත්නා සම්යග් දෘෂ්ටියෙහි සමාන ලක්ෂණ වශයෙන් ඒකාකාර වූ සම්යග් දෘෂ්ටියෙහි, වික්ඛම්භන විවෙකො යනු යටපත් කිරීම් වශයෙන් දුර කිරීම් වශයෙන් විවේකයයි කවරකගේද? නීවරණයන්ගේ. ඔහුට පඨමජ්ඣානං භාවයතො යනාදිය යටපත් කිරීම් වශයෙන් ප්රථමධ්යානයම යූ.සේයි. එය කී කල්හි සෙසු ධ්යානයෝද කියන ලද්දාහුම වෙති. ධ්යානයන්හිද සම්යග් දෘෂ්ටිය විද්යමාන හෙයින් සම්යග් දෘෂ්ටියෙහි විවේකය නමැ. තදංග විවෙකො යනු ඒ ඒ විදර්ශනා ඤාණයෙන් වන විවේකයයි. දිට්ඨිගතානං යනු දෘෂ්ටි විවේකයාගේ දුෂ්කර හෙයින්ද, ප්රධාන හෙයින්ද දෘෂ්ටි විවේකයම යූ.සේයි. නිබ්බෙධභාගියං සමාධිං යනු විදර්ශනා සම්ප්රයුක්ත සමාධියයි, සමුච්ඡෙද විවෙකො යනු කෙලෙසුන්ගේ විනාශකිරීම් වශයෙන් වන විවේකයයි. ලොකුත්තරං ඛයාමි මග්ගං යනු ක්ෂය සංඛ්යාත නිර්වාණයට පමුණුවන ලෝකෝත්තර මාර්ගයයි. පටිප්පස්සද්ධි විවෙකො යනු කෙලෙසුන්ගේ සංසිඳීමෙහිදී වන විවේකයයි. නිස්සරණ විවෙකො යනු සියලු සංඛතයන්ගෙන් නිදහස්වීම වූ සංස්කාර විවේකයයි. ඡන්ද ජාතො හොති යනු පූර්ව භාගයෙහි හටගත් ධර්මච්ඡන්දය වෙයි. සද්ධාධිමුත්තො යනු පූර්ව භාගයෙහිම ශ්රද්ධායෙහි ඇලුණේ වේ. චිත්තඤ්චස්ස ස්වාධිට්ඨිතං යනු පූර්වභාගයෙහි මෙම යෝගියාගේ සිතද මනාව අධිෂ්ඨාන කරන ලදුයේ මනාව පිහිටුවන ලදුයේ වේ. මෙසේ, ඡන්දය, ශ්රද්ධාව, සිත යන මෙම තෙදහම් පෙරකලැ උපන් විවේකයන්ට උපනිශ්රය හෙයින් නිශ්රය නමැ. සමහරු වනාහි ‘චිත්තඤ්චස්ස සමාධිට්ඨිතං’ යැයි සමාධිය කියන ලදැයි කියති. විරාගාදීන්හිද එම ක්රමයමැයි.