ඉන්‍ද්‍රියවාරවණ‍්ණනා
මෛත්‍රී චින්තාවන් එක්තැන් කරන ආකාරයද, ඉන්‍ද්‍රියයන්ගේ වැඩිදියුණු කිරීමද ගෙනහැර දක්වන්ට, ‘හැම සතුන් පිළිබඳ පෙළීම දුරුකොට’ ආදිය වදාළහ. එහි පීළනං යනු අභ්‍යන්තර වශයෙන් ශරීරය පීඩාවට පත්කිරීම, උපඝාතං යනු බාහිර වශයෙන් ශරීර හිංසා, සන්තාපං යනු යම් යම් ආකාර සිත් තැවුල්, පරියාදානං යනු ප්‍රකෘතියෙන් ජීවිතාදිය ක්‍ෂයවීම, විහෙසං යනු අන්‍යයා කෙරෙන් වන දිවි වෙහෙස, වජ්ජෙත්‍වා යනු පීඩාදීන්හි එකින් එක තමාගේ සිතින්ම හැරපියා, මෙම පීඩා ආදී පඤ්ච පදයන්, මෛත්‍රියගේ එක්තැන් කිරීමට ප්‍රතිපක්‍ෂ දුරැලීම් වශයෙන් යූ.සේයි. අපීළනාය යන ආදීන් මෛත්‍රිය ගෙනහැර දැක්වීම් වශයෙනි. අපීළනාය යනු නොපෙළෙන ආකාරයෙන්, සියලු සත්ත්වයන් කෙරෙහි මෛත්‍රී කෙරේයයි සම්බන්ධයයි. සෙස්සෙහිද මෙසේමය. මා වෙරිනො මා දුක්ඛිනො මා දුක්ඛිතත්තා යන මෙම ත්‍රයය එක්තැන් කිරීමෙහි, ප්‍රතිපක්‍ෂතා, ප්‍රතික්‍ෂෙප වචනයෝය. මා වචනයාගේ නොවෙත්වායි අර්ථයි. අවෙරිනො, සුඛිනො, සුඛිතත්තා යන මෙම වචන මෛත්‍රිය එක්තැන් කරන වචනය. අබ්‍යාපජ්ඣා, අනීසා යන මෙම ද්වයය සුඛිනො යන වචනයෙන් සංගෘහිතයැයි දතයුතුය. සුඛිතත්තා යනු එම සුවයෙහි නිතර පැවැත්ම දැක්වීමයි. ‘සුඛිතත්තා’ යනුද, ‘සුඛී අත්තානං පරිහරන්තු’ යනුද අර්ථ වශයෙන් එකකි. අපීළනාය යනාදීන්ගෙන් අබ්‍යාපජ්ඣ, අනීඝ යන වචනයන් සංගෘහිතයි. අට්ඨහාකාරෙහි යනු ‘අපීළනාය’ යන ආදී මෛත්‍රියය එක්තැන් කරන ආකාර පහද, ‘අවෙරිනො හොන්තු’ ආදී මෛත්‍රියය එක්තැන් කරන කරුණු ත්‍රයයද යන මෙම අෂ්ටාකාරයන්ගෙන්, මෙත්තායති යනු සිනිඳුවේ. තං ධම්මං චෙතයති එම හිතවත්භාවය එක්තැන් කිරීම ගැන සිතයි, එකමුතු කරයි. පවත්වයි යන අර්ථයි. සබ්බ බ්‍යාපාද පරියුට්ඨානෙහි විමුච්චති මෛත්‍රියයට ප්‍රතිපක්‍ෂ වූ, සියලු ව්‍යාපාද පැවැතීම්වලින් විෂ්කම්භන වශයෙන් මිදේ. මෛත්‍රියයද චෙතො විමුත්තියද යන එකම මෛත්‍රියය ත්‍රිවිධාකාරයෙන් වර්ණිතය.
අවෛරිනො ඛෙමිනො, සුඛිනො යන මෙම තෙපදයන් පෙර කියන ලද ආකාරයන් සංක්‍ෂෙපයෙන් සංග්‍රහකොට යූ.සේයි. සද්ධාය, අධිමුච්චති යනාදී ක්‍රමයෙන් කියන ලද පඤ්ච ඉන්‍ද්‍රියයෝ මෛත්‍රිය හා සම්ප්‍රයුක්ත වූවාහුමය. ආසෙවනා යනාදීන්හි, ෂට් ද්වාරයන්හි ඒවා කරණකොට, මෛත්‍රිය සෙවුණේනුයි ආසෙවනායි. එසේ භාවනා බහුලීකම්මං අලංකාරා යනු සැරැසීමයි. ස්වාලංකතා යනු මනාව අලංකාර කරන ලද්දාහු සැරැසුණාහු. පරික්ඛාරා යනු රාශියයි. සුපරික්ඛතා යනු මනාව හටගත්තාහු, පරිවාරා යනු රක්‍ෂණාර්ථයෙන්. නැවත ආසෙවනාදී අටවිසි පදයන් මෛත්‍රියෙහි ගුණ වර්ණනාව සඳහා යූ.සේයි. එහි පාරිපූරී යනු පරිපූර්ණ භාවයයි. සහගතා යනු මෛත්‍රිය සමග එකට යෙදුණාහු, එසේ සහජාතාදයො පක්ඛන්‍දනා යනු මෛත්‍රියට පිවිසීමයි. ඒවා කරණකොට මෛත්‍රියට පැනවදීනුයි හෝ පක්ඛන්‍දනායි. සංසීදනාදයො ද එසේය. එතං සන්තන්ති ඵස්සනා යනු එම මෛත්‍රිය ශාන්තයැයි, ඒවාහි ස්පර්ශනය වේයයි එම මෛත්‍රී චිත්ත විමුක්තිය ශාන්තයැයි ස්පර්ශනයයි. එතදග්ගං ආදීන්හි මෙන් නපුංසක ලිංගයි. ස්වාධිට්ඨිතා යනු මනාව පිහිටියාහු වෙති. සුසමුග්ගතා යනු මනාව එසවූ. සුවිමුත්තා යනු තම තමාගේ විරුද්ධතාවන්ගෙන් මනාව මිදුණාහු, නිබ්බත්තෙන්ති යනු මෛත්‍රී සම්ප්‍රයුක්තව මෛත්‍රිය උපදවති. ජොතෙන්ති යනු ප්‍රකට කෙරෙත්. පකාසෙන්ති යනු බබුළුවත්.
බලාදිවාරත්තයවණ්ණනා
ඉන්‍ද්‍රියවාරයෙහි කියන ලද ක්‍රමයෙන්ම බලවාරයද දතයුතුය. බොධ්‍යංග මාර්ගාංග වාර පර්යායෙන් යූසේයි. ස්වභාව ලක්‍ෂණ වශයෙන් නොවේ. මාර්ගාංග වාරයෙහි සම්‍යක් වචන, කර්මාන්ත, ආජීවයන්, මෛත්‍රී අධි පූර්වභාග වශයෙන් යූසේයි. අර්පණා වශයෙන් නොවේ. ඒවා මෛත්‍රිය සමග නොවේ. සබ්බෙසං පාණානං යනාදීන්ගේ සෙසු වාරයන්ද, සත්වාරයෙහි කියන ලද ක්‍රමයෙන්ම අර්ථය දතයුතුය. මෛත්‍රී භාවනා විධානය විශුද්ධි මාර්ගයෙන් දතයුතුය.
මෛත්‍රී කථා වර්ණනා නිමි.
විරාග කථා
දැන් මාර්ග ප්‍රයෝජන කෙළවර කොටැති, මෛත්‍රී කථාවට අනතුරුවැ දේශිත විරාග සංඛ්‍යාත මාර්ග පූර්වාංගම විරාග කථායෙහි පෙර නුවූ විරූ අර්ථ අනුවර්ණනාවයි. පළමුව නිබ්බින්‍දං විරජ්ජති විරාගා විමුච්චති යයි කියන ලද, ද්වි සූත්‍ර පදයන්ගේ අර්ථය නිර්දේශ කරනු කැමැත්තහු විසින් විරාගො මග්ගො විමුත්ති ඵලං යන උද්දේශය තබන ලදි. පළමුව වචනාර්ථය නිර්දේශ කරනු කැමැතියේ කථං විරාගො මග්ගො යන ආදිය වදාළහ. එහි විරජ්ජති යනු නොඇලුණේ වේ. සෙස්ස මාර්ග ඤාණ නිර්දේශයෙහි කිනය ලද අර්ථමය. විරාගො යනු සම්‍යග් දෘෂ්ටිය නොඇලේ. එහෙයින් විරාග නමැයි අර්ථයි. එම විරාගය යම්හෙයකින් විරාගාරම්මණද, -පෙ- විරාගයෙහි පිහිටියේද, එහෙයින් විරාගයැයි මෙසේ විරාගාරම්මණයැයි ආදී පඤ්ච වචනයන්ගේ සම්බන්ධය දතයුතුය. එහි විරාගාරම්මණො යනු නිර්වාණාරම්මණ වූයේ, විරාග ගොචරො යනු නිර්වාණ විෂය වූයේ, ගොදුරුකොට ඇතියේ, විරාගෙ සමුදාගතො යනු නිවන් අරමුණෙහි උපන්නේය. විරාගෙ ඨිතො යනු නිවන්හි ප්‍රවෘත්ති වශයෙන් සිටියේය. විරාගෙ පතිට්ඨිතො යනු නොනවත්වා වශයෙන් නිවන්හි පිහිටියේය.