බලාදිවාරත්තයවණ්ණනා
ඉන්ද්රියවාරයෙහි කියන ලද ක්රමයෙන්ම බලවාරයද දතයුතුය. බොධ්යංග මාර්ගාංග වාර පර්යායෙන් යූසේයි. ස්වභාව ලක්ෂණ වශයෙන් නොවේ. මාර්ගාංග වාරයෙහි සම්යක් වචන, කර්මාන්ත, ආජීවයන්, මෛත්රී අධි පූර්වභාග වශයෙන් යූසේයි. අර්පණා වශයෙන් නොවේ. ඒවා මෛත්රිය සමග නොවේ. සබ්බෙසං පාණානං යනාදීන්ගේ සෙසු වාරයන්ද, සත්වාරයෙහි කියන ලද ක්රමයෙන්ම අර්ථය දතයුතුය. මෛත්රී භාවනා විධානය විශුද්ධි මාර්ගයෙන් දතයුතුය.
මෛත්රී කථා වර්ණනා නිමි.
විරාග කථා
දැන් මාර්ග ප්රයෝජන කෙළවර කොටැති, මෛත්රී කථාවට අනතුරුවැ දේශිත විරාග සංඛ්යාත මාර්ග පූර්වාංගම විරාග කථායෙහි පෙර නුවූ විරූ අර්ථ අනුවර්ණනාවයි. පළමුව නිබ්බින්දං විරජ්ජති විරාගා විමුච්චති යයි කියන ලද, ද්වි සූත්ර පදයන්ගේ අර්ථය නිර්දේශ කරනු කැමැත්තහු විසින් විරාගො මග්ගො විමුත්ති ඵලං යන උද්දේශය තබන ලදි. පළමුව වචනාර්ථය නිර්දේශ කරනු කැමැතියේ කථං විරාගො මග්ගො යන ආදිය වදාළහ. එහි විරජ්ජති යනු නොඇලුණේ වේ. සෙස්ස මාර්ග ඤාණ නිර්දේශයෙහි කිනය ලද අර්ථමය. විරාගො යනු සම්යග් දෘෂ්ටිය නොඇලේ. එහෙයින් විරාග නමැයි අර්ථයි. එම විරාගය යම්හෙයකින් විරාගාරම්මණද, -පෙ- විරාගයෙහි පිහිටියේද, එහෙයින් විරාගයැයි මෙසේ විරාගාරම්මණයැයි ආදී පඤ්ච වචනයන්ගේ සම්බන්ධය දතයුතුය. එහි විරාගාරම්මණො යනු නිර්වාණාරම්මණ වූයේ, විරාග ගොචරො යනු නිර්වාණ විෂය වූයේ, ගොදුරුකොට ඇතියේ, විරාගෙ සමුදාගතො යනු නිවන් අරමුණෙහි උපන්නේය. විරාගෙ ඨිතො යනු නිවන්හි ප්රවෘත්ති වශයෙන් සිටියේය. විරාගෙ පතිට්ඨිතො යනු නොනවත්වා වශයෙන් නිවන්හි පිහිටියේය.
නිබ්බාණඤ්ච විරාගො යනු නිර්වාණයද විරාග හේතු හෙයින් විරාග නම් වේ. නිබ්බාරම්මණතා ජාතා යනු නිර්වාණාරම්මණයෙහි හටගත්, නිර්වාණාරම්මණ භාවයෙන් හෝ හටගත්, ඒ මාර්ග සම්ප්රයුක්ත සියලුම් ස්පර්ශාදී ධර්ම නොඇලීම් අර්ථයෙන් විරාග නම් වේ. විරාගා හොන්ති. සහජාතානි යනු සම්යක් දෘෂ්ටිය සමග හටගත් සම්යග් සංකල්පාදී සප්ත මාර්ගාංග, විරාගං ගච්ඡන්තීති විරාගො මග්ගොති යනු විරාගය, නිර්වාණය අරමුණු කොට යේනුයි විරාගාරම්මණ හෙයින් විරාග නමැ. සෙවීම් අර්ථයෙන් මාර්ග නම් වේයයි අර්ථයි. එක් එක් වූද මාර්ගාංගය මාර්ගයැයි නාමය ලබයි. මෙසේ එක් එක් අංගයෙහි මාර්ගත්වය කී කල්හි සම්යග් දෘෂ්ටියෙහිද මාර්ගත්වය යූ.සේයි. එහෙයින්ම එතෙන මග්ගෙන යනු අට මාර්ගාංගයන් ගෙන යූ.සේයි. බුද්ධාච යනු පසේබුදුවරුද සංගෘහිතයි. ඔවුහුද, ‘මහණෙනි, මේ බුදුවරු දෙදෙනෙකි. තථාගත අර්හත් සම්යක් සම්බුදුරදහුද, ප්රත්යෙක සම්බුදුරදහුද යැයි කියන ලද හෙයින් බුදුවරුමය. අගතං යනු අනවරාග්ර සසරෙහි නොගිය විරූ, දිසං යනු සියලු ප්රතිපත්තියෙන් දිස්වේ. මනාව දර්ශනය වේ. ගලාබසීනුයිද දිසායි. සියලු බුදුවරුන් විසින් හෝ පරම සුවය යැයි පෙන්වනු ලැබේ. මනාව දක්වනු ලැබේ. දේශනා කරනු ලැබේනුයි දිසායි. (සියලු දුක් හෝ පෙනෙත්. අත්හරිත්. දොස් කියත්. එය කරණකොටගෙනනුයි දිසායි) එම දිසාව; අට්ඨංගිකො මග්ගො යයි කුමක් කියන ලද්දේ වේද, යම් ඒ අෂ්ටාංගික ධර්ම සමූහයක් වේද, එම අෂ්ටාංගික ධර්ම සමූහය කරණකොට නිවනට යෙත්නුයි ගමනාර්ථයෙන් මාර්ග නමැයි යූසේයි. පුථුසමණ බ්රාහ්මණානං පරප්පවාදානං යනු වෙන් වෙන් වූ ශ්රමණයින්ගේද, බ්රාහ්මණයින්ගේද, මෙයින් අන්ය ලබ්ධිකයින්ගේද, අග්ගො යනු එම සෙසු මාර්ගයන් අතර මෙය විශිෂ්ටය. සෙට්ඨො යනු සෙසු මාර්ගයන්ගෙන් අතිශය ප්රශංසනීයයි. මොක්ඛො යනු ඉදිරියෙහි යහපති, සෙසු මාර්ගයන්ගේ අබිමුවෙහි මෙයම යහපතියි අර්ථයි. උත්තමො යනු සෙසු මාර්ගයන්හි මෙන් අතිශයින් තරණය කළේ, පවරො යනු සෙසු මාර්ගයෙහිලා සලකා බලනවිට නානාප්රකාර මනා බෙදීම්වලින් යුක්තය. ඉති යනු කාරණාර්ථයෙහි නිපාතයි. එහෙයින් භාග්යවතුන් වහන්සේ විසින් මාර්ගයන් අතර, අෂ්ටාංගිකව මාර්ගය ශ්රේෂ්ඨයයි වදාරන ලද්දේ යයි අදහසයි. භාග්යවතුන් වහන්සේ විසින් වදාරන ලදි –
මග්ගානට්ඨංගිකො සෙට්ඨො - සච්චානං චතුරො පදා,
විරාගො සෙට්ඨො ධම්මානං - ද්විපදානඤ්ච චක්ඛුමා
විරාගො සෙට්ඨො ධම්මානං - ද්විපදානඤ්ච චක්ඛුමා
මාර්ගයන් අතර අෂ්ටාංගික මාර්ගයද, සත්යයන් අතර සිව් පදද, ශ්රේෂ්ඨය. ධර්මයන් අතර විරාග සංඛ්යාත නිර්වාණයද දෙපා ඇත්තවුන් අතර, බුදුන් වහන්සේද ශ්රේෂ්ඨය.
එය මෙහි පරවාද සිඳ, මාර්ගයන් අතර අෂ්ටාංගික මාර්ගය ශ්රේෂ්ටයැයි යූ.සේයි. සෙසු වාරයන්හිද මෙම ක්රමයෙන්ද, යට කියන ලද ක්රමයෙන්ද අර්ථය දතයුතුය.