බොජ්ඣඞ්ගකථාවණ්ණනා
සත්‍ය ප්‍රතිවේධ සිදුකරන, බෝධ්‍යංග විශේෂය දක්වන්නහු විසින් දේශිත, සූත්‍රාන්ත පූර්වංගම බෝධ්‍යංග කථායෙහි පෙර නුවූ අර්ථ අනු වර්ණනාවයි. එහි සූත්‍රාන්තයෙහි බොජ්ඣංගා යනු බෝධියගේ හෝ බෝධියට අංගනුයි බොජ්ඣංග යයි යූසේයි. යම් මේ ධර්ම සාමාග්‍රියෙන්, ලෝකෝත්තර මාර්ගක්‍ෂණයෙහි උපදින මැළි හා නොසන්සුන් පිහිටීම්, කර්ම රැස්කිරීම්, කාමසුඛල්ලිකානුයෝග, ආත්මය වෙහෙසට පත්කරන යෝග, උච්ඡේද, ශාස්වත අභිනිවේසාදී නොයෙක් උපද්‍රවයන්ට ප්‍රතිපක්‍ෂ වූ, සති, ධම්මවිචය, වීර්ය, ප්‍රීති, පස්සද්ධි, උපේක්‍ෂා සංඛ්‍යාත ධර්ම සාමාග්‍රිය තුළින් ආර්යශ්‍රාවක තෙමේ අවබෝධ කෙරේනුයි සලකා බෝධියැයි යූ.සේයි. අවබෝධ කෙරේ කෙලෙස් චිත්ත පරම්පරා නිද්‍රාවෙන් නැගිටියි. චතුරාර්ය සත්‍යයන් ප්‍රතිවේධ කරයි. නිර්වාණයම හෝ සාක්‍ෂාත් කෙරේයයි යූ.සේයි. දෙසූ පරිදි ‘සප්ත බොධ්‍යංගයන් වඩා අනුත්තර සම්‍යක් සම්බෝධිය මනාව අවබෝධ කළෙමි’. එහෙයින් ධර්ම සාමග්‍රී සංඛ්‍යාත බෝධියගේ අංගයෝනුයි බොජ්ඣංගායි. ධ්‍යානාංග, මාර්ගාංගාදීහු මෙනි. යමෙක් වනාහි මෙම කියන ලද, ආකාරයට අනුව එම ධර්ම සාමග්‍රියයෙන් අවබෝධ කෙරේනුයි සලකා ආර්යශ්‍රාවක තෙමේ ‘බෝධි’ යයි යූ.සේයි. එම බෝධියට අංගනුයි බොජ්ඣංගායි, සේනාංග-රථාංග ආදිය මෙනි. එහෙයින් අටුවාචාර්යයෝ කීහු, ‘අවබෝධ කරන්නා වූ පුද්ගලයාගේ අංගයෝනුයි බොජ්ඣංගායි, සති සම්බොධ්‍යාංගාදීන්ගේ අර්ථ අභිඤ්ඤෙය්‍ය නිර්දේශයෙහි යූ.සේයි.
බොජ්ඣංගත්‍ව නිර්දේශයෙහි, බොධාය සංවත්තන්ති යනු අවබෝධය පිණිස පවතිත්. කවරක්හුගේ අවබෝධය පිණිස, මාර්ගඵල සහිත නිර්වාණයෙහි ප්‍රත්‍යවේක්‍ෂණය සඳහා කරන ලද, කෘත්‍යයාගේ අවබෝධය සඳහා, මාර්ගයෙන් හෝ කෙසේ නිද්‍රාවෙන් පිබිදීම සඳහා ඵලයෙන් ප්‍රබුද්ධ භාවය සඳහායි යු.සේයි. බලවත් විදර්ශනාවගේද බොධ්‍යංග අවබෝධය සඳහා පවතිත්. එහෙයින් මේ විදර්ශනා, මාර්ග, ඵල, බොධ්‍යංගයන්ගේ සාධාරණාර්ථයයි. ස්ථානත්‍රයයෙහිම ඒ ඒ කරුණු අවබෝධය සඳහා නිර්වාණ ප්‍රතිවේධය සඳහා පවතිත්. එයින් බෝධියගේ අංගනුයි බොධ්‍යංග යයි යූ.සේයි. බුජ්ඣන්තීති බොජ්ඣංගා යන ආදී පංච චතුෂ්කයන්හි කියන ලද බොධ්‍යංගයන්ගේ උත්පත්ති ස්ථානය අභිඤ්ඤෙය්‍ය නිර්දේශ කෘත්‍ය කරණයෙහි සමර්ථතාව දැක්වීම සඳහා කර්තෘ නිර්දේශයයි. බුජ්ඣනට්ඨෙන යනු ස්වකෘත්‍ය කරණයෙහි, සමර්ථතාව ඇති කල්හිද, කර්තෘගේ අභාවය දැක්වීම සඳහා භාව නිර්දේශයයි. බොධෙන්ති යනු බොධ්‍යංග භාවනාවෙහි අවබෝධ කරන්නා වූ යෝගීන්ට ප්‍රයෝජනවත් හෙයින් බොධ්‍යංගයන්ගේ හේතු කර්තෘ නිර්දේශයයි. බොධනට්ඨෙනං යනු පළමු කියන ලද ක්‍රමයෙන්ම ප්‍රයෝජක හේතු කර්තෘහුගේ භාව නිර්දේශයයි. ඒවායින්ද, බෝධියගේ අංගනුයි බොජ්ඣංගයයි යූසේයි. බොධිපක්ඛියට්ඨෙන යනු අවබෝධ කිරීම් අර්ථයෙන්, බෝධයයි ලද නම් ඇති යෝගියාගේ පක්‍ෂයෙහි වූ හෙයින්, මෙය එම යෝගියාට උපකාරකත්ව නිර්දේශයයි. එයින් බෝධියගේ අංගනුයි බොජ්ඣංගයයි යූ.සේයි. බුද්ධිලභනට්ඨෙන යනාදී ෂට්කයෙහි බුද්ධිලභනට්ඨෙන යනු යෝගාවචරයා විසින් බුද්ධියට පැමිණීම් අර්ථයෙන්, රොපනට්ඨෙන යනු සත්ත්වයින්ගේ ප්‍රතිෂ්ඨාපනාර්ථයෙන්, මෙම විදර්ශනා බොධ්‍යංග, පති, අභි, සං යන උපසර්ගත්‍රයයෙන් විශේෂණ කරන ලද්දාහු මාර්ග ඵල බොධ්‍යංගයයි කියති. සියලුම ධර්ම ව්‍යවහාරයෙන් නිර්දිෂ්ට බොධ්‍යංගයන්ගේ බෝධියෙහි අංගනුයි බොධ්‍යංගයැයි යූසේයි.
මූලමූලකාදිදසකවණ්ණනා
මූලට්ඨෙන යනාදියෙහි මූලික වූ දශකයෙහි, මූලට්ඨෙන යනු විදර්ශකාදීන්හි පළමු පළමු බොධ්‍යංග, පශ්චිම පශ්චිම බොධ්‍යංගයන්ටද, සහජාත ධර්මයන්ටද, ඔවුනොවුන්ටද මූලාර්ථයෙන්, මූලචරියට්ඨෙන යනු මුල්වැ චර්යා පැවැත්ම මූලචර්යායි. එම මූලචර්යාර්ථයෙන් මුල්වැ පවත්නා අර්ථයෙන් යැයි අර්ථයි. මූලපරිග්ගහට්ඨෙන යනු එම බොධ්‍යංගයෝම මුල සිට ඉපදවීම සඳහා අල්ලා ගනු ලබන හෙයින් පරිග්ගහායි. මුල් වූම පරිග්‍රහ-මූල පරිග්‍රහයි. එම මූල පරිග්‍රහාර්ථයෙන්, ඒවාම ඔවුනොවුන්ටද පරිවාර වශයෙන් පරිවාරට්ඨෙනයි. භාවනා පරිපූරාර්ථයෙන් පරිපූරණට්ඨෙනයි. නිෂ්ඨාවට පැමිණීම් වශයෙන්, පරිපාකාර්ථයෙන්, පරිපාකට්ඨෙනයි. එම මූලයෝම සවැදෑරුම් ප්‍රභේද වශයෙන් බිදුණු හෙයින් ප්‍රතිසම්භිදාවනුයි මූල ප්‍රතිසම්භිදායි. එම මූල ප්‍රතිසම්භිදා අර්ථයෙන්, මූලපටිසම්භිදට්ඨෙන; මූල පටිසම්භිදාපාපනට්ඨෙන යනු බොධ්‍යංග භාවනායෙහි අනුයුක්ත යෝගියාට එය මූලික ප්‍රතිසම්භිදාවට පැමිණවීම් අර්ථයෙන්, එම යෝගියාටම එම මූල ප්‍රතිසම්භිදාවෙහි (වසීභාවට්ඨෙන) වසී භාවාර්ථයෙන්. සෙසු මෙබඳු පුද්ගල ව්‍යවහාරයන්හි බොධියගේ අංගනුයි බෝධ්‍යංගයයි යූ.සේයි. මූලපටිසම්භිදාය වසී භාවප්පත්තානම්පි යනු මෙබඳු වූ නිෂ්ඨා වචනයන්හි ඵල බොධ්‍යංගයයි දතයුතුය. වසභාවප්පත්තානංයිද පාඨයි.