සුත්තන්තනිද්දෙසවණ්ණනා
ඒ සූත්‍රාන්ත නිර්දේශ කථාවෙහි, තත්‍ථ ජාතෙධම්මෙ එම සමාධියෙහි හටගත් චිත්ත චෛතසික ධර්මයන්, අනිච්චතො අනුපස්සනට්ඨෙන යනාදියෙන් විදර්ශනාවෙහි භේද දක්වයි. සම්මාදිට්ඨි මග්ගො යනු සම්‍යග් දෘෂ්ටි සංඛ්‍යාත මාර්ගය අෂ්ට මාර්ගාංගයන්හි එකිනෙකද මාර්ගයයි යූසේයි. ආසෙවති යනු ස්‍රෝතාපත්ති මාර්ග වශයෙන්, භාවෙති යනු සකෘදාගාමි මාර්ග ඉපදවීමෙන්, බහුලීකරොති යනු අනාගාමී, අර්හත් මාර්ග ඉපදවීමෙන්, මේවාහි ත්‍රිවිධ අවස්ථා භේදයක් ඇතිකල්හිද, ආවර්ජනාදීන්ගේ සාධාරණත්වය හෙයින් සමානවම විසඳීම කරන ලදි.
ආලෝක සංඥා, පටිනිස්සග්ගානු පස්සනාවන්ගේ අන්තර පෙය්‍යාලයෙහි අවික්‍ෂෙපාදීන්ද, ධ්‍යාන සමාපත්ති, කසිණ, අනුස්සති, අශුභද, දීර්ඝ ආස්වාසාදියද, ආනන්තරික සමාධි ඤාණ නිර්දේශයෙහි නිර්දේශිත හෙයින් සංක්‍ෂිප්ත කරන ලද්දේ වේ. එහිද, අවික්ඛෙපවසෙන යනු පූර්වභාග අවික්‍ෂෙප, අවික්‍ෂෙප වශයෙන් ගතයුතුය. අනිච්චානුපස්සී අස්සාසවසෙන ආදී වූ ශුද්ධ විදර්ශනා වශයෙන් කියන ලද චතුෂ්කයෙහි වනාහි තරුණ විදර්ශනා කාලයෙහි, විදර්ශනා සම්ප්‍රයුක්ත සමාධි පූර්වංගම බලවත් විදර්ශනාව දතයුත්තාහ.
විදර්ශනා පූර්වංගම වාරයෙහි පඨමං අනිච්චතො යන ආදියෙන් අරමුණ නියම කොට යූ.සේයි. තත්‍ථ ජාතානං යනු එම විදර්ශනායෙහි හටගත් චිත්ත චෛතසික ධර්ම, වවස්සග්ගාරම්මණත්තා යන මෙහි වවස්සග්ගො යනු නිර්වාණයයි, නිර්වාණය වනාහි සංඛතයන් අත්හරින හෙයින්, පරිත්‍යාග කරන හෙයින් වොස්සග්ගයයි යූ.සේයි. විදර්ශනාවද, ඒ හා සම්ප්‍රයුක්ත ධර්මයන්ද, නිර්වාණ නිම්නතායෙන් අධ්‍යාශය වශයෙන් නිර්වාණයෙහි පිහිටි හෙයින් නිර්වාණයෙහි පිහිටියාහු, නිර්වාණාරම්මණ වූවාහුය. පිහිටීමද, එල්බේනුයි අරමුණ නම් වේ. නිර්වාණයෙහි පිහිටි අර්ථයෙන්ම නිර්වාණය අරමුණු වූවාහු වෙති. පෙළෙහි අන් තන්හිද ‘පිහිටීම අරමුණ’ යැයි කියති. දෙසූ පරිදි, ඇවැත්නි යම්සේ අවුරුදු තුන හතරක් කල්ගතවූ වියලි බෙන සහිත කොවුලක් වූ බටකැලයක් හෝ තෘණ කැලයක් හෝ වේද, නැගෙනහිර දිසාවෙන් ඇවිලගත් තණහුලක් ගත් පුරුෂයෙක් එළඹෙන්නේය. ගිනි ඇවිලීමෙහිලා දෝෂයක් මතුවන්නේද, ගින්නට ඉඩක් ලබන්නේද, යනාදියෙහි මෙනි. එහි හටගත් ධර්මයන් නිර්වාණයද අරමුණුකොට ඇති හෙයින්, නිර්වාණයෙහි පිහිටන ස්වභාවයෙන් හේතු ආකාරයෙන් උපදවන ලද හෙයින්, යම් චිත්තයාගේ ඒකාග්‍රතා සංඛ්‍යාත, උපචාර අර්පණාභේද යම් අවික්‍ෂෙපයක් වේද, එය සමාධියයි, විදර්ශනාවෙන් පසුව උපදවන ලද නිර්වේදභාගි සමාධිය නිර්දිෂ්ට වේ. එහෙයින්ම පඨමං විපස්සනා පච්ඡා සමථොයි යූසේයි.
යුගනන්‍ධ නිර්දේශයෙහි, යට සූත්‍රාන්ත වර්ණනායෙහි කියන ලද යුගනන්‍ධ ක්‍රමය ප්‍රථම නිර්දේශ ද්වයයෙන්ම ප්‍රකටය. මාර්ගක්‍ෂණයෙහි යුගනන්‍ධ ක්‍රමය අප්‍රකටය. එහෙයින් පූර්වභාගයෙහි අනේකාන්නිත යුගනන්‍ධ භාවනාව නොකියා මාර්ගක්‍ෂණයෙහි ඒකාන්තයෙන් ලැබෙන යුගනන්‍ධ භාවනාවම දක්වනුයේ ‘සොළසහි ආකාරෙහි’ යන ආදිය වදාළහ. එහි ආරම්මණට්ඨෙන යන එල්ලීම් අර්ථයෙන්, අරමුණු වශයෙන් යැයි අර්ථයි. සෙස්සෙහිද මෙසේය. ගොචරට්ඨෙන යනු ආරම්මණාර්ථය ඇතිකල්හිද, පිහිටවිය යුතු අර්ථයෙන්, පහාණට්ඨෙන යනු දුරුකිරීම් අර්ථයෙන්, පරිච්චාගට්ඨෙන යන ප්‍රහාණය ඇතිකල්හිද නැවත නොගැනීමෙන් පරිත්‍යාගාර්ථයෙන්, වුට්ඨානට්ඨෙන යනු උඩට නැගීම් අර්ථයෙන්, විවට්ටනට්ඨෙන යනු උඩට නැගීම් ඇති කල්හිද, පුනරාවර්තන නොවන ආකාරයෙන් නැවතීම් අර්ථයෙන්, සන්තට්ඨෙන යනු නිවීම් අර්ථයෙන්. පණීතට්ඨෙන යනු නිවීම් ඇතිකල්හිද උතුම් අර්ථයෙන් නොතැවීම් අර්ථයෙන්, විමුත්තට්ඨෙන යනු බැඳීම්වලින් ඉවත්වූ අර්ථයෙන්, අනාසවට්ඨෙන යනු බන්‍ධනයන්ගෙන් මිදීම් ඇති කල්හිද, අරමුණුකොට පවත්නා ආශ්‍රව විරහිතාර්ථයෙන්, තරණට්ඨෙන යනු ගිලානොබැස, පාවීම් අර්ථයෙන්, ඉක්මවීම් අර්ථයෙන්, අනිමිත්තට්ඨෙන යනු සංස්කාර නිමිති විරහිතාර්ථයෙන්, අප්පණිහිතට්ඨෙන යනු තෘෂ්ණා ප්‍රාර්ථනා විරහිතාර්ථයෙන්, සුඤ්ඤතට්ඨෙන යනු තෘෂ්ණා වශයෙන් ඇතුළට වැදීම් විරහිතාර්ථයෙන්, එකරසට්ඨෙන යනු එක කෘත්‍යාර්ථයෙන්, අනතිවත්තනට්ඨෙන යනු ඔවුනොවුන් නොඉක්මවන අනර්ථයෙන්, යුගනන්‍ධට්ඨෙන යනු යුගලකාර්ථයෙන්,
උද්ධච්චං පජහතො අවිජ්ජං පජහතො යනු යෝගියා හට එයට එයට ප්‍රතිපක්‍ෂතා ප්‍රහාණ වශයෙන් යූ.සේයි. මෙහි නිරොධො යනු නිර්වාණයමය. අඤ්ඤමඤ්ඤං නාති වත්තන්ති යනු ඉදින් සමථය විදර්ශනාව ඉක්මවා යන්නේද, මැළිභාව පාක්‍ෂික හෙයින් සමථයෙහි සිත කුසීතතාව සඳහා පවතින්නේය. ඉදින් විදර්ශනාව සමථය ඉක්මවා යන්නේද? නොසන්සුන් පාක්‍ෂික හෙයින් විදර්ශනාවෙහි සිත නොසන්සුන් බව සඳහා පවතින්නේය. එහෙයින් සමථය විදර්ශනාව නොඉක්මවනුයේ කුසීතතායෙහි පතිතවීම් නොකරයි. විදර්ශනාව සමථය නොඉක්මවනුයේ නොසන්සුන්තායෙහි පතිතවීම් නොකරයි. සමථය සමව පවත්වනුයේ විදර්ශනාව නොසන්සුන් බවට වැටීමෙන් රකියි. විදර්ශනාව සමව පවත්වනුයේ සමථය කුසීතතාවයට වැටීමෙන් රකියි. මෙසේ මේ ද්වයය ඔවුනොවුන් නොඉක්මවන කෘත්‍යයෙන් ඒක කෘත්‍යයව සමව පවත්නාහු ඔවුනොවුන් නොඉක්මවන්නාහු අර්ථ සිදුකරන්නාහු වෙති. ඔවුන්ගේ මාර්ගක්‍ෂණයෙහි යුගනන්‍ධත්‍වය උට්ඨානගාමිණී විදර්ශනා ක්‍ෂණයෙහි යුගනන්‍ධත්‍වව වේ. ප්‍රහාණ පරිත්‍යාග, වුට්ඨාන විවට්ටන කරණයන්ගේ මාර්ග කෘත්‍යය වශයෙන් කියන ලද හෙයින්, සියලු මාර්ග කෘත්‍යයාගේ දර්ශනය සඳහා උද්ධච්ච සහගත කෙලෙස්ද, ස්කන්ධයෝද, අවිද්‍යා සහගත කෙලෙස්ද, ස්කන්ධයෝද නිර්දිෂ්ඨයහ. සෙස්සන්ගේ එසේ නොකියන ලද හෙයින්, ප්‍රතිපක්ෂ ධර්ම මාත්‍රයක් දැක්වීම් වශයෙන් උද්ධච්චය හා අවිද්‍යාවම නිර්දිෂ්ටය. විවට්ටතො යනු නොපෙරළෙන අයුරින් නවතන්නාහුට,