මාර්ග කථා
එම ත්රිවිධ විපර්යාසයන්ගේ ප්රහාණ කර ආර්යමාර්ගය, දක්වන්නාහු විසින් කියන ලද, මාර්ග කථායෙහි පෙර නුවූ අර්ථ වර්ණනාවයි. එහි මග්ගෙති කෙනට්ඨෙන මග්ගො යනු යම්ක බුදුසස්නෙහි මාර්ගයයි කියයිද, එය කවරාර්ථයකින් මාර්ගය නම් වේදැයි අර්ථයි. මිච්ඡාදිට්ඨියා පහාණාය යනාදී දස පර්යායයන්හි ප්රථම, ප්රථමය ඒ ඒ මාර්ගාංගයට සෘජු විරුද්ධතා වශයෙන් යූ.සේයි. මග්ගො චෙව හෙතුච යනු ඒ ඒ කෘත්යය කිරීම සඳහා ප්රතිපදාර්ථයෙන් මාර්ගය පමුණුවන අර්ථයෙන් හේතුයි. එයින් මාර්ගයාගේ ප්රතිපදාර්ථයද, පමුණුවන අර්ථයද යූ.සේයි. මේ මාර්ගයයි. මේ ප්රතිපදාව යැයි ආදීන්හි මෙන් ප්රතිපදාව මාර්ගයයි, මාර්ගයාගේ නිර්යාණාර්ථය ගතයුතුය යනාදීන්හි පමුණුවන හේතුවය. මෙසේ ද්වයය, ද්වයය වූ පදයන්ගෙන් ‘මාර්ගය’ යනු කවරාර්ථයෙන් මාර්ගයදැයි විමසීමෙහි විසඳුම කරන ලද්දේ වේ. සහජාතානං ධම්මානං උපත්ථම්භනාය යනු තමා සමග හටගත් අරූප ධර්මයන්ගේ සහජාත, අඤ්ඤමඤ්ඤ, නිශ්රය ප්රත්යයාදී භාවයෙන් උපකාර වීම සඳහායි. කිලෙසානං පරියාදානය යනු ඒ ඒ මාර්ගයෙන් නැසිය යුතු කියන ලද දැයින් ශේෂ වූ කෙලෙසුන්ගේ ක්ෂය කිරීම සඳහායි. පටිවෙධාදී විසොධනාය යන මෙහි කුසල ධර්මයන්ගේ මුල කිමෙක්ද? සුපිරිසිදු සීලයද, දෘෂ්ටියෙහි සෘජුතාවද වේ යන වචනයෙන් සීලයද, දෘෂ්ටියද, සත්ය ප්රතිවේධයෙහි මුලයි. එම මුලද මාර්ග ක්ෂණයෙහි සුපිරිසිදු වේ. එහෙයින් ප්රතිවේධාදී පිරිසිදු කිරීම සඳහා යයි යූ.සේයි. චිත්තස්ස අධිට්ඨානාය යනු සම්ප්රයුක්ත චිත්තයාගේ තම කිස්හි පිහිටීම සඳහා, චිත්තස්ස වොදානාය යනු චිත්තයෙහි පිරිසිදුභාවය සඳහා විසෙසාධිගමාය යනු ලෞකික වශයෙන් විශේෂතා ප්රතිලාභය සඳහා, උත්තරි පටිවෙධාය යනු ලෞකිකයන්ගෙන් මත්තෙහි අවබෝධ කිරීම සඳහා සච්චාභිසමයා යනු චතුස්සත්යයන්ගේ එක්වර අවබෝධ කිරීමෙන් කෘත්ය නිෂ්පත්ති වශයෙන් එක්වර ප්රතිවේධය සඳහා, නිරොධෙ පතිට්ඨාපනාය යනු චිත්තයාගේ හෝ පුද්ගලයාගේ නිර්වාණයෙහි පිහිටුවීම සඳහා, සකෘදාගාමි මාර්ගක්ෂණාදීන්හි, අට මාර්ගාංගයන් එකතුකොට, ඒ ඒ මාර්ගවධ්ය කෙලෙස් ප්රහාණය යූ.සේයි. මෙසේ කීමෙහි හේතුව යට යූ.සේයි. මතු මතු මාර්ගයෙන්ද මනාව, මූල විශෝධනයන්, මනාව චිත්තයාගේ පිරිසිදුබවට හේතු වේ. එහෙයින් එම පදයන්ද යූ.සේයි.
දස්සන මග්ගො යනාදීන්ගෙන් අවසානය තෙක්, ඒ ධර්මයාගේ ලක්ෂණ වශයෙන් මාර්ගාර්ථය යූ.සේයි. ඒ සියලුම පදයන් අභිඤ්ඤෙය්ය නිර්දේශයෙහි කියන ලද අර්ථමය. මෙසේ මෙහි පිළිවෙලින් ලෞකික ලෝකෝත්තර මාර්ගය නිර්දේශිතය. හේතු අර්ථයෙන් මාර්ගය නිර්දේශිතය. නිෂ්පර්යාය මාර්ගය හෙයින් මෙයට මාර්ගයැයි නැවත නොයූසේයි. ආධිපත්යෙයට්ඨෙන ඉන්ද්රියා යනාදීන්ද ඉන්ද්රියාදීන්ගේ අර්ථ වශයෙනි. සච්චානි යනු මෙහි සත්ය ඤාණයෝය. එම සියලුම ධර්මයන් නිර්වාණයාගේ ප්රතිපදාර්ථයෙන් මාර්ගයයි. අන්තයෙහි කියන ලද, නිර්වාණය වනාහි, සසර දුකින් මැඩුණා වූ දුකින් නික්මීම අපේක්ෂා කරන්නා වූ සත්පුරුෂයන් විසින් සොයනු ලැබේ. ගවේෂණය කරනු ලැබේනුයි මාර්ගයයි යූ.සේයි.
මාර්ගකථා වර්ණනා නිමි.
මණ්ඩපෙය්ය කථා
ඒ මාර්ගයාගේ මණ්ඩපෙය්යත්වය දක්වන්නහු විසින් භාග්යවතුන් වහන්සේ විසින් දේශිත වදන් කොටසක් පූර්වාංගම කොට, මණ්ඩපෙය්ය කථාවෙහි පෙර නුවූ අර්ථ අනුවර්ණනාවයි, එහි මණ්ඩපෙය්ය යනු නිසි ප්රමිතියෙන් යුත්, නිර්මල, මනා ප්රසන්න ගිතෙල්, ඉතා පිරිසිදු ගිතෙල් යයි කියනු ලැබේ. එසේම මනා ප්රසන්නාර්ථයෙන් මණ්ඩයි. පානය කළයුතු අර්ථයෙන් පෙය්යයි. යමක් පානයකොට, ඇතුල් වීථියෙහි, පතිත වූවාහු, විසඥී වූවාහු තම වස්ත්රාදීන්ටද, අස්වාමික වෙත්ද, එය ප්රසන්න වූයේද පානය නොකළ යුතුය. මාගේ මේ ශික්ෂාත්රය සංගෘහිත ශාසන බ්රහ්මචර්යය නිසි අංගයන්ගෙන් සම්පූර්ණ හෙයින්ද, නිර්මල හෙයින්ද, මනා ප්රසන්නතායෙන් යුත් හෙයින්ද, මණ්ඩයක් වූයේනුයිද, හිතසුව එළවන හෙයින් පෙය්යං වූයේනුයිද මණ්ඩපෙය්යයයි දක්වයි. මණ්ඩයද, පෙය්යද මෙහිනුයි මණ්ඩපෙය්යංයි. එය කිමෙක්ද, සාසන බ්රහ්මචර්යාවයි. කවර හෙයින් ශික්ෂාත්රය බ්රහ්මචර්ය නම් වේද, උතුම් අර්ථයෙන් නිර්වාණය බ්රහ්ම නමැ. ශික්ෂාත්රය නිර්වාණය සඳහා පවත්නා හෙයහින් බ්රහ්ම අර්ථය සඳහා චර්යාවනුයි බ්රහ්මචරියං යැයි යූසේයි. ශාසන බ්රහ්මචර්යය යනුද එයමැයි. සත්ථා සම්මුඛී භූතො මෙහි මේ හේතු වචනයයි. යම්හෙයකින් වනාහි ශාස්තෲන් වහන්සේ හමුවූයේ වේද, එහෙයින් වීර්යය ප්රයෝගකොට එම මණ්ඩය බොවු. බාහිරව වනාහි බෙහෙත් මණ්ඩය, වෛද්යවරයාගේ නොහමුයෙහි, පානය කරනුයේ ප්රමාණය හෝ නැගීම හෝ පිටතයාම නොදනිමුයි සැක ඇතිවෙයි. වෛද්යවරයාගේ හමුයෙහි වනාහි වෛද්යවරයා දන්නේයයි සැකරහිතව පානය කරති. එපරිද්දෙන්ම අපටද ධර්මස්වාමි ශාස්තෲන් වහන්සේ හමුවූයේ යයි වීර්යයකොට පානය කරවු යයි මණ්ඩ පානයෙහි මනාව යෙදේ. ඉහාත්ම හා මරණින් මත්තෙහි වන උතුම් අර්ථයන්ගෙන් සුදුසු පරිදි අනුශාසනා කෙරේනුයි සත්ථායි. තවද සත්ථා, භගවා, සත්ථවාහ ආදී වූ නිර්දේශ ක්රමයන්ද මෙහි අර්ථ දතයුතුය. පෙනෙන මුහුණ වූයේනුයි සම්මුඛීභූතොයි.
මණ්ඩපෙය්ය නිර්දේශයෙහි, තිධත්ත මණ්ඩො යනු ත්රිවිධභාවය තිධත්තංයි. ත්රිවිධ භාවයෙන් මණ්ඩය තිධත්ත මණ්ඩොයි ත්රිවිධාකාරයෙන් මණ්ඩයැයි අර්ථයි. සත්ථරි සම්මුඛී භූතෙ යන මෙය සර්වාකාර පරිපූර්ණ මණ්ඩත්රය දැක්වීම සඳහා යූසේයි. ශාස්තෲන් වහන්සේ පිරිනිවි කල්හිද, එක් කොටසකින් මණ්ඩත්රයය පවතීමය. එහෙයින්ම මෙම නිර්දේශයෙහි, ශාස්තෲන් වහන්සේ හමුවීමෙහියි ප්රකාශ නොකොට කතමො දේශනා මණ්ඩො යන ආදිය යූ.සේයි.
දේශනා මණ්ඩො යනු ධර්මදේශනාවම මණ්ඩයයි. පටිග්ගහමණ්ඩො යන දේශනා ප්රතිග්රාහක මණ්ඩයයි. බ්රහ්මචරිය මණ්ඩො යනු දේශනා ප්රතිග්රාහක මණ්ඩයයි. බ්රහ්මචරිය මණ්ඩො යනු මාර්ග බ්රහ්මචර්යාවම මණ්ඩයයි.