මණ්ඩපෙය්ය කථා
ඒ මාර්ගයාගේ මණ්ඩපෙය්යත්වය දක්වන්නහු විසින් භාග්යවතුන් වහන්සේ විසින් දේශිත වදන් කොටසක් පූර්වාංගම කොට, මණ්ඩපෙය්ය කථාවෙහි පෙර නුවූ අර්ථ අනුවර්ණනාවයි, එහි මණ්ඩපෙය්ය යනු නිසි ප්රමිතියෙන් යුත්, නිර්මල, මනා ප්රසන්න ගිතෙල්, ඉතා පිරිසිදු ගිතෙල් යයි කියනු ලැබේ. එසේම මනා ප්රසන්නාර්ථයෙන් මණ්ඩයි. පානය කළයුතු අර්ථයෙන් පෙය්යයි. යමක් පානයකොට, ඇතුල් වීථියෙහි, පතිත වූවාහු, විසඥී වූවාහු තම වස්ත්රාදීන්ටද, අස්වාමික වෙත්ද, එය ප්රසන්න වූයේද පානය නොකළ යුතුය. මාගේ මේ ශික්ෂාත්රය සංගෘහිත ශාසන බ්රහ්මචර්යය නිසි අංගයන්ගෙන් සම්පූර්ණ හෙයින්ද, නිර්මල හෙයින්ද, මනා ප්රසන්නතායෙන් යුත් හෙයින්ද, මණ්ඩයක් වූයේනුයිද, හිතසුව එළවන හෙයින් පෙය්යං වූයේනුයිද මණ්ඩපෙය්යයයි දක්වයි. මණ්ඩයද, පෙය්යද මෙහිනුයි මණ්ඩපෙය්යංයි. එය කිමෙක්ද, සාසන බ්රහ්මචර්යාවයි. කවර හෙයින් ශික්ෂාත්රය බ්රහ්මචර්ය නම් වේද, උතුම් අර්ථයෙන් නිර්වාණය බ්රහ්ම නමැ. ශික්ෂාත්රය නිර්වාණය සඳහා පවත්නා හෙයහින් බ්රහ්ම අර්ථය සඳහා චර්යාවනුයි බ්රහ්මචරියං යැයි යූසේයි. ශාසන බ්රහ්මචර්යය යනුද එයමැයි. සත්ථා සම්මුඛී භූතො මෙහි මේ හේතු වචනයයි. යම්හෙයකින් වනාහි ශාස්තෲන් වහන්සේ හමුවූයේ වේද, එහෙයින් වීර්යය ප්රයෝගකොට එම මණ්ඩය බොවු. බාහිරව වනාහි බෙහෙත් මණ්ඩය, වෛද්යවරයාගේ නොහමුයෙහි, පානය කරනුයේ ප්රමාණය හෝ නැගීම හෝ පිටතයාම නොදනිමුයි සැක ඇතිවෙයි. වෛද්යවරයාගේ හමුයෙහි වනාහි වෛද්යවරයා දන්නේයයි සැකරහිතව පානය කරති. එපරිද්දෙන්ම අපටද ධර්මස්වාමි ශාස්තෲන් වහන්සේ හමුවූයේ යයි වීර්යයකොට පානය කරවු යයි මණ්ඩ පානයෙහි මනාව යෙදේ. ඉහාත්ම හා මරණින් මත්තෙහි වන උතුම් අර්ථයන්ගෙන් සුදුසු පරිදි අනුශාසනා කෙරේනුයි සත්ථායි. තවද සත්ථා, භගවා, සත්ථවාහ ආදී වූ නිර්දේශ ක්රමයන්ද මෙහි අර්ථ දතයුතුය. පෙනෙන මුහුණ වූයේනුයි සම්මුඛීභූතොයි.
මණ්ඩපෙය්ය නිර්දේශයෙහි, තිධත්ත මණ්ඩො යනු ත්රිවිධභාවය තිධත්තංයි. ත්රිවිධ භාවයෙන් මණ්ඩය තිධත්ත මණ්ඩොයි ත්රිවිධාකාරයෙන් මණ්ඩයැයි අර්ථයි. සත්ථරි සම්මුඛී භූතෙ යන මෙය සර්වාකාර පරිපූර්ණ මණ්ඩත්රය දැක්වීම සඳහා යූසේයි. ශාස්තෲන් වහන්සේ පිරිනිවි කල්හිද, එක් කොටසකින් මණ්ඩත්රයය පවතීමය. එහෙයින්ම මෙම නිර්දේශයෙහි, ශාස්තෲන් වහන්සේ හමුවීමෙහියි ප්රකාශ නොකොට කතමො දේශනා මණ්ඩො යන ආදිය යූ.සේයි.
දේශනා මණ්ඩො යනු ධර්මදේශනාවම මණ්ඩයයි. පටිග්ගහමණ්ඩො යන දේශනා ප්රතිග්රාහක මණ්ඩයයි. බ්රහ්මචරිය මණ්ඩො යනු දේශනා ප්රතිග්රාහක මණ්ඩයයි. බ්රහ්මචරිය මණ්ඩො යනු මාර්ග බ්රහ්මචර්යාවම මණ්ඩයයි.
ආචික්ඛනා යනු දේශනා කළයුතු සත්යාදීන්ගේ මේවා නාමයෝ යැයි නම් වශයෙන් කීම, දෙශනා යනු දැක්වීම, පඤ්ඤාපනා යනු දැනුවත් කිරීම, ඤාණමුඛයෙහි තැබීම, ආසනය තබනුයේ අසුන පනවා යයි යූ.සේයි. පට්ඨපනා යනු පැනවීම, පැවැත්වීම යයි අර්ථයි. ඤාණ මුඛයෙහි තැබීම හෝ, විවරණා යනු විවෘත කිරීම, විවෘතකොට දැක්වීමයයි අර්ථයි. විභජනා යනු විභාග කිරීම, බෙදීම් වශයෙන් දැක්වීම යයි අර්ථයි. උත්තානි කම්මං යනු ප්රකට භාවකරණයයි. නොහොත්, ආචික්ඛණා යනු දේශනාදී ෂට්පදයන්ගේ මූලපදයයි. දේශනාදී ෂට් පදයන් එහි අර්ථ විවරණය සඳහා යූ.සේයි. එහි දෙශනා යනු උද්ඝටිතඥයින්ගේ වශයේන ප්රථමයෙන් උදෙසීම් වශයෙන් දේශනායි, උද්ඝටිතඥයෝ වනාහි සංක්ෂේපයෙන් හා ප්රථමයෙන් කියන ලද දෑ අවබෝධ කරති. පඤ්ඤාපනා යනු විපචිතඥයින්ගේ වශයෙන් ඔවුන්ගේ සිත් සතුටු කිරීමෙන්, තියුණු නුවණින්ද ප්රථමයෙන් සංක්ෂිප්තව දෙසූ දෑ විස්තර වශයෙන්, නිර්දේශ වශයෙන් දැක්වීම පඤ්ඤාපනායි. පට්ඨපනා යනු එම නිර්දිෂ්ට නිර්දේශයන්ගේ ප්රතිනිර්දේශ වශයෙන් විස්තර කිරීම් වශයෙන් පඤ්ඤාපනායි. විවරණා යනු නිර්දේශ කරන ලද්දෙහිද නැවත නැවත කීමෙන් විවරණ කිරීඹයි. විභජනා යනු, නැවත නැවත කියන ලද්දෙහිද විභාග කිරීමෙන් බෙදීමයි. උත්තානි කම්මං යනු විවෘත කළ වචනයෙහි විස්තර කර කීමෙන් බෙදන ලද්දෙහිද නිදර්ශන වචනයෙන් පැහැදිලි කිරීමයි. මෙම දේශනාව න්යෙයන්ගේද අවබෝධය සඳහා පවතී. යෙවා පනඤ්ඤෙපි කෙචි යනු පියංකර මාතාදී විනිපාතිකයෝ ගන්නා ලදහ. විඤ්ඤාතාරො යනු ප්රතිවේධ වශයෙන් ලෝකෝත්තර ධර්මය අවබෝධ කරවන්නෝ, භික්ෂු ආදීහු ප්රතිවේධ වශයෙන් ධර්මදේශනය පිළිගනිත්නුයි ප්රතිග්රාහකයෝය. අයමෙව යනාදිය ප්රථම ඤාණ නිර්දේශයෙහි කියන ලද අර්ථමය. ආර්යමාර්ගය නිර්වාණය හා සංසන්දනය වන හෙයින් බ්රහ්මාර්ථය සඳහා චර්යානුයි බ්රහ්මචර්ය යයි යූසේයි.
අධිමොක්ඛමණ්ඩො යනාදීන්හි එම මාර්ගක්ෂණයෙහි විද්යමාන වන්නා වූ, ඉන්ද්රිය, බල, බොධ්යංග, මාර්ගාංගයන් මණ්ඩපෙය්ය පිළිවෙළෙහි යොදා දක්වයි. එහි අධිමොක්ඛ මණ්ඩො අධිමෝක්ෂ සංඛ්යාත මණ්ඩයයි. තසටො යනු ප්රසාද විරහිත අධිමෝක්ෂ මණ්ඩයයි. ඡඩ්ඩෙත්වා යනු විනාශ කිරීම් වශයෙන් දුරුකොට, සද්ධින්ද්රියස්ස අධිමොක්ඛ මණ්ඩං පිවතීති මණ්ඩපෙය්යං යනු ශ්රද්ධෙන්ද්රියයෙන් අධිමෝක්ෂ මණ්ඩයාගේ අනන්යත්වය ඇති කල්හිද, අනෙකක් මෙන් කොට ව්යවහාර වශයෙන් යූ.සේයි. යම්සේ වනාහි ලෝකයෙහි ඇඹරුම් ගල් (පෝය) ඇඹරුම් ගල් ශරීරයෙහි අනන්යත්වය ඇතිකල්හිද ඇඹරුම්ගලෙහි ශරීරයයි කියයි. යම්සේ පෙළෙහි ‘ඵුසිතත්තං’ යනාදීන්හි ස්වභාව වශයෙන් අනන්ය වූද ස්වභාවය අනෙකක් මෙන් යූ.සේයි. අටුවායෙහි ‘ස්පර්ශ කිරීම් ලක්ෂණය ස්පර්ශයයි’ ආදීන්හි ස්වභාව වශයෙන් අනන්ය වූද ලක්ෂණය අන්යයක් මෙන් යූ.සේයි. මෙයද එසේයයි දතයුතුය. පිවති යනු එයින් යුක්ත පුද්ගල තෙමේ යයි යූ.සේයි. එයින් යුක්ත පුද්ගල තෙමේ එම මණ්ඩය පානය කරයි යයි සලකා එම පුද්ගලයා විසින් එම මණ්ඩය පානය කළයුතු හෙයින් මණ්ඩපෙය්ය නම් වේයයි යූ.සේයි. මණ්ඩපෙය්යොයි කිවයුතු කල්හි මණ්ඩපෙය්යං යයි ලිංග විපර්යාසය කරන ලදි. සෙසු වදන්හිද මෙම ක්රමයෙන් අර්ථ දතයුතුය. පරිළාහො යනු පිනවීම් ලක්ෂණ ඇති ප්රීතියට විරුද්ධ කෙලෙස් සන්තාපයයි. දුට්ඨුල්ලං යනු සන්සිඳීමට ප්රතිපක්ෂ කෙලෙස් වශයෙන් දළ ස්වභාවය, සන්සුන් නුවූ ස්වභාවය, අප්පටිසංඛා යනු ප්රත්යවේක්ෂා ප්රතිපක්ෂ කෙලෙස් වශයෙන් විෂම පැවැත්ම,