විපර්ය්යාස කථා
එම කර්මයට ප්රත්යය වූ, විපර්යාසයන් දක්වමින් කියන ලද, සූත්රාන්ත පූර්වාංගම විපර්යාස කථායෙහි පෙරනුවූ අර්ථ අනුවර්ණනාවයි. සූත්රාන්තයෙහි සඤ්ඤා විපල්ලාසාය සංඥාවගේ විපර්යාසයට පත් ස්වභාවයයි විපරීත සංඥාව යයි අර්ථයි. සෙසු ද්වයෙහිම එම ක්රමයමැයි. චිත්ත කෘත්යයාගේ, දුර්වල ස්ථානයෙහි, දෘෂ්ටි විරහිත හෙයින් අකුසල සංඥාවගේ ස්වකෘත්යයෙහි බලවත් කාලයෙහි සඤ්ඤා විපල්ලාසොයි. දෘෂ්ටි විරහිත වූයේම අකුසල චිත්තයාගේ ස්වකෘත්ය බලවත් කාලයෙහි චිත්ත විපල්ලාසොයි. දෘෂ්ටි සම්ප්රයුක්ත සිතෙහි දිට්ඨි විපල්ලාසොයි. එහෙයින් සංඥා විපර්යාසය සියල්ලට වඩා දුර්වලය. චිත්ත විපර්යාසය එයට වඩා බලවත්ය. සියල්ලට වඩා දෘෂ්ටි විපර්යාසය ඉතා බලවත්ය. සංඥාව, නුවණ හටනොගත් දරුවකුගේ කහවණු දැක්ම මෙනි. අරමුණෙහි එළැඹ සිටීම් මාත්ර ග්රහණය හෙයිනි. ලක්ෂණාවබෝධයට පමුණුවන හෙයින් චිත්තය ගැමි පුරුෂයකුගේ කහවණු දැක්ම මෙනි. ඇතුළට කිඳාබැස, ස්පර්ශ කරන හෙයින් දෘෂ්ටිය ලෝකුරුවාගේ මහ අඩුවෙන් යකඩ ග්රහණය මෙනි. අනිච්චෙ නිච්චන්ති සඤ්ඤා විපල්ලාසො යනු අනිත්ය වස්තුවෙහි මෙය නිත්යයයි මෙසේ ග්රහණයකොට උපදනා සංඥාව සංඥා විපර්යාසයයි. මෙම ක්රමයෙන් සියලු පදයන්හි අර්ථ දතයුතුය. න සඤ්ඤා විපල්ලාසො න චිත්ත විපල්ලාසො න දිට්ඨි විපල්ලාසො යනු සිව් වස්තූන්හි දොළොස් විපර්යාස ග්රාහයන්ගේ අභාවයෙන් නිසියාකාර ග්රහණය යූ.සේයි.
ගාථාවන්හි, අනත්තනිච අත්තා යනු ආත්ම නුවූවෙහි ආත්මයැයි මෙසේ සංඥාවෙන් යුක්ත වූයේ යන අර්ථයි මිච්ඡාදිට්ඨිහතා යනු හුදෙක් සංඥාවෙන් පමණක් යුක්ත වූයේ නොව සංඥාව මෙන් උපදිනු ලබන මිථ්යා දෘෂ්ටියගේද නැසීමෙන්, ඛිත්ත චිත්තා යනු සංඥා දෘෂ්ටීන් මෙන් උපදිනු ලබන, හැරදමන ලද, අත්හළ සිතින් යුක්ත වූවාහු, විසඤ්ඤිනො යනු එය දේශනා මාත්රයකි. විපරීත, සංඥා, චිත්ත, දෘෂ්ටීන්ගෙන් යන අර්ථයි. නොහොත් සංඥා පූර්වංගම හෙයින් දෘෂ්ටියෙහි ප්රථම සිව් පදයන්ගෙන් සංඥා විපර්යාසය යූසේයි. ඉන් මිච්ඡාදිට්ඨි හතා යනු දෘෂ්ටි විපර්යාසයයි. ඛිත්ත චිත්තා යනු චිත්ත විපර්යාසයයි. විසඤ්ඤනො යනු ත්රිවිධ විපර්යාස ග්රාහයන්ගෙන් ප්රකෘති සංඥා විරහිත වූවාහු මෝහයට ගියහු, විසවේගයෙන් සිහිමුළා වූයේ විසඥභාවයට පැමිණවූ යන මෙහි වැනිය. තෙ යොග යුත්තා මාරස්ස යනු එම ජනතාව, සත්ත්වයෝ මාර යෝගයෙහි යෙදුණාහු නම් වෙති. අයොගක්ඛෙමිනො යනු චතුර් යෝගයන් නමැති උපද්රවයන්ගෙන් යුක්ත වූවාහු, ක්ෂේම නිර්වාණයට නොපැමිණියාහු, සත්තා ගච්ඡන්ති සංසාරං යනු එම පුද්ගලයෝම සසර සැරිසරති. කුමක් හෙයින්ද යත්, ඔවුහු ඉපැත්ම හා මරණ අනුව යන්නෝ වෙති. එහෙයින් සැරිසරත් යයි අර්ථයි. බුද්ධා යනු සිව්සස් අවබෝධ කළ සර්වඥවරු, කාලත්රය සාධාරණ වශයෙන් බහුවචනයෙන් දක්වයි. ලොකස්මිං යනු අවකාශ ලෝකයෙහි පභංකරා යනු ලෝකයට ප්රඥාලෝකය ඇති කරන්නා වූ, ඉමං ධම්මං පකාසෙන්ති යනු විපර්යාස ප්රහාණ ධර්මය බබළවති. දුක්ඛූපසමගාමිනං යනු දුක් සංසිඳවන නිර්වාණය යන්නා වූ තෙ සං සුත්වාන යනු එම බුදුවරුන්ගේ ධර්මය ශ්රවණය කොට, සප්පඤ්ඤා යනු භව්ය වූ, ප්රඥාවන්තයෝ, සචිත්තං පච්ච ලද්ධුං යනු විපර්යාස වර්ජිත සිය සිත ලැබ, පටි අලද්ධා යනු පදච්ඡේදයි. නොහොත් ලද්දාහ. පටිඅලද්ධුං යනු පදච්ඡේදයි. අනිච්චතං දක්ඛුං යනු අනිත්ය වශයෙන්ම දුටුවාහුය. අනත්තනි අනත්තා යනු ආත්මය අනාත්ම වශයෙන් දුටුවාහුය. නොහොත් අනාත්ම වස්තුවෙහි ආත්මයන් නැතැයි දුටුවාහුය. සම්මාදිට්ඨි සමාදානා යනු ගන්නා ලද සම්යක් දර්ශනයෙන් යුක්තවූවාහු, සබ්බදුක්ඛං උපච්චගුං යනු සියලු සංසාර වෘත්ත දුක ඉක්මවූවාහුය.
ප්රහීණ අප්රහීණ විමසුම්හි, දිට්ඨිසම්පන්නස්ස යනු සෝවාන් පුද්ගලයා හට, දුක්ඛෙ සුඛන්ති සඤ්ඤා උප්පජ්ජති චිත්තං උප්පජ්ජති යනු මෝහය නමැති කාලුෂ්යයාගේ (අඳුරු පටලය) ප්රහීණ නොවූ හෙයින් සංඥා මාත්රයක් හෝ චිත්ත මාත්රයක් හෝ උපදී. අනාගාමීහුටද උපදී. සෝවාන් වූවහු ගැන කවර කථාද? මෙම ද්වයය රහත්හුටම ප්රහීණය. අසුභෙ සුභන්ති සඤ්ඤා උප්පජ්ජති චිත්තං උප්පජ්ජති යනු සකෘදාගාමීහුටද උපදී. සෝවාන් වූවහු ගැන කවර කථාද? මෙම ද්වයය අනාගාමීහුට ප්රහීණයයි අටුවායෙහි යූ.සේයි. එහෙයින් මෙම ද්වයය සෝවාන් සකදෘගාමීහු සඳහා යූ.සේයි. අනාගාමීහුට කාමරාගය ප්රහීණ හෙයින්, අසුභයෙහි සුභයයි සංඥා, චිත්ත විපර්යාසයන්ගේ ප්රහාණය යූ.සේයි. ද්වීසු වත්ථුසු යනාදී පදයන්ගෙන් ප්රහීණ ප්රහීණ දෑ නිගමනයකොට දක්වයි. එහි අනිත්යයෙහි නිත්යයැයිද, අනාත්මයෙහි ආත්මයැයිද යන මෙම ද්වි වස්තූන්හි ෂට් විපර්යාස ප්රහීණ වූවාහු වෙති. ද්වීසු වත්ථුසු ඡ විපල්ලාසා පහීණා, දුකෙහි සුවයයිද අසුභයෙහි සුභයැයිද මෙම ද්වි වස්තූන්හි දෘෂ්ටි විපර්යාස ද්වයය ප්රහීණයහ. ද්වෙ දිට්ඨි විපල්ලාසා පහීණා සමහර පොත්වල ද්වෙ, යන්න පළමුව ලියා ඇත. ‘ඡා’ යන්න පසුව ලියා ඇත. චතුසුවත්ථුසු යනු සතර එක්කොට යූ.සේයි. අට්ඨ යනු ද්වයෙක්හි සයක්ද, ද්වයෙක්හි ද්වයයක්දැයි අටකි. චත්තාරො යනු දුක්, අශුභ වස්තූන්හි එකිනෙකෙහි ද්වයය, ද්වයය බැගින් සංඥා චිත්ත විපර්යාසයෝනුයි සතරෙකි. සමහර පොත්වල ‘ඡ ද්වීසු’යි කියන ලද ස්ථානයන්හිද මෙපරිද්දෙන්ම ලියන ලදි.