ගති කථා
දැන් එම විමෝක්ෂ හටගැන්මෙහි හේතු වූ, හේතු සම්පත්තිය දක්වන්නාහු විසින් කියන ලද, ගති කථාවෙහි පෙර නුවූ අර්ථ අනුවර්ණනාවයි, ද්විහේතුක ප්රතිසන්ධිකයාටද නත්ථි ඣානං අපඤ්ඤස්ස යන වචනයෙන් ධ්යානයද නූපදී. විමෝක්ෂය ගැන කවර කථාද? එහි ගති සම්පත්තියා යනු නිරය, තිරිසන් යෝනිය, ප්රේත විෂය, මනුෂ්ය, දේව සංඛ්යාත පංච ගතීන්හි මනුෂ්ය දේව සංඛ්යාත ගති සම්පත්තියෙහි මෙයින්ම පළමු ත්රිවිධ විපත්ති ගති ප්රතික්ෂෙප කරයි. ගතියෙන් යුක්ත වූයේ ගති සම්පත්තියි. යහපත් ගතිය යැයි යූ.සේයි. ගති යනු අවකාස සහිත ස්කන්ධයෝය. පඤ්ච ගතීන්හි ප්රේත විෂය ග්රහණයෙන්ම අසුර කායයද ගන්නා ලද්දේය. දෙවා යනු ෂට් කාමාවචර දේවතාවෝද, බ්රහ්මයෝද, දේව ග්රහණයෙන් අසුරයෝද සංගෘහිතයි. ඤාණ සම්පයුත්තෙ ඤාණ සම්ප්රයුක්ත ප්රතිසන්ධික්ෂණයෙහි, ක්ෂණයද ඤාණ සම්ප්රයුක්ත යෝගයෙන් එම ව්යවහාරයෙන්ම යූ.සේයි. කතීනං හෙතූනං අලෝභ, අද්වේෂ, අමෝහ යන හේතූන්හි කවර හේතූන්ගේ, උප්පත්ති යනු ඉපදීම, හටගැන්ම යයි අර්ථයි.
ශුද්ර කුලයෙහි උපන්නාහු නමුත් ත්රිහේතුක වෙති. එහෙයින් ඔවුන් සඳහා ප්රථම විමැසීමයි. බොහෝසෙයින් මහ පිනැතියෝ ත්රිවිධ මහාසාල කුලයන්හි උපදිති. එහෙයින් ඒ ත්රිවිධ කුලයන්ගේ වශයෙන් ත්රිවිධ විමැසීම වේ. පාඨය සංක්ෂිප්තය. මහත් ශාලා ඔවුන්ටනුයි මහාසාලායි. මහත් සාරවූවාහු, මහත් සම්පත් ඇත්තාහු යයි අර්ථයි. නොහොත් මහත් හරයක් ඔවුන්ටනුයි මහාසාරායි කිවයුතු කල්හි රකාරයට ලකාරකොට මහාසාලායි යූ.සේයි. ක්ෂත්රිය මහාසාල ක්ෂත්රියයන් කෙරෙහි හෝ මහාසාලායි. ඛත්තිය මහාසාලායි සෙස්සෙහිද එම ක්රමයමැයි. යම් ක්ෂත්රියයකුගේ ගෘහයෙහි පශ්චිමාන්තයෙන් (අවමයෙන්) සියක් කෝටි ධනය නිධන්ගතව තිබේද? කහවණුද අමුණු විස්සක් දවසේ වියදමට හිස් කෙරේද? මේ ඛත්තිය මහාසාල නමැ. යම් බමුණෙකුගේ ගෘහයෙහි අවම වශයෙන් අසූකෝටියක් ධනය නිධන්ගතව තිබේද? කහවණු දස අමුණක් දවසේ වියදමට හිස්කෙරේද, මේ බ්රාහ්මණ මහාසාල නමැ. යම් ගෘහපතියෙකුගේ ගෘහයෙහි අවම වශයෙන් සතලිස් කෝටියක් ධනය නිධන්ගත වේද, කහවණු පස් අමුණක් දවසේ වියදමට හිස්කෙරේද, මේ ගහපති මහාසාල නමැ.
රූපාවචර අරූපාවචර ඒකාන්ත ත්රිහේතුක හෙයින් ඤාණ සම්ප්රයුක්තයැයි නොයූසේයි. මිනිසුන් කෙරෙහි ද්විහේතුක අහේතුකයන්ගේද ලැබීම් ස්වභාව හෙයින්ද, කාමාවචර දෙවියන් කෙරෙහි ද්විහේතුකයන්ගේ ලැබීම් ස්වබාව හෙයින්ද සෙස්සෙහි ඤාණ සම්ප්රයුක්ත යැයි යූ.සේයි. මෙහිද කාමාවචර දෙවිවරු පංචකාම ගුණ රතියෙන් ක්රීඩා කරති. ශරීර බැබළීමෙන් බැබළෙත්නුයි දෙවායි. රූපාවචර බ්රහ්මයෝ ධ්යාන රතියෙන් ක්රීඩා කරති. ශරීර බැබළීමෙන් බැබළෙත්නුයි දෙවායි. අරූපාවචර බ්රහ්මයෝද ධ්යාන රතියෙන් ක්රීඩා කරති. ඤාණාලෝකයෙන්ද බබළත්නුයි දෙවායි,
කුසල කම්මස්ස ජවනක්ඛණෙ යනු අතීත ජාතියෙහිදී මෙලොව ත්රිහේතුක ප්රතිසන්ධි ජනක ත්රිහේතුක කාමාවචර කුසල කර්මයෙහිද, ජවනවීථියෙහි නැවත නැවත ඉපදීම් වශයෙන් සත්වරක් ජවන ක්ෂණයෙහි පවත්නා කාලයෙහි යයි අර්ථයි. තයො හෙතු කුසලා යනු අලෝභ, අද්වේෂ, අමෝහ යන කුසල හේතූන් තස්මිං ඛණෙ ජාතචෙතනාය යනු ඒ කියන ලද ක්ෂණයෙහිම හටගත් කුසල චේතනායෙන්, සහජාත පච්චයා හොන්ති යනු උපදිනු ලබන්නාහු, උපදනා ස්වභාවයෙන් උපකාරක වෙති. තෙන වුච්චති යනු එම සහජාත ප්රත්යය භාවයෙන්ම යූ.සේයි. කුසලමූල පච්චයාපි සංඛාරා යනු එක් චිත්තක්ෂණික ප්රත්යයාකාර ක්රමයෙන් යූ.සේයි. සංඛාරායි බහුවචනයෙන් දක්වයි. එහි සංස්කාර ස්කන්ධ සංගෘහිත සියලු චෛතසික සංග්රහ කරන ලදැයි දතයුතුය. අපි ශබ්දයෙන් සංස්කාර ප්රත්යය වූ කුසල මූලයන් යැයි යූ.සේයි.
නිකන්තික්ඛණෙ යනු තම විපාකය දෙන්ට එළැඹි කර්මයෙහි හෝ එසේ එළැඹි කර්මයෙන් එළැඹ සිටි කර්ම නිමිත්තෙහි හෝ ගති නිමිත්තෙහි හෝ උපන්නා වූ නිකන්ති ක්ෂණයෙහි, නිකන්ති යනු ආශා කිරීම, ප්රාර්ථනා කිරීම ආදියයි. මරණාසන්න වූවහුට මෝහයෙන් ආකූල සිතැති හෙයින් අවීචි ගිනිදැල්හිද ආශාව උපදී. සෙසු නිමිති කෙරෙහි කවර කථාද? ද්වෙහෙතූ යනු ලෝභය හා මෝහය යන අකුසල හේතු, භව නිකන්තිය වනාහි ප්රතිසන්ධියට අනතුරුව පැවැති භවංග වීථියෙන් නැගිටි කෙණෙහිම, තම ස්කන්ධ සන්තානය ඇරැබ සියල්ලම උපදී. තස්මිං ඛණෙ ජාත චෙතනාය යනු අකුසල් චේතනාවෙන්.
පටිසන්ධික්ඛණෙ යනු ඒ කර්මයෙන් ගත් ප්රතිසන්ධික්ෂණයෙහි, තයොහෙතු යනු අලෝභ, අද්වේෂ, අමෝහ යන අව්යාකෘත හේතු, තස්මිං ඛණො ජාතචෙතනාය යනු විපාක අව්යාකෘත චේතනාවෙන් නාමරූප පච්චයාපි විඤ්ඤාණං යන මෙහි එම ප්රතිසන්ධි ක්ෂණයෙහි ත්රිවිධ විපාක හේතුද, සෙසු චෛතසිකද, නාමයද හෘදය වස්තු රූපයද ඉන් නාමරූප ප්රත්යයෙන්ද ප්රතිසන්ධි විඥානය පවතියි. විඤ්ඤාණ පච්චයාපි නාමරූපං යන මෙහිද නාමය කියන ලද ආකාරමය. රූපය වනාහි මෙහි සහේතුක මනුෂ්ය ප්රතිසන්ධිය පිළිබඳ අදහස් කළ හෙයින්, මව්කුසින් උපදිනවුන්ට, වස්තු දශකය, කාය දශකය, භාව දශක යැයි සමතිස් රූපයෝය. සංසේදජයන්ටද ඕපපාතිකයන්ටද, පරිපූර්ණායතන සහිත වූයේ, චක්ෂු දශකය, ස්රොත දශකය, ඝාණ දශකය, ජිව්හා දශකය යන සමසැත්තෑ රූපයෝය. ඒ කියන ලද ආකාරැති නාමරූප ප්රතිසන්ධි ක්ෂණයෙහි ප්රතිසන්ධි විඤ්ඤාණ ප්රත්යයෙන් පවතී.