විමෝක්ෂ නිර්දේශ වර්ණනාව
කතමො යනාදී, උදෙසීමෙහි, නිර්දේශයෙහි ඉති පටිසංචික්ඛති යනු මෙසේ ප්රත්යවේක්ෂා කරයි. සුඤ්ඤමිදං යනු මෙම ස්කන්ධ පංචකය ශූන්යයි, කුමකින් ශූන්යයද? ආත්ම ආත්මීය වශයෙන් එහි අත්තෙනවා යනු අඥාන ජනයා විසින් පරිකල්පිත ආත්ම අභාව හෙයින්ද ඉන් ආත්මයෙහිද ශූන්යතාවයි. අත්තනියෙනවා එසේ පරිකල්පිත ආත්මයෙහි තමා සතු කිසිදැයක අවිද්යමානත්වයෙන් ශූන්ය වශයෙන් සැලකීම, ආත්මයෙහි අභාවයෙන්ම ආත්මානුගත දෑහි අභාවය තමාට අයත් නම් නිත්ය හෝ සුව හෝ වන්නේය. එම ද්වයයම නොමැත. ඉන් නිත්ය ප්රතිපක්ෂ වූ අනිත්යානුපස්සනාවනේ සුව ප්රතිපක්ෂ දුක්ඛානුපස්සනාවද යූ.සේයි. සුඤ්ඤමිදං අත්තෙන වා යනු අනාත්මානුපස්සනාවම යූ.සේයි. සො යනු මෙසේ ත්රිවිධ අනුපස්සනාවන්ගෙන් විදර්ශනා වඩන එම භික්ෂුව, අභිනිවෙසං න කරොති යනු අනාත්මානුපස්සනා වශයෙන් සිත දියුණු කරන හෙයින් ආත්මාභිනිවේශය නොකරයි.
නිමිත්තං න කරොති යනු අනිත්යානුපස්සනා වශයෙන් සිත දියුණු කරන හෙයින් නිත්ය නිමිත්ත නොකරයි. පණිධිං න කරොති යනු දුක්ඛානුපස්සනා වශයෙන් සිත දියුණු කරන හෙයින් ආත්මීය වශයෙන් ප්රණිධි නොකරයි. මෙම ත්රිවිධ විමොක්ෂ ඒ ආකාරයෙන් විදර්ශනාක්ෂණයෙහි තදංග වශයෙන්ද ලබත්. අවිශේෂයෙන් වනාහි මුළුමනින් නැසීම් වශයෙන් මාර්ගක්ෂණයෙහිම සිදුවේ. සිව් දැහැන් අධ්යාත්ම නීවරණයන්ගෙන් නැගී සිටුනා හෙයින් අජ්ඣත්ත වුට්ඨානො විමොක්ඛොයි, සිව් අරූප සමවත් අරමුණුවලින් නැගී සිටුනා හෙයින් බහිද්ධා වුට්ඨානො විමොක්ඛොයි, අරමුණද වනාහි බාහිරායතනයන් මෙන් මෙහි බහිද්ධා යයි යූ.සේයි. මෙම ද්වයය විෂ්කම්භන විමොක්ෂයි. දුභතො වුට්ඨානො යනු සමුච්ඡේද විමෝක්ෂයයි.
නීවරණෙහි වුට්ඨාති යන ආදීන්ගෙන් අධ්යාත්ම නැගිටීම ස්වරූප වශයෙන් යූ.සේයි. රූප සඤ්ඤාය යනාදීන්හි කසිණාදී අරමුණු සමතික්රමණය ප්රකට හෙයින් එය නොකියා සූත්රාන්තයන්හි කියන ලද රූප සංඥාදීන්ගේ සමතික්රමණය යූ.සේයි. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසා යනු සමාස පදයයි. සක්කාය දෘෂ්ටියෙන්, විචිකිච්ඡායෙන්, සීලව්රත පරාමාසයෙනැයි පද බෙදීමයි. මෙයම හෝ පාඨයි.
විතක්කොව යනාදීන්ගෙන් ධ්යාන සමාපත්තීන්ගේ උපචාර භූමි යූ.සේයි. අනිච්චානුපස්සනා යනාදීන්ගෙන් සිව් මාර්ගයන්ගේ පූර්වභාග විදර්ශනාව යූ.සේයි. පටිලාභොච යනු පස්වැදෑරුම් වසී ප්රාප්තයෙන් ව්යාප්ත වූ, පැතිරුණු ලාභයනුයි පටිලාභොයි. වසීප්රාප්තියෙන් පසු සියලු ධ්යාන ප්රයෝගයන්ද සමාපත්ති ප්රයෝගයන්ද සන්සුන් වූයේ වේ. එහෙයින් පටිලාභො පටිප්පස්සද්ධි විමොක්ඛො යයි යූ.සේයි. විපාකය වනාහි ධ්යානයෙහිද, සමාපත්තියෙහිද සන්සිඳීම සෘජුවම වේ. සමහරු වනාහි උපචාර ප්රයෝගයෙහි සන්සුන් හෙයින් ධ්යානයෙහිද සමවතෙහිද ප්රතිලාභය වේ යයි කියති. එහෙයින් ධ්යාන, සමාපත්ති ප්රතිලාභය පටිප්පස්සද්ධි විමොක්ඛොයි කියති.
අජ්ඣත්තං යනු තමා පිළිබඳ උසස් කෘත්යවත් භාවයෙන් පැවැති, පච්චත්තං යනු තමා පිළිබඳ පැවති ද්වයයෙන්ම තමා අයත් අධ්යාත්මයම දක්වයි. නීල නිමිත්තං යනු නිල්වූයේම නීල සඤ්ඤං පටිලභති යනු එම නිල් නිමිත්තෙහි නිල්යැයි සංඥාව ලබයි. සුග්ගහිතං කරොති යනු පරිකර්ම භූමියෙහි මනාව ගන්නා ලද්දක් කරයි. සූපධාරිතං උපධාරෙති යනු උපචාර භූමියෙහි මනාව සලකා බලා, තවදුරටත් විමසයි. ස්වාවත්ථිතං අවත්ථාපෙති යනු අර්පනා භූමියෙහි මනා නිශ්චයෙන් නිශ්චය කරයි, වවත්ථාපෙතියිද පාඨයි. අධ්යාත්මයෙහි නීල පරිකර්මය කරනුයේ කෙස්හි, පිතෙහි, ඇසෙහි කලු ඉංගිරියාවෙහි හෝ කරයි. බහිද්ධා නීලනිමිත්තෙ යනු නිල් මල්, නිල් වස්තූන්, නීල ධාතූන්හි එක්තරා නිල් කසිණයෙක්හි, චිත්තං උපසංහරති යනු සිත පමුණුවයි. පීතාදීන්හිද එම ක්රමයමැයි. ආසෙවති යනු එම සංඥාවම මුල සිට සේවනය කරයි. භාවෙති යනු වඩයි. බහුලීකරොති යනු නැවත නැවත කරයි. රූපං යනු නිල් නිමිති රූපයයි. රූපසඤ්ඤී යනු එම රූපයෙහි සංඥාව රූප සංඥාවයි. එය මොහුට ඇත්තේනුයි රූප සංඥීයි. අධ්යාත්ම කහ වරණ නිමිති ආදීන්හි කහ වර්ණ පිරියම් කරනුයේ මේදයෙහි හෝ සිවියෙහි හෝ අක්ෂීන්හි කහ වර්ණ ස්ථානයන්හි කරයි. රත් පැහැයෙහි පිරියම් කරනුයේ, මාංසයෙහි හෝ ලෙයෙහි හෝ දිවෙහි හෝ අත් තලයන්හි පාද තලයන්හි හෝ අක්ෂීන්හි රත්පැහැ තන්හි කරයි. ශ්වේත පිරියම් කරනුයේ, අස්ථීන්හි හෝ දතෙහි, නියෙහි, අක්ෂීන්හි ශ්වේත ස්ථානයෙහි කරයි. අජ්ඣත්තං අරූපං යනු අධ්යාත්ම රූප නිමිත්ත නැතැයි අර්ථයි.
මෙත්තා සහගතෙන යනු ප්රථම, ද්විතීය, තෘතීය ධ්යාන වශයෙන් මෛත්රියයෙන් යුක්ත වීමෙන්, චෙතසා යනු සිතින්, එකං දිසං යනු තනි එක් දිසායෙක ඇතුළත් සත්ත්වයින්ට පැතිරීම් වශයෙන් යූ.සේයි. ඵරිත්වා යනු ස්පර්ශකොට, අරමුණුකොට, විහරති යනු බ්රහ්ම විහාරානුගත ඉරියව් විහරණය පවත්වයි. එසේ එයට අනතුරු දෙවන, තෙවන, සිව්වන යයි අර්ථයි. ඉති උද්ධං යනු එම ක්රමයෙන්ම මතු දිසාවයැයි යූ.සේයි. අධොතිරියං යනු යට දිසාවද, සරස් දිසාවද, එපරිද්දෙන්මය. එහිද, අධො යනු යට භාගය, තිරියං යනු අනුදිසාය. මෙසේ අශ්වයන් ධාවන පිට්ටනියක අශ්වයෙකු මෙන් මෛත්රී සහගත සිත හසුරුවයි. නැවත නැවත හසුරුවයි. මෙතෙකින් එක් එක් දිසාව පරිග්රහණය කොට සීමා වශයෙන් මෛත්රිය පැතිරවීම දක්වන ලදි. සබ්බධී යනාදීන්හි වනාහි සීමා රහිතව පැතිරවීම දැක්වීම සඳහා යූ.සේයි. එහි සබ්බධි යනු හැමතන්හි, සබ්බත්තතාය යනු සියලු හීන, මධ්යම, උත්කෘෂ්ට, මිත්ර, සතුරු, මධ්යස්ථ ආදී ප්රභේදයන්හි ආත්ම සමතායෙන් යුතුව ක්රියා කිරීමයි. මේ අන් සත්ත්වයෙකියි විභාග නොකොට ආත්ම සමතායෙන් සලකයි යයි යූ,සේයි. නොහොත් සබ්බත්තතාය යනු සම්පූර්ණ චිත්තයාගේ ස්වභාවයෙන් මදක් හෝ පිටත වික්ෂෙප නොකරනුයේ යනුයි. සබ්බාවන්තං යනු හැම සතුන් ඇති, සියලු සත්ත්වයින්ගෙන් යුක්තයි යන අර්ථයි. ‘සබ්බවන්තං’යිද පාඨයි. ලොකං යනු සත්ත්වලෝකයයි. විපුලෙන යනු මේ ආදී ක්රම දැක්වීමෙන් වනාහි මෙහි නැවත මෛත්රී සහගතව යැයි යූ.සේයි. යම් හෙයකින් වනාහි මෙහි ප්රමාණ වශයෙන් පැතිරීම් වශයෙන් නැවත තථා ශබ්දය හෝ ඉති ශබ්දය නො යූ.සේයි. එහෙයින් නැවත මෙත්තා සහගතෙන චෙතසායි යූසේයි. නිගමන වශයෙන් හෝ එය යූසේයි.