6-11. ඤාණ රාසි ෂට්ක නිර්දේශ වර්ණනාව
දැන් ෂට් රාශීන්හි, උදෙසන ලද ඤාණයන්හි, සූවිසි සමාධි ඤාණ නිර්දේශයෙහි, පළමුව කායානුපස්සනා ආදී ත්රිවිධ චතුෂ්කයන්ගේ වශයෙන් දොළොස් වස්තූන්ගේ එකිනෙකෙහි ආශ්වාස වශයෙන් එකක්ද, ප්රශ්වාස වශයෙන් එකක්දැයි, සමාධිය ද්වයය, ද්වයය බැගින් සමාධීන්යැයි දොළොස් වස්තූන්හි සූවිසි සමාධීහු වෙති. ධ්යාන ක්ෂණයෙහි ඒ හා සම්ප්රයුක්ත සූවිසි සමාධි වශයෙන් ඤාණයෝ වෙති.
දෙසැත්තෑ විදර්ශනා ඤාණ නිර්දේශයෙහි, දීඝං අස්සාසා යනු දීර්ඝයයි කියන ලද ආශ්වාසයෙන්, කුමක් කියන ලද්දේ වේද, දීර්ඝ ආශ්වාස හේතුයෙන් ධ්යාන ලැබ, සමාහිත සිතින්, විදර්ශනා ක්ෂණයෙහි අනිත්ය වශයෙන් අනුව බලන අර්ථයෙන් විදර්ශනායි යූ.සේයි. මත්තෙහිද මෙම ක්රමයම වන්නේය. ඒ දොළොස් වස්තූන්ගේ එකිනෙකෙහි ආශ්වාස වශයෙන් ත්රයයක්ද, ප්රශ්වාස වශයෙන් ත්රයයක්දැයි ෂට් අනුපස්සනායැයි, දොළොස් වස්තූන්හි දෙසැත්තෑ අනුපස්සනා වෙති. එම දෙසැත්තෑ අනුපස්සනා දෙසැත්තෑ විදර්ශනා වශයෙන් වන ඤාණයෝය.
නිර්වේද ඤාණ නිර්දේශයෙහි, අනිච්චානුපස්සී අස්සසං අනිත්යය අනුව බලමින් ආශ්වාස කරනුයේ, අනිත්යය අනුව බලන්නේ වී, පවතින්නේ යයි අර්ථයි. අස්සසන්ති යන මේ වචනය හේතු අර්ථයෙහි දතයුතුය. යථාභූතං ජානාති පස්සසීති නිබ්බිදා ඤාණං යනු කලාප සම්මර්ශනයෙහි පටන් භංගානුපස්සනාව දක්වා පැවැති විදර්ශනා ඤාණයෙන් සංස්කාරයන්ගේ තත්ත්වාකාරය දනියි. ඇසින් දුටුවාක් මෙන්ම. එම නැණැසින්ම දකියි. එහෙයින් නිර්වේද ඤාණය යැයි අර්ථයි. සංස්කාරයන්හි නිර්වේද ඤාණය නමැයි යූ.සේයි. මත්තෙහි භයතුපට්ඨානාදීන්ගේද, මුඤ්චිතු කම්යතා ඤාණාදීන්ගේද වෙන්ව දක්වා ඇති හෙයින් මෙහි කියන ලද ආකාර වුව විදර්ශනා ඤාණයන්, නිර්වේද ඤාණයෝයි දතයුත්තාහ.
නිර්වේද අනුලෝම ඤාණ නිර්දේශයෙහි, අනිච්චානුපස්සී අස්සසං යනු අනිත්යය අනුව බලමින් ආශ්වාස කරන්නහුගේ, ෂෂ්ඨ්යාර්ථයෙහි ප්රථමා ඒකවචනයි. භයතුපට්ඨානෙ පඤ්ඤා යන වචනයෙන්ම භයතුපට්ඨාන, ආදීනවානුපස්සනා, නිබ්බිදානුපස්සනා ඤාණයන් යූ.සේයි. මෙම ත්රයයම එක හා සමාන ලක්ෂණ හෙයින් මෙම ත්රිවිධ ඤාණයන් අනන්තරව කියන ලද නිර්වේද ඤාණයන්ට අනුකූලභාවයෙන් අනුලොම් වන හෙයින් නිර්වේදානුලෝම ඤාණයෝයි යූ.සේයි.
නිර්වේද ප්රතිප්රශබ්ධි ඤාණ නිර්දේශයෙහි, අනිච්චානු පස්සී අස්සසං යනු අනතුරු කරුණ හා සමානය. පටිසංඛා සන්තිට්ඨානා පඤ්ඤා යන වචනයෙන්ම, මුඤ්චිතු කම්යතා, පටිසංඛානුපස්සනා සංස්කාරොපේක්ෂා ඤාණ යූ.සේයි. ත්රයයම එක හා සමාන ලක්ෂණ හෙයින්, පටිසංඛා සන්තිට්ඨනා යන වචනයෙන්ම, අනුලෝම ඤාණ, මාර්ග ඤාණයන්ද ගන්නා ලද්දාහුම වෙති. සංස්කාරොපේක්ෂා හා අනුලොම යන ඤාණ නිර්වේදයෙහි මුදුන් පත්හෙයින් නිර්වේද හටගැන්වීමෙහි උත්සාහ ප්රහාණයෙන් නිර්වේද ප්රතිප්රශබ්ධි ඤාණ නම් වෙති. මාර්ග ඤාණය වනාහි නිර්වේද ප්රතිප්රශබ්ධි අන්තයෙහි උපදනා හෙයින් නිර්වේද ප්රතිප්රශබ්ධි ඤාණය නම් වේයයි මුඤ්චිතුකම්යතා ඤාණය නොගෙන, පටිසංඛා සන්තිට්ඨානායයි අන්තයෙහි ඤාණද්වය ගැනීම මාර්ග ඤාණය සංග්රහය සඳහායි මුඤ්චිතු කම්යතායි කී කල්හි අනුලෝම ඤාණය සංග්රහ වේ. මාර්ග ඤාණය නොවේ. මාර්ග ඤාණය වනාහි මුඤ්චිතු කම්යතා නම් නොවේ. කෘත්ය සිද්ධියෙහි පිහිටා සිටින හෙයින් සන්තිට්ඨනා නම්වේ. අටුවාවෙහිද ස්පර්ශ කිරීම යැයිද, පැමිණවීම යැයිද යූ.සේයි. මෙම මාර්ග ඤාණයද, නිර්වාණයට පමුණුවයි සලකා සන්තිට්ඨනා නම් වේ. සන්තිට්ඨනා යන වචනයෙන් මාර්ග ඤාණයද ඇතුළත් කෙරේ. නිර්වේදානුලෝම ඤාණයෝද අර්ථ වශයෙන් නිර්වේද ඤාණයෙහිම වෙත්යයි ඒවාද නිර්වේද ඤාණයන්හි සංග්රහකොට, නිර්වේද ප්රතිප්රශබ්ධි ඤාණයෝ යයි නිර්වේද ග්රහණයෙහිම ඇතුළත් කරන ලදි. නිර්වේදානුලෝම ග්රහණයෙහි නොවේ. මෙම ත්රයයම ඤාණෂ්ටක නිර්දේශයන්හි, සිව්වන ධර්මානුපස්සනා චතුෂ්කයාගේ වශයෙන් කියන ලද, සිව් වස්තූන්හි එකිනෙකෙහි ආශ්වාස වශයෙන් එකයයි ඤාණද්වයය බැගින්, සිව් වස්තූන්හි ඤාණ අටක් වෙයි.
විමුක්ති සුව නිර්දේශයෙහි, පහීණත්තා යනු ප්රහාණය දක්වා එම ප්රහාණයෙහි මුළුමනින් සිඳදැමීම් වශයෙන් ප්රහාණත්වය දක්වන්නේ මුළුමනින් සිඳදැමූ හෙයිනැයි කීය. විමුත්ති සුඛෙ ඤාණං යනු ඵල විමුක්ති සුවය හා සම්ප්රයුක්ත ඤාණයද, ඵල විමුක්ති සුව අරමුණුකොට ඇති ප්රත්යවේක්ෂා ඤාණයද වේ. අනුසය වස්තුක ක්ලේශ ප්රහාණයෙන්, මැඩගෙන මතුව දුශ්චරිත වස්තූන්හි ප්රහාණය වේයයි දැක්වීම සඳහා නැවත අනුසයයන්ගේ ප්රහාණය යූ.සේයි. එක්විසි ඵල ඤාණය සඳහා ප්රහාණ කෙලෙස් ගණනය අනුව ඤාණ ගණනය කරන ලද්දේ වේ. ප්රත්යවේක්ෂණ ඤාණය සඳහා ප්රහීණ කෙලෙස් ප්රත්යවේක්ෂණ ගණනට අනුව, ඵල ප්රත්යවේක්ෂණ ගණන ලද්දේම වේ.
ඤාණ රාසි ෂට්ක නිර්දේශ වර්ණනාව නිමි.
සද්ධර්ම ප්රකාශනී නම් වූ ප්රතිසම්භිදා මාර්ග අර්ථ කථායෙහි
ආනාපාන සති කථා වර්ණනාව නිමි.
ඉන්ද්රිය කථා
1. ප්රථම සූත්රාන්ත නිර්දේශ වර්ණනාව
දැන් ආනාපාන සති කථා අන්තරව, කියන ලද ඉන්ද්රිය කථායෙහි, පෙර සඳහන් නොකළ අර්ථයන්ගේ, අනුවර්ණනාව පැමිණියේය. මෙම ඉන්ද්රිය කථාව වනාහි ආනාපාන සති භාවනාවට උපකාරක වූ, ඉන්ද්රියයන්ගේ, අභාවයෙහිදී, ආනාපන සති භාවනාවෙහි අභාවය වන හෙයින්, එයට උපකාර වූ, ඉන්ද්රියයන්ගේ පිරිසිදු කිරීම් ආදී ක්රම දැක්වීම සඳහා ආනාපන සති කථාවට, අනතුරුව කියන ලදැයි එයද කිවයුතුය. ඉන්ද්රිය කථාව තමා විසින්, භාග්යවතුන් හමුයෙහි, අසන ලද, දැනගත් අදහස් සූත්රාන්තික දේශනාව පූර්වාංගම කොට, එහි අර්ථ ප්රකාශ කිරීම් වශයෙන්, කියනු කැමැතියේ, පළමුව එවං මෙ සුතං යනාදිය වදාළහ.
එහි එවං යනු නිපාත පදයයි. මෙ යනාදිය නාම පදයන්ය. විහරති යන මෙහි ‘වි’ යනු උපසර්ග පදයයි. ‘හරති’ යනු ආඛ්යාත පදයයි සලකා මෙම ක්රමයෙන් පද බෙදීම දතයුතුය.
අර්ථ වශයෙන් වනාහි උපමා, උපදේශ, ගැරහීම්, ප්රශංසා කිරීම් ආදී ආකාර වචන සමූහයෙහි එවං ශබ්දය දක්නා ලැබේ. නිදර්ශනාර්ථයෙහිද, අවධාරණාර්ථයෙහිද යෙදේ. මෙහි වනාහි එවං ශබ්දය, ආකාරාර්ථයෙහිද, නිදර්ශනාර්ථයෙහිද, නැණැති ජනයා විසින් පනවන ලදී. (නියමකොට). එසේම අවධාරණාර්ථයෙහිද යෙදේ.
එහි ආකාරාර්ථයෙන් එවං ශබ්දයෙන් එම අර්ථය දක්වයි. නොයෙක් ක්රමවේදයන්හි දක්ෂ, නොයෙක් අදහස් හටගන්වන, අර්ථ හා අක්ෂර පරිපූර්ණව නොයෙක් ප්රාතිහාර්යයන්ගෙන් යුක්තව කරනු ලබන, සියලු සත්ත්වයින්ට තම තම භාෂානුරූපව, ස්රොතාභිමුඛයට පැමිණෙන, ප්රතිවේධ ගම්භීර, ඒ භාග්යවතුන් වහන්සේගේ ධර්මාර්ථ දේශනා වචනය සර්වාකාර පරිපූර්ණව අවබෝධ කරන්ට කවරෙක් සමර්ථද? සියලු ශක්තියෙන් ශ්රවණ කාම්යතාව උපදවාද, මා විසින් මෙසේ අසන ලදැයි යනු එක් ආකාරයකින් අසන ලද්දේ යනුයි.
නිදර්ශනාර්ථයෙන්, මම තෙමේම අවබෝධ කළේ නොවෙමි. මා විසින් මෙය සාක්ෂාත් නොකරන ලදීයයි තමා නිදහස් කරගනුයේ මා විසින් මෙය අසන ලදි. මා විසින් මෙසේ අසන ලදැයි දැන් කිවයුතු සමස්ත සූත්රය දක්වයි.