එහි ‘කොධනො’ යනු කිපීම් ලක්ෂණයෙන් යුත් ක්රෝධයෙන් යුක්ත වූයේ, ‘උපනාහී’ යනු වෛරය අත්නොහරින ලක්ෂණයෙන් යුත් වෛරයෙන් යුක්ත වූයේ, ‘අහිතාය දුක්ඛාය දෙවමනුස්සානං’ යනු භික්ෂූන් දෙනමකගේ විවාදය කෙසේ දෙව් මිනිසුන්ට අහිත පිණිස දුක් පිණිස පවතීද? කොසම්බක්ඛන්ධකයෙහි මෙන් භික්ෂූන් දෙනමක් විවාදයට පත් කල්හි, එම විහාරයෙහි ඔවුන්ගේ අතවැස්සෝ විවාද කරති. ඔවුන්ගේ අවවාද ගන්නා වූ භික්ෂුණී සංඝයාද විවාද කරයි. ඉන්පසු ඔවුන්ගේ උපස්ථායකයෝ විවාද කරති. ඉක්බිති මිනිසුන්ගේ ආරක්ෂක දේවතාවෝ දෙකොටස් වෙති. ධර්මවාදීන්ගේ ආරක්ෂක දේවතාවෝ ධර්මවාදිනියෝ වෙති. අධර්මවාදීන්ගේ අධර්මවාදිනියෝ වෙති. ඉක්බිති ආරක්ෂක දේවතාවන්ගේ මිත්රවූ භූම්යස්ථ දේවතාවෝ බිඳෙති. මෙසේ පරම්පරාවෙන් බ්රහ්මලෝකය තෙක් ආර්ය ශ්රාවකයින් හැර සියලු දෙව් මිනිස්සු දෙකොටස් වෙති. ධර්මවාදීන්ගෙන් බලනවිට අධර්මවාදීහුම බහුතරයක් වෙති. ඉන් යමක් බොහෝ දෙනෙකු විසින් ගන්නා ලද්දේද? එය සත්යයයි ගෙන ධර්මය අත්හැර බොහෝ දෙනෙක් අධර්මය ගනිති. ඔවුහු අධර්මය පෙරටුකොට වසන්නාහු අපායයන්හි උපදිති. මෙසේ භික්ෂූන් දෙදෙනෙකුගේ විවාදය දෙව් මිනිසුන්ට අහිත පිණිස දුක් පිණිස වේ. ආධ්යාත්මිකව හෝ යනු ඔබගේ අභ්යණ්තර පිරිස සමග බාහිර හෝ යනු අන්යයාගේ පිරිස සමග ‘මක්ඛී’ යනු අන්යයන්ගේ ගුණ මැකීම් ලක්ෂණ වූ මක්ඛයෙන් යුක්ත වූයේ, ‘පලාසී’ යනු තරගකාරී ලක්ෂණයෙන් යුත් අන් දොස් කියන්නා ‘ඉස්සුකී’ යනු අනුන්ගේ ලාභ සත්කාර නොඉවසීම් ලක්ෂණයෙන් යුත් ඊර්ෂ්යාවෙන් යුක්ත වූයේ, මච්ඡරී යනු ආවාස මාත්සර්යාදී පස්වැදෑරුම් මාත්සර්යයන්ගෙන් යුක්ත වූයේ. ‘සඨො’ යනු කපටිවූයේ, ‘මායාවී’ යනු කළ පව් වසනසුලු වූයේ, ‘පාපිච්ඡො’ යනු තමා ළඟ නොමැති ගුණවත් භාවයන් වෙනුවෙන් ජනතාවගේ පුදසත්කාර අපේක්ෂා කරන දුසිල් තැනැත්තේ. ‘මිච්ඡා දිට්ඨි’ යනු නාස්තිකවාද, අහේතුකවාද, කර්මඵල නැතැයි යන වාද, ‘සන්දිට්ඨිපරාමාසි’ යන තම දෘෂ්ටියම නිවැරදියයි පරාමර්ශනය කිරීම, ‘ආධානගාහී, දෘඪග්රාහිත්වය, කුම්භීලග්රාහිත්වය ‘දුප්පටි නිස්සග්ගි’ යනු ගත් දෑ අත්හැර දැමීමට නොහැකි වේ. ඛුද්දක වස්තු විභංගයෙහි වනාහි, එහි විවාදමූල සය කවරහුද? ක්රෝධය, ගුණමකු බව, ඊර්ෂ්යාව, කපටිකම, පාපිච්ඡතාව, තම දෘෂ්ටියෙහි පිහිටීම යන මේවා ෂට් විවාද මුලයැයි ප්රධාන වශයෙන් එකිනෙකවම ධර්ම කියන ලද්දේය.
ඡහි තණ්හාකායෙහි යනු රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්මයයි කියන ලද ෂට් තෘෂ්ණාවන්ගෙන්, එක් එක් ආකාර වූම තෘෂ්ණාව විවිධ විෂය බැවින්, එක් එක් විෂයයෙහි නැවත නැවත උපදනා හෙයින් නානාවිධ වෙති. එහෙයින් සමූහාර්ථයෙන් කාය ශබ්දය සමග යොදා තෘෂ්ණා කාය යැයි යූ.සේයි. තෘෂ්ණා කාය යැයි කියන ලදුයේද, තෘෂ්ණාවමය. රජ්ජති යනු තෙමේ අරමුණෙහි ඇලෙයි. මනාව ඇලුණේ වේ.
ඡහි දිට්ඨිගතෙහි යනු සබ්බාසව සූත්රයෙහි කියන ලද ආකාරයන් අනුව, එහි කියන ලද්දේමය –
‘මෙසේ ඔහුට නුනුවණින් මෙනෙහි කරන කල්හි, ෂට් දෘෂ්ටීන්හි එක්තරා දෘෂ්ටියක් උපදී. මට ආත්මයක් ඇතැයි ඔහුට සත්ය වශයෙන් ඇදහිය යුතු ලෙසින් දෘෂ්ටිය උපදී. මට ආත්මයක් නැතැයි ඔහුට සත්ය වශයෙන් ඇදහිය යුතු ලෙසින් දෘෂ්ටිය උපදී. ආත්මය විසින් ආත්මය හඳුනාගනිමියි ඔහුට සත්ය වශයෙන්, ඇදහිය යුතු ලෙසින් දෘෂ්ටිය උපදී. ආත්මය නොවූයේම ආත්මය හඳුනා ගනිමියි ඔහුට, සත්යය වශයෙන් ඇදහිය යුතු ලෙසින් දෘෂ්ටිය උපදී. තවද ඔහුට මෙසේ දෘෂ්ටිය වේ. ඒ ඒ තන්හි යහපත් හා පාපී කර්මයන්ගේ විපාක විඳීද, එබඳු වූ මාගේ යම් ආත්මයක් වේද? එය කියන්නාද විඳින්නාද වේ. ඒ මාගේ ආත්මය වනාහි නිත්යය. ස්ථිරය. ශාශ්වතය. නොවෙනස්වන සුළුය. ශාශ්වතයන් හා සමව වෙනස් නොවී සිටින්නේය.
එහි ‘මට ආත්මයක් ඇතැයි’ යනු හැමකල්හි තමාගේ (ආත්මයෙහි) අස්ථිත්වය ගනී. එය ශාශ්වත දෘෂ්ටියයි. සත්ය වශයෙන් තිර වශයෙන් යනු සත්ය වශයෙන් හා ස්ථිර වශයෙන්, මෙය සත්යයයි මනාව දැඩිභාවයෙන් යයි යූ.සේයි. ‘මට ආත්මයක් නැත යනු උච්ඡේද දෘෂ්ටිය සහිත සත්ත්වයාගේ ඒ ඒ විභව ග්රහණ වශයෙනි. තවද පූර්වයන්ද තෙකල්හිම විද්යමානයයි ග්රහණය කරන හෙයින් ශාශ්වත දෘෂ්ටියයි. වර්තමානය පමණෙක් ඇතැයි ගනු ලබනුයේ උච්ඡේද දෘෂ්ටියයි. පශ්චිමයන්ද අතීත, අනාගතයන්හි නැතයයි ග්රහණය කරන හෙයින් පුදපූජා අළුධූලි වීමෙන් අභාවයට යෙති. එහි ප්රතිඵල නැතැයි ගත් දෘෂ්ටිගතිකයින්ගේ මෙන් උච්ඡේද දෘෂ්ටියි. අතීතයෙහිම නැතැයි ගනු ලබන්නී හේතුවක් නොමැතිව හටගත්තේය යන, දෘෂ්ටිකයාගේ මෙන් ශාශ්වත දෘෂ්ටියයි. ‘අත්තනාව අත්තානං පඤ්ජානාමි’ යනු සංඥා ස්කන්ධ ශීර්ෂයෙන් ස්කන්ධයන් ආත්මයයි ගෙන, සංඥාවගෙන් අවශේෂ ස්කන්ධයන් දැනගන්නා හෙයින් මේ ආත්මයෙන් මේ ආත්මය දැනගනිමියි වේ. ‘අත්තනාව අනත්තානං’ යනු සංඥා ස්කන්ධයම ආත්මයයි ගෙන අනෙක් සතර ස්කන්ධයන්ම අනාත්මයැයි ගෙන සංඥාවෙන් ඒවා හඳුනා ගන්නා කල්හි මෙසේ සිතක් වේ. ‘අනත්තනාව අත්තානං’ යනු සංඥා ස්කන්ධය අනාත්මයැයි ගෙන, අනෙක් සතර ස්කන්ධයන් ආත්මයැයි ගෙන එම හැඟීමෙන් ඒවා හඳුනනවිට මෙසෙ සිතක් වේ. සියල්ලම ශාශ්වත උච්ඡේද දෘෂ්ටීහුමය. ‘වදොවෙදෙය්යො’ යනාදීහු වනාහි ශාශ්වත දෘෂ්ටියෙහිම තදින් සිත පිහිටුවා ගැනීමයි. එහි කියානුයි වදො නමැ. වාග් කර්මයෙහි කාරකයායි යූ.සේයි. විඳීනුයි වෙදෙය්ය නමැ. දනියි අනුභව කරයි යයි යූ.සේයි. කුමක් විඳීද? ඒ ඒ තන්හි යහපත් හා පාපී කර්මයන්ගේ විපාක මනාව විඳියි. ‘තත්ර තත්ර’ යනු, ඒ ඒ යෝනි-ගති-ඨිති-නිවාස, නිකාය හෝ ආරම්මණයන්හි, ‘නිච්චො’ යනු උත්පාද ව්යය රහිත, ‘ධුවො’ යනු ස්ථිර, සාර වූ, ‘සස්සතො’ යනු සර්වකාලික ‘අවිපරිණාම ධම්මො’ යනු තමාගේ ප්රකෘති ස්වභාවය අත්නොහරින ස්වභාවය අතියේ, කටුස්සා මෙන් විවිධාකාරත්වයට නොපැමිණේ. ‘සස්සති සමං’ සඳ හිරු, සමුද්ර, මහා පෘථුවිය, පර්වත ලෝක ව්යවහාරයෙන් සස්සති යයි කියති. එම සස්සතීන් සමග සම වූයේ සස්සති සමංයි. යම්තාක් කල් සස්සතීහු පවතිත්ද ඒතාක් එසේම සිටීයයි ගන්නා කල්හි මෙබඳු දෘෂ්ටි වේ.