69. ආසයානුසය ඤාණ නිර්දේශ වර්ණනාව
ආසයානුසය ඤාණ නිර්දේශයෙහි, ඉධ තථාගතො යන ආදී පංචාකාරයෙන් තබන ලද නිර්දේශයයි. එහි ආසයානුසය කියන ලද අර්ථමය. චරිතං පෙර කරන ලද කුසලාකුසල කර්ම, අධිමුත්ති යනු කුසල්, අකුසල් හැමතන්හි සිත්හි ඇල්ම අත්හැරීම, භබ්බා භබ්බෙ යනු සුදුසු නුසුදුසු, ආර්ය ජාතියෙහි හටගනිත්. උපදිත්නුයි භබ්බායි. සමීප වර්තමාන, වර්තමාන වචනයි. වන්නාහුය උපදින්නාහුයයි භබ්බායි. උපකාර වූයේ යයි යන අර්ථයි. ආර්ය මාර්ග ප්‍රතිවේධයට සුදුසු, උපනිශ්‍රය සම්පන්න යම්කෙනෙක් වෙත්ද? ඔව්හු භබ්බ නම් වෙති. කියන ලද්දට ප්‍රතිපක්‍ෂ වූයේ අභබ්බයි.
‘කතමොච සත්තානං ආසයො’ යනාදී නිර්දේශයෙහි ප්‍රතිනිර්දේශය. එහි සස්සතො යනු ලෝකය නිත්‍යයයි යන අර්ථයි. මෙහි සිරුරම නැසේ. ආත්මය වනාහි මෙහිද අන් තන්හිද ඔහුම යැයි හඟත්. අසස්සතො යනු ආත්මය අනිත්‍යයි. ශරීරය සමගම නස්නේ යයි හඟිත්. අන්තවා යනු අල්ප කසිණයෙහි ධ්‍යාන උපදවා ඒ පරිත්ත කසිණය අරමුණු කොටගත් කසිණ සිත කෙළවර සහිත ආත්මයැයි හඟිත්. අනන්තවා යනු අප්‍රමාණ කසිණයෙහි ධ්‍යාන උපදවා, ඒ අප්‍රමාණ කසිණාරම්මණ සිත කෙළවර රහිත ආත්මයයි හඟිත්. තංජීවං තංසරීරං යනු ජීවයද ශරීරයද එයමය. ජීවය යනු ආත්මයයි ලිංග විපර්යාසයෙන් නපුංසක වචනයෙන් කරන ලදි. සරීරං යනු රාශ්‍යර්ථයෙන් ස්කන්ධ පංචකයයි. අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරං යනු ජීවය අනෙකකි. ස්කන්ධ පංචකය අනෙකකි. හොති තථාගතො පරම්මරණා යනු ස්කන්ධ මෙහිම විනාශ වේ. සත්ත්වයා මරණින් මතු විද්‍යමාන වේ. විනාශ නොවේ. තථාගත යනු සත්ත්වයාට විශේෂ නාමයකැයි සමහරු කියති. සමහරු වනාහි තථාගත යනු රහත්හු යැයි කියති. මේවා නොවේයයි එක් පක්‍ෂයක දොස් දැක මෙසේ ගනිත්. නහොති තථාගතො පරම්මරණා යනු ස්කන්ධයෝද මෙහිම නසිත්. සත්ත්වයාද මරණින් මතු නොවේ. සිඳෙන්නේය. විනාශ වන්නේය. මෙම ‘හොති’ යන පක්‍ෂයෙහි දොස් දැක මෙසේ ගනිත්. හොතිච නහොතිච මේ එක් එක් පක්‍ෂයක් දැඩිව ගැනීමෙහි දොස් දැක දෙපාර්ශ්වයම ගනිත්. නෙව හොති න නහොති යන මොවුහු දෙපාර්ශ්වයෙහි දැඩිව ගැනීමෙහි, දෙපාර්ශ්ව දොස් පැමිණීම දැක වූයේද නොවූයේද වේ. නොවන්නේද නොවේ. වන්නේද නොවේ යයි අමරා වික්‍ෂෙප පක්‍ෂය ගනිත්. මේ මෙහි අටුවා ක්‍රමයයි.
සස්සතො ලොකොතිච යන ආදියෙහි දස ආකාරයන්ගෙන් දෘෂ්ටි ප්‍රභේදයම යූ.සේයි. එහි සස්සතො ලොකො යනු ස්කන්ධ පංචකය ලෝකයැයි ගෙන මේ ලෝකය නිත්‍යය, තිරය, සර්වකාලිකයැයි ගන්නහුට ශාස්වතැයි ග්‍රහණාකාරයෙන් පවත්නා දෘෂ්ටියයි. අසස්සතො යනු එම ලෝකයම නැසෙන්නේය. විනාශ වන්නේ යයි ගන්නහුට විනාශය ග්‍රහණාකාරයෙන් පවත්නා දෘෂ්ටියයි. අන්තවා යනු පරිතත කසිණලාභියා, කුල්ල පමණ නැළිය පමණ කසිණයෙහි සමවැදුණහුට, සමවත තුළ පවත්නා ලද, රූපාරූප ධර්මයන් ලෝකය යැයිද, කසිණ පරිච්ඡේදදාන්තයෙන් අන්තයැයි ගන්නහුට, ලෝකය අන්තවත්යැයි ග්‍රහණාකාරයෙන් පවත්නා දෘෂ්ටියයි. එය ශාස්වත දෘෂ්ටියද, උච්ඡේද දෘෂ්ටියද මේ එම කසිණයෙහි සමවැදුණු පැතිරුණු කසිණ ලාභිහුට, සමවත තුළ පැවැති රූපාරූප ධර්මයන් ලෝකයයැයිද, කසිණ පරිච්ඡේදාන්තයෙන්ද, අන්තයක් නැතැයි ගන්නහුට ලෝකය අනන්තයැයි ග්‍රහණාකාරයෙන් පැවැති දෘෂ්ටියයි. එය ශාස්වත දෘෂ්ටියද උච්ඡේද දෘෂ්ටියද වේ. තං ජීවංතං සරීරං යනු බිඳෙන ස්වභාවැති ශරීරයටම ජීවය යැයි ගත් හෙයින් ශරීරය විනාශවන කල්හි, ජීවයද විනාශ වේයැයි නැසීම් ග්‍රහණාකාරයෙන් පැවැති දෘෂ්ටියයි. දෙවන පදයෙහි, ශරීරයෙන් අන්‍ය ජීවයාගේ ග්‍රහණය කළ හෙයින්, ශරීරය විනාශවන කල්හිද ජීවය විනාශ නොවන්නේ යැයි ශාස්වත ග්‍රහණාකාරයෙන් පැවැති දෘෂ්ටියයි. හොති තථාගතො යනු ආදීන්හි සත්ත්වයා තථාගත නමැ. ඔහු මරණින් මතු වේයයි ගන්නා කල්හි ප්‍රථම ශාශ්වත දෘෂ්ටියයි. නොවේයයි ගන්නා කල්හි දෙවන උච්ඡේද දෘෂ්ටියයි. වෙයි, නොවෙයි ආකාරයෙන් ගන්නා කල්හි ඒකච්ච ශාශ්වත දෘෂ්ටියයි නොම වේ. නොවන්නේද නොවේයයි ගන්නා කල්හි සිව්වන වික්‍ෂෙප දෘෂ්ටියයි.
ඉති යනු කියන ලද ආකාර ඇති දෘෂ්ටි හේතු දැක්වීමයි. භව දිට්ඨි සන්නිස්සිතා වා සත්තා හොන්ති විභව දිට්ඨි සන්නිස්සිතාවා යනු භවය ශාශ්වතයැයි යූ.සේයි. ශාශ්වත වශයෙන් උපදිනු ලබන දෘෂ්ටිය භව දෘෂ්ටියයි. භව යනුද, දෘෂ්ටි යනුද යූ.සේයි. උච්ඡේදය විභවයැයි යූ.සේයි. උච්ඡේද වශයෙන් උපදිනු ලබන දෘෂ්ටිය විභව දෘෂ්ටියි. විභවයැයිද දෘෂ්ටියැයිද යූ.සේයි කියන ලද ආකාර ඇති දසවැදෑරුම් දෘෂ්ටිය, භව දෘෂ්ටියැයිද, විභව දෘෂ්ටියැයිද දෙයාකාරවම වේ. ඒ ද්වයය එකිනෙක ආශ්‍රිත වූවාහු, ආශ්‍රිත නොවූවාහු, එකට ඇලුණාහු වෙති.
එතෙවා පන උභො අන්තෙ අනුපගම්ම යන මෙහි ‘අග්ගිතොවා උදකතොවා මිථුභෙදාවා’ යන ආදීන්හි මෙන් ‘වා’ ශබ්දය එක් කිරීම් අර්ථයෙහිය. ඒවා කියන ලද ආකාර ඇති ශාශ්වත උච්ඡේද වශයෙන්, පක්‍ෂ ද්වයයෙහි නොඑළඹී, නොඇලී, අත්හැර යන අර්ථයි. අනුලෝමික ක්‍ෂාන්තිය යනු විකල්පාර්ථයෙහි හෝ යෙත්. ඉදප්පච්චයතා පටිච්ච සමුප්පන්නෙසු මේ ජරාමරණාදීන්ට ප්‍රත්‍යය වූයේ, ඉදප්පච්චයායි. ඉදප්පච්චයම > ඉදප්පච්චයතායි. ඉදප්පච්චයන්ගේ සමූහය හෝ ඉදප්පච්චයතායි. මෙහි ලක්‍ෂණය ශබ්ද ශාස්ත්‍රයෙන් පර්යේෂණ කළයුතුයි. ඒ ඒ ප්‍රත්‍යයන් නිසා සමග මනාව උපන්නාහු පටිච්ච සමුප්පන්නයි. ඒ ප්‍රතීත්‍ය සමුත්පන්න ධර්මයන්හි ඒ ඉදප්පච්චයතාවයෙහි. අනුලොමිකාති ඛන්ති යනු ඤාණයයි. ඤාණය වනාහි ඉවසන හෙයින් ඛන්තියි. පටිලද්ධාහොති යනු සත්ත්වයන් විසින් අවබෝධ කරන ලද්දාහු වෙති. ප්‍රත්‍යයෙන් හටගත් ධර්මයන්ට, ප්‍රත්‍යය සාමාග්‍රිය අයත් බැවින් ඉදප්පච්චයතා ක්‍ෂාන්තියෙන් උච්ඡේදත්‍වයට නොපැමිණිම වේ. ප්‍රත්‍යයන් අනුව උසස් දැක්මෙන්, ඵලයන් අනුව උසස් දර්ශනයක් වන හෙයිනි. ප්‍රතීත්‍ය සමුත්පන්න ධර්මයන්හි ක්‍ෂාන්තියෙන් ශාශ්වතත්වයට නොඑළඹීම වේ. ප්‍රත්‍යය සාමග්‍රියෙහිදී අලුත් අලුත් ප්‍රත්‍යයන්ගෙන් හටගන්නා වූ ධර්මයන්ගේ ඉපැත්ම දක්නා හෙයිනි. මෙසේ මේ අන්තද්වයට නොපැමිණ, ප්‍රතීත්‍ය සමුත්පාද, ප්‍රතීත්‍ය සමුත්පන්න ධර්ම දැක්මෙන් උච්ඡේදය නොවේ. ශාශ්වත නොවේයැයි පවත්නා මනා දර්ශනය අනුලොම් ක්‍ෂාන්තිය යැයි දතයුත්තාහ. මෙසේ එම දෘෂ්ටි ද්වයට ප්‍රතිපක්‍ෂ වූ සම්‍යග් දෘෂ්ටිය යූ.සේයි. යථාභූතං වා ඤාණං යනු, තත් වූ පරිදි, ස්වභාව පරිදි, දතයුතු දෑ එහි පැවැති ඤාණයද, විෂය ව්‍යවහාරයෙන් යථාභූත ඤාණයයි යූ.සේයි. එය වනාහි සංස්කාරෝපේක්‍ෂා කෙළවර කොටැති විවසුන් නැණ මෙහි අදහස් කරන ලදි. යට වනාහි යථාභූත ඤාණ දර්ශනයැයි භයතුපට්ඨාන ඤාණය යූ.සේයි. තත්වූ පරිද්දෙන් දන්නා නුවණ සත්ත්වයන් විසින් ලබන ලද්දේ වේයයි සම්බන්ධයයි.