පඤ්චඤාණ ප්රකීර්ණකය
මෙ පස් නැණතර, සෘද්ධිවිධ ඤාණය, පරිත්ත මහග්ගත, අතීත, අනාගත, ප්රත්යුත්පන්න, ආධ්යාත්මික, බාහිර අරමුණු වශයෙන් සත් අරමුණුවල පවතියි. ශ්රෝත්රධාතු විශුද්ධි ඤාණය, පරිත්ත, ප්රත්යුත්පන්න, ආධ්යාත්මික, බාහිර අරමුණු වශයෙන් සතර අරමුණුවල පවතියි. චේතොපරියඤාණය, පරිත්ත, මහග්ගත, අප්රමාණ, මාර්ග, අතීත, අනාගත, වර්තමාන, බහිද්ධාරම්මණ වශයෙන් අෂ්ටාරම්මණයන්හි පවතියි. පූර්වේනිවාසානුස්මෘති ඤාණය,
පරිත්ත, මහග්ගත අප්රමාණ, මාර්ග, අතීත, ආධ්යාත්මික බහිද්ධාරම්මණ වශයෙන් අෂ්ටාරම්මණයන්හි පවතියි. දිව්ය චක්ෂුර් ඤාණය, පරිත්ත, ප්රත්යුත්පන්න, ආධ්යාත්මික, බහිද්ධාරම්මණ වශයෙන් චතුරාරම්මණයන්හි පවතියි. යථා කම්මූපගඤාණය, පරිත්ත, මහග්ගත, අතීත, ආධ්යාත්මික, බහිද්ධාරම්මණ වශයෙන් පංචාරම්මණයන්හි පවතියි. අනාගතංස ඤාණය, පරිත්ත, මහග්ගත, අප්රමාණ, මාර්ග, අනාගත, ආධ්යාත්මික, බාහිර, නවත්තබ්බාරම්මණ වශයෙන් අෂ්ටාරම්මණයන්හි පවතියි.
පඤ්චඤාණ ප්රකීර්ණකය නිමි.
55. ආශ්රවක්ෂය ඤාණ නිර්දේශ වර්ණනාව
ආශ්රවක්ෂය ඤාණ නිර්දේශයෙහි, අනඤ්ඤාතඤ්ඤස්සාමිතින්ද්රියාදීන් කියන ලද අර්ථමය. කතිඨානානි ගච්ඡති යනු එකිනෙකෙහි උත්පත්ති ස්ථාන නියම කිරීම සඳහා විමසීමයි. එකං ඨානං ගච්ඡති එක් ස්ථානයෙක්හි උපදීයයි යූ.සේයි. උත්පත්ති අවකාශ ස්ථානයෙහි සිටිනුයේ මෙහිනුයි ඨානයයි යූ.සේයි. ඡඨානානි යනු ෂට් මාර්ග එලක්ෂණයෙහි, ඉන්ද්රියයන්ගේ අනඤ්ඤතඤ්ඤස්සා මිතින්ද්රියාදී ත්රයයෙහි, එකින් එකම අධික වේයයි දැක්වීම සඳහා ‘සද්ධින්ද්රියං අධිමොක්ඛ පරිවාරං හොති’ ආදිය යූ.සේයි. යම්සේ ‘සද්ධින්ද්රියං ධම්මො අධිමොක්ඛට්ඨො අත්ථො’ යන ආදීන්හි අධිමෝක්ෂාදීහු සද්ධින්ද්රියාදීන්ට කෘත්ය වශයෙන් යූ.සේයි. මෙසේ මෙහිද අධිමෝක්ෂය පිරිවර වේයයි සද්ධින්ද්රිය අධිමෝක්ෂාර්ථයෙන් පිරිවර වේයයි යූ.සේයි. සෙස්සෙහිද එම ක්රමයමැයි. පරිවාරං යනුවෙන් ලිංග විපර්යාසය කරන ලදි. පඤ්ඤින්ද්රියං යනු අනඤ්ඤාතඤ්ඤස්සාමිති ඉන්ද්රියයමය. දැනගැනීම් ස්වභාවය දැක්වීම සඳහා වෙන්කොට යූ.සේයි. අභිධර්මයෙහිද ප්රඥාවගේ කෘත්ය විශේෂ දැක්වීම සඳහා මාර්ගක්ෂණයෙහිද, එලක්ෂණයෙහිද, එකම ප්රඥාව අටවැදෑරුම්කොට බෙදන ලදි. අභිසන්දන පරිවාරං යනු ස්නාන චූර්ණයන්ට දිය මෙන් චිත්ත චෛතසිකයන්ගේ තෙත් කිරීමෙන් පිරිවර වේ. මෙය සොම්නස හා යෙදුණු මාර්ග වශයෙන් යූ.සේයි. උපේක්ෂා සම්ප්රයුක්ත මාර්ගයෙහි වනාහි සොම්නස් ඉන්ද්රියස්ථානයෙහි උපේක්ෂා ඉන්ද්රිය දතයුතුය. එය වනාහි සම්ප්රයුක්තයන්ට අතිශය අභිවෘද්ධියට පැමිණවීමේ පරිවාරයයි නොගත යුතුය. පවත්ත සන්තතාධිපතෙය්ය පරිවාරං යනු පවත්නා නොකඩවා පැවැත්ම පවත්ත සන්තතියි. වර්තමාන චිත්ත පරම්පරාව යයි අර්ථයි. ප්රධාන භාවය = ආධිපතෙය්යයි. පවත්නා නොකඩවා පැවැත්මෙහි අධිපතිත්වය පවත්ත සන්තතාධිපතෙය්ය නමැ. වර්තමාන ජීවිතෙන්ද්රියයාගේ මතු පැවැත්මෙහි ප්රත්යය වන හෙයින් පූර්වාපර වශයෙන් පවත්නා සන්තතියෙහි අධිපතිභාවයෙන් අනඤ්ඤාතඤ්ඤස්සාමිතින්ද්රියට පිරිවර වේ.
සොතාපත්ති මග්ගක්ඛණෙ ජාතා ධම්මා යනාදී සියලු මාර්ග මාර්ග සම්ප්රයුක්තයන්ගේ ගුණකථනය සඳහා යූ.සේයි. එහි මග්ගක්ඛණෙ ජාතා යනු මාර්ග සමග හටගත්තාහුමය. අන්යයෝ නොවෙති. මාර්ග සමග හටගත්තා වූද, රූපය කුසල් ආදී නාමය නොලබයි. එහෙයින් එය ඉවත් කරනුයේ ඨපෙත්වා චිත්ත සමුට්ඨානාංරූපං ආදිය වදාළහ. ඒ සියලුම ධර්මයෝ පිළිකුල් දෑහි සෙලවීම් ආදී අර්ථයන්ගෙන් කුසලායි. (කුසල්ය). ඒවා අරමුණුකොට පවත්නාහු ඔවුන්ට ආශ්රවයෝ නැත්තේනුයි අනාසවායි. සසර වෘත්තයෙහි මුල සිඳින්නාහු නිර්වාණය අරමුණුකොට සසර වෘත්තයෙන් ගෙන යෙත්නුයි නිය්යාණිකායි. කුසල්, අකුසල් සංඛ්යාත රැස්කිරීමෙන් පහවූ හෙයින් රැස්කළ දෙය විසුරුවීම් සංඛ්යාත නිර්වාණය අරමුණුකොට පවත්නා හෙයින් රැස්කළ දෙය විසුරුවීමට යෙත්නුයි අපචයගාමිනොයි පැවැත්ම සිඳබිඳලමින්, විනාශ කරමින් යෙත්නුයි අපචයගාමිනොයි ලෝකයෙහි අන්තර්ගත නොවන ස්වභාවයෙන් ලෝකයෙන් එතෙර වූවාහු, එගොඩ වූවාහුනුයි ලොකුත්තරායි. නිර්වාණය අරමුණුකොට ඇත්තේ ඔවුන්ටනුයි නිබ්බාණාරම්මණායි.
ඉමානි අට්ඨින්ද්රියානි යනු පෙර මුලදී කියන ලද පරිවාර ස්වභාවයාගේද ඒවා සමග එක්ව යෙදීම් ආදී ස්වභාවයාගේද මුලදී කියන ලද ආකාරයන්ද දැක්වීම සඳහා යූ.සේයි. එහි අට්ඨින්ද්රියානි යන පෙර කියන ලද ආකාරයෙන් පඤ්ඤින්ද්රිය සමග අටකි. සහජාත පරිවාරා යන අටෙහි එකිනෙක සමග අනෙක් අනෙක් සත එකට හටගෙන එයට සහජාත වශයෙන් පරිවාර වෙයි. එසේම අනෙකක් අනෙකකට, අනෙකක් අනෙකකටදැයි මෙසේ ඔවුහු අන්යොන්යව පරිවාර වෙති. එසේම, නිශ්රය, පරිවාර, සම්ප්රයුක්ත පරිවාරද වෙති. සහගතා යනු එයින් අනඤ්ඤාතඤ්ඤස්සාමිතින්ද්රිය සමග ඒකෝත්පාදාදී ස්වභාවයට ගියාහු, සහජාතා යනු එය සමගම හටගත්තාහු, සංසට්ඨා යනු එය සමගම එකට මිශ්රවූවාහු, සම්පයුත්තා යනු එය සමගම සමව ඒකෝත්පාදාදී ආකාරයන්ගෙන් යුක්ත වූවාහු, තෙ වා යනු එම අෂ්ට ඉන්ද්රිය ධර්මයන්ම, තස්සා යනු අඤ්ඤාතඤ්ඤස්සාමිතින්ද්රියට, ආකාරා යනු පිරිවර කොටස්,
ඵලක්ඛණෙ ජාතා ධම්මා සබ්බෙව අබ්යාකතා හොන්ති යනු රූපයාගේ අව්යාකෘතභාවය හෙයින්, චිත්ත සමුට්ඨාන රූපය සමග මාර්ගයාගේම කුසලතාවය නෛර්යාණිකත්වය, සිඳ බිඳ දැමීම් ස්වභාවය කියන ලදි. ඵලක්ෂණයෙහි, කුසලයැයිද, නෛර්යාණිකයැයිද, සිඳ බිඳ දැමීම් ස්වභාවය යැයිද නොකියන ලදි. ඉති ආදි කියන ලද ආකාර නිගමනයයි, එහි, අට්ඨට්ඨකානි යනු අට මාර්ග ඵලයන්හි, එකිනෙකට අෂ්ටකයාගේ වශයෙන් අට ඉන්ද්රිය අෂ්ටකයෝය. චතුසට්ඨි හොන්ති යනු සිව්සැට ආකාර වෙති. ආසවා යනු යටකියන ලද අර්ථමය. මෙහි අර්හත් මාර්ගයෙන් නැසිය යුතු ආශ්රවයන් නොකියා සෙසු මාර්ගත්රයෙන් නැසිය යුතු ආශ්රවයන් ක්ෂය කරන හෙයින් ක්ෂයෙහි ඤාණයයි කියනු ලැබේ. එහෙයින්ම රහත්හුම ක්ෂීණාශ්රවයයි කියනු ලැබෙත්.