43. ප්රදේශ විහාර ඤාණ නිර්දේශ වර්ණනාව
ප්රදේශ විහාර ඤාණ නිර්දේශයෙහි, යම් ආකාරයකින් මාතෘකාවෙහි උදෙසන ලද, ප්රදේශය ප්රත්යවේක්ෂා කටයුතුද? එය දක්වන්නේ ‘මිථ්යා දෘෂ්ටි ප්රත්යයෙන්ද විඳීම’ යැයි ආදිය වදාළහ. එහි - මිච්ඡාදිට්ඨි පච්චයා යනු දෘෂ්ටි සම්ප්රයුක්ත වේදනාවද වටී. දෘෂ්ටිය උපනිශ්රයකොට උපන් කුසල් අකුසල් වේදනාද විපාක වේදනාද, එහි මිථ්යා දෘෂ්ටි සම්ප්රයුක්ත අකුසලම වේ. දෘෂ්ටිය උපනිශ්රයකොට කුසල්ද අකුසල්ද උපදී. මිථ්යාදෘෂ්ටිකයෝ දෘෂ්ටිය උපනිශ්රයකොට කාලපක්ෂ, ශුක්ල පක්ෂ දිනයන්හි කැඳබත් ආදිය දෙති. අන්ධ, කුෂ්ට ආදීන්ට වැටුප් පිහිටුවති. සිව්මංසල්හි විශ්රාමශාලා කරති. පොකුණු හාරති. පුෂ්පාරාම ඵලාරාම රෝපණය කරති. ගංගා දුර්ගම ස්ථානයන්හි ඒදඬු අතුරති. විසම ස්ථාන සම කරති. මෙසේ ඔවුන්ට කුසල වේදනා උපදී. මිථ්යා දෘෂ්ටිය නිසා සම්යක් දෘෂ්ටිකයන්ට අක්රෝශ කරති. පරිභව කරති. වධබන්ධනාදිය කරති. ප්රාණීන් මරා දේවතාවුන්ට එළවති. මෙසේ ඔවුන්ට අකුසල් වේදනා උපදී. භවන්තරගත වූවන්ට විපාක වේදනා වෙයි. ඒ මිථ්යාදෘෂ්ටිය සමග හටගත් වේදනාවට සහජාත, අඤ්ඤමඤ්ඤ, නිස්සය, සම්ප්රයුක්ත, අත්ථි, අවිගත ප්රත්යයන්ගෙන් ප්රත්යය වෙයි. සමනන්තර නිරුද්ධ මිථ්යා දෘෂ්ටිය වර්තමාන මිථ්යා දෘෂ්ටි සම්ප්රයුක්ත වේදනාවට, අනන්තර, සමනන්තර උපනිශ්රය, ආසේවන, නත්ථි, විගත යන ප්රත්යයන්ගෙන් ප්රත්යය වෙයි. මිථ්යා දෘෂ්ටිය ගරුකොට සතුටුවන්නහුගේ ලෝභ සහගත වේදනාවට, ආරම්මණ අධිපති, ආරම්මණ උපනිශ්රය ප්රත්යයන්ගෙන් ප්රත්යය වෙයි. සියලු අකුසලයන්හි, මිථ්යා දෘස්ටි ආරම්මණ මාත්රය කරන්නහුට, සියලු අකුසල් වේදනාවෙහි, මිථ්යාදෘෂ්ටිය, ප්රත්යවේක්ෂා කරමින්, විදර්ශනා කරන්නහුට, කුසලාව්යාකෘත වේදනා වශයෙන් ආරම්මණ ප්රත්යයෙන් ප්රත්යය වේ. මිථ්යාදෘෂ්ටි හේතුවෙන් උපදින්නා වූ කුසලාකුසල වේදනාවන්ට භවන්තර විපාක වේදනාවන්ට උපනිශ්රය ප්රත්යයෙන් ප්රත්යය වේ.
මිච්ඡාදිට්ඨි වූපසම පච්චයා යනු මිථ්යාදෘෂ්ටි සන්සිඳීම නම් සම්යක් දෘෂ්ටියයි. සම්යග් දෘෂ්ටි ප්රත්යයෙන් යම් විඳීමක් කියන ලද්දේද? එයම මිථ්යාදෘෂ්ටි සන්සිඳීම් ප්රත්යයයි දතයුතුය. සමහරු වනාහි මිථ්යා දෘෂ්ටි සන්සිඳීම නම් විදර්ශනා ක්ෂණයෙහි සෝවාන් ඵලක්ෂණයෙහි යයි කියති.
සම්මා දිට්ඨි පච්චයාපි වෙදයිතං යනු මෙහිද සම්යග් දෘෂ්ටි සම්ප්රයුක්ත වේදනාවද සුදුසුය. සම්යක් දෘෂ්ටිය උපනිශ්රයකොට උපන් කුසලාකුසල වේදනාවද, විපාක වේදනාවද වේ. එහි සම්යග් දෘෂ්ටි සම්ප්රයුක්ත වූවාහු කුසල්ම වේ. සම්යග් දෘෂ්ටිය උපනිශ්රයකොට, බුද්ධපූජා, පහන් පූජා, මල් රෝපණ, මහා ධර්මශ්රවණ, නොපිහිටි දිසාභාගයන්හි චෛත්යයන් පිහිටුවීමය යන මේ ආදී පින් කරත්. මෙසේ ඔවුන්ට කුසල වේදනා උපදී. සම්යග් දෘෂ්ටියම නිසා මිථ්යාදෘෂ්ටිකයින්ට අක්රොශ කරති. පරිභව කරති. තමා උසස්කොට සලකති. අනුන් පහත්කොට සලකති. මෙසේ ඔවුන්ට අකුසල් වේදනා උපදියි. විපාක වේදනා භවන්තරගත වූවන්ටම වෙයි. එම සම්යග් දෘෂ්ටිය සමග හටගත්, සමනන්තර නිරුද්ධ වූ, වර්තමාන වේදනාවට, මිථ්යාදෘෂ්ටියෙහි කියන ලද ප්රත්යයන්ගෙන් ප්රත්යය වන්නේය. ලෞකික සම්යග් දෘෂ්ටිය ප්රත්යවේක්ෂණ සම්ප්රයුක්ත, විදර්ශනා සම්ප්රයුක්ත නිකන්ති සම්ප්රයුක්ත වේදනාවට ආරම්මණ ප්රත්යයෙන් ප්රත්යය වේ. මිථ්යා දෘෂ්ටියට කියන ලද අයුරින්ම උපනිශ්රය ප්රත්යයෙන් ප්රත්යය වේ. මාර්ගඵල සම්යග් දෘෂ්ටි ප්රත්යවේක්ෂණ සම්ප්රයුක්ත වේදනාවට, ආරම්මණ, ආරම්මණාධිපති ආරම්මණ උපනිශ්රය ප්රත්යය වශයෙන් ප්රත්යය වේ.
සම්මාදිට්ඨි වූපසම පච්චයාපි වෙදයිතං යනු සම්යග් දෘෂ්ටි සන්සිඳීම නම් මිථ්යා දෘෂ්ටියයි. එහෙයින් ඒ මිථ්යාදෘෂ්ටි ප්රත්යයෙන් විඳීමක් කියන ලදද? එයම සම්යග් දෘෂ්ටි සන්සිඳීම් ප්රත්යය යැයි දතයුතුයි. මිච්ඡා සංකප්ප පච්චයා මිච්ඡා සංකප්ප වූපසම පච්චයා යන ආදීන්හිද එම ක්රමයමැයි. යමකට, යමකට සන්සිඳීම් ප්රත්යයැයි කියනු ලැබේද? එයට ප්රතිපක්ෂ ධර්ම ප්රත්යයවම ඒ ඒ විඳීම අදහස් කරන ලදි. මිථ්යා ඤාණාදීන්හි වනාහි මිච්ඡා ඤාණ නම් පාපක්රියාවන්හි ක්රමෝපාය සිතීමයි නොහොත් මිථ්යා ඤාණය මිථ්යා ප්රත්යවේක්ෂා ඤාණයයි. සම්මා ඤාණං යනු විදර්ශනා සම්යග් දෘෂ්ටියද, ලෝකෝත්තර සම්යග් දෘෂ්ටියද හැර සෙසු කුසලාව්යාකෘත ඤාණයයි. මිච්ඡා විමුත්ති නම් පාප විමුක්තියයි. නොහොත් අනිසි විමුක්තිය, අනිර්යානික විමුක්තියයි. නොමිදුණේම වූයේ මිදුණු සංඥාවත් වූයේ, සම්මා විමුත්ති නම් කල්යාණාධිමුත්තිතායෙන් යුත් ඵල විමුක්තියයි. සම්යග් දෘෂ්ටි ආදීහු යට කියන ලද අර්ථමය.
ඡන්දපච්චයාපි යනාදීන්හි ඡන්දය නම් ලෝභයයි. ඡන්ද ප්රත්යයෙන් අටවැදෑරුම් ලෝභ සහගත සිත හා සම්ප්රයුක්ත වේදනා දතයුත්තාහ. ඡන්දය සන්සිඳීම් ප්රත්යයෙන් ප්රථමධ්යාන වේදනාව වේ. විතර්ක ප්රත්යයෙන් ප්රථමධ්යාන වේදනාවද, විතර්ක සන්සිඳීම් ප්රත්යයෙන් ද්විතීය ධ්යාන වේදනාවද, ප්රථමධ්යානය හැර සෙසු ෂට් සමාපත්ති වේදනා සංඥා ප්රත්යයෙන් වේ. සංඥා සන්සිඳීම් ප්රත්යයෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතන වේදනාව වේ.
ඡන්දොච අවුපසන්තො හොති ආදීන්හි ඡන්ද, විතර්ක සංඥා නොසන්සිඳුණේ වෙතියි අර්ථයි. තප්පච්චයා යනු ඡන්ද, විතර්ක සංඥාවන්ගේ නොසන්සුන් භාවයම ප්රත්යය වූයේ = තප්පච්චයොයි. එහෙයින් ඒ ප්රත්යයෙන්, ඡන්ද විතර්ක සංඥා නොසන්සිඳීම් හේතුයෙන් වේදනාවන් වෙතියි අර්ථයි. ඒ අෂ්ට ලෝභ සහගත සිත හා යෙදුණු වේදනා වන්නේය. ඉදින් ඡන්දය සන්සිඳුණේ විතර්ක සංඥා නොසන්සිඳුණාහු වෙති. ඒ හේතුයෙන් යයි යනු ඒ ඡන්දයාගේ සන්සිඳීම විතර්ක සංඥාවන්ගේ නොසන්සිඳීමම ප්රත්යය වූයේ තප්පච්චයොයි. එහෙයින් ඒ ප්රත්යයෙන්, එම ප්රථමධ්යාන වේදනාව වන්නේය. ඉදින් ඡන්ද විතර්ක සන්සිඳුණාහු, සංඥාව නොසන්සිඳුණාහු වෙත්ද? ඒ ප්රත්යයෙන් යයි යනු ඒ ඡන්ද විතර්කයන්ගේ සන්සිඳීම සංඥාවගේ නොසන්සිඳීමම ප්රත්යය වූයේ තප්පච්චයොයි. එහෙයින් ඒ හේතුවෙන් (ඒ කරුණෙන්) එම ද්විතීය ධ්යාන වේදනාව වන්නේය. ඉදින් ඡන්ද විතර්ක සංඥා සන්සිඳුණාහුද, ඒ ප්රත්යයෙනැයි ඒ ඡන්ද විතර්ක සංඥාවන්ගේ සන්සිඳීමම ප්රත්යය වූයේ තප්පච්චයොයි. එහෙයින් ඒ හේතුයෙන් එම නේවසඤ්ඤානාසඤ්ඤායතන වේදනාව වන්නේය. සමහරු වනාහි, ඡන්දය නම් අර්පණාවට පැමිණෙන්නෙමියි පූර්වභාග ධර්මච්ඡන්දයයි කියති. අර්පණාප්රාප්ත වූවහුට ඒ ඡන්දය සන්සිඳුණේ වේ. ප්රථමධ්යානයෙහිදී විතර්කය වෙයි. ද්විතීය ධ්යානයට පත්වූවහුගේ විතර්කය සන්සිඳුණේ වෙයි. සත් සමාපත්තීන්හි සංඥාව වෙයි (තිබේ) නේවසඤ්ඤානාසඤ්ඤායතනයට සමවන්නහුගේද, නිරෝධයට සමවන්නහුගේද සංඥා සන්සිඳුණාහු වේයයි මෙසේ වර්ණනා කරති. මෙහි වනාහි නිරෝධ සමාපත්තිය නොයෙදේ. අප්පත්තස්ස පත්තියා යනු අර්හත් ඵලයට පැමිණීම සඳහා, අත්ථි ආසවං යනු වීර්යය ඇත. ආසාවන්ති යනුද පාඨයි. කසමිම්පි ඨානෙ අනුප්පත්තෙ යනු ඒ වීර්යාරම්භයාගේ වශයෙන් අර්හත් ඵල කාරණයෙහි, ආර්ය මාර්ගයෙහි පැමිණි, තප්පච්චයාපි වෙදයිතං යනු අර්හත්වයාගේ ස්ථිති ප්රත්යයෙන් විඳීම. එයින් සිව්මග සහජාතව නිපන් ලෝකෝත්තර වේදනාවන් ගන්නා ලදි. සමහරු වනාහි ගලා ඒනුයි ප්රතිපත්තිය යැයිද එතන්හිම පැමිණියේ යැයිද, එම භූමිප්රාප්ත වීම යැයිද වර්ණනා කරති.