40. දර්ශන විශුද්ධි ඤාණ නිර්දේශ වර්ණනාව
දර්ශන විසුද්ධි ඤාණ නිර්දේශයෙහි, සබ්බෙ ධම්මා එකසංගහිතා යනු සියලු සංඛත අසංඛත ධර්මයෝ එක් සංඛ්යායෙන් සංග්රහ කරන ලද්දාහ. පිරිසිඳින ලද්දාහ. තථට්ඨෙන යනු විද්යමානාර්ථයෙන්, තම තමාගේ ස්වභාව වශයෙන් විද්යමානාර්ථයෙනැයි අර්ථයි. අනත්තට්ඨෙන කරන්නා, විඳින්නා යන සංඛ්යාත වූ ආත්ම රහිතාර්ථයෙන්, සච්චට්ඨෙන යනු සත්යාර්ථයෙන්, තමාගේ ස්වභාවය දැන ආත්මීය වශයෙන් ව්යවස්ථාපන අභාවයෙන් යන අර්ථයි. පටිවෙධට්ඨෙන යනු ස්වභාව වශයෙන් ඤාණයෙන් ප්රතිවේධ කළයුතු අර්ථයෙන්, මෙහි ලෝකෝත්තර ඤාණයෙන්, මුළානොවීම් වශයෙන්, අරමුණු වශයෙන් ප්රතිවේධය දතයුතුය. අභිජානනට්ඨෙන යනු ලෞකික ඤාණයෙන්, අරමුණු වශයෙන්ද, ලෝකෝත්තර ඤාණයෙන් මුළානොවීම් වශයෙන්ද, අරමුණු වශයෙන්ද, ඒ ඒ ධර්මයන්ගේ ස්වභාව වශයෙන් විශේෂයෙන් දැනීම් අර්ථයෙන්, ‘මහණෙනි, සියල්ල විශිෂ්ට සේ දතයුතුය’ යනාදියෙහි යූ.සේයි. පරිජානට්ඨෙන යනු කියන ලද ක්රමයෙන්ම ලෞකික ලෝකෝත්තර ඤාණයන්ගෙන් ස්වභාව වශයෙන් විශිෂ්ට ලෙස දත් ධර්මයන්ගේ, අනිත්යාදී වශයෙන්ද සසරින් නිදහස්වීම් වශයෙන්ද, පිරිසිඳ දතයුතු අර්ථයෙන්, ‘මහණෙනි, සියල්ල විශේෂයෙන් දතයුතුය’ යනාදියෙහි යූ.සේයි. ධම්මට්ඨෙන යනු ස්වභාව දැරීම් ආදී ධර්මාර්ථයෙන්, ධාතට්ඨෙන යනු ජීව රහිතාදී ධාත්වර්ථයෙන්, ඤාතට්ඨෙන ලෞකික ලෝකෝත්තර ඤාණයන්ගෙන් දැනගන්ට හැකිවන්නේය යන අර්ථයෙන්, යම්සේ දක්නට හැකිවන්නේය යනාදී අර්ථයෙන් දිට්ඨං සුතං මුතං විඤ්ඤාතං රූපං යයි යූ.සේයි. මෙසේ මෙහිද දැනගන්ට හැකිවන්නේය යන අර්ථය ඤාතාර්ථයයි දතයුතුය. සච්ඡිකිරියට්ඨෙන යනු අරමුණු වශයෙන් ප්රතිපක්ෂ කළයුතු අර්ථයෙන්, ඵුසනට්ඨෙන යනු ප්රත්යවේක්ෂා කරන ලද අරමුණු වශයෙන් නැවත නැවත ස්පර්ශ කිරීම් අර්ථයෙන්, අභිසමයට්ඨෙන යනු ලෞකික ඤාණයෙන් විශේෂයෙන් අවබෝධ කළයුතු අර්ථයෙන්, කිසිසේත් චතුස්සත්යයාගේ අවිපරීත භාවයෙහි පැවැති ප්රඥාව සත්ය විවර්ත ඤාණයයි. අභිඥා ප්රඥාව ඤාතාර්ථයෙහි ඤාණයයි. සාක්ෂාත් කිරීමේ ප්රඥාව ස්පර්ශකිරීම් අර්ථයෙහි ඤාණය යයි එකිනෙකම වූ ඤාණ යූ.සේයි. අටුවායෙහිද,
සමවායෙ ඛණෙ කාලෙ - සමූහෙ හෙතු දිට්ඨිසු,
පටිලාභෙ පහානෙච - පටිවෙධෙච දිස්සති
පටිලාභෙ පහානෙච - පටිවෙධෙච දිස්සති
රැස්වීමෙහි, ක්ෂණයෙහි, කාලයෙහි, සමූහයෙහි, හේතුයෙහි දෘෂ්ටීන්හි - ප්රතිලාභයෙහි, ප්රහාණයෙහි, ප්රතිවේධයෙහිද පෙනේ.
ගාථා වර්ණනාවෙහි අභිසමය ශබ්දයාගේ ප්රතිවේධාර්ථය යූ.සේයි. මෙහි වනාහි කියන ලද අර්ථයෙන් ඒවාහි නානත්වය දතයුතුයි. අට්ඨකථායෙහිම ලෞකික ඤාණ වශයෙන් ඒ ධර්මාභිසමය යූ.සේයි.
කාමච්ඡන්දොනානත්තං වික්ෂෙප ස්වභාව හෙයින්, නානාරම්මණ හෙයින් නොයෙක් ආකාර ස්වභාවයැයි අර්ථයි. මෙසේ සියලු කෙලෙස් දතයුත්තාහ. නෙක්ඛම්මං එකත්තං චිත්තෙකාග්රතා ස්වභාව හෙයින්, නානාරම්මණ වික්ෂෙප අභාව හෙයින්ද, එක් ස්වභාවය යැයි අර්ථයි. මෙසේ සියලු කුසල් දතයුත්තාහ. මෙහි පෙය්යාලයෙන් සංක්ෂෙප කරන ලද, ව්යාපාදාදී අකුසලයන්ගේ කියන ලද ආකාර අර්ථයෙන් නානාත්වය දතයුතුය. විතර්ක විචාරාදීන්ගේ වනාහි යට යට ඒවාට මත්තෙහි දළ අර්ථයෙන් නානාත්වය දතයුතුය. ඒක සංගෘහිත නානත්ව ඒකත්වයන්ගේ ප්රතිවේධය මාර්ග ක්ෂණයෙහි සත්යය ප්රතිවේධයෙන් සිදුවෙයි. එහෙයින් ප්රතිවේධයයි පදය උදුරා දක්වා සත්යාවබෝධය දැක්වීය.
පරිඤ්ඤා පටිවෙධං පටිවිජ්ඣති යනු විශේෂයෙන් දතයුතු අවබෝධයෙන් අවබෝධ කරයි. සෙස්සෙහිද එම ක්රමයමැයි. සත්යාවබෝධ කාලයෙහි මාර්ගඥානයට එකෙණෙහිම පරිඤ්ඤා, ප්රහාන, සාක්ෂාත් ක්රියා, භාවනා යන සිව් කෘත්යයෝ වෙති. යම්සේ නැව පෙර පසු නොවී එකෙණෙහිම, මෙතෙර අත්හරියි. දිය ස්රෝතස සිඳියි. භාණ්ඩ උසුලයි. පරතෙරට පැමිණේ යන සිව් කෘත්යයන් කරයි. එපරිද්දෙන්ම මාර්ගඥානය පෙර පසු නොවී එකෙණෙහි සිව්සස් අවබෝධ කරයි. දුක විශේෂ දැනීම් අවබෝධයෙන් අවබෝධ කරයි. සමුදය ප්රහාණ අවබෝධයෙන් අවබෝධ කරයි. මාර්ගය භාවනා අවබෝධයෙන් අවබෝධ කරයි. නිරෝධය සාක්ෂාත් කිරීම් අවබෝධයෙන් අවබෝධ කරයි යයි යූ.සේයි. නිරෝධය අරමුණුකොට කෘත්ය වශයෙන්, චතුරාර්ය සත්යයන් අවබෝධ කරයි. දකියි. ප්රතිවේධ කරයි. යම්සේ මෙතෙර අත්හරීද, මෙසේ මාර්ග ඥානය දුක මනාව දැනගනී. යම්සේ ස්රෝතස සිඳීද? මෙසේ සමුදය අත්හරියි. යම්සේ භාණ්ඩ උසුලයිද? මෙසේ සහජාත ප්රත්යතායෙන් මාර්ගය වඩයි. යම්සේ පරතෙරට පැමිණේද? මෙසේ පරතෙර වූ නිරෝධය සාක්ෂාත් කරයි. මෙසේ උපමා සංසන්දනය දතයුතුය.
දස්සනං විසුජ්ඣති යනු ඒ ඒ මාර්ගයෙන් නැසිය යුතු කෙලෙස් අඳුර ප්රහාණයෙන් ඤාණ දර්ශනය විසුද්ධභාවයට පැමිණේ. දස්සනං විසුද්ධං යනු ඒ ඒ ඵලයාගේ උත්පාද ක්ෂණයෙහි ඒ ඒ මාර්ග ඤාණයාගේ කෘත්ය සිද්ධිප්රාප්තියෙන් ඤාණ දර්ශනය විසුද්ධභාවයට පත්වූයේ වේ. සියලු ධර්මයන්ගේ ඒක සංගෘහිත හෙයින් නානත්ව, ඒකත්ව ප්රතිවේධ ප්රඥාවෙන් මාර්ගඵල ඤාණයන්ගෙන් සිදුවන හෙයින් අන්තයෙහි මාර්ගඵල ඤාණයන් යූ.සේයි.
දර්ශන විශුද්ධි ඤාණ නිර්දේශ වර්ණනාව නිමි.
41-42. ක්ෂාන්ති ඤාණ පරියොගාහන ඤාණ නිර්දේශ වර්ණනා
ක්ෂාන්ති ඤාණ හාත්පසින් බැසගන්නා වූ ඤාණ නිර්දේශයන්හි, රූපං අනිච්චතො විදිතං යනු අනිත්යානුපස්සනාවෙන් අනිත්යයයි දන්නා ලද්දේ, රූපං දුක්ඛතො විදිතං යනු දුක්ඛානුපස්සනාවෙන් දුකයයි දන්නා ලද්දේ, රූපං අනත්තතො විදිතං යනු අනාත්මානුපස්සනාවෙන් අනාත්ම යයි දන්නා ලද්දේ, යං යං විදිතං තං තං ඛමති යනු යම් යම් රූපයක් අනිත්යාදී වශයෙන් දන්නා ලද්දේද, ඒ ඒ රූපය අනිත්යාදී වශයෙන් ඉවසයි. රුචි වේ. රූපය අනිත්ය වශයෙන් දන්නා ලද්දේ, යම් යම් දැයක් දන්නා ලද්දේද? ඒ ඒ දෑ ඉවසයි යයි වෙන් වෙන්කොට සමහර පොත්වල ලියන ලදි. වේදනා, සංඥා, සංස්කාර, අනිත්ය වශයෙන් දන්නා ලද්දේයයි ලිංග වචන, පෙරළා යෙදිය යුත්තාහ. ඵුසති යනු විදර්ශනා ඤාණ ස්පර්ශයෙන් ස්පර්ශ කරයි. පැතිරේ. පරියොගහති යනු විදර්ශනා ඤාණයෙන් පිවිසේ. පරියොගාහතියිද පාඨයි.