4. ධර්මස්ථිති ඥාන නිර්දේශ වර්ණනාව
ධම්මට්ඨිති ඤාණ නිර්දේශයෙහි, අවිජ්ජා සංඛාරානං උප්පාදට්ඨිති ආදීන්හි එය කරණකොට සංස්කාර සිටිනුයි ඨිතියි. එය කවරක් වන්නේද? අවිද්‍යාවයි. එය ඉපිදවීමට, නිපදවීමට ස්ථිතියට කරුණු වූයේනුයි උත්පාද ස්ථිතියි. උපන්නවුන්ගේ පැවැත්මෙහිද හේතුවූයේ නුයි = පවත්තට්ඨිතීයි. කිසිසේත් ජනක ප්‍රත්‍යයට, උපදවන උපදවන ක්‍ෂණයම කෘත්‍යයෙහි බලය වේ. ඉන් හටගත්තවුන්ගේම පැවැත්ම හෙයින් ස්වකීය ක්‍ෂණයෙහි ප්‍රවෘත්තියෙහිද කරුණ නම් වේ. නොකඩවා පැවතීම් වශයෙන්ද, පැවැත්වෙන කාරණයයැයිද අර්ථයි. පවත්තං යනු මෙය නපුංසක වචනයි. එහෙයින් පවත්තං, යනුද පවත්ති යනුද එක් අර්ථයි. පවත්ති ශබ්දය ප්‍රකට හෙයින් එය සමග යොදා අර්ථය කීයේය. භාවාර්ථයෙහිද, ඨිති ශබ්දයාගේ සිද්ධවන හෙයින් මෙහි භාවාර්ථයෙහි ඨිති ශබ්දය යොදන ලදී. ඨිති ශබ්දය කාරණයෙහි දැක්වීම සඳහා නිමිත්තට්ඨි යයි යූ.සේයි. නිමිති වූ ස්ථිතියයි අර්ථයි. කරුණු වූයේයයි යූ.සේයි. හුදෙක් නිමිති මාත්‍රයම නොවේ. තවද සංස්කාර ඉපිදවීමෙහි උත්සාහ වන්නාක් මෙන් වී රැස් කරයි. උත්සාහ කරයි යයි ප්‍රත්‍යය සමතාවය දක්වන්නේ ආයූහනට්ඨිති යයි වදාළහ. රැස්කිරීම් ස්වභාවය වූ ස්ථිතියයි අර්ථයි. අවිද්‍යාව සංස්කාරයන් උපදවනු ලබන්නේ, උත්පාදයෙහි මනාව යොදවයි නමැ. ගටයි යන අර්ථයි. සංස්කාරයන් පවත්වනු ලබන්නේ පැවැත්මෙහි පළිබෝධ කරයි නමැ. බඳීයයි අර්ථයි. එහෙයින් සඤ්ඤොගට්ඨිති පළිබොධට්ඨිති යයි යූ.සේයි. එක්වීම් ස්වභාවය වූ ස්ථිතිය. බාධා ස්වභාවය වූ ස්ථිතිය යන අර්ථයි. අවිද්‍යාව සංස්කාරයන් උපදවනු ලබන්නේ ඉපැත්මෙහිද, පැවැත්මෙහිද මුල් කාරණාර්ථයෙන් සමුදය නමැ. සමුදය වූ ස්ථිතිය සමුදයට්ඨිතියි මුල් කාරණය වූ ස්ථිතියයි යන අර්ථයි. අවිද්‍යාවම සංස්කාරයන්ගේ ඉපැත්මෙහි ජනක ප්‍රත්‍යය බැවින් පැවැත්මෙහි උපකාර වන හෙයින් හෙතුට්ඨිති පච්චයට්ඨිතියි යූ.සේයි. හේතු වූ ස්ථිතිය, ප්‍රත්‍යය වූ ස්ථිතියයි අර්ථයි. ජනක ප්‍රත්‍යය වනාහි හේතු වූයේනුයි උපස්ථම්භක ප්‍රත්‍යයයි කියති. සෙස්සෙහිද මෙසේ යෙදිය යුතුය.
භවො ජාතියා ජාති ජරාමරණස්ස යන මෙහි වනාහි උත්පාද ස්ථිතිය, සඤ්ඤොගස්ථිතිය, හේතුස්ථිතිය, යන ඉපැත්ම වශයෙන් යොදන ලද පද, ජාති, ජරා, මරණවත් ස්කන්ධයන්ගේ වශයෙන් පර්යායෙන් යූ.සේයි. සමහරු වනාහි උත්පාදයෙන් ස්ථිතියනුයි > උත්පාදස්ථිතිය යැයි මේ ආදී ක්‍රමයෙන් මෙහි අර්ථ වර්ණනා කරති. අවිජ්ජා පච්චයො යනු අවිද්‍යාවට සංස්කාරයන්ගේ ප්‍රත්‍යයභාවය අපේක්‍ෂාකොට යූ.සේයි. අවිද්‍යාවද ප්‍රත්‍යයෙන් හටගත් හෙයින් එහිද, ප්‍රත්‍ය පරිග්‍රහණ දැක්වීම සඳහා ‘එම ධර්මද්වයයම ප්‍රත්‍යයයෙන් හටගත්තාහුයැයි අවබෝධය ප්‍රත්‍යය පරිග්‍රහණයෙහි ප්‍රඥාවයැයි යූ.සේයි. සෙස්සෙහිද මෙසේ යෙදිය යුතුය. ජාති ප්‍රත්‍යයෙන් ජරාමරණ ප්‍රත්‍යය සමුත්පන්නයැයි ඒ අයුරින් යූ.සේයි. අතීතම්පි අද්ධානං යනු ඉක්මගියා වූද කාලයයි. අනාගතම්පි අද්ධානං යනු අසමප්‍රාප්ත කාලයයි. දෙයාකාරයෙන්ම අත්‍යත්ත සංයෝගාර්ථයෙහි ද්විතියා වචනයි.
නවාකාර වාරයට අනතුරුව, එම නවාකාරයන්, විහාය හේතු, පටිච්ච-පච්චය යන පදයන්හිම යොදා ‘අවිජ්ජා හෙතු, සංඛාරා හෙතු සමුප්පන්නා’ යනාදී වාරත්‍රය නිර්දිෂ්ට නවාකාර වාරයෙහි ජනක, උපස්ථම්භක වශයෙන් ප්‍රත්‍යය යූ.සේයි. මෙහි වනාහි හේතු වාරයාගේද, ප්‍රත්‍යය වාරයාගේද, වෙන්ව ආ හෙයින් හෙතු යනු ජනක ප්‍රත්‍යයතාවයි. පච්චයො යනු උපස්ථම්භක ප්‍රත්‍යයතාව දතයුතුය. තනි තනිවූද, අවිද්‍යාදී ප්‍රත්‍යයාගේ දෙඅයුරින් හටගන්නා හෙයින් පටිච්ච වාරයෙහි, අවිජ්ජා පටිච්ච යනු උත්පාදයෙහි සංස්කාරයන්ට අවිද්‍යාපේක්‍ෂා හෙයින් සංස්කාරයන්ගෙන් අවිද්‍යාව ප්‍රතිමුඛව යායුතුයි. ගමන් කළයුතුයිනුයි පටිච්ච නමැ. එයින් අවිද්‍යාවගේ සංස්කාර ඉපදවීමෙහි සමර්ථතාවය යූ.සේයි. සංඛාරා පටිච්ච සමුප්පන්නා යනු සංස්කාර අවිද්‍යාව හේතුකොට එයට අභිමුඛව පවත්නා හෙයින් ප්‍රතිමුවහැර සමව උපන්නාහ. මෙසේ සෙස්සෙහිද ලිංගානුරූපයෙන් යෙදිය යුතුය. අවිජ්ජා පටිච්ච යනු උත්සාහවත් වීම් වශයෙන් හෝ පාඨයි. මෙහි අර්ථය වනාහි අවිද්‍යාව තම ප්‍රත්‍යයන් නිසා පැවැත්තාහයි පාඨ ශේෂ වශයෙන් යෙදිය යුතුය. මෙසේ සෙසු සතරෙහිද, ඒ දොළොස් ප්‍රතීත්‍ය සමුත්පාදාංගයන්ට ප්‍රත්‍යය වීම් වශයෙන් ධර්මස්ථිති ඤාණය නිර්දේශ කළයුතු හෙයින් අවිද්‍යාදී එකොළොස් අංගයන්ගේ වශයෙන් ධර්මස්ථිති ඤාණය නිර්දිෂ්ටය. ජරාමරණය වනාහි අන්තයෙහි සිටි හෙයින් ඒ වශයෙන් විස්තර කරන ලදී. ජරාමරණයටද, සෝක, පරිදේව, දුක්, දොම්නස්, උපායාසයන්ගේ ප්‍රත්‍යතාව හෙයින්, ජරාමරණ ඒවාට ප්‍රත්‍යය කොට පරීක්‍ෂා කරන්නහුට ඒ ජරාමරණයාගේ වශයෙන් ධර්මස්ථිති ඤාණය යෙදේමය.