37. සල්ලෙකට්ඨ ඤාණ නිර්දේශ වර්ණනාව
සල්ලෙඛට්ඨ ඤාණ නිර්දේශයෙහි, රාගො පුථු රාගය වෙන්වූයේ ලෝකෝත්තර ධර්මයන් සමග මිශ්රනොවූ යන අර්ථයි. සෙස්සෙහිද එම ක්රමයමැයි. රාගො යනු ඇලීම් අර්ථයෙන්; දොසො යනු දූෂ්යවීම් අර්ථයෙන්; මොහො යනු මුළාවීම් අර්ථයෙන්; රාගය ඇලීම් ලක්ෂණයි. ද්වේෂය දූෂ්යවීම් ලක්ෂණයි. මෝහය මුළාවීම් ලක්ෂණයි යන ශීර්ෂ ක්ලේශත්රය කියා, දැන් ප්රභේද වශයෙන් දක්වන්නේ කොධො ආදිය වදාළහ. එහි කිපීම් ලක්ෂණය කොධොයි. මෙහි සප්ත වස්තුක වශයෙන් අදහස් කරන ලදි. වෛර බැඳීම් ලක්ෂණය උපනාහොයි. දෘඪභාවයට පත් ක්රෝධයමය. අන් ගුණ මැකීම් ලක්ෂණය මක්ඛොයි. අන්ගුණ අත්හැරීමයි යන අර්ථයි. යුගග්රාහී ලක්ෂණය පලාසොයි. යුගග්රාහ වශයෙන් අන්ගුණ දැක්මයයි යන අර්ථයි. අන් සම්පත් විනාශකරන ලක්ෂණය ඉස්සායි. අන්සම්පත් නොඉවසන ලක්ෂණයයි යන අර්ථයි. තම සම්පත් සඟවන ලක්ෂණය මච්ඡරියංයි. මාගේ සම්පත් අන්යයාට නොවේවා යන අර්ථයි. තමා කළ පව් වැසීම් ලක්ෂණය මායායි. වැසීම් අර්ථයෙන් මායාවක් මෙනැයි අර්ථයි. තමාගේ අවිද්යමාන ගුණ ප්රකාශන ලක්ෂණය සාඨෙය්යංයි. කපටිභාවය යන අර්ථයි. චිත්තයාගේ ඉදිමුණු බව ලක්ෂණකොට ඇත්තේ ථම්භොයි. ඉහළ නැගීම් ලක්ෂණය මානොයි. අතිශයින් ඉහළ නැගීම් ලක්ෂණය අතිමානොයි. මත්බව ලක්ෂණකොට ඇත්තේ මදොයී. පස්කම් ගුණයන්හි සිත මූර්ඡා වීම ලක්ෂණකොට ඇත්තේ පමාදොයි.
මෙසේ වෙන් වෙන් කෙලෙස් වශයෙන්, අසම්මිශ්රකම් දක්වා කියන ලද හා නොකියන ලද කෙලෙස්ද, අන්ය කෙලෙස්ද, සියල්ල එකට සංග්රහ කිරීම් වශයෙන් දක්වන්ට, ‘සබ්බෙකිලෙසා’ ආදිය වදාළහ. එහි මෙලෝ පරලෝහිදී සත්ත්වයන් කිලිටි කරත්. තවත් බාධාකරත්නුයි ක්ලේශ නමැ. අකුසල කර්මපථ සංගෘහිතවද අසංගෘහිතවද වේ. නොමනා සේ වූ, හෝ චරිත, දුෂ්ට වූ චරිතනුයි දුශ්චරිතයි. ඒවා වනාහි, කාය, වචී, මනෝ දුශ්චරිත වශයෙන් තෙවැදෑරුම්ය. විපාක රැස් කෙරෙත්නුයි අභිසංඛාරයි. ඒවාද, පුඤ්ඤාභි සංස්කාර, අපුඤ්ඤාභි සංස්කාර, ආනෙඤ්ජාභිසංස්කාර යැයි තෙයාකාරය. විපාක වශයෙන් භවයට යෙත්නුයි භව ගාමිනොයි. භවගාමී වූ කර්ම භවගාමී කර්මයි. මෙයින් රැස්කිරීම් භාවය ඇතිකල්හිද, විඳීම් රහිත කර්මයෝ ප්රතික්ෂෙප කරන ලද්දාහු වෙති. මේ දුච්චරිතා - කම්මා යන විසේස ලිංග විපර්යාස කරන ලදි. නානත්තෙකත්තං යන මෙහි උද්දෙසයෙහි, එකත්ත ශබ්දයාගේ අභාවයෙහිද, නානත්ව ඒකත්වයන්ගේ ඔවුනොවුන් අපේක්ෂා කළ හෙයින්ද, ඒකත්වයද නිර්දේශ කරනු කැමැත්තේ නානත්තෙකත්තයයි උද්දේසය කරන ලදි. නානත්ව සල්ලෙඛයෙහි ඒකත්වය දැක්වූ කල්හි සල්ලෙඛ ඤාණය පහසුවෙන් පෙන්වයි. නානත්තං යනු අස්ථිර බැවින්ද, සැලෙන බැවින්ද නොයෙක් ආකාර ස්වභාවයයි. එකත්තං යනු ස්ථිර බැවින්ද, නොසැලෙන බැවින්ද ඒකාකාරී ස්වභාවයයි.
චරණතෙජො යනු හැසිරෙත්. එයින් නොගිය දිශාවට, නිර්වාණයට යෙත්නුයි චරණංයි. එය කිමෙක්ද, සීලයයි. එයම විරුද්ධතාවයන් තවන අර්ථයෙන් තේජෝයි. ගුණතෙජො යනු සීලයෙන් ලද පිහිට ඇති සමාධි තේජසයි. පඤ්ඤාතෙජො යනු සමාධියෙන් ලද පිහිට ඇති විදර්ශනා තේජසයි. පුඤ්ඤතෙජො යනු විදර්ශනාවෙන් ලද පිහිටැති ආර්ය මාර්ග කුසල් තේජසයි. ධම්මතෙජො යනු සිව් තෙදසුන්ට පිහිට වූ බුදුවදන් තේජසයි. චරණ තෙජෙන තෙජිතත්තා යනු සිල්තෙදින් තියුණු කළ හෙයින් දුස්සීල්ය තෙජං යනු දුස්සීලභාව සංඛ්යාත තේජසයි. එයද සිත් පරම්පරාව තවන හෙයින් තේජස නමැ. පරියාදියති යනු ක්ෂය කරයි. අගුණ තෙජං යනු සමාධියට ප්රතිපක්ෂ වික්ෂෙප තේජසයි. දුප්පඤ්ඤ තෙජං යනු විදර්ශනා ඤාණයට ප්රතිපක්ෂ මෝහ තේජසයි. අපුඤ්ඤතෙජං යනු ඒ ඒ මාර්ගයෙන් නැසිය යුතු කෙලෙස් ප්රහාණයෙන් කෙලෙසුන්ට සහාය වූ අකුසල කර්මතේජසයි. හුදෙක් එය අකුසලයම ක්ෂය කරන්නේ නොවේ. ‘මහණෙනි, කෘෂ්ණ නොවූ, ශුක්ල නොවූ කර්මයක් ඇත. කෘෂ්ණ (කලු) නොවූ, ශුක්ල (සුදු) නොවූ එම කර්මය කර්මක්ෂය සඳහා පවතී’ යන වචනයෙන් කුසල කර්මයද ක්ෂය කරයි. පුණ්යතේජසට ප්රතිපක්ෂ වශයෙන් අපුණ්ය තේජසම යූ.සේයි. අධම්මං තෙජං යනු නොයෙක් තීර්ථකයින්ගේ ආගම් වචන තේජසයි. මෙම ඤාණයාගේ උදෙසීම් වර්ණනාවෙහි කියන ලද, දෙවන අර්ථ විකල්පයෙහි රාගාදී එකුන්විසි වෙන්වූ දුසිත් තේජස් වෙයි. අභිසංඛාරා භවගාමි කම්මා යනු, මෙහි අපුණ්යාභි සංස්කාර අකුසල කර්මයද, අපුණ්ය තේජසයෝද වෙති. ආනෙඤ්ජාභි සංස්කාරයන්ද, ලෞකික කුසල කර්මයන්ද, පුණ්ය තේජසින්ම ක්ෂය කළයුතු හෙයින් අපුණ්යතේජ පාක්ෂිකවම වෙයි. කාමච්ඡන්දාදී පසළොස් නානත්වයන් අගුණ තේජස් වේ. නිත්ය සංඥාදී අටළොස් නානත්ව දුශ්ප්රාඥ තේජස් වේ. සිව්මගින් නැසිය යුතු සිව් නානත්ව අපුණ්ය තේජස් වේ. සෝවාන් මාර්ගයෙන් නැසියයුතු නානත්වයෙන් අධර්ම තේජස සංග්රහ කටයුතුයි.