33. අරණ විහාර ඤාණ නිර්දේශ වර්ණනාව
අරණ විහාර ඤාණ නිර්දේශයෙහි, අනිත්‍යානුපස්සනාදීන් කියන ලද අර්ථයමය. සුඤ්ඤතො විහාරො යනු අනත්තානුපස්සනාවෙන් නැගිටියහුගේ ශූන්‍යතාකාරයෙන්ම පැවැති අර්හත් ඵල සමාපත්තියයි. අනිමිත්තො විහාරො යනු අනිත්‍යානුපස්සනාවෙන් නැගිටියහුගේ අනිමිත්තාකාරයෙන් පැවැති අර්හත් ඵල සමාපත්තියයි. අප්පණිහිතො විහාරො යනු දුක්ඛානුපස්සනාවෙන් නැගිටියහුගේ අප්‍රණිහිතාකාරයෙන් පැවති අර්හත්ඵල සමාපත්තියයි. සුඤ්ඤතෙ අධිමුත්තතා ශූන්‍යතා ඵල සමාපත්තියෙහි, පූර්වයෙහි ප්‍රඥා වශයෙන් ඇලුණු බව, සෙසු ද්වයෙහි එම ක්‍රමයමැයි. පඨමංඣානං යනාදීන්හි අර්හත්ඵල සමවතට සමවදිනු කැමැත්තහුගේ විදර්ශනාවට අරමුණු වූ ධ්‍යාන සමාපත්තීහු යූ.සේයි. සියලු කෙලෙසුන් ප්‍රහීණ හෙයින් රහතන් වහන්සේගේම, විදර්ශනා ඵල සමවත, ප්‍රණීතාධිමුක්ති ධ්‍යාන සමවත් අරණ විහාරයයි යූ.සේයි.
ප්‍රථම ධ්‍යානයෙන් යුක්ත වූයේ ප්‍රථම ධ්‍යානයෙන් නීවරණයන් ඉවත් කෙරේනුයි අරණ විහාරයි. සෙස්සෙහිද එම ක්‍රමයමැයි. රහතන් වහන්සේට නීවරණ නොමැති හෙයින්ද, නීවරණයන්ට විරුද්ධ හෙයින්ද, ප්‍රථම ධ්‍යානයෙහිදී නීවරණ ඉවත් කෙරේනුයි යූ.සේයි. විදර්ශනා ඵලසමවත්, ප්‍රණීතාධිමුක්ති වශයෙන් තෙවැදෑරුම් අරණ විහාර ඤාණය කෙටියෙන් පෙන්වාදී, කුමක් හෙයින් ඣාන සමාපත්තීහුම අරණ විහාර වශයෙන් විස්තර කරන ලද්දාහුද යත්? උදෙසීම් වශයෙන්මය. ඒ තෙවැදෑරුම් අරණ විහාරයන්ගේ සිද්ධියට බලපෑ ඵල සමාපත්ති විදර්ශනාවට භූමි වූ, ධ්‍යාන සමාපත්තීන්ගේ අරණ විහාරතාව නොකී කල්හි කරුණ සම්පූර්ණ නොවේ. සම්පූර්ණ නොවූවක්ම සම්පූර්ණ කරන්ට ප්‍රථමධ්‍යානය අරණ විහාරයයි ආදිය යූ.සේයි. ඒවාහි අරණ විහාරතාව උදෙසීම් වශයෙන් සිදුනොවූයේද, ඒවාහි යොදන ලද ආකාරයෙන්ම අනිත්‍යානුපස්සනාව නිත්‍ය සංඥාව ඉවත් කෙරේනුයි අරණ විහාරයි. දුක්ඛානුපස්සනාව සුව සංඥාව ඉවත් කෙරේනුයි අරණ විහාරයි. අනත්තානුපස්සනාව ආත්ම සංඥාව ඉවත් කෙරේනුයි අරණ විහාරයි. ශූන්‍යතා විහාරයා අශූන්‍යතාවය ඉවත් කෙරේනුයි අරණ විහාරයි. අනිමිත්ත විහාරය නිමිත්ත ඉවත් කෙරේනුයි අරණ විහාරයි. අප්‍රණිහිත විහාරය ප්‍රණිධිය ඉවත් කෙරේනුයි අරණ විහාරයි. ශූන්‍යාධිමුක්තිතාව අශූන්‍යතාධිමුක්තිය ඉවත් කෙරේනුයි අරණ විහාරයි. අනිමිත්තාධිමුක්තිය නිමිත්තාධිමුක්තිය ඉවත් කෙරේනුයි අරණ විහාරයි. අප්‍රණිහිතාධිමුක්තිය ප්‍රණීතාධිමුක්තිය ඉවත් කෙරේනුයි අරණ විහාරයි. අරණ විහාරයයි යෙදිය යුතුය.
අරණ විහාර ඤාණ නිර්දේශ වර්ණනාව නිමි.
34. නිරෝධ සමාපත්ති ඤාණ නිර්දේශ වර්ණනාව
නිරෝධ සමාපත්ති ඤාණ නිර්දේශයෙහි, සමථ බලං යනු කාමච්ඡන්‍දාදී විරුද්ධ ධර්මයන් සමනය කෙරේනුයි සමථයි. එයම කම්පා නොවන අර්ථයෙන් බලයයි. අනාගාමී රහතුන්ටම සමාධියට ප්‍රතිපක්‍ෂ කාමච්ඡන්‍දයාගේ ප්‍රහාණයෙන් සමාධියෙහි සම්පූර්ණ භාවයට පත්හෙයින් ඔවුන්ගේම සමාධිය බලප්‍රාප්තයයි නිශ්චිතකොට සමථ බලය යැයි යූ.සේයි. අන්‍යයන්ට නොවේ. සමාධි බලය යැයිද පාඨයි. විපස්සනා බලං යනු අනිත්‍යාදී වශයෙන් විවිධ ආකාරයන්ගෙන් ධර්මයන් බලයිනුයි විදර්ශනාවම කම්පා නොවන අර්ථයෙන් බලයයි. ඒ දෙයාකාරයෙන්ම බලප්‍රාප්ත විදර්ශනා ඥානය. එහි සමථ බලය පිළිවෙලින් සිත් සතන් සන්සිඳුවීම සඳහායි. නිරෝධයෙහිද සම්පාදනය සඳහායි. විදර්ශනා බලය පැවති කල්හි ආදීනව දැක්ම සඳහාද, නිරෝධයෙහි අනුසස් දැකීම සඳහාද වේ.
නීවරණෙ නිමිත්තාර්ථයෙහි සත්තමීයි. නීවරණ නිමිතිකොට නීවරණ ප්‍රත්‍යය කොටයැයි අර්ථයි. කරණාර්ථයෙහි හෝ සත්තමීයි. නීවරණයන් කරණකොට යන අර්ථයි. න කම්පති යනු ධ්‍යාන යුක්ත පුද්ගලයා නොහොත්, ධ්‍යානයයි ධ්‍යානාංගයන් අදහස් කළ හෙයින්, ප්‍රථම ධ්‍යානයෙන් ඒ හා සම්ප්‍රයුක්ත සමාධිය නීවරණයන්ගෙන් කම්පා නොවේ. මෙහි මෙයම යෙදීම ලෙස ගතයුතුය. උද්ධච්චෙ යනු, නොසන්සුන් සහගත චිත්තොත්පාදයෙහිද නොසන්සුන්කමෙහිද, උද්ධච්චං යනු එසවූ බවයි. එය නොසන්සුන් ලක්‍ෂණයි. උද්ධච්ච සහගත කිලෙසෙච යනු නොසන්සුන්කම සමග එකට යෙදුණු, ඒකෝත්පාදාදී භාවයන්හි ඇතුළත් වූ, නොසන්සුන්කම සමග එකට යෙදුණු මෝහ, අහිරික. අනොත්තප්ප ආදී ක්ලේශයන්, ඛන්‍ධෙච යනු නොසන්සුන්කම සමග එකට යෙදුණු සිව් ස්කන්ධයන්හි, න කම්පති නචලති නවෙධති යන අන්‍යොන්‍ය සමාන වචනයන්ය. නොසන්සුන්කමෙහි කම්පා නොවෙයි. නොසන්සුන්කම සමග එකට යෙදුණු ක්ලේශයන්හි නොසැලේ. නොසන්සුන්කම සමග එකට යෙදුණු ස්කන්ධයන්හි කම්පා නොවේයයි යෙදිය යුතුය. විදර්ශනා බලය සප්ත අනුපස්සනාවන්ගේ වශයෙන් කියන ලද හෙයින් ඒවාහිම වශයෙන් විදර්ශනා බලය සම්පූර්ණ වේයයි යූ.සේයි. අවිජ්ජායච යනු දොළොස් වැදෑරුම් අකුසල චිත්තොත්පාදයන්හි අවිද්‍යාවගේ, අවිජ්ජා සහගත කිලෙසෙච යනු සුදුසු පරිදි, අවිද්‍යාව හා එකට යෙදුණු ලෝභ, ද්වේෂ, මෝහ, මාන, දෘෂ්ටි, විචිකිච්ඡා, ථීනමිද්ධ, උද්ධච්ච, අහිරික අනොත්තප්ප යන කෙලෙස් වේ.