32. ආනන්තරික සමාධි ඤාණ නිර්දේශ වර්ණනාව
ආනන්තරික සමාධි ඤාණ නිර්දේශයෙහි, නෙක්ඛම්ම වසෙන යන ආදීන්හි නෛෂ්ක්රම්ය, අව්යාපාද, ආලෝක සංඥා, අවික්ෂෙප ධර්ම ව්යවස්ථාපන ඤාණය, ප්රමෝද්යාදීන් ඇතුළත්ය. ශුෂ්ක විදර්ශකයාට උපචාර ධ්යාන සම්ප්රයුක්ත ඒ ඒ ක්ලේශයට විරුද්ධ සත්වැදෑරුම් ධර්ම එක් සිතක් සමග සම්ප්රයුක්ත වූයේමය. චිත්තස්ස එකග්ගතා අවික්ඛෙපො යනු එකඟතාවගේ ස්වභාවය ඒකාග්රතාවයි. එය කරණකොට නානා ආරම්මණයන්හි වික්ෂෙප නොවේනුයි අවික්ෂෙපයි. සිතෙහි ඒකාග්රතා සංඛයාත අවික්ෂෙපයයි අර්ථයි. සමාධි යනු එක් අරමුණෙක්හි සමව ඒ කරණකොට සිත පිහිටුවයිනුයි සමාධි නම් වේයයි අර්ථයි. තස්ස සමාධිස්ස වසෙන යනු උපචාර සමාධියෙන්ද සමාහිත සිතැත්තහුට යථා ස්වභාවයෙන් අවබෝධ වන හෙයින් කියන ලද ආකාරවත් සමාධියගේ වශයෙන්. උප්පජ්ජති ඤාණං යනු මාර්ග ඤාණය ක්රමානුකූලව උපදී. ඛීයන්ති මුළුමනින් නැසීම් වශයෙන් ක්ෂය වෙති. ඉති යනු කියන ලද ආකාර ඇති අර්ථයෙහි නිගමනයයි. පඨමං සමථො යනු පූර්වභාගයෙහි සමාධිය වේ. පච්ඡා ඤාණං යනු පසුකල්හි මාර්ගක්ෂණයෙහි ඤාණය වේ.
කාමාසවො යනු පඤ්චකාම ගුණයන්ට අයත් ඇල්මයි. භවාසවො යනු රූප අරූප භවයන්හි කැමැත්ත හා ඇල්මයි. ධ්යානයෙහි තෘෂ්ණාවද වේ. ශාස්වත දෘෂ්ටිය සමග හටගත් ඇල්මද, භව වශයෙන් ප්රාර්ථනාද වේ. දිට්ඨාසවො යනු දෙසැටක් මිථ්යා දෘෂ්ටීහු අවිජ්ජාසවො යනු දුක්ඛාදී අටතන්හි නොදැන්මයි. සත්තමී වචනයෙන් අවසර විචාරීමකොට, සෝවාන් මාර්ගයෙන් ආදී ක්රමයෙන් ආශ්රව ක්ෂය කරන මාර්ගයෙන් ආශ්රවක්ෂය දක්වා, ‘එත්ථ’ යන්නෙන් අවකාශ විසඳුම කරන ලදි. මාර්ගක්ෂණයෙහි යැයි යූ.සේයි. අනවසෙසො යනු එයට ඉතිරියක් නැත්තේනුයි අනවසෙසයි. අපායගමනීයො යනු නිරය, තිරිසන්යෝනිය, ප්රේතවිෂය, අසුරකාය යන සතර සුව සංඛ්යාත අයගෙන් පහවූ හෙයින් අපායයි. යමෙකුට එය විද්යමාන වේද? එම පුද්ගලයා අපායට පමුණුවයිනුයි අපාය ගමනීය නම් වේ. ආශ්රවක්ෂය කථාවෙහි යූ.සේයි.
අවික්ඛෙපවසෙන යනු පවත්නා සමාධියට උපනිශ්රය වූ සමාධි වශයෙන්, පඨවි කසින වසෙන ආදීන්හි දස කසිණයන් තදාරම්මණික අර්පණා සමාධි වශයෙන් යූ.සේයි. බුද්ධානුස්මෘති ආදීන්ද මරණානුස්මෘති, උපසාමනුස්සතිද උපචාර ධ්යාන වශයෙන් යූ.සේයි. දස අසුභ ප්රථමධ්යාන වශයෙන් යූ.සේයි.
බුදුන් අරභයා උපන් නැවත නැවත සිහිකිරීම බුද්ධානුස්සතියි. ඉතිපි සො භගවා අරහං ආදී බුදුගුණ අරමුණුකොටගත් සිහියට එය විශේෂ නාමයකි. ඒ බුද්ධානුස්මෘතියගේ වශයෙන්, එසේම ධර්මය අරබයා උපන් නැවත නැවත සිහිකිරීම ධම්මානුස්සතියි. ස්වක්ඛාතො භගවතා ධම්මො යන ආදි දහම් ගුණ අරමුණුකොට ඇති සිහියට එය විශේෂ නාමයකි. සංඝයා අරබයා උපන් නැවත නැවත සිහිකිරීම සංඝානුස්සතියි. සුපටිපන්නො භගවතො සාවක සංඝො යනාදී සඟ ගුණ අරමුණු කොට ඇති සිහියට එය විශේෂ නාමයකි. සීලය අරබයා උපන් නැවත නැවත සිහිකිරීම සීලානුස්සතියි. තමාගේ අඛණ්ඩතාදී සිල්ගුණ අරමුණුකොට ඇති සිහියට එය විශේෂ නාමයකි. ත්යාගය අරබයා උපන් නැවත නැවත සිහිකිරීම චාගානුස්සතියි. තමාගේ අත්හළ ත්යාගාදී ත්යාග ගුණ අරමුණුකොට ඇති සිහියට එය විශේෂ නාමයකි. දේවතාවුන් අරබයා උපන් නැවත නැවත සිහිකිරීම දේවතානුස්සතියි. දේවතාවුන් සාක්ෂි ස්ථානයෙහි තබා තමාගේ ශ්රද්ධාදී ගුණයන් අරමුණු කොට ඇති සිහියට එය විශේෂ නාමයකි. ආශ්වාස ප්රශ්වාස අරබයා උපන් සිහිය ආනාපාන සතියි. ආශ්වාස ප්රශ්වාස නිමිති අරමුණුකොට පැවති සිහියට එය විශේෂ නාමයකි. මරණය අරබයා උපන් සිහිය මරණ සතියි. එක් භවයකට ඇතුළත් ජීවිතේන්ද්රිය සිඳීම් සංඛ්යාත මරණය අරමුණුකොට පැවති සිහියට එය විශේෂ නාමයකි. පිළිකුල් කේශාදී, පිළිකුල් දෑහි හටගන්නා හෙයින්ද, හටගන්නා ස්ථාන යනුයිද, කාය යයි යන සංඛ්යාවට ගිය ශරීරයෙහි ඇතුළත් පවත්නා, එබඳු වූ ශරීරය අනුව ගිය සිහියනුයි කායගතා සතියි. කායගතා සතියයි කිවයුතු කල්හි හ්රස්ව නොකොට කායගතා සති යයි යූ.සේයි. එසේම මෙහිද කායගතා සති වශයෙන් යයි යූ.සේයි. කෙස් ආදී, ශරීර කොටස්හි පිළිකුල් නිමිති අරමුණු කොට ඇති සිහියට එය විශේෂ නාමයකි. සන්සිඳීම අරබයා උපන් නැවත නැවත සිහිකිරීම උපසමානුස්සතිය. සියලු දුක් සන්සිඳීම අරමුණුකොට ඇති සිහියට එය විශේෂ නාමයකි. දස අසුභ යට කියන ලද අර්ථයමය.
දීර්ඝ ආශ්වාස වශයෙනැයි ආදිය අර්පණා උපචාර සමාධි භේදය දක්වන්ට යූ.සේයි. දීඝං අස්සාසවසෙන යනු දීර්ඝයයි කියන ලද ආශ්වාස වශයෙන්, දීඝංවා අස්සසන්තො, දීඝං අස්සසාමීති පජානාති යයි යූ.සේයි. සෙස්සෙහිද එම ක්රමයමැයි. සබ්බකාය පටිසංවෙදී යනු සියලු ආශ්වාස ප්රශ්වාස කය විඳින්නේ, පස්සම්භයං කායසංඛාරං යනු දළ ආශ්වාස ප්රශ්වාස සංඛ්යාත කාය සංස්කාර සන්සිඳුවන්නේ, ව්යපසමනය කරන්නේ, දීර්ඝ, හ්රස්ව, සබ්බකාය පටිසංවෙදී, පස්සම්භයං කාය සංඛාරං යන මෙම චතුෂ්කයෙන්ම අර්පණා සමාධි යූ.සේයි. පීති පටිසංවෙදී යනු ප්රීතිය ප්රකට කරන්නේ, චිත්ත සංඛාර පටිසංවෙදි යනු සංඥා, වේදනා, සංඛ්යාත චිත්ත සංස්කාර ප්රකට කරන්නේද, අභිප්පමොදයං චිත්තං සිත සතුටු කරන්නේ, සමාදහං චිත්තං යනු අරමුණෙහි සිත සමව තබන්නේ, විමොචයං චිත්තං යනු සිත නීවරණයන්ගෙන් මුදවන්නේ; පීති පටිසංවෙදී, සුඛ පටිසංවෙදී, චිත්ත සංඛාර පටිසංවෙදී, පස්සම්භයං චිත්ත සංඛාරං යන චතුෂ්කයද, චිත්ත පටිසංවෙදී, අභිප්පමොදයං චිත්තං සමාදහං චිත්තං, විමොචයං චිත්තං යන චතුෂ්කයද, අර්පණා සමාධි වශයෙන්ද, විදර්ශනා සම්ප්රයුක්ත සමාධි වශයෙන්ද යූ.සේයි. අනිච්චානුපස්සී යනු අනිත්යානුපස්සනා වශයෙන් විරාගානුපස්සී යනු කලකිරීම් අනුව බැලීම් වශයෙන්, නිරොධානුපස්සී යනු භංගය අනුව බැලීම් වශයෙන්, එය තදංග වශයෙන් ස්කන්ධ අභිසංඛාරයන් සමග කෙලෙස් අත්හරියි. සංඛත දොස් දර්ශනයෙන්ද, එය විපරීත නිර්වාණයෙහි එහි නිම්නතාවයෙන් පනියි. මෙම චතුෂ්කය විදර්ශනා සම්ප්රයුක්ත සමාධි වශයෙන්ම යූ.සේයි. මෙහි ආශ්වාස වශයෙන් ප්රශ්වාස වශයෙන්යැයි ආශ්වාස ප්රශ්වාස ප්රවෘත්ති (පැවතීම්) මාත්රය ගෙන යූ.සේයි. එය අරමුණු කිරීම් වශයෙන් නොවේ. මෙහි විස්තර කථාව ආනාපාන කථාවෙහි ප්රකට වන්නේය.
ආනන්තරික සමාධි ඤාණ නිර්දේශ වර්ණනාව නිමි.
33. අරණ විහාර ඤාණ නිර්දේශ වර්ණනාව
අරණ විහාර ඤාණ නිර්දේශයෙහි, අනිත්යානුපස්සනාදීන් කියන ලද අර්ථයමය. සුඤ්ඤතො විහාරො යනු අනත්තානුපස්සනාවෙන් නැගිටියහුගේ ශූන්යතාකාරයෙන්ම පැවැති අර්හත් ඵල සමාපත්තියයි. අනිමිත්තො විහාරො යනු අනිත්යානුපස්සනාවෙන් නැගිටියහුගේ අනිමිත්තාකාරයෙන් පැවැති අර්හත් ඵල සමාපත්තියයි. අප්පණිහිතො විහාරො යනු දුක්ඛානුපස්සනාවෙන් නැගිටියහුගේ අප්රණිහිතාකාරයෙන් පැවති අර්හත්ඵල සමාපත්තියයි. සුඤ්ඤතෙ අධිමුත්තතා ශූන්යතා ඵල සමාපත්තියෙහි, පූර්වයෙහි ප්රඥා වශයෙන් ඇලුණු බව, සෙසු ද්වයෙහි එම ක්රමයමැයි. පඨමංඣානං යනාදීන්හි අර්හත්ඵල සමවතට සමවදිනු කැමැත්තහුගේ විදර්ශනාවට අරමුණු වූ ධ්යාන සමාපත්තීහු යූ.සේයි. සියලු කෙලෙසුන් ප්රහීණ හෙයින් රහතන් වහන්සේගේම, විදර්ශනා ඵල සමවත, ප්රණීතාධිමුක්ති ධ්යාන සමවත් අරණ විහාරයයි යූ.සේයි.