3. සමාධි භාවනාමය ඤාණ නිර්දේශ වර්ණනාව
සමාධි භාවනාමය ඤාණ නිර්දේශයෙහි, මුලදී පළමුව එක එක පටන් දහය තෙක් සමාධි ප්රභේදය දක්වන්නේ එකො සමාධි ආදිය වදාළහ. එහි චිත්තස්ස එකග්ගතා යනු නොයෙක් අරමුණුවල වික්ෂේප අභාවයෙන් එක් අරමුණක් අග්ර උතුම් වන්නේනුයි එකග්ගොයි. ඒකාග්රතාවයාගේ ස්වභාවය ඒකග්ගතායි. එම ඒකාග්රතාව සිතෙහිය. සත්ත්වයෙකුගේ නොවේයයි දැක්වීම සඳහා චිත්තස්ස යයි යූ.සේයි. ද්විකයෙහි ලොකියො යනු විනාශවන, බිඳවැටෙන අර්ථයෙන් සසර වෘත්තය ලෝකයයි කියනු ලැබේ. එහි ඇතුළත් භාවයෙන් ලෝකයෙහි නියුතු වූයේනුයි ලොකියො නම් වේ. ලොකුත්තරො යනු එතෙර වූයේනුයි උත්තරොයි. ලෝකයෙහි ඇතුළත් නුවූ ස්වභාවයෙන් ලෝකයෙන් එතෙර වූයේනුයි ලොකුත්තරොයි, ත්රිකයෙහි: විතර්ක සහිත වූයේම විචාර සහිත වූයේම හේනුයි සවිතක්ක සවිචාරොයි. අවිතර්ක අවිචාරද මෙසේමය. විතර්ක විචාරයන්හි විචාර මාත්රයම, මත්තෙහි, එම ප්රමාණයම එයටනුයි විචාර මත්තොයි. විචාරයෙන් මත්තෙහි විතර්කය සමග එක්වීමට නොයේ යන අර්ථයි. අවිතර්කයද, විචාර මාත්රයද එයමනුයි අවිතක්ක විචාරමත්තොයි. ත්රයයෙහිම වෙන්කොටද කියවති. චතුෂ්ක, පඤ්චකද කියන ලද අර්ථයමය. ෂට්කයෙහි, නැවත නැවත උපදනා හෙයින් සිහියම අනුස්සතියි. පැවැත්විය යුතු ස්ථානයෙහිම, පවත්වන හෙයින් ශ්රද්ධා ප්රවෘජ්ජිත සුදුසු වූ සිහියනුයි අනුස්සතියි. බුදුරදුන් අරබයා උපන් අනුස්සතිය බුද්ධානුස්සතියි. අර්හත් ආදී බුදුගුණ අරමුණුකොට ඇති සිහියට එය විශේෂ නාමයකි. ඒ බුද්ධානුස්සතියගේ වශයෙන් චිත්තයාගේ ඒකාග්රතාවයම උද්ධච්ච සංඛ්යාත වික්ෂේපයට ප්රතිපක්ෂභාවයෙන් වික්ෂේප නොවේනුයි අවික්ඛෙපොයි. ධර්මය අරබයා උපන් අනුස්සතිය ධම්මානුස්සතියි. ස්වාක්ඛාත ආදී දහම්ගුණ අරමුණුකොට ඇති සිහියට එය විශේෂ නාමයකි. සංඝයා අරබයා උපන් අනුස්සතිය සංඝානුස්සතියි. සුපටිපන්න ආදී සඟගුණ අරමුණුකොට ඇති සිහියට එය විශේෂ නාමයකි. සීලය අරබයා උපන් අනුස්සතිය සීලානුස්සතියි. තමාගේ කඩනොවීමාදී සිල්ගුණ අරමුණුකොට ඇති සිහියට එය විශේෂ නාමයකි. ත්යාගය අරබයා උපන් අනුස්සතිය චාගානුස්සතියි. තමාගේ හළ ත්යාගාදී ත්යාග ගුණ අරබයා උපන් සිහියට එය විශේෂ නාමයකි. දේවතාවුන් අරබයා උපන් අනුස්සතිය දේවතානුස්සතියි. දේවතාවුන් සාක්ෂි ස්ථානයෙහි තබා තමාගේ ශ්රද්ධා ආදී ගුණ අරමුණුකොට ඇති සිහියට එය විශේෂ නාමයකි.
සප්තකයෙහි සමාධි කුසලතා යනු එක්වැදෑරුම් ආදී භේදයෙන් නොයෙක් භේද ඇති, සමාධියෙහි, මෙය මේ ආකාර සමාධියකි. මෙය මේ ආකාර සමාධියකැයි දක්ෂභාවයයි. සමාධිය පිරිසිඳ දක්නා ප්රඥාවට එය විශේෂ නාමයකි. සමාධිය උපදවන පිළිවෙළෙහිද දක්ෂභාවය සමාධි කුසලතායි.
සමාධිස්ස සමාපත්ති කුසලතා යනු උපදවන ලද සමාධියට සමවැදීමේ දක්ෂතාවයයි. මෙයින් සමවැදීමේ වසීභාවය යූ.සේයි.
සමාධිස්ස ඨීති කුසලතා යනු සමවන් සමාධියගේ, නොකඩවා පැවැත්වීම් වශයෙන් කැමැති පරිදි තැබීමෙහි දක්ෂභාවයයි. එයින් අධිෂ්ඨාන වසීභාවය යූ.සේයි. නොහොත් නිමිති ග්රහණයෙන්ම නැවත ඒ ආකාරයෙන් සම්පාදනය කරන කල්හි, අර්පණා මාත්රයම ඉටුවෙයි. කලක් නොපවත්නේය. කලක් පැවැතීම වනාහි සමාධියට උවදුරු වන ධර්මයන්ගේ මනාව සෝධනය කරන ලද හෙයින් වේ. යම් භික්ෂුවක් කාමයන්හි ආදීනව ප්රත්යවේක්ෂා කිරීම් ආදියෙන් කාමච්ඡන්දය මනාව යටපත් කිරීම නොකොට, කාය සන්සිඳීම් වශයෙන් කයෙහි දැඩිබව මනාව නොසන්සිඳුවා, ආරම්භ ධාතු මනසිකාරාදි වශයෙන් ථීන මිද්ධය මනාව දුරුනොකොට සමථ නිමිති මෙනෙහි කිරීම් ආදී වශයෙන්, නොසන්සුන්කම හා කුකුස මනාව සමූලඝාතනය නොකොට, අනෙකුත් සමාධියට උවදුරු ධර්මයන් මනාව ශුද්ධනොකොට ධ්යානයට සමවදීද? හෙතෙම පිරිසිදු නොකළ වාසස්ථානයට පැමිණි බඹරෙකු මෙන්ද, අපිරිසිදු උයනකට පිවිසි රජෙකු මෙන්ද, වහාම නික්මෙයි. යමෙක් වනාහි සමාධියට උවදුරුදායක ධර්මයන් මනාව ශෝධනයකොට ධ්යානයට සමවදීද? හෙතෙම මනාව ශුද්ධ කරන ලද, වාසස්ථානයකට පිවිසි බඹරෙකු මෙන්ද, සුපිරිසිදු උයනකට පිවිසි රජෙකු මෙන්ද, මුළු දිවා කාලයම සමාපත්තිය තුළම වෙයි. එහෙයින් පෞරාණිකයෝ කීහු:-
කාමෙසු ඡන්දං පටිඝං විනොදයෙ, උද්ධච්ච ථීනං විචිකිච්ඡ පඤ්චමං,
විවෙක පාමොජ්ජ කරෙන චෙතසා, රාජාව සුද්ධන්ත ගතො තහිං රමෙ’ති
විවෙක පාමොජ්ජ කරෙන චෙතසා, රාජාව සුද්ධන්ත ගතො තහිං රමෙ’ති
කාමයන්හි කැමැත්තද, ක්රෝධයද, නොසන්සුන් බවද, සිතෙහි ගිලන් බවද, පස්වන සැකයද දුරුකරන්නේය. ව්වේකය හා ප්රමෝදය ගෙන එන සිතින් යුක්තව පිරිසිදු ස්ථානයකට ගිය රජෙකු මෙන් එහි ඇලනේනේය.
එහෙයින්, ධ්යානයෙහි චිරස්ථිතිය කැමැත්තහු විසින්, උවදුරු ධර්මයන්, ශුද්ධකොට ධ්යානයට සමවැදිය යුතුයයි කියන ලද හෙයින්, ඒ ක්රම සම්පාදනය කොට සමාධියගේ චිරස්ථිතිකරණයෙහි දක්ෂ බවයැයි යූ.සේයි.
සමාධිස්ස වුට්ඨාන කුසලතා යනු නොකඩවා පැවැත්වීම් වශයෙන් කැමති පරිදි පැවති සමාධියගේ, පිරිසිඳින ලද කාලයට අනුව නැගිටීමෙන් සමාධියගේ නැගිටීමෙහි දක්ෂභාවයයි. ‘යස්මාහි ධම්මං පුරිසො විජඤ්ඤා, යනාදීන්හි මෙන්, පංචමී අර්ථයෙහි ෂෂ්ඨී වචනය කරන ලදැයි දතයුතුය. මෙයින් නැගිටීමේ වසීභාවය යූ.සේයි.
සමාධිස්ස කල්ලතා කුසලතා යනු නොගිලන් බව, නිරෝගි බව කල්ලතායි. ගිලනා ‘අකල්ලකො,යි යූ.සේයි. විනයෙහිද කියන ලදී. ‘ස්වාමීනි, මම ගිලනෙක් නොවෙමි. අනංගන සූත්ර, වත්ථ සූත්රාදීන්හි කියන ලද, ධ්යාන ප්රතිලාභයට විරුද්ධ, පාපී ආශාවලින් පිරුණු කෙලෙසුන්ගේ අභාවයෙන්ද, අභිධ්යාදී චිත්තොපක්ලේශයන්ගේ පහව යාමෙන්ද, සමාධියගේ නොගිලන් බව හටගන්වන දක්ෂතාවය සමාධියගේ නොගිලන් දක්ෂතාවයයි. කෙලෙස් ගිලන්බව රහිත බව යයි යූ.සේයි. නොහොත් කල්ලතා යනු කර්මණ්යභාවයයි. කල්ල වචනයාගේ කර්මණ්යතාවයට අයත් බැවිනි. ‘යා චිත්තස්ස අකල්ලතා අකම්මඤ්ඤතායි යූ.සේයි. කල්ලචිත්තං මුදුචිත්තං විනීවරණ චිත්තං යන මෙහි කලල ශබ්දය කර්මණ්ය අර්ථයෙහිය. එහෙයින් කසිණ අනුලෝම වශයෙන්, කසිණ ප්රතිලෝම වශයෙන්, කසිණ අනුලෝම ප්රතිලෝම වශයෙන්, ධ්යාන අනුලෝම වශයෙන්, ධ්යාන ප්රතිලෝම වශයෙන්, ධ්යාන අනුලෝම ප්රතිලෝම වශයෙන් ධ්යාන උගුලුවා දැමීමෙන්, කසිණ උගුලුවා දැමීමෙන්, ධ්යාන කසිණ උගුලුවා දැමීමෙන්, අංග ඉක්මවා යාමෙන්, අරමුණු ඉක්මවා යාමෙන් අංග අරමුණු ඉක්මවා යාමෙන්, අංග විභාග කිරීමෙන් අරමුණු විභාග කිරීමෙන් අංග හා අරමුණු විභාග කිරීමෙන් යන තුදුස් ආකාරයන් වන මෙයින් සහ පසළොස් ආකාරයන්ගෙන් සිත දමනයෙන් සමාධියගේ කර්මණ්යභාව කරණයෙහි දක්ෂභාවයයි යූ.සේයි.