2. සීලමය ඤාණ නිර්දේශ වර්ණනාව
සීලමය ඤාණ නිර්දේශයෙහි: පඤ්ච යනු ගණන් පිරිසඳීමයි. සීලානි යනු ධර්මයන් වෙන්කොට දැක්වීමයි. පරියන්ත පාරිසුද්ධි සීලං යනු පංචකයන් ස්වරූප වශයෙන් දැක්වීමයි. පරියන්ත පාරිසුද්ධි ආදීන්හි, යම්සේ නීලවර්ණය යෙදීමෙන් වස්ත්රයද, මෙයට නිල ඇත්තේනුයි: නීලයයි කියනු ලැබේ. මෙසේ ගණන් වශයෙන්, කෙළවරක් පිරිසිඳීමක් එයට ඇත්තේනුයි - පරියන්තයි. උපසපන් සීලයට පත් අනුපසපන් සීලයාගේ අවසාන යහපත් ස්වභාවය බැවින්, කෙළවරක් අවසානයක් එයට ඇත්තේනුයි පරියන්තායි. ‘සපරියන්තයි’ කිවයුතු කල්හි ‘සකාර ලෝපය කරන ලද්දේයයි දතයුතුය. එය ‘දකාසයා පවිසන්ති’ යන මෙහි උකාර ලෝපය මෙනි. පිරිසිදු බව පාරිසුද්ධියි. පිරිසිඳීම, පාරිශුද්ධියද එයමනුයි. පරියන්ත පාරිසුද්ධියි. පරියන්ත පාරිසුද්ධි සංඛ්යාත සීලය පරියන්ත පාරිසුද්ධි සීලයයි කියන ලද්දට විරුද්ධ ස්වභාවයෙන් පිරිසිඳීමක් නැත්තේනුයි අපරියන්තයි. එයට පිරිසිඳීමක් නැත්තේනුයි අපරියන්තයි. සමාදානයෙහි පටන්, භේදයට නොපැමිණවූයේ, භේදයක් වූයේද, කරන ලද පිළියම් ඇත්තාහු, චිත්තොත්පාද මාත්ර වූද, මලින් තොර වූ බැවින්, පිරිසිදු දෑරඟ මිණක් මෙන්, මනාව පිරියම් කරන ලද රන්බඳුනක් මෙන්ද පිරිසිදු බැවින් ආර්ය මාර්ගයට ආසන්න කාරණ වූ අඩු නොවූ අර්ථයෙන් පරිපුණ්ණා නම් වේ. දෘෂ්ටිය ප්රහීණ හෙයින් දෘෂ්ටි අල්වා ගැනීමෙන් අල්ලා නොගත් හෙයින් අපරාමට්ඨ නම් වේ. මේ ඔබගේ සීලයෙහි දොසැයි කිසි චූදිතයෙකු විසින් ස්පර්ශ කරන්ට නොහැකි වන හෙයින් හෝ අපරාමට්ඨයි. අර්හත් ලක්ෂණයෙහි සියලු දාහ සන්සිඳීම් අර්ථයෙන් පටිප්පස්සද්ධියි. අනුපසම්පන්නානං යනු සේස රහිත සමාදන්වීම් වශයෙන් සීල සම්පත්තියෙහි බොහෝ සේ යුක්ත වූයේනුයි උපසම්පන්නයි - උපසම්පන්න නුවූයේ අනුසම්පන්නය ඒ උපසම්පන්න නුවූවන්ගේ.
පරියන්ත සික්ඛාපදානං යනු මෙහි හික්මිය යුතු අර්ථයෙන් ශික්ෂායි. කොටස් අර්ථයෙන් පදයි. හික්මිය යුතු කොට්ඨාසයන්ය යන අර්ථයි. තවද, ශීලයෙහි පිහිටියහු විසින්, මත්තෙහි පැමිණිය යුතු හෙයින් සියලු කුසල්දම් ශික්ෂාවෝය. සීලයෝ ඒ ශික්ෂාවන්ගේ පිහිටීම් අර්ථයෙන්, පද වූවාහුයයි ශික්ෂාවන්ගේ පද හෙයින් ශික්ෂාපද වේ. පර්යන්ත ශික්ෂාපද මොවුන්ටනුයි පරියන්ත ශික්ෂාපදයි. එ් පර්යන්ත ශික්ෂාපදන්ගේ එහිද පර්යන්ත ද්වයයකි. ශික්ෂාපද පර්යන්තය, කාල පර්යන්තය වශයෙනි. ශික්ෂාපද පර්යන්තය කවරේද යත්, උපාසක උපාසිකාවන්ගේ සමාදන් වීම් වශයෙන් යම්සේ, එක, දෙක, තුන, හතර, පහ, අට, දහය හෝ ශික්ෂාපද වෙති. උපසම්පදාව සඳහා හික්මෙනු ලබන සාමණේර, සාමණේරීන්ට ශික්ෂාපද දසයකි. මේ ශික්ෂාපද පර්යන්ත නම් වේ. කාල පර්යන්ත කවරේද? උපාසක උපාසිකාවෝ දන් දෙනු ලබන්නාහු දන් වළඳවන කාලය පර්යන්ත කොට සිල් සමාදන් වෙති. වෙහෙරට ගියාහු එහි ගතකරන කාලය පර්යන්ත කොට සිල් සමාදන් වෙති. එක-දෙක-තුන හෝ ඊට වැඩියෙන් හෝ රෑ දවල් නියමකොට සිල් සමාදන් වෙති. මේ කාල පරියන්ත නම් වේ. මේ පර්යන්ත ද්වයෙහි ශික්ෂාපද පර්යන්තකොට සමාදන් වූ සීලය ඉක්මවීමෙහි හෝ මරණයෙහි සන්සිඳේ. කාල පර්යන්ත කොට සමාදන් වන ලද්ද, ඒ කාලාතික්රමණයෙන් සන්සිඳේ.
අපරියන්ත සික්ඛාපදානං යනු,
නවකොටි සහස්සානි - අසීතිං සත කොටියො,
පඤ්ඤාසනා සත සහස්සානි - ඡත්තිංසච පුනාපරෙ
පඤ්ඤාසනා සත සහස්සානි - ඡත්තිංසච පුනාපරෙ
එතෙ සංවර විනයා - සම්බුද්ධෙන පකාසිතා,
පෙය්යාල මුඛෙන නිද්දිට්ඨා - සික්ඛා විනය සංවරෙ’ති
පෙය්යාල මුඛෙන නිද්දිට්ඨා - සික්ඛා විනය සංවරෙ’ති
නවකෙළ දහස්, එකසිය අසූකෝටි පනස් ලක්ෂ සතිසක්, බුදුරදුන් විසින් ප්රකාශිත, ඒ සංවර විනය, පෙය්යාල ක්රමයෙන් දක්වන ලද්දාහු, සංවර විනයෙහි ශික්ෂාවෝ වෙති.
මෙසේ ගණන් වශයෙන් පර්යන්ත වුවද, ශික්ෂා පදයන්ගේ සේස රහිත සමාදන් වීම් භාව වශයෙන්, ලාභ, යස, ඤාති ශරීරායව, ජීවිත හේතු වශයෙන් නුදුටු පර්යන්ත භාව වශයෙන්ද මත්තෙහි රැකිය යුතු සීලයන්හි, පිරිසිඳීම් නොවීම් වශයෙන් ඒවාට පර්යන්තයක් නැත්තේනුයි අපරියන්ත වේ. අපරියන්ත සික්ඛාපදයන් ඒවාමනුයි අපරියන්ත ශික්ෂාපදයි. ඒ අපරියන්ත ශික්ෂාපදයන්ගේ; බුද්ධ පර්යන්ත ශික්ෂාපදයන්ගේ හෝ යන අර්ථයි.
පුථුජ්ජන කල්යාණකානං යනාදීන්හි,
පුථූනං ජනනාදිහි - කාරණෙහි පුථුජ්ජනො,
පුථුජ්ජනන්තොගධත්තා - පුථුවායං ජනො ඉති
පුථුජ්ජනන්තොගධත්තා - පුථුවායං ජනො ඉති
දුවෙ පුථුජ්ජනා වුත්තා - බුද්ධෙනාදිච්ච බන්ධුනා,
අන්ධො පුථුජ්ජනො එකො - කල්යාණෙකො පුථුජ්ජනො’ති
අන්ධො පුථුජ්ජනො එකො - කල්යාණෙකො පුථුජ්ජනො’ති
පැතිර සිටි කෙලෙස් ආදීන්ගේ, ඉපදවීම් ආදී කරුණුවලින් පෘථග්ජන නම් වේ. පෘථග්ජනයන්ට ඇතුළත් හෙයින්ද මෙම ජනයා පුථුයයි කියනු ලැබේ. කියන ලද පෘථග්ජන ලක්ෂණ නොඉක්මවීමෙහිදී ආදිච්ච බන්ධු බුදුරජුන් විසින්, එක් අන්ධ පෘථග්ජනයෙක්ද එක් කල්යාණ පෘථග්ජනයෙක්ද වශයෙන් පෘථග්ජනයෝ දෙදෙනෙක් දේශනා කරන ලදහ.
කියන ලද පෘථග්ජනද්වයෙහි, යහපත් පුද්ගලයන් හා ආශ්රයෙන්, අන්ධ පෘථග්ජන භාවය ඉක්මවා, යහපත් පෘථග්ජන භාවයෙහි සිටියා වූ පෘථග්ජන කල්යාණයන්ගේ, කල්යාණ පෘථග්ජනයන්ගේ යයි යූසේයි. පෘථග්ජනයන් අතරෙහි යහපත් පෘථග්ජන කල්යාණකයන්ගේ,
කුසලධම්මෙ යුත්තානං යනු මෙහි කුසල් ශබ්දය, ආරොග්යයෙහි, නිරවද්යයෙහි, දක්ෂතාවෙහි සැපවිපාක ආදියෙහි පෙනේ. මේ වනාහි උදාහරණයි. කෙසේද භවත් ගෞතමයනි, යහපත්ද? කෙසේද භවත් ගෞතමයිනි, නිරෝගිද? ආදී තන්හි ආරොග්යයෙහි පෙනේ. ස්වාමීනි කවරනම් කාය සමාචාරයෙක් යහපත්ද? මහරජ, යම් කාය සමාචාරයෙක් නිවැරදිද? එය යහපත්ය. ස්වාමීනි නැවතද භාග්යවතුන් වහන්සේ කුසල්දම්හි දම් දෙසත්. එය අතිශ්රේෂ්ඨය. මේ ආදීන්හි නිරවද්යයෙහි යෙදේ. නුඹ රථයෙහි අඟ පසඟයන්ගේ දක්ෂයෙකි. නෘත්ය ගීතයන්හි දක්ෂයෙකි. මනා දක්ෂතාවයෙහි හික්මුණාහු ආදීන්හි දක්ෂතාවයෙහි යෙදේ. මහණෙනි, කුසල් ධර්මයන්ගේ සමාදන් වීමේ හේතුවෙන්, කුසල කර්මයාගේ කළ බැවින්, රැස්කළ බැවින්, ආදීන්හි සැප විපාකයෙහි යෙදේ. එය මෙහි, ආරොග්යයෙහිද, නිරවද්යයෙහිද, සැප විපාකයෙහිද වැටේ.
මෙහි වචනාර්ථය වනාහි පිළිකුල් පාපධර්මයන් සොලවයි. චලනය කරයි. කම්පා කරයි. විනාශ කෙරෙයි. කුසල් නම් වේ. පිළිකුල් ආකාරයෙන් හොවිති. පවතිත්නුයි කුසයි. ඒ කුසයන් කපති. සිඳිත්නුයි කුසල් නම් වේ. පිළිකුල් ද්රව්යයන් සියුම් කරන හෙයින්ද තුනී කරන හෙයින්ද ඤාණය කුස නම් වේ. එම කුස නමැති ඤාණයෙන් කැපිය යුතු හෙයින්ද, ගතයුතු හෙයින්ද පැවැත්විය යුතු හෙයින්ද කුසල් නම් වේ. යම්සේ වනාහි කුසතණ දෙපැත්තෙන් අල්ලාගත් කල්හි අත් පෙදෙස කපත්ද? එසේ මේවාද උපන් නූපන් භාවයෙන් ද්විපාර්ශ්ව ගතවූයේ කෙලෙස් සහිත පක්ෂය කපති. එහෙයින් කුසතණ මෙන් කපත්නුයි කුසල නම් වේ. තවද ආරෝග්යාර්ථයෙන්ද නිරවද්යාර්ථයෙන්ද, දක්ෂතා හටගැනීම් අර්ථයෙන් හෝ කුසල්ය. මෙහි වනාහි විදර්ශනා කුසලයම අදහස් කරන ලදී. එහෙයින් සෙස්සන් හැර එයම දැක්වීම සඳහා ‘කුසල ධර්මයෙහි යැයි ඒකවචන කරන ලදැයි දතයුතුය. විදර්ශනා කුසල ධර්මයෙහි පසුබට නොවීම් වශයෙන්ද, මනාව කිරීම් වශයෙන්ද යෙදෙනවුන්ගේ යන අර්ථයි.
සෙක්ඛ පරියනෙත පරිපූරකාරීනං යන මෙහි ත්රිවිධ ශික්ෂාවන්හි හටගත්තේනුයි සෙක්ඛායි. සප්ත ශෛක්ෂයන්ගේ මේවානුයි සෙක්ඛායි. තෙමේම හික්මේනුයි සෙක්ඛායි. සෝවාන් මාර්ග, ඵල, සකෘදාගාමි මාර්ග, ඵල, අනාගාමි මාර්ග, ඵල, අර්හත් මාර්ගය ධර්මය, ඒ ශෛක්ෂ ධර්ම, කෙළවරෙහි, අවසානයෙහි මොහුටය. ඒ ශෛක්ෂ ධරම කෙළවර, අවසානය මොහුටනුයි ශෛක්ෂ පරියන්තයි. ඒ ශෛක්ෂ පර්යන්ත ධර්මයෙහි යැයි සම්බන්ධයි. පරිපූර්ණය, පරිපූර්ණත්වය කෙරෙත්නුයි පරිපූරකාරිනොයි. පරිපූරකාරීවීම, පරිපූරකාරිත්වය මොවුන්ට ඇත්තේනුයි = පරිපූර කාරිනො නම් වේ. සෝවාන් මාර්ගයට පූර්වභාගයෙහි වූ, ශෛක්ෂ පර්යන්ත, ප්රතිපදා ධර්මයෙහි, විදර්ශනා සම්පූර්ණ කිරීමෙහි නියැලි පරිපූරකයින්ගේ කායෙච ජීවිතෙච අනපෙක්ඛානං යන මෙහි කායෙ යනු ශරීරයෙහි, ශරීරය වනාහි අපද්රව්ය රැස්කරන හෙයින්ද, පිළිකුල් කෙස් ආදීන්ගේද, චක්ෂු රෝගාදී සියගණන් රෝගයන්ගේද හටගන්නා ස්ථානය වූ හෙයින් කායයැයි යූ.සේයි. ජීවිතෙ යනු ජීවිතින්ද්රියයෙහි, එය වනාහි එයින් ජීවත්වෙත්නුයි ජීවිතයයි යූ.සේයි. මොවුන්ට අපේක්ෂාවක් නැත්තේනුයි අනපෙක්ඛායි. ඇල්මක් නොමැතිය යන අර්ථයි. ඒ ශරීරයෙහිද ජීවිතයෙහිද අපේක්ෂා රහිත ඔවුන්ගේ,