19. ධර්ම නානත්ව ඤාණ නිර්දේශ වර්ණනාව
ධර්ම නානත්ව නිර්දේශයෙහි, කම්මපථෙ යනු කර්මද ඒවාම අපාගමනට මාර්ගනුයි කර්මපථයි. ඒ කර්මපථයන්, දස කුසල කර්මපථනම්; ප්රාණඝාත, අදින්නාදාන, කාමයන්හි වරදවා හැසිරීම යන ත්රයයෙන් වෙන්වීම කාය සුචරිතයි. මුසාවාදයෙන්, කේලාම් කීමෙන්, ඵරුසවචනයෙන්, හිස්වචන කථා කිරීමෙන් වැළැක්ම යන සතර වාග් සුචරිතයි. අනභිධ්යා, අව්යාපාද, සම්යක් දෘෂ්ටි යන ත්රයය මනෝ සුචරිතයි. දස අකුසල කර්මපථ නම්; ප්රාණඝාත, අදින්නාදාන, කාමයන්හි වරදවා හැසිරීම යන ත්රයය කාය දුශ්චරිතයි. මුසාවාද, කේළාම්, ඵරුසවචන, හිස්වචන කථා කිරීම යන සතර වාග් දුශ්චරිතයි. අභිධ්යා, ව්යාපාද, මිථ්යාදෘෂ්ටි යන ත්රයය මනෝ දුශ්චරිතයි. කුසල් අකුසල්හි ප්රතිසන්ධිජනක වූයේම කර්මපථයයි යූ.සේයි. ඉතිරි ප්රතිසන්ධි ඇතිකරලීමෙහි ඒකාන්තයෙන් ප්රබලතාවක් නොමැතියේ කර්මපථයයි නොකියන ලදි. දස කුසල් අකුසල් ග්රහණයෙන්ම සෙසු කුසල් අකුසල් ගන්නා ලදැයි දතයුත්තාහ. රූපං යනු භූත-උපාදාය භේදයෙන් අටවිසි වැදෑරුම් රූප වේ. විපාකං යනු කාමාවචර කුසලවිපාක සොළොසද, අකුසල විපාක සතද වශයෙන් තෙවිසි වැදෑරුම් විපාක වේ. කිරියං ත්රිවිධ අහේතුක ක්රියාවන්ද අටවැදෑරුම් සහේතුක ක්රියාවන්ගේද වශයෙන් එකොළොස් වැදෑරුම් ක්රියා විපාක අභාවයෙන් ක්රියා මාත්රයමනුයි ක්රියායි. මෙපමණෙකින් කාමාවචරම රූප අව්යාකෘත, විපාක අව්යාකෘත වශයෙන් යූ.සේයි.
ඉධට්ඨස්ස මෙලොව සිටියහුගේ, බොහෝසෙයින් මිනිස් ලොව, ධ්යාන භාවනා, සාධනයෙන් මිනිස්ලෝ වශයෙන් යූ.සේයි. ධ්යාන වනාහි සමහරවිට දිව්යලෝකයන්හිද ලැබෙත්. රූපී බඹලොවෙහිද, එහි උපදින, යට උපදින, මතු මත්තෙහි ඉපදීම් වශයෙන් ලැබෙත්. අරූපාවචරයන්හි සුද්ධාවාසයෙන් යට උත්පත්ති නැත. රූපාවචර, අරූපාවචරයන්හි, දියුණු නොකළ ධ්යාන සහිත වූවාහු යට උපදිනු ලබන්නාහු කාමාවචර සුගතියෙහිම උපදිති. දුගතියෙහි නූපදිති. තත්රෑපපන්නස්ස යනු විපාක වශයෙන් බඹලොව උපන්නහුගේ ප්රතිසන්ධිභවංග, චුති වශයෙන් පවත්නා සතර විපාක ධ්යානයන් රූපාවචර, අරූපාවචර ධ්යාන සමවත්හි ක්රියා අව්යාකෘත නොකියන ලදි. කිසිසේත් නොකියන ලදි. තවද, කුසලයන් හා සමාන පැවතුම් හෙයින් කුසලයන් කී කල්හි කියන ලද්දේම වෙත්යයි දතයුත්තාහ. පට්ඨානයහෙි, කුසලා කුසලයන් නිරුද්ධ කල්හි විපාකය තදාරම්මණතාවයෙන් උපදී. කුසල් ජවන් ග්රහණයෙන්ම ක්රියා ජවනය සංගෘහිතයි. මෙහිද එසේයයි දතයුතුය. සාමඤ්ඤඵලානි යනු සතර මාර්ගඵල, ඉන් ලෝකෝත්තර විපාක අව්යාකෘත යූ.සේයි. නිබ්බාණං යනු නිර්වාණා ව්යාකෘතයයි.
පාමුජ්ජ මූලකා යනු ප්රමෝද්යය. මුල්වූයේ ආරම්භය වූයේ, ඒවාටනුයි ප්රමෝද්ය මූලිකයි. ප්රමෝදය ආදිකොට ඇත්තේය යන අර්ථයි. ප්රමෝද්යයෙන් එක්රැස් වූයේම වෙති. අනිච්චතො මනසිකරොතො පාමුජ්ජං ජායති මෙහි නුවණින් මෙනෙහි කරන්නා හටම ප්රමෝදය හටගනී. නුනුවණින් මෙනෙහි කරන්නාට නොවේ. නුනුවණින් මෙනෙහි කරන්නාහට කුසල් ඉපැත්මක් කැලම නැත. විදර්ශනා ගැන කියනුම කවරේද? කුමක් හෙයින් ස්වරූපයෙන් කියන ලදද යත්? ප්රමෝද්යයාගේ බලවත්භාවය දැක්වීම සඳහායි. ප්රමෝදය නොමැති කල්හි, විවේකස්ථානයන්හි පිහිටි සෙනසුන්හිද, අධිකුසල් දම්හිද නොඇල්ම කළකිරීම උපදී. මෙසේ ඇතිකල්හි, භාවනා මාර්ගයෙන් පිටපනී. ප්රමෝදය ඇතිකල්හි නොඇල්ම නොමැති හෙයින් භාවනාව පරිපූර්ණත්වයට යේ. නුවණින් මෙනෙහි කිරීම මූලික භාවයෙන් ගත් කල්හි භාවනාවට බොහෝ උපකාරවත් බව දක්වන්ට මතු නවකය කියයි.
යතො යතො සම්මසති - ඛන්ධානං උදයබ්බයං,
ලභතී පීතිපාමොජ්ජං - අමතං තං විජානතං
ලභතී පීතිපාමොජ්ජං - අමතං තං විජානතං
යම්කලෙක පටන් ස්කන්ධයන්ගේ උදය-ව්යය සම්මර්ශනය කෙරේද? ඉන් නිවන් අවබෝධ කරන ප්රීති ප්රමෝද්යය ලබයි,
යන වචනයෙන් විදර්ශකයාට විදර්ශනා ප්රත්යයෙන් ප්රමෝද්යය උපදියි. මෙහි කලාප සම්මර්ශන ප්රත්යයෙන් වන ප්රමෝද්යය ගතයුතුය. ප්රමුදිතයාගේ ස්වභාවය ප්රමෝද්යයයි. දුර්වල ප්රීතිය, ආදී කර්මාර්ථයෙහි ‘ප’ කාරය දතයුතුය. පමුදිතස්ස යනු ඒ ප්රමෝදයෙන් ප්රමුදිත වූවහුට, සතුටු වූවහුට, පමොදිතස්ස යයිද පාඨයි. අර්ථය එයමය. පීති යනු බලවත් ප්රීතියයි. පීතිමනස්ස යනු ප්රීති යුත් සිත් ඇත්තහුගේ, යුත්ත ශබ්දයාගේ ලෝපය දතයුතුය. අශ්වරථය යම්සේද එසේය. කායො යනු නාමකයයි. රූප කය සමග හෝ, පස්සම්භති යනු සන්සුන්දාහ ඇත්තේ වේ. පස්සද්ධ කායො යනු ද්විවිධ සන්සිඳීම් යෝගයෙන් නිවුණු සිරුරැතියේ. සුඛං වෙදෙති යනු චෛතසික සුව විඳියි. කායික සුවය සමග හෝ. සුඛිනො යනු සුව යුක්තහුගේ, චිත්තං සමාධියති යනු සිත සමව පවත්වයි. එකඟ වේ. සමාහිතෙ චිත්තෙ යන වැඩීමෙහි වැඩීම් ලත්ෂණාර්ථයෙහි සත්තමීයි. චිත්ත සමාධි භාවයෙන් තත්වාකාර දැනීම ලක්ෂ්ය කරයි. (දක්වයි) යථාභූතං ජානාති යනු උදයව්යය ඤාණාදී වශයෙන් සංස්කාරයන්ගේ යථා ස්වභාවය දනී. පස්සති යනු එයම ඇසින් දුටුවාසේ, පතළකොට ප්රඥා චක්ෂුසින් දකියි. නිබ්බින්දති යනු නව වැදෑරුම් විදර්ශනා ඤාණ යෝගයෙන් සංස්කාරයන්හි කළකිරේ. නිබ්බින්දං විරජ්ජති යනු ඒ විදර්ශනාව මස්තකප්රාප්ත කරනුයේ, මාර්ග ඤාණ යෝගයෙන් සංස්කාරයන්හි නොඇලුණේ වේ. විරාගා විමුච්චති යනු විරාග සංඛ්යාත මාර්ග හේතුඵල විමුක්තියෙන් නිර්වාණයෙහි අධිමෝක්ෂයෙන් මිදෙයි. සමහර පොත්වල මෙම කරුණෙහිදී, තැන්පත් සිතින් මෙය දුකයයි තත්වාකාරයෙන් දනී ආදී සත්ය නය ලියන ලදි. එයද සමහර පොත්වල, මෙය දුකයයි නුවණින් මෙනෙහි කරයි, ආදී ක්රමයෙන් ලියන ලදි. වාර ද්වයෙහිම අක්ෂරයෙහිම වෙනසයි. අර්ථ වශයෙන් නැත. නිබ්බින්දං විරජ්ජති යනු මාර්ග ඤාණයාගේ වශයෙන් කියන ලද හෙයින්, මාර්ග ඤාණයෙහි සිද්ධ වූ සිව්සස් අවබෝධ කෘත්යය සිදුවූයේම වේ. එහෙයින් සිව්සස් නයින් කියන ලද වාරයද, මෙම වාරයෙන් අර්ථ වශයෙන් ඉතිරි වූයේමය.