15. වත්‍ථුනානත්‍ව ඤාණ නිර්දේශ වර්ණනාව
වස්තු නානත්‍ව ඤාණ නිර්දේශයෙහි, චක්ඛුං අජ්ඣත්තං වවත්‍ථෙති යනු අධ්‍යාත්ම වූ ඇස පිරිසිඳ දනී. යම්සේ හෙතෙම පිරිසිඳ දනීද? එසේ කියනු කැමැත්තේ, ‘කථං චක්ඛුං අජ්ඣත්තං වවත්‍ථෙති’යි විචාරා නැවත ඇස අවිද්‍යාවෙන් හටගත්තේ යැයි නිශ්චය කරයි ආදියෙන් නිශ්චය කරන ආකාරය දැක්වීය. එහි අවිද්‍යා, තෘෂ්ණා, අතීත උපස්ථම්භක හේතුයි. කර්මය අතීත උපදවන හේතුයි. ආහාරය වර්තමාන උපස්ථම්භක හේතුයි. එයින් ඇසට උපස්ථම්භක වූ සෘතු චිත්තයන් ගන්නා ලද්දේම වෙති. චතුන්නං මහාභූතානං උපාදාය යනු ද්විතියාර්ථයෙහි ෂෂ්ඨයි. සතර මහා භූතයන් දැඩිසේ ගෙන පවතිත් යන අර්ථයි. එයින් ප්‍රසාද චක්‍ෂුභාවය දක්වන ලද්දේ වේ. සසම්භාර භාවය ප්‍රතික්‍ෂෙප කරන ලදි. උප්පන්නං යනු කාල, නොකඩවා පැවතීම් ක්‍ෂණ වශයෙන් උපන්, සමුදාගතං යනු හේතුයෙන් හටගත්, මෙතෙකින් විදර්ශනා පූර්වභාග චක්‍ෂු ව්‍යවස්ථානය දක්වන ලදි. අහුත්‍වා සම්භූතං ආදීන්හි අනිත්‍යානු පස්සනාවෙන් ඇස, හටගැනීමෙන් පෙර අවිද්‍යමානත්‍වයෙන් නොවී හටගති. ව්‍යයයෙන් මත්තෙහි අභාව හෙයින්, තිබී නොවන්නේය. අන්තවන්තතො අන්තය මෙයට ඇත්තේනුයි - අන්තවායි. අන්තවත් වූයේම අන්තවන්තොයි. සතිමන්තො, ගතිමන්තො, ධිමන්තො ආදිය මෙනි. ඒ අන්තවත් භාවයෙන්, අවසානය විද්‍යමාන හෙයින් අද්ධුවං යනු සියලු අවස්ථාවන් බිඳවැටෙන හෙයින් ස්ථිරභාවය නොමැති හෙයින් ස්ථිර නොවේ. අසස්සතං යනු නිත්‍ය නොවේ. විපරිණාමධම්මං යනු ජරායෙන්ද, මරණයෙන්ද යන දෙයාකාරයෙන් වෙනස්වීම ස්වභාවකොට ඇත. ‘චක්ඛුං අනිච්චං, චක්ඛුං අනිච්චතො’ ආදිය කියන ලද අර්ථයි. මනො යන්නෙන් භවංග මනස අදහස් කරන ලද හෙයින්, අවිජ්ජා සම්භූතො ආදිය යෝග්‍යයි. ආහාර සම්භූතො යන මෙහි එකට යෙදුණු ස්පර්ශාහාර, මනො සඤ්චෙතනාහාර වශයෙන් දතයුතුය. උප්පන්නො යනු කාල හා සන්තති වශයෙන්.
වත්‍ථුනානත්‍ව ඤාණ නිර්දේශ වර්ණනා නිමි.
16. ගෝචර නානත්‍ව ඤාණ නිර්දේශ වර්ණනාව
ගොචර නානත්‍ව ඤාණ නිර්දේශයෙහි, රූපෙ බහිද්ධා වවත්‍ථෙති යනු අධ්‍යාත්මයෙන් පිටත වූ රූපායතන ධර්මයන් නිශ්චය කෙරේ යන අර්ථයි. අවිජ්ජා සම්භූතා යන ආදිය ආත්මභාවයට ඇතුළත් කර්මජ රූපය බැවින් යයි යූ.සේයි. ආහාරයද, කර්මජ රූපයට උපස්ථම්භක ප්‍රත්‍යය වේ. ශබ්දය, සෘතු, චිත්ත සමුට්ඨාන හෙයින් අවිද්‍යාවෙන් හටගත් ආදී චතුෂ්කය නොකියන ලදි. ස්පර්ශයන්ගේ ස්වයං මහාභූත හෙයින් චතුන්නං මහාභූතානං උපාදායයි නො යූ.සේයි. ධම්මා යන මෙහි භවංග සිත හා යෙදුන ත්‍රිවිධ අරූප ස්කන්ධයන්ද, ධර්මායතනයට ඇතුළත් සියුම් රූපද කර්මයෙන් හටගත් සියලුම රූපයන්ද, තවද යම් යම් රූප යම් යම් හේතුවකින් හටගනිත්ද, ඒ ඒ රූප ඒ එ හේතුවෙන් යයි දතයුත්තාහ. අනෙක් අතට, ස්වකීය සන්තායට ඇතුළත් වූ රූපාදී සියලු ධර්මයන් ඇතුළත් නොකරන්නාහු. අනින්‍ද්‍රිය බද්ධ රූපාදීහුද විදර්ශනාවටම ඇතුළත් වූවාහුය. එහෙයින් ඒවාහි කර්මයෙන් හටගත් (යන) පදයෙහි ඇතුළත්ය. ඒවාද සියලු සත්ත්වයින්ට සාධාරණ කර්මප්‍රත්‍ය සෘතු සමුට්ඨානයි. අනෙක් ඉන්‍ද්‍රියබද්ධ නුවූ රූපාදීහු විදර්ශනාවට ඇතුළත් නුවූවාහුයයි කියති. එය
සබ්බෙ සංඛාරා අනිච්චාති - යදා පඤ්ඤාය පස්සති,
අථ නිබ්බින්‍දතී දුක්ඛෙ - එසමග්ගො විසුද්ධියා
සියලු සංස්කාර අනිත්‍යයෝයි. යම්කලෙක නුවණින් දකීද, එකල්හි දුකෙහි කලකිරේ. එය විසුද්ධියෙහි මාර්ගයයි (නිවනෙහි මගයි),
යනාදිය පෙළට විරුද්ධ වේ. විසුද්ධි මාර්ගයෙහි කියන ලදි. මේ සස්නෙහි ඇතමෙක් මුලදීම අධ්‍යාත්ම සංස්කාරයන්හි ප්‍රවිෂ්ටව විදර්ශනා කරයි. පිරිසිදු අධ්‍යාත්ම දර්ශන මාත්‍රයෙන්ම මාර්ග වුට්ඨානය නොවේද? පිටතද බැලිය යුතුමය. එහෙයින් තමාගේ යයි සිතා නොගත් අන්‍යයාගේ සංස්කාරයන් කෙරෙහිද, අනිත්‍ය, දුක්, අනාත්ම වශයෙන් විදර්ශනා කරයි. එහෙයින් අන්‍යයාගේ චක්‍ෂුරාදීන්ගේ නිශ්චය, ඉන්‍ද්‍රියබද්ධ නුවූ රූපාදීන්හි නිශ්චයද කැමතිවිය යුතුමය. (කළයුතුමය) එහෙයින් ත්‍රෛභූමික සංස්කාරයන්හි විදර්ශනාවට නොඑළඹෙන්නක් නම් නැත.
ගෝචර නානත්‍ව ඤාණ නිර්දේශ වර්ණනාව නිමි.
17. චර්යා නානත්‍ව ඤාණ නිර්දේශ වර්ණනාව
චර්යා නානත්‍ව ඤාණ නිර්දේශයෙහි, විඤ්ඤාණචරියා ආදීන්හි අරමුණෙහි හැසිරේනුයි චර්යායි. විඤ්ඤාණයම චර්යා වූයේනුයි විඤ්ඤාණ චර්යායි. නොදැන්මෙන් හැසිරීම, නොදැන්මෙන් හැසිරෙයි හෝ දත් දෑහි හැසිරීම හෝ අඥානයන්ගේ හැසිරීම හෝ අඤ්ඤාණචරියායි. ඤාණයම චර්යාව වූයේ ඤාණචරියායි. ඤාණයෙන් හෝ හැසිරෙයි. දත් දෑහි හෝ හැසිරේ. ඤාණයාගේ හැසිරීම නුයි ඤාණ චර්යායි. දස්සනත්‍ථාය යනු රූප දර්ශනය සඳහා පැවති. ආවජ්ජන කිරියා බ්‍යාකතා යනු භවංග චිත්ත පරම්පරාවෙන් ඉවත්කොට, රූපාරම්මණයෙහි, සිත් පරම්පරාව ආවර්ජනා කෙරෙයි නමයිනුයි ආවජ්ජනංයි. විපාක අභාවයෙන් කිරීම් මාත්‍ර යනුයි කිරියායි. කුසල් අකුසල් වශයෙන් ප්‍රකාශ නොකළේනුයි අබ්‍යාකතයි. දස්සනත්‍ථො යනු එයින් දකිති. තෙමේ හෝ දකියි. දර්ශන මාත්‍රයම හෝ එයනුයි දස්සනංයි. දර්ශනයම අර්ථය දස්සනත්‍ථොයි. චක්ඛු විඤ්ඤාණං යනු කුසල විපාක හෝ අකුසල විපාක. දිට්ඨත්තා යනු නොදක්නා ලද්දෙහි ප්‍රතිග්‍රහණයෙහි අභාවය හෙයින් චක්‍ෂුර් විඤ්ඤාණයෙන් රූපාරම්මණයෙහි දිටි බැවින්. අභිනිරොපනා විපාක මනොධාතු යනු දිටි අරමුණෙහිම නගීනුයි > අභිනිරෝපනායි. ද්වි විපාක සම්පටිච්ඡන මනෝධාතුයි. අභිනිරොපිතත්තා යනු රූපාරම්මණයෙහි නැගි හෙයින් විපාක මනො විඤ්ඤාණ ධාතු යනු ද්වි විපාක සන්තීරණ මනෝ විඤ්ඤාණ ධාතුයි. සෝතද්වාරාදීන්හිද එම ක්‍රමයමැයි. සන්තීරණාන්තරව වොත්‍ථපන නොකියන ලද්දේද අටුවා ඇදුරන් විසින් කියන ලද හෙයින් ලැබෙතියි ගතයුතුය. විජානනත්‍ථාය යනු ධර්මාරම්මණයෙහිද, රූපාදී ආරම්මණයාගේ දැනගැනීම සඳහා. ආවජ්ජන කිරියා බ්‍යාකතා යනු මනෝද්වාරාවර්ජන සිතයි. විජානනත්‍ථො යනු ඉන් අනතුරුව ජවන වශයෙන් ආරම්මණයාගේ දැනගන්නා වූම අර්ථයයි. අනෙකක් නොවේ. මත්තෙහි අකුසල ජවනයන්ගේද, විදර්ශනා මාර්ගඵල ජවනයන්ගේද, වෙන්ව කියන ලද හෙයින් සෙසු ජවනයෝ මෙහි ගතයුතු වන්නාහුය. ‘කුසලෙහි කම්මෙහි විප්පයුත්තා චරතීති විඤ්ඤාණ චරියා’ ආදී වචනයෙන් හසිතෝත්පාද චිත්ත ජවනයම ගතයුතුය. ෂට් ද්වාරයන්හි අහේතුක චිත්තයන් කියන ලද හෙයිාන් ආවර්ජන ද්වයද, දෙපස් විඤ්ඤාණයන්ද, සම්පටිච්ඡන ද්වයයද, සන්තීරණත්‍රයද, එක් හසිතෝත්පාද සිතද යන අටළොස් අහේතුක සිත්ම විඤ්ඤාණචරියා යැයි දතයුත්තාහ.