16. ගෝචර නානත්‍ව ඤාණ නිර්දේශ වර්ණනාව
ගොචර නානත්‍ව ඤාණ නිර්දේශයෙහි, රූපෙ බහිද්ධා වවත්‍ථෙති යනු අධ්‍යාත්මයෙන් පිටත වූ රූපායතන ධර්මයන් නිශ්චය කෙරේ යන අර්ථයි. අවිජ්ජා සම්භූතා යන ආදිය ආත්මභාවයට ඇතුළත් කර්මජ රූපය බැවින් යයි යූ.සේයි. ආහාරයද, කර්මජ රූපයට උපස්ථම්භක ප්‍රත්‍යය වේ. ශබ්දය, සෘතු, චිත්ත සමුට්ඨාන හෙයින් අවිද්‍යාවෙන් හටගත් ආදී චතුෂ්කය නොකියන ලදි. ස්පර්ශයන්ගේ ස්වයං මහාභූත හෙයින් චතුන්නං මහාභූතානං උපාදායයි නො යූ.සේයි. ධම්මා යන මෙහි භවංග සිත හා යෙදුන ත්‍රිවිධ අරූප ස්කන්ධයන්ද, ධර්මායතනයට ඇතුළත් සියුම් රූපද කර්මයෙන් හටගත් සියලුම රූපයන්ද, තවද යම් යම් රූප යම් යම් හේතුවකින් හටගනිත්ද, ඒ ඒ රූප ඒ එ හේතුවෙන් යයි දතයුත්තාහ. අනෙක් අතට, ස්වකීය සන්තායට ඇතුළත් වූ රූපාදී සියලු ධර්මයන් ඇතුළත් නොකරන්නාහු. අනින්‍ද්‍රිය බද්ධ රූපාදීහුද විදර්ශනාවටම ඇතුළත් වූවාහුය. එහෙයින් ඒවාහි කර්මයෙන් හටගත් (යන) පදයෙහි ඇතුළත්ය. ඒවාද සියලු සත්ත්වයින්ට සාධාරණ කර්මප්‍රත්‍ය සෘතු සමුට්ඨානයි. අනෙක් ඉන්‍ද්‍රියබද්ධ නුවූ රූපාදීහු විදර්ශනාවට ඇතුළත් නුවූවාහුයයි කියති. එය
සබ්බෙ සංඛාරා අනිච්චාති - යදා පඤ්ඤාය පස්සති,
අථ නිබ්බින්‍දතී දුක්ඛෙ - එසමග්ගො විසුද්ධියා
සියලු සංස්කාර අනිත්‍යයෝයි. යම්කලෙක නුවණින් දකීද, එකල්හි දුකෙහි කලකිරේ. එය විසුද්ධියෙහි මාර්ගයයි (නිවනෙහි මගයි),
යනාදිය පෙළට විරුද්ධ වේ. විසුද්ධි මාර්ගයෙහි කියන ලදි. මේ සස්නෙහි ඇතමෙක් මුලදීම අධ්‍යාත්ම සංස්කාරයන්හි ප්‍රවිෂ්ටව විදර්ශනා කරයි. පිරිසිදු අධ්‍යාත්ම දර්ශන මාත්‍රයෙන්ම මාර්ග වුට්ඨානය නොවේද? පිටතද බැලිය යුතුමය. එහෙයින් තමාගේ යයි සිතා නොගත් අන්‍යයාගේ සංස්කාරයන් කෙරෙහිද, අනිත්‍ය, දුක්, අනාත්ම වශයෙන් විදර්ශනා කරයි. එහෙයින් අන්‍යයාගේ චක්‍ෂුරාදීන්ගේ නිශ්චය, ඉන්‍ද්‍රියබද්ධ නුවූ රූපාදීන්හි නිශ්චයද කැමතිවිය යුතුමය. (කළයුතුමය) එහෙයින් ත්‍රෛභූමික සංස්කාරයන්හි විදර්ශනාවට නොඑළඹෙන්නක් නම් නැත.
ගෝචර නානත්‍ව ඤාණ නිර්දේශ වර්ණනාව නිමි.
17. චර්යා නානත්‍ව ඤාණ නිර්දේශ වර්ණනාව
චර්යා නානත්‍ව ඤාණ නිර්දේශයෙහි, විඤ්ඤාණචරියා ආදීන්හි අරමුණෙහි හැසිරේනුයි චර්යායි. විඤ්ඤාණයම චර්යා වූයේනුයි විඤ්ඤාණ චර්යායි. නොදැන්මෙන් හැසිරීම, නොදැන්මෙන් හැසිරෙයි හෝ දත් දෑහි හැසිරීම හෝ අඥානයන්ගේ හැසිරීම හෝ අඤ්ඤාණචරියායි. ඤාණයම චර්යාව වූයේ ඤාණචරියායි. ඤාණයෙන් හෝ හැසිරෙයි. දත් දෑහි හෝ හැසිරේ. ඤාණයාගේ හැසිරීම නුයි ඤාණ චර්යායි. දස්සනත්‍ථාය යනු රූප දර්ශනය සඳහා පැවති. ආවජ්ජන කිරියා බ්‍යාකතා යනු භවංග චිත්ත පරම්පරාවෙන් ඉවත්කොට, රූපාරම්මණයෙහි, සිත් පරම්පරාව ආවර්ජනා කෙරෙයි නමයිනුයි ආවජ්ජනංයි. විපාක අභාවයෙන් කිරීම් මාත්‍ර යනුයි කිරියායි. කුසල් අකුසල් වශයෙන් ප්‍රකාශ නොකළේනුයි අබ්‍යාකතයි. දස්සනත්‍ථො යනු එයින් දකිති. තෙමේ හෝ දකියි. දර්ශන මාත්‍රයම හෝ එයනුයි දස්සනංයි. දර්ශනයම අර්ථය දස්සනත්‍ථොයි. චක්ඛු විඤ්ඤාණං යනු කුසල විපාක හෝ අකුසල විපාක. දිට්ඨත්තා යනු නොදක්නා ලද්දෙහි ප්‍රතිග්‍රහණයෙහි අභාවය හෙයින් චක්‍ෂුර් විඤ්ඤාණයෙන් රූපාරම්මණයෙහි දිටි බැවින්. අභිනිරොපනා විපාක මනොධාතු යනු දිටි අරමුණෙහිම නගීනුයි > අභිනිරෝපනායි. ද්වි විපාක සම්පටිච්ඡන මනෝධාතුයි. අභිනිරොපිතත්තා යනු රූපාරම්මණයෙහි නැගි හෙයින් විපාක මනො විඤ්ඤාණ ධාතු යනු ද්වි විපාක සන්තීරණ මනෝ විඤ්ඤාණ ධාතුයි. සෝතද්වාරාදීන්හිද එම ක්‍රමයමැයි. සන්තීරණාන්තරව වොත්‍ථපන නොකියන ලද්දේද අටුවා ඇදුරන් විසින් කියන ලද හෙයින් ලැබෙතියි ගතයුතුය. විජානනත්‍ථාය යනු ධර්මාරම්මණයෙහිද, රූපාදී ආරම්මණයාගේ දැනගැනීම සඳහා. ආවජ්ජන කිරියා බ්‍යාකතා යනු මනෝද්වාරාවර්ජන සිතයි. විජානනත්‍ථො යනු ඉන් අනතුරුව ජවන වශයෙන් ආරම්මණයාගේ දැනගන්නා වූම අර්ථයයි. අනෙකක් නොවේ. මත්තෙහි අකුසල ජවනයන්ගේද, විදර්ශනා මාර්ගඵල ජවනයන්ගේද, වෙන්ව කියන ලද හෙයින් සෙසු ජවනයෝ මෙහි ගතයුතු වන්නාහුය. ‘කුසලෙහි කම්මෙහි විප්පයුත්තා චරතීති විඤ්ඤාණ චරියා’ ආදී වචනයෙන් හසිතෝත්පාද චිත්ත ජවනයම ගතයුතුය. ෂට් ද්වාරයන්හි අහේතුක චිත්තයන් කියන ලද හෙයිාන් ආවර්ජන ද්වයද, දෙපස් විඤ්ඤාණයන්ද, සම්පටිච්ඡන ද්වයයද, සන්තීරණත්‍රයද, එක් හසිතෝත්පාද සිතද යන අටළොස් අහේතුක සිත්ම විඤ්ඤාණචරියා යැයි දතයුත්තාහ.
දැන් අරමුණ දැනගැනීම් මාත්‍රාර්ථයෙන් විඤ්ඤාණ චර්යායැයි නීරාගා චරතී ආදිය වදාළහ. විඤ්ඤාණය වනාහි, රාගාදීන්ගේ එක්වීමෙහිද, ශ්‍රද්ධාදීන්ගේ එක්වීමෙහිද පැතිර මැඩීමට පමුණුවයි. ඒවා නැතිකල්හි ස්වකීය අවස්ථායෙහිම සිටී, එහෙයින් නිරාගාදී වචනයෙන් ඒ කියන ලද විඤ්ඤාණයන්ගේ විඤ්ඤාණ කෘත්‍ය මාත්‍රය දක්වයි. එයට රාගය නැත්තේ යයි නීරාගායි. එය වනාහි ඇලීම් වශයෙන් රාගොයි. අනෙක්වාහි දූෂ්‍යවීම් වශයෙන් දොසොයි. මුළාවීම් වශයෙන් මොහොයි හැඟීම් වශයෙන් මානොයි. විපර්යාස වූ දර්ශන වශයෙන් දිට්ඨියි. උඩට එසවූ, නොසන්සුන් බව උද්ධච්චංයි. අත්නොහැර පවතිත්නුයි අනුසයායි. නිරනුසයායි කිවයුතු කල්හි නානුසයායි යූ.සේයි. අර්ථය එකමය. මෙහි නැගී සිටීමට පත්වූවන්ගේම අභාවය දතයුතුය. විඤ්ඤාණචර්යාව ප්‍රහීණ වූ අනුසයන්ගේම වශයෙන් නොකියන ලදී. යම් නිරාගාදීහු කාම, රාග සහිතාදියෙන් වෙන් වූයේම නම් වේයයි, පිළිවෙල අන්තරය දක්වන්ට ‘රාග විප්පයුත්තා’ ආදිය වදාළහ. නැවත අන්‍යයන්ගෙන්ද වෙන්වීම් ස්වභාවය දක්වන්ට ‘කුසලෙහි කම්මෙහි’ ආදිය වදාළහ. කුසලයන්ම රාගදී දෝෂයන් නොමැති හෙයින් අනවජ්ජානියි. පිරිසිදු බව හටගන්වන හිරි ඔත්තප්පයන්ගෙන් යුක්ත බැවින් සුක්කානියි. පැවැත්ම සුව හෙයින්, සුව හටගැන්ම, ඉපැත්ම මේවාටනුයි සුඛුද්‍රයානියි. සුවවිපාක හෙයින් හෝ සුව හටගැන්ම වර්ධනය මේවාටනුයි සුඛුද්‍රයානියි. කියන ලද්දට විරුද්ධාකාරයෙන් අකුසලයන් යෙදිය යුත්තාහ. විඤ්ඤාතෙ චරති යනු විඤ්ඤාණයෙන් අවබෝධ කරනු ලබන අරමුණ විඤ්ඤාත නමැ. ඒ අවබෝධ කළ අරමුණෙහි, කුමක් කියන ලද්දේ වේද? නිල් වර්ණ යෙදීමෙන් නිල් වස්ත්‍රය මෙන්, විඤ්ඤාණ යෝගයෙන් අවබෝධ කරන ලද්දේ විඤ්ඤාණ නමැ. ඒ අවබෝධයෙහි හැසිරේනුයි විඤ්ඤාණ චරියායි යූ.සේයි. විඤ්ඤාණස්ස එවරූපා චරියාහොති යනු කියන ලද ආකාර ඇති විඤ්ඤාණයට කියන ලද ආකාර චර්යා වේයයි අර්ථයි. ‘විඤ්ඤාණයාගේ චර්යායයි’ ව්‍යවහාර වශයෙන් කියනු ලැබේ. විඤ්ඤාණයෙන් වෙන්වූ චර්යා නැත. පකති පරිසුද්ධමිදං චිත්තං නික්කිලෙසට්ඨෙන යනු මේ කියන ලද ආකාර ඇති සිත රාගාදී කෙලෙස් අභාවයෙන් ප්‍රකෘතියෙන්ම පිරිසිදුය. එහෙයින් දැනගන්නා මාත්‍රයම චර්යාව යැයි විඤ්ඤාණ චරියායි යූ.සේයි. නික්කිලෙසට්ඨෙන යනු ද පාඨයි.
අඤ්ඤාණ චරියාය මනාපිකෙසු යනු සිතෙහි පැමිණෙති. පහදිති. සිත හෝ පමුණුවති. වඩත්නුයි මනාපානියි. එම මනාප දෑහි; ඒවා ප්‍රිය වූයේ හෝ වේවා අප්‍රිය වූයේ හෝ වේවා ග්‍රහණ වශයෙන් මනාප වූවාහු වෙති. කැමති දෑහි පමණක් රාගයද, අකමැති දෑහි පමණක් ද්වේෂයද උපදිනුයේ නොවේ. රාගස්ස ජවනත්‍ථාය යනු නොකඩවා පැවතීම් වශයෙන් රාගයාගේ ජවනය සඳහා පැවැති. ආවජ්ජන කිරියාබ්‍යාකතා යනු චක්‍ෂු ද්වාරයෙහි නුනුවණින් මෙනෙහි කිරීමෙන් හටගත්, ආවර්ජන ක්‍රියා අව්‍යාකෘත මනෝධාතුයි. රාගස්ස ජවනා යනු බොහෝසෙයින් සත්වරක් රාගයෙහි පැවැත්ම, නැවත නැවත පැවති රාගයම අඥාන චර්යාව යයිද, නොදැනීමෙන් වන රාගයෙහි චර්යාව යැයිද යූ.සේයි. සෙස්සෙහිද එම ක්‍රමයමැයි. තදුභයෙන අසමපෙක්ඛනස්මිං වත්‍ථුස්මිං යනු රාග ද්වේෂ වශයෙන් සලකා බැලීම් විරහිත රූපාරම්මණ සංඛ්‍යාත වස්තුයෙහි, මොහස්ස ජවනත්‍ථාය, විචිකිච්ඡා, උද්ධච්ච වශයෙන් මෝහයෙහි ජවනය සඳහා, අඤ්ඤාණ චරියා යනු නුනුවණෙහිම චර්යාවයි. අනෙකක් නොවේ. විනිබන්‍ධස්ස යනාදිය මානාදීන්ගේ ස්වභාව හඟවන වචනයෝය. එහි විනිබන්‍ධස්ස යනු ඉහළ නැගීම් වශයෙන් බැඳී සිටි මානයාගේ; පරාමට්ඨාය යනු රූපයාගේ අනිත්‍යභාවාදිය ඉක්මවා මත්තෙහි නිත්‍ය භාවාදිය ස්පර්ශකොට ගන්නා ලද්දෙහි, වික්ඛෙපගතස්ස යනු රූපාරම්මණයෙහි වික්‍ෂෙපභාවයට ගියාවූ. අනිට්ඨංගතාය සනිටුහන් නොකිරීම් ස්වභාවයට පත් - ථාමගතස්ස යනු ඵලප්‍රාප්ත. ධම්මෙසු රූපාදීන්හි හෝ ධර්මාරම්මණ වූ ධර්මයන්හි.