14. ප්රත්යවේක්ෂා ඤාණ නිර්දේශ වර්ණනාව
ප්රත්යවේක්ෂා ඤාණ නිර්දේශයෙහි, මාර්ගක්ෂණයෙහිම, හේතු අර්ථයෙන් පළමුව මාර්ගාංගයන් වෙන් වෙන්ව කියා, නැවත මාර්ගාංග වූද, මාර්ගාංග නුවූද ධර්මයන්, අවබෝධ කිරීම් අර්ථයෙන් බෝධියැයි ලද නම් ඇති ආර්යයාගේ අංගභාවයෙන් බොජ්ඣංග මාර්ගාංගමය. ප්රීති, පස්සද්ධි, උපෙක්ෂා, සම්බොජ්ඣංග මාර්ගාංග නොවූවාහුය. නැවත බල වශයෙන්ද, ඉන්ද්රිය වශයෙන්ද, වෙනම දක්වන ලද, ශ්රද්ධාවම අමාර්ගාංග වූවාහුය. නැවත මාර්ගක්ෂණයෙහි හටගත්තා වූම ධර්මයන් රාශි වශයෙන්, දක්වන්නේ ‘ආධිපතෙය්යට්ඨෙන’ ආදිය වදාළහ. එහි උපට්ඨානට්ඨෙන සතිපට්ඨානා යනු තනි නිර්වාණාරම්මණ වූවාහු, කාය, වේදනා, චිත්ත, ධර්මයන්හි, සුභ, සුඛ නිත්ය ආත්ම සංඥා ප්රහාණ කෘත්ය සාධක වශයෙන් සිව් සතිපට්ඨාන නමැ. නිර්වාණාරම්මණ එකක්ම වූ වීර්යය උපන්නා වූද, නූපන්නා වූද අකුසලයන්ගේ, ප්රහාණ, නූපදීම් කෘත්යයාගේද, නූපන්නා වූ හෝ උපන්නා වූ කුසලයන්ගේ උත්පාද, ස්ථිති කෘත්යයාගේ සිදුකිරීම් වශයෙන් සිව් සම්යක් ප්රධන් නමැ.
තථට්ඨෙන සච්චා යනු දුක්භාවාදීන්හි බොරු නොවීම් අර්ථයෙන් සිව් අරිසස් ඒවාම මෙහි ප්රතිවේධාර්ථයෙන්, ඒ මාර්ග-ඵල ලක්ෂණයෙහි ප්රතිලාභ ප්රතිවේධ වශයෙන් පැමිණි, නිවනට බැසගත් නිර්වාණයයි වෙන්ව කියන ලද නිර්වාණයද, සෙසු ධර්ම ප්රතිලාභාර්ථයෙන් ඒ මාර්ග ඵල ලක්ෂණයෙහි ප්රතිලාභ ප්රතිවේධ වශයෙන් පැමිණියාහු සත්යාර්ථයෙන් සත්යය. තදා සමුදාගතා යන වචනයෙන් මාර්ගඵල අවසානයෙහි, ඒකාන්තයෙන් සිව්සස් ප්රත්යවේක්ෂා කෙරේයයි, මෙහි නිෂ්ඨාවට යායුතුය. ‘කළයුත්ත කරන ලදි. මතු ආත්මභාවය සඳහා අන් කිසිවක් නැතැයි දනී යන වචනයෙන්, මා විසින් දුක් නිරෝධය අවබෝධ කරන ලද්දේය. මාර්ගයද මා විසින් වඩන ලද්දේයයි ප්රත්යවේක්ෂණ කියන ලද්දේම වේ. එසේ ප්රත්යවේක්ෂණය යෙදේ. මෙහි සමුදය යනු ඒ ඒ මාර්ගයෙන් නැසිය යුතු දැයම දතයුතුය. මෙහි කියන ලද සමුදය ප්රත්යවේක්ෂා වශයෙන්ම අට්ඨකථාවන්හි කෙලෙස් ප්රත්යවේක්ෂණය, මාර්ගඵල නිර්වාණ ප්රත්යවේක්ෂණයයි දෙවදෑරුම්ය. මෙහි ස්වරූපයෙන්ම ගෙනඑන ලදැයි යූ.සේයි. හුදෙක් දුක් ප්රත්යවේක්ෂාවම නොකියන ලදි. කිසිසේත් නොකියන ලදි. තවද, වාක්ය හටගැනීමෙන්ද, යුක්ති යෙදෙන හෙයින්ද ගතයුතුමය. සත්යය ප්රතිවේධාර්ථයෙහි පිළිපන්නහුට, සත්යය ප්රතිවේධය නිමිකල්හි, තමා කළකිස ප්රත්යවේක්ෂා කිරීම යෙදේමය. අවික්ෂෙපාර්ථයෙන් සමථයයි ආදී මාර්ග සම්ප්රයුක්ත වූම සමථ විදර්ශනා ධර්මයන් ඒක රසාර්ථයෙන්ද, නොඉක්මවීම් අර්ථයෙන්ද දක්වන්ට යූ.සේයි. සංවරට්ඨෙන සීල විසුද්ධි යනු සම්යග් වාචා, සම්යග් කර්මාන්ත, සම්යග් ආජීවයන්මය. අවික්ඛෙපට්ඨෙන චිත්ත විසුද්ධි යනු සම්යග් සමාධියමය. දස්සනට්ඨෙන දිට්ඨි විසුද්ධි යනු සම්යග් දෘෂ්ටියමය. විමුත්තට්ඨෙන යනු මුළුමනින් නැසීම් වශයෙන් මාර්ගයෙන් නැසිය යුතු කෙලෙසුන්ගෙන් මිදීම් අර්ථයෙන්, නිර්වාණාරම්මණයෙහි ස්ථිර ලෙස පිහිටීම් අර්ථයෙන් විමොක්ඛො යනු කෙලෙසුන් මනාසේ නැසීම් වශයෙන් මිදුණු ආර්ය මාර්ගයමය. පවිවෙධට්ඨෙන විජ්ජා යනු සත්යය ප්රතිවේධාර්ථයෙන් විද්යාවයි. සම්යග් දෘෂ්ටියමය. පරිච්චාගට්ඨෙන විමුත්ති යනු මාර්ගයෙන් නැසිය යුතු කෙලෙසුන්ගේ දුරලීම් අර්ථයෙන්, ඉන් මිදෙන හෙයින් විමුක්තියි. ආර්ය මාර්ගයමය.
සමුච්ඡෙදට්ඨෙන ඛයෙ ඤාණං යනු කෙලෙස් විනාශ කරන අර්ථයෙන් කෙලෙස් ක්ෂය කරන ආර්ය මාර්ග ඤාණයයි. සම්යග් දෘෂ්ටියමය. ඡන්දාදීහු යට කියන ලද අයුරින්ම දතයුත්තාහ. හුදෙක් මෙහි මාර්ගක්ෂණයෙහිම මාර්ගයාගේ මුල, මැද, අග ආකාරයෙන් දක්වන ලදහ. විමුත්ති යන මෙහි මාර්ග විමුක්තියමය. සත්යාර්ථයෙන් සත්යයි. මෙහි නිර්වාණය ගන්නා ලද්දේම වේ. මෙහි අවසන් බව දැක්වීම සඳහා නැවත කියන ලදැයි දතයුතුය. ඵල ලක්ෂණයෙහිද එම ක්රමයමැයි. මෙහි වනාහි, හෙතට්ඨෙන මග්ගො යනු ඵල මාර්ග භාවයෙන්ම, සම්මප්පධානානි යනු මාර්ග ක්ෂණයෙහි, සිව්කිස් සාධක වීර්ය කෘත්ය ඵලයෙහි, උපදනා ක්ෂණයෙහි සිද්ධ හෙයින් යයි යූ.සේයි. අන් ආකාරයකින් ඵල ලක්ෂණයෙහි සම්යක් ප්රධානයෝ නොලබත්මය. මාර්ග ක්ෂණයෙහි සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන් උදුරා දක්වන තෙරුන් විසින් යූ.සේයි. ඵල ලක්ෂණයෙහි සතර සම්යක් ප්රධානයන් හැර සෙසු තෙතිස් ධර්ම ලබතියි එපරිද්දෙන්ම ප්රතිවේධ කෘත්යාදිය සිදුවීම් වශයෙන්, සත්යාදීන්ද සුදුසු පරිදි දතයුත්තාහ. විමොක්ඛො යනු ඵල විමෝක්ෂයයි. විමුත්ති යනු ඵල විමුක්තියයි. සන්සිඳීම් අර්ථයෙන් අනුත්පාදයෙහි ඤාණය කියන ලද අර්ථයමය. වුට්ඨහිත්වා යනු අතරෙහි නැගිටීම් අභාවයෙන් ඵල වශයෙන් යූ.සේයි. ඉම ධම්මා තදා සමුදාගතා යනු මේ කියන ලද ධර්මයන් මාර්ගක්ෂණයෙහිද ඵල ක්ෂණයෙහිද, හටගත්තාහු යයි ප්රත්යවේක්ෂා කෙරේ.
ප්රත්යවේක්ෂා ඤාණ නිර්දේශ වර්ණනාව නිමි.
15. වත්ථුනානත්ව ඤාණ නිර්දේශ වර්ණනාව
වස්තු නානත්ව ඤාණ නිර්දේශයෙහි, චක්ඛුං අජ්ඣත්තං වවත්ථෙති යනු අධ්යාත්ම වූ ඇස පිරිසිඳ දනී. යම්සේ හෙතෙම පිරිසිඳ දනීද? එසේ කියනු කැමැත්තේ, ‘කථං චක්ඛුං අජ්ඣත්තං වවත්ථෙති’යි විචාරා නැවත ඇස අවිද්යාවෙන් හටගත්තේ යැයි නිශ්චය කරයි ආදියෙන් නිශ්චය කරන ආකාරය දැක්වීය. එහි අවිද්යා, තෘෂ්ණා, අතීත උපස්ථම්භක හේතුයි. කර්මය අතීත උපදවන හේතුයි. ආහාරය වර්තමාන උපස්ථම්භක හේතුයි. එයින් ඇසට උපස්ථම්භක වූ සෘතු චිත්තයන් ගන්නා ලද්දේම වෙති. චතුන්නං මහාභූතානං උපාදාය යනු ද්විතියාර්ථයෙහි ෂෂ්ඨයි. සතර මහා භූතයන් දැඩිසේ ගෙන පවතිත් යන අර්ථයි. එයින් ප්රසාද චක්ෂුභාවය දක්වන ලද්දේ වේ. සසම්භාර භාවය ප්රතික්ෂෙප කරන ලදි. උප්පන්නං යනු කාල, නොකඩවා පැවතීම් ක්ෂණ වශයෙන් උපන්, සමුදාගතං යනු හේතුයෙන් හටගත්, මෙතෙකින් විදර්ශනා පූර්වභාග චක්ෂු ව්යවස්ථානය දක්වන ලදි. අහුත්වා සම්භූතං ආදීන්හි අනිත්යානු පස්සනාවෙන් ඇස, හටගැනීමෙන් පෙර අවිද්යමානත්වයෙන් නොවී හටගති. ව්යයයෙන් මත්තෙහි අභාව හෙයින්, තිබී නොවන්නේය. අන්තවන්තතො අන්තය මෙයට ඇත්තේනුයි - අන්තවායි. අන්තවත් වූයේම අන්තවන්තොයි. සතිමන්තො, ගතිමන්තො, ධිමන්තො ආදිය මෙනි. ඒ අන්තවත් භාවයෙන්, අවසානය විද්යමාන හෙයින් අද්ධුවං යනු සියලු අවස්ථාවන් බිඳවැටෙන හෙයින් ස්ථිරභාවය නොමැති හෙයින් ස්ථිර නොවේ. අසස්සතං යනු නිත්ය නොවේ. විපරිණාමධම්මං යනු ජරායෙන්ද, මරණයෙන්ද යන දෙයාකාරයෙන් වෙනස්වීම ස්වභාවකොට ඇත. ‘චක්ඛුං අනිච්චං, චක්ඛුං අනිච්චතො’ ආදිය කියන ලද අර්ථයි. මනො යන්නෙන් භවංග මනස අදහස් කරන ලද හෙයින්, අවිජ්ජා සම්භූතො ආදිය යෝග්යයි. ආහාර සම්භූතො යන මෙහි එකට යෙදුණු ස්පර්ශාහාර, මනො සඤ්චෙතනාහාර වශයෙන් දතයුතුය. උප්පන්නො යනු කාල හා සන්තති වශයෙන්.