13. විමුක්තිඤාණ නිර්දේශ වර්ණනාව
විමුක්ති ඤාණ නිර්දේශයෙහි, සක්කාය දිට්ඨි යනු විද්යමානාර්ථයෙන් පවතින, ස්කන්ධ පංචකයයි කියනු ලබන ශරීරයෙහි දෘෂ්ටියනුයි සක්කාය දිට්ඨියි. විචිකිච්ඡා යනු පහවූ පිළියම් ඇත්තේනුයිද, ස්වභාවය හෝ සොයන්නේ එයින් වෙහෙසේ ක්ලාන්ත වේනුයි විචිකිච්ඡායි. සීලබ්බත පරාමාසො යනු සීලයෙන් පිරිසිදු වෙයි. ව්රතයෙන් පිරිසිදු වෙයි. සීල ව්රතයෙන් පිරිසිදු වේයයි තදින් පිහිටුවාගත් ඇල්ම, එය ස්වභාවය ඉක්මවා ඔබ්බෙහි ස්පර්ශ කෙරේනුයි පරාමාසයි. ද්වයයෙහි සමානතාව වූයේද, දෘෂ්ටි භාවයෙහි, තර්කයද අන්යෝපදේශද හැර ප්රකෘතියෙන්ම සක්කාය දෘෂ්ටි ග්රහණයෙන්, ප්රකෘති ස්වභාව වූ, විසිවැදෑරුම් සක්කාය දෘෂ්ටියෙහි ප්රහාණයෙන්ම සියලු දෘෂ්ටි ප්රහාණ දැක්වීම සඳහා සක්කාය දෘෂ්ටිය යූ.සේයි. සීලබ්බත පරාමාසය වනාහි සුද්ධි ප්රතිපදාවට ඇතුල් වෙන්නෙමුයි, පිළිපන්නවුන්ගේ ප්රතිපදාවන්ගේ මිථ්යාභාවය දැක්වීම සඳහා වෙන්ව යූ.සේයි. ත්රයයෙහිම අනුසය ප්රහාණයෙන්ම ප්රහාණය දක්වන්ට, දිට්ඨානුසයො විචිකිච්ඡානුසයො’යි යූ.සේයි. කෙලෙස් බැවින් වෙන්ව නොගන්නා ලදි. උපක්කිලෙසා යනු අපවිත්ර කරත්, තවත් බාධා කරත්නුයි කිලෙසායි. ශක්තිමත් වූ අර්ථයෙන් බොහෝ කෙලෙස්නුයි උපක්කිලෙසයි. සම්මා සමුච්ඡින්නා හොන්ති යනු සමුච්ඡෙද ප්රහාණයෙන්, අනුත්පාද නිරෝධයෙන් මනාව විනාශ කරන ලද්දාහු වෙති. සපරියුට්ඨානෙහි යනු සිත හාත්පසින් වෙළන ලද්දාහු නැගී සිටිති. උපදිත්නුයි පරියුට්ඨානානියි. නිතර පවත්නා කෙලෙසුන්ට මෙය විශේෂ නාමයකි. වෙළීම් සහිත වූයේ සපරියුට්ඨානානියි. ඒ සපරියුට්ඨානයන්ගෙන්, අනුසහගතව පැවති කෙලෙසුන්ගෙන් සිත මිදුණේ වේයයි, ඒවාහි ඉපැත්ම අයෝග්ය හෙයින් නොකඩවා පැවතීම් වශයෙන් පවතිනු ලබන සිත ඉන් මිදුණේ නම් වේ. එයම මනාව මිදුණු හෙයින් සුවිමුත්තංයි තං විමුත්ති ඤාතට්ඨෙන යනු ඒ විමුක්තියගේ දැනීම් අර්ථයෙන්.
විමුක්තිඤාණ නිර්දේශ වර්ණනාව නිමි.
14. ප්රත්යවේක්ෂා ඤාණ නිර්දේශ වර්ණනාව
ප්රත්යවේක්ෂා ඤාණ නිර්දේශයෙහි, මාර්ගක්ෂණයෙහිම, හේතු අර්ථයෙන් පළමුව මාර්ගාංගයන් වෙන් වෙන්ව කියා, නැවත මාර්ගාංග වූද, මාර්ගාංග නුවූද ධර්මයන්, අවබෝධ කිරීම් අර්ථයෙන් බෝධියැයි ලද නම් ඇති ආර්යයාගේ අංගභාවයෙන් බොජ්ඣංග මාර්ගාංගමය. ප්රීති, පස්සද්ධි, උපෙක්ෂා, සම්බොජ්ඣංග මාර්ගාංග නොවූවාහුය. නැවත බල වශයෙන්ද, ඉන්ද්රිය වශයෙන්ද, වෙනම දක්වන ලද, ශ්රද්ධාවම අමාර්ගාංග වූවාහුය. නැවත මාර්ගක්ෂණයෙහි හටගත්තා වූම ධර්මයන් රාශි වශයෙන්, දක්වන්නේ ‘ආධිපතෙය්යට්ඨෙන’ ආදිය වදාළහ. එහි උපට්ඨානට්ඨෙන සතිපට්ඨානා යනු තනි නිර්වාණාරම්මණ වූවාහු, කාය, වේදනා, චිත්ත, ධර්මයන්හි, සුභ, සුඛ නිත්ය ආත්ම සංඥා ප්රහාණ කෘත්ය සාධක වශයෙන් සිව් සතිපට්ඨාන නමැ. නිර්වාණාරම්මණ එකක්ම වූ වීර්යය උපන්නා වූද, නූපන්නා වූද අකුසලයන්ගේ, ප්රහාණ, නූපදීම් කෘත්යයාගේද, නූපන්නා වූ හෝ උපන්නා වූ කුසලයන්ගේ උත්පාද, ස්ථිති කෘත්යයාගේ සිදුකිරීම් වශයෙන් සිව් සම්යක් ප්රධන් නමැ.
තථට්ඨෙන සච්චා යනු දුක්භාවාදීන්හි බොරු නොවීම් අර්ථයෙන් සිව් අරිසස් ඒවාම මෙහි ප්රතිවේධාර්ථයෙන්, ඒ මාර්ග-ඵල ලක්ෂණයෙහි ප්රතිලාභ ප්රතිවේධ වශයෙන් පැමිණි, නිවනට බැසගත් නිර්වාණයයි වෙන්ව කියන ලද නිර්වාණයද, සෙසු ධර්ම ප්රතිලාභාර්ථයෙන් ඒ මාර්ග ඵල ලක්ෂණයෙහි ප්රතිලාභ ප්රතිවේධ වශයෙන් පැමිණියාහු සත්යාර්ථයෙන් සත්යය. තදා සමුදාගතා යන වචනයෙන් මාර්ගඵල අවසානයෙහි, ඒකාන්තයෙන් සිව්සස් ප්රත්යවේක්ෂා කෙරේයයි, මෙහි නිෂ්ඨාවට යායුතුය. ‘කළයුත්ත කරන ලදි. මතු ආත්මභාවය සඳහා අන් කිසිවක් නැතැයි දනී යන වචනයෙන්, මා විසින් දුක් නිරෝධය අවබෝධ කරන ලද්දේය. මාර්ගයද මා විසින් වඩන ලද්දේයයි ප්රත්යවේක්ෂණ කියන ලද්දේම වේ. එසේ ප්රත්යවේක්ෂණය යෙදේ. මෙහි සමුදය යනු ඒ ඒ මාර්ගයෙන් නැසිය යුතු දැයම දතයුතුය. මෙහි කියන ලද සමුදය ප්රත්යවේක්ෂා වශයෙන්ම අට්ඨකථාවන්හි කෙලෙස් ප්රත්යවේක්ෂණය, මාර්ගඵල නිර්වාණ ප්රත්යවේක්ෂණයයි දෙවදෑරුම්ය. මෙහි ස්වරූපයෙන්ම ගෙනඑන ලදැයි යූ.සේයි. හුදෙක් දුක් ප්රත්යවේක්ෂාවම නොකියන ලදි. කිසිසේත් නොකියන ලදි. තවද, වාක්ය හටගැනීමෙන්ද, යුක්ති යෙදෙන හෙයින්ද ගතයුතුමය. සත්යය ප්රතිවේධාර්ථයෙහි පිළිපන්නහුට, සත්යය ප්රතිවේධය නිමිකල්හි, තමා කළකිස ප්රත්යවේක්ෂා කිරීම යෙදේමය. අවික්ෂෙපාර්ථයෙන් සමථයයි ආදී මාර්ග සම්ප්රයුක්ත වූම සමථ විදර්ශනා ධර්මයන් ඒක රසාර්ථයෙන්ද, නොඉක්මවීම් අර්ථයෙන්ද දක්වන්ට යූ.සේයි. සංවරට්ඨෙන සීල විසුද්ධි යනු සම්යග් වාචා, සම්යග් කර්මාන්ත, සම්යග් ආජීවයන්මය. අවික්ඛෙපට්ඨෙන චිත්ත විසුද්ධි යනු සම්යග් සමාධියමය. දස්සනට්ඨෙන දිට්ඨි විසුද්ධි යනු සම්යග් දෘෂ්ටියමය. විමුත්තට්ඨෙන යනු මුළුමනින් නැසීම් වශයෙන් මාර්ගයෙන් නැසිය යුතු කෙලෙසුන්ගෙන් මිදීම් අර්ථයෙන්, නිර්වාණාරම්මණයෙහි ස්ථිර ලෙස පිහිටීම් අර්ථයෙන් විමොක්ඛො යනු කෙලෙසුන් මනාසේ නැසීම් වශයෙන් මිදුණු ආර්ය මාර්ගයමය. පවිවෙධට්ඨෙන විජ්ජා යනු සත්යය ප්රතිවේධාර්ථයෙන් විද්යාවයි. සම්යග් දෘෂ්ටියමය. පරිච්චාගට්ඨෙන විමුත්ති යනු මාර්ගයෙන් නැසිය යුතු කෙලෙසුන්ගේ දුරලීම් අර්ථයෙන්, ඉන් මිදෙන හෙයින් විමුක්තියි. ආර්ය මාර්ගයමය.