හානභාගී චතුෂ්ක නිර්දේශ වර්ණනාව
දැන් එක් එක් සමාධියට හානභාගියාදී වශයෙන් අවස්ථා භේද වෙයි. එහෙයින් හානභාගිය චතුෂ්කය එකටම විස්තර කරන ලදි. පඨමස්ස ඣානස්සලාභි යනු ප්රථම ධ්යානලාභියා, ෂෂ්ඨි අර්ථයෙහි ද්විතියා වචනයි. සාක්ෂාත් කිරීමේ ලාභය මොහුට ඇත්තේනුයි ලාභීයයි කියයි. කාමසහගතා යන මෙහි සහගත ශබ්දයාගේ අරමුණු කිරීම් අර්ථය අදහස් කරන ලදි. වස්තුකාම, ක්ලේශකාම අරමුණුයයි අර්ථයි. සඤ්ඤා මනසිකාරා යනු ජවන සංඥාවද, තදාවර්ජන මනසිකාරයද වේ. සංඥාව හා එකට යෙදුණු මනසිකාරයයිද කීම සුදුසුය. සමුදාචරන්ති යනු පවතිත් යන අර්ථයි. ධම්මො යනු ප්රථමධ්යාන ධර්මයි. ධ්යානයන්ගෙන් පිරිහෙනුයේ තෙකරුණකින් පිරිහෙයි. කෙලෙස් නිතර පැවතීමෙන්, නොගැළපෙන ක්රියාවන්ගෙන්, ධ්යානයෙහි නොයෙදීමෙන් කෙලෙස් නිතර පැවතීමෙන් පිරිහෙනුයේ වහා පිරිහෙයි. වැඩ කරනු කැමති බව, දෙඩවීමෙහි ඇලීම, නින්දෙහි ආශාව, සමූහයක් මැද විසීමට කැමති බව ආදියෙහි යෙදීම් වශයෙන් වන නොගැලපෙන ක්රියාවන්ගෙන් පිරිහෙනුයේ මඳ වශයෙන් පිරිහෙයි. ගිලන් බව, ප්රත්යය විකල්පතාදී පළිබෝධයන්ගෙන්ද, නිතර සමනොවදිනුයේ අනනුයෝගයෙන් පිරිහෙනුයේද මන්දව පිරිහෙයි. මෙහි වනාහි බලවත් කරුණම දක්වන්නේ නිතර කෙලෙස් පැවතීමම කීයේය. ද්විතීය ධ්යානාදියෙන් පිරිහෙන්නේ යට යට ධ්යාන තෘෂ්ණා පැවතීමෙන්ද පිරිහේ. කොපමණ පිරිහීමක් වේද? යම්විටෙක සමවදින්ට නොහැකි වේද? එපමණ පිරිහුණේ වේ. තදනුධම්මතා යනු ඊට අනුකූලව පැවති ධර්මයි. ධ්යානය අධිකකොට පැවතියහුගේ ආශා කිරීමට මෙය නමකි. අනුධර්මයම - අනුධම්මතායි. ඒ ධ්යානයාගේ අනුව පැවැත්ම තදනුධම්මතායි. සති යනු ධ්යාන නිකන්තියයි. සන්තිට්ඨති යනු පිහිටයි. ඒ ප්රථමධ්යානය අනුව පවත්නා නිකන්තිය පවතීයයි යූ.සේයි. අවිතක්ක සහගතා යනු ද්විතීය ධ්යානාරම්මණයයි. එය වනාහි, මෙහි විතර්කයක් නැත්තේනුයි අවිතර්කයයි කියයි. නිබ්බිදා සහගතා යනු විදර්ශනා අරමුණුකොට ඇති. එය සංස්කාරයන්හි කලකිරෙනුයේ නිබ්බිදායි කියයි. කලකිරෙන්නේ නොඇලෙයි යූ.සේයි. විරාගූප සංහිතා යනු ආර්ය මාර්ගය හා එකට යෙදුණු විදර්ශනාව වනාහි මස්තකප්රාප්ත වූයේ මාර්ග වුට්ඨානයට පමුණුවයි. එහෙයින් විදර්ශනාව අරමුණුකොට පවත්නා සංඥා - මනසිකාරයන් විරාගූප සංහිත යයි කියයි. විරාගයෙන් මිදේයයි යූ.සේයි.
විතක්ක සහගතා යනු විතර්ක වශයෙන් ප්රථමධ්යාන අරමුණු. උපෙක්ඛා සුඛ සහගතා යනු තත්රමධ්යස්ථ උපෙක්ෂාවද, සුව වේදනාවද වශයෙන් තෘතීය ධ්යාන අරමුණු. පීත සුඛ සහගතා යනු ප්රීතියද, සුව වේදනාවගේ වශයෙන්ද ද්විතීයධ්යාන අරමුණු. අදුක්ඛමසුඛ සහගතා යනු උපෙක්ෂා වේදනා වශයෙන් චතුර්ථධ්යාන අරමුණු. ඒ වේදනා තොමෝ දුක් නොවේ. සුව නොවේ. නොදුක් නොසුවයයි කියනු ලැබේ. මකාරය පද සන්ධි වශයෙන් යූ.සේයි. රූප සහගතා යනු රූපධ්යාන අරමුණු. නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි සිටියහුට, හානභාගිය, ඨිතිභාගිය, නිබ්බෙධභාගි තත්ත්වයන් විද්යමාන කල්හිද, විසෙසභාගිත්වය නොමැති හෙයින් නේවසඤ්ඤා නාසඤ්ඤායතනය නොදක්වන ලදි. මෙම සියලුම ලෞකික සමාධි ප්රමාද විහාරී මෘදු ඉන්ද්රිය ඇත්තහුට හානභාගී වෙයි. අප්රමාද විහාරී මෘදු ඉන්ද්රිය ඇත්තහුට ස්ථිතිභාගී වෙයි. තෘෂ්ණා චරිත තීක්ෂණ ඉන්ද්රිය ඇත්තහුට විසේසභාගී වෙයි. දෘෂ්ටි චරිත තීක්ෂණ ඉන්ද්රිය ඇත්තහුට නිර්වේධබාගී වේයයි කියනු ලැබේ.
හානභාගී චතුෂ්ක නිර්දේශ වර්ණනාව නිමි.
ලක්ෂණත්රික නිර්දේශ වර්ණනාව
දැන් තනි තනි වූද, ලෞකික ධර්ම ත්රිලක්ෂණයෙන් මඩනා ලද්දේ වේද, එහෙයින් ලක්ෂණත්රිකය එකට දක්වන ලදි. එය අනිච්චං ඛයට්ඨෙන යනු ඒ ඒ තැන්වලම ක්ෂය වන හෙයින් අනිත්යයි. ක්ෂය වන, විනාශවන, නොඇලෙන, නිරුද්ධවන ස්වභාවය නිසා අනිත්යයයි. ඇතැම්හු කියති. දුක්ඛං භයට්ඨෙන යනු භය සහිත බැවින් දුක්වේ. යමක් අනිත්යයද, එය භය එළවන්නේ වෙයි. සීහොපම සූත්රයෙහි දෙවියන්ට මෙනි. ජාති, ජරා, ව්යාධි, මරණ භයාර්ථයෙන් දුකයයි ඇතැම්හු කියති. අනත්තා අසාරකට්ඨෙන යනු තමාට තමා වසී කරගත හැකිය. තමාට අවශ්ය විඳීම් විඳිය හැකිය. යනාදී ආත්මය ස්වයංවසීතාවයෙන් පැවැත්විය හැකිය යනාදී වශයෙන් පරිකල්පනය කරන ලද ආත්මසාරයාගේ අභාවයෙන් අනාත්මය. යමක් අනිත්යද, දුකද, තමා කෙරෙහි අනිත්යතාවය හෝ උදයව්යය පීඩාවන් දරන්ට නොහැකිය. එයට කාරකාදී භාවයක් කොහිද? කියන ලද්දේද වේ. මහණෙනි, මේ රූපය ආත්මය වන්නේද? එසේ වේනම් මේ රූපය රෝගාබාධ සඳහා නොපවත්නේය. ආත්මසාර නිත්යසාර ආදියෙන් තොර හෙයින් අනාත්මයයි ඇතැම්හු කියති.
ලක්ෂණත්රික නිර්දේශ වර්ණනාව නිමි.
දුක්ඛසත්ය නිර්දේශ වර්ණනාව
ආර්ය සත්යය චතුෂ්කයෙහිද, සත්යාර්ථයෙන් සත්යයන්ගේ එකට සම්බන්ධ හෙයින් එකටම දක්වන ලදි. එහි තත්ථ යනු ඒ සිවු අරීසස්හි, කතමං යනු කියා දෙනු කැමැත්තෙන් කරන ප්රශ්න කිරීමයි. දුක්ඛං අරියසච්චං යනු විමසන ලද ධර්ම නිදර්ශනයයි. එහි ජාතිපි දුක්ඛා ආදීන්හි ජාති ශබ්දයෙහි නොයෙක් අර්ථ ප්රකාශිතය. දෙසූ පරිදි –