පදට්ඨාන හාර සමපාත වර්ණනාව
ස්වකීය සම්පත්තිය පිළිබඳව මෙන් මනාව යොදවන ලද සංකල්පය ඉන්ද්රියයන් කෙරෙහි රක්නා ලද දොරටු ඇති බැවින් සුචරිත සපිරීම පිණිස ආසන්න හේතුව වේ යයි සලකා රක්ඛිතචිත්තස්සාති තිණ්ණං සුචරිතානං පදට්ඨානං යි කියන ලදී. එහි අර්ථය මෙයයි. රක්ඛිත චිත්තස්ස යන මෙය ත්රිවිධ සුචරිතවලට ආසන්න පදයකි යනුයි. නෙක්ඛම්ම සංකප්ප ආදිය බහුලව ඇති පුද්ගලයාට කාමච්ඡන්ද ආදී නීවරණ ප්රහාණය කිරීම පහසුයැයි නෙක්ඛම්ම සංකප්ප ආදිය සමථයේ ආසන්න හේතුයැයි සලකා සම්මා සංකප්ප ගොචරොති සමථස්ස පදට්ඨානං යි කියන ලදී. කම්මස්සකතා සම්මා දිට්ඨියේ ද ප්රත්ය සහිත නාමරූපයන් දක්වාලන සම්මා දිට්ඨියේ ද සිටියේ ආත්ම ආදීන්ගේ සසර දුක දකිමින් එය ඉක්මවීමට උපාය වූ විදර්ශනාව අරඹන්නේය යන අර්ථයෙන් සම්මා දිට්ඨිය විදර්ශනාව පිණිස විශේෂ කාරණයකැයි සලකා සම්මා දිට්ඨි පුරෙක්ඛාරොති විපස්සනාය පදට්ඨානං යි කියන ලදී. ඇතිවීම - නැතිවීම දැකීම වර්ධනය කරන්නා මත් වූ ස්වභාවය පහ කෙරේ. එය පළමු මාර්ගය අවබෝධ කරනු පිණිස හේතුවේ යැයි සලකා ඤත්වාන උදයබ්බයන්ති දස්සනභූමියා පදට්ඨානං යි කියන ලදී. ආලෝක සංඥාව මෙනෙහි කිරීම් ආදියෙන් ථීනමිද්ධයේ මැඩලීම වීර්යයේ ආසන්න කාරණය යැයි සලකා ථීනමිද්ධාභිභූ භික්ඛති විරියස්ස පදට්ඨාන යි කියන ලදී. ඉදින් ආර්ය මාර්ගය අවබෝධවන මොහොතෙහි පහාණ භාවනාව එකම අවබෝධය කැමතිවන ලද බැවින් සමාන වේ ද එසේ වුවත් ප්රහාණය කළයුතු දෙයෙහි ප්රහාණයක් නොමැති හෙයින් භාවනා සපිරීමක් නැතැයි ප්රහාණ නිමිත්ත බඳු කොට සබ්බා දුග්ගතියො ජහෙති භාවනාය පදට්ඨානං යි කියන ලදි. එසේ නැතහොත් සියලු දුගතීන් අත්හරියි යන භාග්යවතුන් වහන්සේගේ මේ වචනය යෝගීන්ගේ උත්සාහ ජනනය පිණිස ආනිසංස ප්රකාශ කිරීමක් වේ. භාවනාවේ විශේෂ කරුණකැයි සලකා සබ්බා -පෙ- පදට්ඨානං යි කියන ලදි.
ලක්ඛණ හාර සමපාත වර්ණනාව
ඉඳුරන්හි වසන ලද දොරටු ඇති බව, සති සංවරය, සති බලය, නෙක්ඛම්ම විතර්ක බහුලකොට ඇත යන අර්ථයෙන් තස්මා රක්ඛිත චිත්තස්ස සම්මා සංකප්ප ගොචරොති ඉදං සතින්ද්රියං යි කියන ලදි. එහි අර්ථය මෙසේය. එහෙයින් රක්නා ලද සිත් ඇත්තාට සම්මා සංකප්පය ගෝචර වේ යන මෙහි රක්නා ලද සිත් ඇති බවට ද සම්මා සංකප්පයේ ගෝචරත්වයට ද හේතුවන හෙයින් මෙය සතින්ද්රිය වේ. පංච ඉන්ද්රියයෙන් ගන්නා ලද්දාහු වෙත්. ඉන්ද්රිය ලක්ෂණයෙන් හෝ විමුක්තිය මුහුකුරා යැවීම් ස්වභාවයෙන් හෝ එක සමාන ලක්ෂණ ඇති බැවින් යන අදහසයි. ගහිතො භවති යන මෙහි මාර්ග ලක්ෂණයෙන් ගැනීම ඉතා පහසු යැයි සලකා එය හැරදමා කරුණු වශයෙන් ගැනීම දක්වන්න සම්මා දිට්ඨිතො හි සම්මා සංකප්පො පභවති යනාදිය කියන ලදි. එහෙයින්ම ගහිතො භවති අරියො අට්ඨංගිකො මග්ගො යි කියා විමුක්තිය, විමුක්තිඥාන දර්ශනය ආදිය ද කියන ලදී.
චතුබ්යූහ හාර සමපාත වර්ණනාව
රකිනු ලැබේනුයි රක්ඛිතං නම් වේ. එය පද වශයෙන් වූ නිර්වචනයකි. යම්හෙයකින් අර්ථ වශයෙන් කී කල්හි පද වශයෙන් ද නිර්වචනය කියන ලද්දේ ම වෙයි ද එහෙයින් රක්ඛිතං පරිපාලියතීති එසා නිරුත්තී යි කියන ලදී. එහි ඉති ශබ්දය ආදී අර්ථයේ ය. ප්රකාරාර්ථයෙහි හෝ වේ. එයින් මේ නිරුක්තිය මෙබඳුය. මෙබඳු ආකාර ඇත්තේ යයි කියන ලද්දේ වෙයි. එහෙයින් සිතානුයි චිත්ත නම් වේ. චිත්රවිචිත්ර අර්ථයෙන් චිත්ත නම් වේ. විසිතුරු කිරීම් අර්ථයෙන් චිත්ත නම් වේ. මනාව කල්පනා කෙරේ යන අර්ථයෙන් සම්මා සංකප්ප නම් වේ. ආදියෙන් නිරුක්තිය දතයුතුය.
අයං එත්ථ භගවතො අධිප්පායො යනු රක්නා ලද සිත් ඇත්තෙක් වන්නේය යනාදියෙන් ඉන්ද්රිය සංවරාදිය ද දුර්ගත ප්රහාණය ද ප්රකාශ කරන භාග්යවතුන් වහන්සේගේ මේ ගාථාවේ අදහස වේ යනුයි. කොකාලිකො හි යනාදිය නිදානය දැක්වීමයි. එහි හි ශබ්දය හේතු අර්ථයේ ය. යම්හෙයකින් කෝකාලිකයා නොරක්නා ලද සිත් ඇති බැවින් අගසව්වන් කෙරෙහි සිත දූෂණය කොටගෙන පදුම නිරයෙහි උපන්නේ ද එහෙයින් දුගතීන් හරිනු කැමති පුද්ගලයා රක්නා ලද සිත් ඇත්තෙක් වන්නේය යන මෙය කියන ලද්දේ වෙයි. භාග්යවතුන් වහන්සේ ද සිහියෙන් ආරක්ෂා වූ සිතින් යුක්ත වූයේ සියලු දුගති දුරු කෙරේ යන අර්ථයයි. සුත්තම්හි වුත්තං සතියා චිත්තං රක්ඛිතබ්බං යනු දේශනා අනුසන්ධි (ගැළපීම) දැක්වීමයි.