පරික්ඛාර හාර විභංග වර්ණනාව
තත්‍ථ කතමො පරික්ඛාර හාරො යනු පරික්ඛාර හාර විභංගයයි. එහි යො ධම්මො යං ධම්මං ජනයති තස්ස සො පරික්ඛාරො යනු කෙටියෙන් පරික්ඛාර ලක්‍ෂණය ප්‍රකාශ කොට එය විභාග වශයෙන් දක්වන්නට කිං ලක්ඛණො යනාදිය කියන ලදි. එහි හීනො යනු තමාගේ ඵලය වෙත ප්‍රත්‍ය භාවයෙන් යේ නුයි හෙතු නම් වේ. එය හේතුකොට ප්‍රතිඵලය ඒ නුයි පච්චය නමි. හේතු පච්චය ශබ්දවලින් කාරණය ම කියනු ලැබුවත් එහි විශේෂය විභාග වශයෙන් දක්වන්නට අසාධාරණ ලක්ඛණො යනාදිය කියන ලදි. සභාවො හෙතු යනු සමාන භාව ඇති බීජය හේතුව වේ යනුයි. බීජය අංකුරාදිය හා සමාන නොවේ ද? නොවන්නේ නොවේ. අනෙකකින් එබන්දක් නූපදින බැවිනි.
යථා වා පන යනාදියෙන් වෙනත් උදාහරණයක් දැක්වීමෙන් හේතුප්‍රත්‍යයන්ගේ විශේෂයම දක්වයි. එහි දුද්ධං යනු කිරිය. දධි භවති යනු ඒකත්‍ව න්‍යායෙන් හෝ අභේදොපචාරයෙන් හෝ කියන ලදි. අන් පරිද්දකින් නොවේ. කිරි දීකිරි බවට පත් නොවේ. එහෙයින්ම නචත්‍ථි එකකාල සමවධානං දුද්ධස්ස ච දධිස්ස ච යි කියන ලදි. නැතහොත් කළයෙහි දමන ලද කිරි දීකිරි බවට පත්වෙයි. එහිදී කල් ඉකුත්වීමේදී වෙනත් හේතු හා එකතු වීමෙන් දීකිරි ඇතිවේ. එහෙයින් කිරි රසය විපාක ආදියෙන් බිඳුණු ස්වභාව ඇති බැවින් කිරිවල ද දීකිරිවල ද එකම වේලෙහි එකතුවීමක් නැත්තේ ය. එවමෙවං යනු යම්සේ හේතුව වූ කිරෙහි ඵලය වූ දිකිරි සමග එකම වේලාවේ එකතුවීමක් නැත්තේ ද මෙසේ අන් හේතුවක ද ඵලය සමග එකම වේලාවේ එකතුවීමක් නැත්තේය. එසේම ප්‍රත්‍යයේ ද නොවේ. ප්‍රත්‍යය ඒකාන්ත ඵලය සමග බිඳුණු වේලාවක් නොවේ යයි මෙසේ ද හේතු ප්‍රත්‍යයන්ගේ විශේෂය දතයුතුය යන අදහසයි.
මෙසේ බාහිර හේතුප්‍රත්‍ය විභාගය දක්වා දැන් ආධ්‍යාත්මික හේතුප්‍රත්‍ය විභාගය දක්වන්නට අයං හි සංසාරො යනාදිය කියන ලදි. එහිදී අවිද්‍යාව අවිද්‍යාවට හේතුවේ යයි කී කල්හි කිම එක් සිතිවිල්ලක නොයෙක් අවිද්‍යාවන් විද්‍යමාන වෙත් ද? (යනුවෙන් ප්‍රශ්න නැගේ) පුරිමිකා අවිජ්ජා පච්ඡිමිකාය අවිජ්ජාය හෙතු යනුවෙන් ඊට පිළිතුරු කියන ලදි. එයින් එකම වේලාවේ හේතුප්‍රත්‍යයන්ගේ එකතුවීමක් නැත යන මේ අර්ථයම සමර්ථනය කෙරේ. එහි පුරිමිකා අවිජ්ජා යනාදියෙන් හේතුඵලයන් වූ අවිද්‍යාවන්ගේ විභාගය දක්වාලයි. බීජංකුරො විය යනාදියෙන් මේ අර්ථය දක්වයි. යම්සේ බීජය අංකුරයට හේතුවනුයේ දෙවැනි හේතු බැවින් හේතුව වෙයි ද බීජයෙන් යම් ඵලයක් ඇති වේ ද එයට බීජය පරම්පරා හේතු භාවයෙන් හේතුව වෙයිා. මෙසේ අවිද්‍යාවද හේතු භාවයෙන් දතයුතුය.
නැවත යථා වා පන යනාදියෙන්ද හේතුප්‍රත්‍ය විභාගය ම දක්වයි. එහි ථාලකං යනු පහන් කබලයි. අනග්ගිකං යනු ගිනි නැතිව යනුයි. දීපෙතුං යනු දල්වන්නට ය. ඉති සභාවො හෙතු යනු මෙසේ පහන් දැල්වීම් ආදියෙහි ගින්දර ආදි පහන හා සමාන හේතුව සභාව හේතුව යනුයි. පරභාවො පච්චයො යනු එහිම පහන් කබල වැටිය තෙල් ආදිය හා සමාන ගින්නෙන් අන්‍ය වූ ස්වභාව හේතුවයි. අජ්ඣත්තිකො යනු ස්වකීය අධ්‍යාත්මයෙහි වූ සිය අධ්‍යාත්ම ස්වභාවයයි. බාහිරො යනු පිටතින් වූ යනුයි. ජනකො යනු ඇතිකරන්නායි. පරිග්ගාහකො යනු උපකාර වන්නායි. අසාධාරණො යනු ආවේණික වූ යනුයි. සාධාරණො යනු හේතුප්‍රත්‍යවලින් ඇති වූ අනෙක් ඒවාට ද සමාන වූ යනුයි.
දැන් යම්හෙයකින් හේතුව පරික්ඛාර යනුවෙන් ප්‍රකාශ කරන ලද ද හේතුව ද ඵලය අපේක්‍ෂාවෙන් පවතී ද එහෙයින් හේතුවේ යම් හේතුරහිත බවක් වේ. එය යම්සේ වේ ද යම් ඵලයක් වේ ද එහි යම් විශේෂයක් වේ ද හේතුඵලයන්ගේ යම් සම්බන්ධයක් වේ ද ඒ සියල්ල දක්වන්නට අවුපච්ඡෙදත්‍ථො යි කියන ලදි. එහි හේතුඵල භාවයෙන් වූ සම්බන්ධතාවය පරපුරයි. එහි සම්බන්ධය කවරේ ද? හේතුඵල භාවය කවරක් ද? අවුපච්ඡේදාර්ථය එය ම ය. ඵලය වූ යමක් අනෙක් දෙයෙහි හේතුනොවන දෙය වී නිරුද්ධ වේද, එය සිඳින ලද හේතුව වෙයි. එය රහතුන් වහන්සේගේ චුති සිතයි. යමක් තමාට අනුරූප වූ ඵලයේ හේතුව බවට පත්වී නිරුද්ධ වේ ද, එය නොසිඳන ලද හේතුව නම් වෙයි. හේතුඵල සම්බන්ධයේ විද්‍යමානත්වය නිසා ය. (එනිසා) අවූපච්ඡෙදත්‍ථො සන්තති අත්‍ථො යි කියන ලදි.