සමාරෝපන හාර විභංග වර්ණනාව
තත්ථ කතමො සමාරොපනො හාරො යනු සමාරෝපන හාර විභංගයයි. එහි එකස්මිං පදට්ඨානෙ යනු එක් හේතුවක් වූ යම් කිසි ධර්මයක් සූත්රයෙන් ගත් කල්හිය. යත්තකානි පදට්ඨානානි ඔතරන්ති යනු අන්ය දේවලට හේතුවූ යම්තාක් දේ වෙත් නම් ඒ ධර්මයෙහි රැස්වෙයි යනුයි. සබ්බානි තානි සමාරොපයිතබ්බානි යනු ඒ සියලු පදට්ඨාන හා පදට්ඨාන ධර්ම මනාව වෙන්කිරීම් වශයෙන් ගෙනවුත් දේශනාවට නැංවිය යුතුය යනුයි. දේශනාවට නැංවී කල්හි මෙන් සිතා කියයුතුය යන අර්ථයයි. ආවට්ට හාරයෙහි ‘එකම්හි පදට්ඨානෙ පරියෙසති සෙසකං පදට්ඨානං’ යන වචනයෙන් නොයෙක් පදයන්ගේ සෙවීම කියන ලදි. එසේ මෙහිදී ද බොහෝ පදයන්ගේ සමාලෝපනය (නැංවීම) කළ යුතුයැයි දක්වමින් යථා ආවට්ටෙ හාරෙ යයි කියන ලදි. සමාරෝපනය හුදෙක් පදට්ඨාන වශයෙන් ම නොවේ. එහෙයින් වේවචන (පර්යාය පද) භාවනා ප්රහාණ වශයෙන් ද සමාරෝපනය කළ යුතුයැයි දක්වමින් තත්ථ සමාරොපනා චතුබ්බිධො යන ආදිය කියන ලදි.
මෙහිදී කවර හෙයින් පදට්ඨාන වේවචනයන් ගන්නා ලද්දේ ද? පදට්ඨාන වේවචන හාරයේදී ම මේ අර්ථය පැහැදිලි කරන ලද්දේ නොවේද? එය සත්යයකි. මෙහිදී පදට්ඨාන වේවචන ග්රහණය භාවනා ප්රහාණයන්ගේ අධිට්ඨාන විෂය දැක්වීම සඳහා හා ඒවායේ අධිවචන විභාගය දැක්වීම සඳහා ය. මෙසේ භාවනා ප්රහාණයෙන් මනාව දතහැකි වෙත්. දක්වන්නට පහසු ද වෙත්. ඉදං පදට්ඨානං යනු මේ ත්රිවිධ සුචරිතය බුදුවරුන්ගේ අනුශාසනයේ, අවවාදයේ විෂය බැවින් පදට්ඨාන වෙයි යනුයි. එහි කායිකං යනාදියෙන් ත්රිවිධ සුචරිතයන්ගේ සීලාදිය ද ත්රිවිධ ස්කන්ධයන් ද සමථ විදර්ශනා දෙක ද තෙවැනි සිව්වැනි ඵල ද වෙන්කොට දක්වයි. එය මනාව දතහැකි ම ය. සේවනය කෙරේනුයි වන නම් වේ. පීඩාකරයි පීඩා කරනු ලැබේ නුයි වන නම් වේ. එහිදී යම්හෙයකින්, පංචකාම ගුණයන් කාම තණ්හාවට නිමිති ගැනීම් වෙයි. කුඩා ලකුණු ගන්නාට ආධ්යාත්මික බාහිර ආයතන ඊට බැඳුණු ඡන්දරාගාදීන්ගේ අනුසය ධර්ම ද නැගීසිටින කරුණු ද වෙත්. එහෙයින් එම අර්ථය දක්වන්නට පංචකාම ගුණානි යනාදිය කියන ලදි.
අයං වෙවචනෙන සමාරොපනා යනු රාගවිරාග, චෙතො විමුත්ති, සෙක්ඛඵල, අනාගාමි ඵල, කාමධාතු සමතික්ඛමන යන මේ පදයන්ගෙන් තෙවැනි ඵලය පිළිබඳ යම් නිර්දේශයක් කරන ලද ද එසේම අවිජ්ජා, විරාග, පඤ්ඤා විමුත්ති, අසෙක්ඛ ඵල, අග්ගඵල, අරහත්ත, තෙධාතුක සමතිත්කමන යන මේ පර්යාය පදයන්ගෙන් සිව්වැනි ඵලය පිළිබඳ යම් නිර්දේශයක් කරන ලද ද පඤ්ඤින්ද්රිය ආදී පර්යාය වචනයන්ගෙන් ප්රඥාව පිළිබඳ යම් නිර්දේශයක් කරන ලද ද එය වේවචනයන්ගෙන් කරන ලද සමාරෝපනයකි.
‘තස්මාතිහ ත්වං භික්ඛු කායෙ කායානුපස්සී විහරාහි’ යනාදිය ලක්ඛණහාර විභංග වර්ණනාවේ කියන ලද ක්රමයෙන් දතයුතුයි. හුදෙක් එහිදී ඒක ලක්ෂණත්වයෙන් යුත් බැවින් නොකියන ලද දේවලත් කියන ලද බව දැක්වීම් වශයෙන්ම ආයේය. මෙහිදී භාවනා සමාරෝපන වශයෙනැයි (දතයුතු) මෙයම විශේෂයයි. කායානුපස්සනා වෙසෙසින් අසුභානුපස්සනාව ම ය. කාමරාගය හා ඊට අයත් කෙලෙස්වලට ඒකාන්තයෙන් ප්රතිපක්ෂ යැයි අසුභ සංඥාව, කබලීකාර ආහාරවල පමණ දැන්මෙන්, හාත්පසින් බැඳෙන කෙලෙස්, කමූපදානය, කාමයෝගය, අභිධ්යාව, කායගන්ථ, කාමාසව, කාමොඝ, රාගසල්ලය ද රූපධර්මවල පමණ දැන්මෙන් ප්රතිපක්ෂ කෙලෙස් ද රූපධර්මයන්හි රාගය, ඡන්දයෙන් අගතියට යාම යන මේ පාප ධර්මයන්ගේ ප්රහාණය පිණිස පවතී යැයි යන අර්ථය කායෙ කායානුපස්සි විහාරන්තො යනාදියෙන් දක්වයි.
එසේම විශේෂ වශයෙන් වේදනානුපස්සනාව දුක අනුව බැලීමකි. එය,
යො සුඛං දුක්ඛතො අද්ද දුක්ඛමද්දක්ඛි සල්ලතො
අදුක්ඛමසුඛං සන්තං අද්දක්ඛි නං අනිච්චතොති
අදුක්ඛමසුඛං සන්තං අද්දක්ඛි නං අනිච්චතොති