ඔතරණ හාර විභංග වර්ණනාව
තත්‍ථ කතමො ඔතරණො හාරො යනු ඔතරණ හාර විභංගයයි. එහි අසෙක්ඛා විමුත්ති යන මෙය ත්‍රෛධාතුක සසරෙහි වීතරාගීත්වය වූ අශෛක්‍ෂ ඵල විමුක්තියයි. තානි යෙව යනු අශෛක්‍ෂ විමුක්තියෙහි ඒ ශ්‍රද්ධාදියයි. අයං ඉන්‍ද්‍රියෙහි ඔතරණා යනු අශෛක්‍ෂ විමුක්තියෙන් වෙන් කරන ලද ශ්‍රද්ධාදි ඉන්‍ද්‍රියයන් කරණ කොටගෙන සංවර්ණනයට බැසගැනීමයි.
පඤ්චින්‍ද්‍රියානි විජ්ජා යනු සම්මා සංකප්පය සම්මා දිට්ඨියට උපකාරක පවත්නාක් මෙන්, පඤ්චස්කන්ධය පිළිබඳ ශ්‍රද්ධාදි ඉන්‍ද්‍රිය විද්‍යාවට උපකාරක බැවින් සංග්‍රහ කිරීම් වශයෙන් කියන ලදී යනුයි. සංඛාරා පරියාපන්නානි යනු පඤ්ච ස්කන්ධයන් සංස්කාර ස්කන්ධයෙහි ඇතුළත්ය යනුයි. යෙ සංඛාරා අනාසවා යන්නෙන් අග්‍රඵලය අදහස් කරන ලද බැවින් ඒ සංස්කාර ස්කන්ධය වෙසෙසයි. එහෙයින් ම භවංගයෝ නොවෙත්. ධම්ම ධාතු සංගහීතා යනු අටළොස් ධාතූන්ගෙන් ධම්ම ධාතුව සංග්‍රහ කරන ලදී යනුයි. පෙර වීතරාගී යම් අශෛක්‍ෂ විමුක්තියක් දක්වන ලද ද එහි ප්‍රතිපත්ති දක්වනු පිණිස මේ මම වෙමි, නොදකින්නා වෙමි යන දර්ශන මාර්ගය මෙහි කියන ලදී යන මේ අර්ථය දක්වන්නට අයමහමස්මි අනානුපස්සි යනාදිය කියන ලදි. සියල්ල කියන ලද ක්‍රමයෙන් ම ය.
නිස්සිතස්ස චලිතං යනු තණ්හා දෘෂ්ටි වශයෙන් එක් අරමුණක නොපිහිටි කර්මයයි. චුතූපපාතො යනු පහළ වීම යන අර්ථ ඇති අන්‍ය වචනයකි. නිශ්‍රිත පදයෙහි ලැබෙන නිශ්‍රය පදය උපුටමින් නිස්සයො නාම යි කියන ලදි. තණ්හා නිස්සයො යනු තණ්හාවට බැසගැනීමයි. එය තණ්හා චරිතයාට ප්‍රතිෂ්ඨා බැවින් එසේ කියන ලදි. මෙසේ දිට්ඨිනිස්සය ද දතයුතුය. රත්තස්ස චෙතනා යනු චේතනා ප්‍රධාන බැවින් සංස්කාරස්කන්ධ ධර්මයන් චේතනා ශීර්ෂයෙන් තණ්හාවම කියයි යනුයි. එහෙයින්ම අයං තණ්හා නිස්සයො යයි කියන ලදි. යම්හෙයකින් වෙනස් වූ ප්‍රවේශය මෝහය බලවත් කල්හිම වෙයි ද එහෙයින් සා සම්මූළ්හස්ස චෙතනා අයං දිට්ඨි නිස්සයො යි කියන ලදී.
මෙසේ චේතනා ශීර්ෂයෙන් තෘෂ්ණා දෘෂ්ටීන් ප්‍රකාශ කොට දැන් එහිදී නිෂ්පරියාය දේශනයෙන් චේතනාවම ගනිමින් චේතනා පන සංඛාරා යි කියන ලදි. යා රත්තස්ස වෙදනා අයං සුඛා වෙදනා යනු සුඛ වේදනාවෙන් රාගය යටපත් වේ යයි තීරණය කොට කියන ලදී යනුයි. එසේම අදුක්ඛමසුඛ වේදනාවෙන් අවිද්‍යාව යටපත් වේයයි (සිතා) යා සම්මූළ්හස්ස වෙදනා අයං අදුක්ඛමසුඛා වෙදනා යයි කියන ලදි. මෙහිදී වේදනා ශීර්ෂයෙන් චේතනාව ප්‍රකාශ කරන ලදි. තණ්හාය යනු තණ්හං යනුයි. දිට්ඨියා යනු දිට්ඨිං යනුයි. යම්සේ සෙසු කරුණුවලදී තණ්හාව නිස්සය ලෙසින් ඇතිවිට පුද්ගලයා තණ්හාවේ නිස්සිත යැයි කියනු ලැබේ. මෙසේ තණ්හාව සෙසු කරුණුවලට හේතු වශයෙන් ඇතිවිට පුද්ගලයා තණ්හාවේ නිස්සිතයා යැයි කියනු ලැබේනුයි තණ්හාය අනිස්සිතො යි කියන ලදි.
පස්සද්ධි යනු කරදර සන්සිඳුවීමයි. කායිකා යනු කරජකය ඇසුරු කළ දේ ය. චෙතසිකා යනු සිත ඇසුරු කළ දේය. යම්හෙයකින් ඒ කරදර සන්සිඳුවීම කායචිත්තයන්ගේ සැපය ඇතිවිට ප්‍රකට වේ ද එහෙයින් යම් කායික සැපයක් ආදි ලෙසින් වූ එලූපචාරයෙන් කියන ලද පස්සද්ධියේ නැමීමක් නොමැතිකමින් හේතුව දක්වන්නට පස්සද්ධකායො යනාදිය කියන ලදි. සො යනු මෙසේ මිදුණු සිත් ඇති ක්‍ෂීණාශ්‍රවයා ය. රූපසංඛයෙ විමුත්තො යනු රූපයන්ගේ ගෙවීම් සංඛ්‍යාත නිවනෙහි මිදුණු යනුයි. අත්‍ථිතිපි න උපෙති යනු ලෝකය ද ආත්මය ද ශාස්වතය යනුවෙන් තණ්හා දිට්ඨි උපායයන්ගෙන් යුක්ත නොවේ. නොගනී යනුයි. නත්‍ථි යනු අශාස්වතය යනුයි. අත්‍ථි නත්‍ථි යනු එක්විටෙක ශාස්වතය. එක්විටෙක අශාස්වතය යනුයි. නෙවත්‍ථි නො නත්‍ථි යනු අමරා වික්‍ෂෙප වාද වශයෙනි. ගම්භීරො යනු නැගී සිටීමට හේතුවන කෙලෙස් නැතිකමින් ගැඹුරු වූ යනුයි. නිබ්බුතො යනු ඇත යනාදි උපගමන ක්ලේශයන් සන්සිඳුවීමෙන් පිරිනිවියේ සිසිල්වූයේ යනුයි.