නයසඞ්ඛෙපො
මෙසේ ගාථා පබැඳීම් වශයෙන් සෝළස (16) හාරයන් දක්වා දැන් නය දක්වන්නට තණ්හඤ්ච යනාදිය කියන ලදි. එහි තණ්හඤ්ච අවිජ්ජම්පි ච යනු සූත්රයෙහි ආ අර්ථ වහයෙන් හෝ නිර්ධාරණය කිරීම් වශයෙන් හෝ ගන්නා ලද තෘෂ්ණාව හා අවිද්යාවයි. යො නෙති යනු සම්බන්ධයයි. යො යම් සංවර්ණනා විශේෂයක් වේ ද එය නෙති පමුණුවයි. සංකිලේස පක්ෂයට පමුණුවයි. සංකිලේස වශයෙන් සූත්රාර්ථය යොදයි යන අධිප්රායයි. සමථෙන සමාධියෙන්. විපස්සනාය ප්රඥාවෙන් යමෙක් පිරිසිදු බවට පමුණුවනුයේ තණ්හාව ද අවිද්යාව ද භවයට මුල්වන බැවින් සමුදය සත්යයයි. ඉතිරි ත්රෛභූමක ධර්ම දුක්ඛ සත්යයයි. සමථය හා විදර්ශනාව මාර්ග සත්යයයි. එයින් පැමිණිය යුතු අසංඛත ධාතුව නිරෝධ සත්යයයි. මෙසේ යමෙක් මේ සිව්සස් දිනා ද එය සච්චෙහි යොජයිත්වා (යනුයි.) නම් වේ. මේ නය නන්දියාවට්ට නම් වේ. යමක් තෘෂ්ණා අවිද්යාවන්ගෙන් සංකිලේස පක්ෂය වූ සූත්රාර්ථයට ද සමථ විදර්ශනාවන්ගෙන් වොදාන පක්ෂයට ද චතුසත්ය වූ සූත්රාර්ථයට ද සමථ විදර්ශනාවන්ගෙන් වොදාන පක්ෂයට ද චතුසත්ය යෙදීම් මුඛයෙන් චක්ෂු ලක්ෂණයට ද යොමු වේ ද මේ සංවර්ණනා විශේෂය නන්දියාවට්ට නයය යන අර්ථයයි. මෙහි දී නයෙහි භූමිය ගාථාවේ දී නයො යැයි කියන ලදි. එහෙයින් සංවර්ණනා විශේෂයකැයි කියන ලදි. අර්ථ නය සංවර්ණනාව නොවේ. චතු සත්යය අවබෝධ කරන්නහුට අනුරූප වූ පූර්ව භාගයෙහි අනුව බැසගන්නා නය අර්ථ නය නමි. එහි උග්ඝටිතඤ්ඤු ආදීන්ගේ වශයෙන් තෘෂ්ණා ආදී ආකාරයෙන් යම් නය භූමි රචනයක් වේ ද එහි නය වොහාරය වේ.
අකුසලෙ යනු දොළොස් සිතකින් සංග්රහ වූ සියලු අකුශල ධර්මයන්හිය. සමූලෙහි යනු සිය මූලයන්ගෙනි. ලෝභ ද්වේෂ මෝහයන්ගෙන් යන අර්ථයයි. කුසලෙ යනු චතුභූමක සියලු කුසල ධර්මයන්හිය. කුසල මූලෙහි යනු අලෝභ ආදි කුසල මූලයන්ගෙනි. යො නෙති යනු කුශලාකුශල ගෙන යනු ලබන්නේ මායා මිරිඟු ආදිය මෙන් නොවූ දෙයක් නොවේයැයි භූතය ද පටඝට ආදිය මෙන් සම්මුති සත්ය මාත්රයක් නොවේ යන තථය ද අකුසලයේ ඉෂ්ට විපාක බැවින් ද කුසලයේ අනිටු විපාක බැවින් ද විපාකය ඇති විට විවාදයක් නැති බැවින් අවිතථය ද (පමුණුවයි) ගෙනයයි. මෙසේ මේ ත්රිවිධ පදයන්ගේ කුසල අකුසල විශේෂණත්වය දතයුතුය. එසේ නැතහොත් අකුසල මූලයන්ගෙන් අකුසලයන් ද කුසල මූලයන්ගෙන් කුසලයන් ද ගෙනයනු ලබන්නේ මේ නය භූත තථ අවිතථ යන දේ ගෙනයනු ලබයි. සිව්සස් නිර්ධාරණය කොට යොදයි යන අර්ථයයි. දුක්ඛාදිය බාධකාදිය ඇති බැවින් අන්යථා භාවයක් නැති නිසා භූතයන් සත්ය බැවින් තථ වේ. නොබොරු බැවින් අවිතථය. භාග්යවතුන් වහන්සේ විසින් ද ‘මහණෙනි, තථ වූ අවිතථ වූ අනඤ්ඤථ වූ මේ කරුණු සතරක් වෙති’යි කියන ලදි. තිපුක්ඛලං තං නයං ආහු යනු යම් නය ලක්ෂණයක් අකුසල මූලයන්ගෙන් සංකිලෙස පක්ෂය ද කුසල මූලයන්ගෙන් වොදාන පක්ෂය ද චතුසත්යයෝජන මුඛයෙන් සූත්රාර්ථය ද සංවර්ණනා විශේෂ වේ ද එය තිපුක්ඛල නය යැයි කියති යන අර්ථයයි.
විපල්ලාසෙහි යනු අසුභයෙහි සුභය ආදී වශයෙන් පැවති සතර විපර්යාසයන්ගෙන්ය. කිලෙසෙ යන තැන කෙළෙසත්, බාධා කරත්නුයි කිලෙස නම් වේ. සංකිලිෂ්ට ධර්මයෝය. සංකිලේස පක්ෂය යන අර්ථයයි. ඇතැමෙක් සංකිලෙසෙ යැයිද කියත්. කෙලෙස් සහිතව යන අර්ථයයි. ඉන්ද්රියෙහි යනු සද්ධා ආදී ඉන්ද්රියයන්ගෙනි. සද්ධම්මෙ යනු ප්රතිපත්ති-ප්රතිවේධ ධර්මයෙහිය. වොදාන පක්ෂය යන අර්ථයයි. එතං නයං යනු යම් නය ලක්ෂණයක් සුභ සඤ්ඤා ආදී විපර්යාසයන්ගෙන් සියලු සංකිලේශ පක්ෂය ද සද්ධින්ද්රිය ආදියෙන් වොදාන පක්ෂය ද චතුසත්ය යෝජනා වශයෙන් සංවර්ණනා විශේෂයක් වේ ද, එයයි. මේ නය නයවිදූ සද්ධර්ම නය පිළිබඳ දක්ෂයෝ හෝ අර්ථනය පිළිබඳ දක්ෂයෝ සීහවික්කීළිත නය යැයි කියත් යන අර්ථයයි.
වෙය්යාකරණෙසු යනු ඒ ඒ අර්ථ නය යෙදීම පිණිස කරන ලද සූත්රයේ අර්ථ විසඳීම්වලය යන අර්ථයයි. එහෙයින්ම තහිං තහිං යැයි කියන ලදි. කුසලාකුසලා යනු පිරිසිදු කිරීමෙහි දක්ෂ, කෙලෙසන සුළු ඒ නයට දිශා වූ ධර්මයෝය. වුතතා යනු සූත්රයෙන් නිර්ධාරණය කොට කියන ලද යනුයි. මනසා වොලොකයතෙ යනු ඒ පෙර කියන ලද ධර්මයන් සිතින්ම මේ පළමු දිශාවය. මේ දෙවන දිශාවය ආදී වශයෙන් ඒ ඒ නය දිශා භාවයෙන් සලකා බලයි යනුයි. විමසා බලයි යන අර්ථයයි. ඔලොකයතෙ තෙ අබ්භී යනුවෙන් ද පාඨයක් වේ. එහි තෙ යනු ඒ පෙර කියන ලද ධර්මයන්ය. අබ්භී යනු අභ්යන්තරයයි. සිතින් යන අර්ථයයි. තං චු දිසාලොචනං ආහු යන මෙහි ඔලොකයතෙ යනු මෙහි යම් ඒ බැලීමක් වේ ද එය දිශාලෝචන නය නමැයි කියත් යනු අවධාරණ අර්ථයේ නිපාතයකි. එහෙයින් මේ නය ඔලොකනයක්මය. (බැලීමක්ය) කිසියම් අර්ථ විශේෂයක් නොදක්වයි.