1 - 2
තස්ස මෙ කාමයමානස්ස යනු ඒ කාම සම්පත් කැමතිවන පුද්ගලයාට නැතහොත් කාමයෙන් පිනායෑම කැමතිවන, ඡන්ද ජාතස්ස උපන් තණ්හා ඇති ජන්තුනො සත්ත්වයාට තෙ කාමා පරිහායන්ති ඉදින් ඒ කාමයෝ පිරිහී යත් නම්, සල්ලවිද්ධොව රුප්පතී එවිට ඔහු යකඩ කළ හුලකින් විදින ලද්දකු මෙන් පීඩාවට පත් වේ. මින්පසුව මුලින් පැවසූ පදයන්ගේ අර්ථ හැර නොපැවසූ පදයන්හි අර්ථයම කියන්නෙමි.
ඇස පිනවන අරමුණට පැමිණීම් වශයෙන් ‘යෙති’යි, පැමිණෙති’යි, ‘දර්ශනිය වශයෙන් ප්රිය කෙරෙතියි, ‘අරමුණු වශයෙන් සමීපයට පැමිණෙති’යි යන අරුතින් නීයති යනු වේ. ඇසිය යුත්තක්ව කණ, ශ්රෝතස පිනවීම ආරම්මණ වශයෙන් ඇදගනිති’යි යන අරුතින් ආයුහති යනු වේ. සිහිකළ යුත්තක්ව සිත පිනවීම, ‘ආරම්මණ වශයෙන් ගෙන එක්තැන් කරති යි, ‘ළඟට පමුණුවති’යි යන අරුතින් සංහරීයති යනු වේ. යථා යනු උපමාර්ථයේ නිපාතයකි. ‘ඇතු පිටින් යෙති’යි, ‘ගමන් කරති’යි යන අරුතින් හත්ථියානෙන යනු වේ. වා යනු විකල්පාර්ථයේ ‘හෝ’ යන නිපාතයයි. ‘අසු පිටින් යෙති’යි ගමන් කරති’යි යන අරුතින් අස්සයානෙන යනු වේ. ගවයකු යෙදූ, ගවයකු අදින යානයෙන් (රථය) ගෙනයානුයි. ගොයාගෙන ගෝයානයෙනි. අජ යානාදියෙහි ද මෙම නය වේ. කැමති ලෙසට උපන්නේ නුයි සඤ්ජාතො සඤ්ජාත නමි.
අරමුණ ප්රියත්වය අනුව උපන්නේ නුයි අභිනිබ්බත්තො අභිනිබ්බත්ත නමි. අරමුණට මනාප පහළ වූ හෙයින් පාතුභූතො පාතුභූත නමි. නැතහොත්, කාමරාග වශයෙන් හෝ උපන්නේ සඤ්ජාතො, සඤ්ජාත නමි. කාම නන්දි (සතුට) වශයෙන් උපන්නේ අභිනිබ්බත්තො අභිනිබ්බත්ත නමි. කාම ආශා වශයෙන්ද කාම ස්නේහ වශයෙන් ද කාමච්ඡන්ද වශයෙන් ද කාම පිරිතැවීම් (පරිදාහය) වගයෙන් ද පාතුභූතො පාතුභූත යැයි දතයුතුයි.
තෙ කාමා පරිහායන්ති ඒ වස්තු කාමාදිය පිරිහීමට පත් වේ. ගිලිහීමට පත් වේ. සො වා කාමෙහි පරිහායති යනු මේ ක්ෂත්රියාදී පුද්ගලයා වස්තු කාමාදී කාමයන්ගෙන් පිරිහී යයි. ගිලිහී යයි. පුබ්බෙව මච්චං විජහන්ති භොගා මච්චො ධනෙ පුබ්බතරං ජහාතී’ති ‘පළමුකොට ම භෝගයෝ මිනිසා අත්හරිති. එයටත් වඩා පළමුව මිනිසා ධනය හැර යයි.’ යනාදියෙහි මෙනි. කථං යනු කවරාකාරයකින් ද? තිට්ඨන්තස්සෙව යනු ජීවත්ව සිටියදීම තෙ භොගෙ ඒ වස්තුකාමාදී භෝග සම්පත් රාජානොවා පෘථිවි පාලක රජවරු හෝ හරන්ති රැගෙන යති. පැහැර ගනිති. චොරාවා හන්දි සිඳින (ගෙවල් බිඳින) සොරු හෝ අග්ගවා යනු ලැව්ගිනි ආදියෙන් හෝ. දහති දවයි. හලු කරයි. උදකං වා’ ගං හෝ ආදී ජලය වහති ගසාගෙන ගොස් මහ මුහුදේ තැන්පත් කරයි. අප්පියා වා අකමැති අමනාප වූවෝ හෝ. හරන්ති දායාදා යනු උරුමයක්, හිමිකමක් නැත්තෝ දායාද කොට ගෙන යති. නිහිතං වා නිධන්කර තබන ලද ධනය හෝ නාධිගච්ඡතී ‘නො විඳිති යි, ‘නොලබති’යි, ‘නොදකිති’යි යන අර්ථයි. දුප්පයුත්තො යනු වරදවා යෙදූ කෘෂි වණික් ආදී කර්මාන්තයි. භිජ්ජන්ති යනු බිඳීමට පත්වෙති. නොපවතියි යන අර්ථයි. ‘භිජ්ජති තං අජානනතා’ (නොදැනීමෙන් ද විනාශ වෙයි.) යනාදියෙහි සම්භවය දතයුතුයි.
කුලෙ ඝාතකො වා කුලබ්භාගෙ උප්පජජති යනු ක්ෂත්රියාදී කුල නසන්නා කුලයේ අවසන් පුරුෂයාව උපදියි. කුලෙ වා කුලගාරො යනු ද පාළි (පෙල)යි. යො තෙ භොගෙ විකිරති යනු යමෙක් අන්තිමයා වූයේ ද හේ තෙමේ, ඒ අමුරන් ආදී භෝගයන් ක්ෂය කරයි. විධමති යනු වියෝග කරයි. දුරු කරයි. විද්ධංසෙති යනු නසයි. මකා දමයි. නැතහොත් ස්ත්රී ලෝලියෙක්ව විකිරති භෝග විසුරුවයි. සුරාසොඬෙක්ව විධමති භෝග වනසා දමයි. දූකෙළින්නෙක්ව විද්ධංසෙති භෝග විනාශ කර දමයි. නැතහොත් විකිරති යනු උපන් අය ආදායම් නොදැනීමෙනි. විධමති යනු වියදම් කිරීමේ සුවය නොදැනීමෙනි. විද්ධංසෙති යනු ආරක්ෂා කරන්නන්ගේ අසංවිධානයෙන් තිබූ තැනින් දුරුවේ. මේ ආදිය සමග යෙදිය යුතුයි.
අනිච්චතායෙව අට්ඨමී යනු අනිත්යතාවම භෝග විනාශයට අටවන හේතුවයි. හායන්ති යනු නො දක්නා බවට පැමිණෙති. පරිහායන්ති නැවත දක්නට නො ලැබෙති. පරිධංසන්ති යනු තුබූ තැනින් ඉවතට යති. පරිපටන්ති යනු වැගිරෙති. අන්තරධායන්ති යනු අතුරුදහන්වීමට, නොදැකීමට යති. විප්පලුජ්ජන්ති සුණු විසුණු වී පහවෙති.
තිට්ඨන්තෙව තෙ භොගෙ යනු ඒ ධනය තිබියදීම ‘තිට්ඨන්තෙ නිබ්බත්තෙ ච’ යනාදියෙහි මෙනි. සො ඒ භෝග හිමි පුද්ගලයා චවති යනු දෙව්ලොවින් නම් චුත වේ. මරති යනු මිනිස්ලොවදී නම් මැරෙයි. විප්පලුජ්ජති නාග සුපර්ණාදී ලෝකයන්ගෙන් නම් අතුරුදහන් වෙයි. නැතහොත් හායති යනු ධාන්ය කෝෂ්ටාගාර වශයෙන් ගෙවී ක්ෂය වෙයි. පරිහායති යනු ධන කෝෂ්ටාගාර වශයෙන් පිරිහේ. පරිධංසති යනු ඇත්, අස්, ගව ආදී සම්පත් වශයෙන් වැනසෙයි. පරිපටති යනු දැසි දස් වශයෙන් ඉවත්වී යයි. අන්තරධායති යනු බිරින්දන් පැහැර ගැනීම් (දාරාහරණ) වශයෙන් අතුරුදහන් වේ. නස්සති යනු ජලාදියෙන් නැසේ’ යනුවෙන් ද ඇතැමෙක් අර්ථ දක්වති.
අයොමයෙන යනු කාල ලෝභයෙන් (යකඩින්) නිපද වූ සල්ලෙන යනු ඊතලයකින් අටඨිමයෙන යනු මිනිස් ඇට හැර සෙසු සත්ත්වයන්ගේ ඇටවලින් සෑදු දන්තමයෙන යනු ඇත්දත්වලින් සෑදූ විසානමයෙන යනු (සිඟුමුවා) ගව අං ආදියෙන් කළ හීයකින් කට්ඨමයෙන උණු ආදී දැවමුවා හීයකින්, විද්ධො යනු ඉහතින් කියන ලද ආකාරයේ හී අතුරින් එක් හීයකින් විදින ලදුයේ රුප්පති යනු විසිරෙයි. විකාරයට පත්වෙයි. කුප්පති යනු සසල වෙයි. කෝපය උපදවයි. ඝටීයති ගැටෙයි. පීළියති පෙළේ. පහර ලදුයේ කුප්පති කිපෙයි. තෙවන දින වෙදාගේ ලොහොකුර පිවිසවා සෝදන කල්හි ඝට්ටියති ගැටෙයි. ක්ෂාර (ලුණුදිය) දමා සෝදනවිට පීළීයති පෙළේ. නැතහොත්, ‘පහර ලද තැන සෝදන කල්හි රුප්පති විසිරේ. ඒ දුක උපදින කල්හි කුප්පති කිපෙයි. වෙද කූර පිවිසෙනවිට පීළීයති පෙළේ. කරදියෙන් සෝදනවිට දී ඝට්ටීයති ගැටේ, යනුවෙන් ඇතැමෙක් විස්තර කරති.