වීමංසන කාණ්ඩය
කුමරා අපාය බියෙන් තැතිගෙන සුසුම්ලන්නේ කිරි පිණිස නො හඬයි. කුමරා අපායගාමී වේයැයි යන බියෙන් තැතිගැණුනේ සුසුම්ලෑවත් කිරි ඉල්ලා නො හඬයි. අපට නොහඬන පුතෙකු උපන්නේයැයි මව හෝ කිරි මව්වරු හෝ කිරිපොවති. අනෙක් දරුවෝ කිරි නො ලැබුණ විටම හඬත්. කුමරා නො හඬයි. නො නිදයි. අත්පා තෙම හකුලයි. කිසි හඬකට කන් නො දෙයි. ඇතැම්විට කිරි මව්වරු කොරුන්ගේ අත්පා මෙසේ නොවේ. ගොළුවන්ගේ හකු කෙළවර (හකුපාඩා) මෙසේ නොවේ. බිහිරන්ගේ කන්පෙති මෙසේ නොවේ’ යැයි කියති. එසේ වුවත් කුමරාගේ එම තත්ත්වය ඇති සැටි දැනගැනීමට සිතූ කිරිමව්වරු මුළු දවසක්ම කිරි නොදුන්නාහුය. ඔහු සුසුම් ලෑවා පමණකි. කිරි පිණිස නොහැඬූහ. එහෙත් ඔහුගේ වැදූ මව අනේ පුතා නොවේදැයි කිරි මව්වරුන්ට කිරි දීමට නියම කළේය. මෙසේ අතරින් පතර කිරිදීම කළත් වසරක් ගෙවී ගියේය. එහෙත් වෙනසක් දක්නට නොලැබුණි.
[missing trans] කුඩාවුන් (කුඩා ළමයි) රසකැවිලිවලට කැමති නිසා ඒවා දීමෙන් හෝ රහස දැනගමු යැයි සිතූ කිරි මව්වරු පන්සියයක් කුමාරවරු ඔහු (තේමිය කුමරා) ඉදිරියේ තබා කැමති රසකැවිළි ගෙන කන්න යැයි කියා සැගවී බලා සිටියෝ ය. අනෙක් දරුවෝ උනුනුන්ට පහර දෙමින්, පොර කමින් කැවිලි ගෙන කෑවාහුය. මහසත් තේමිය කුමරා අපාය බිය කැමති වන්නෝ රසකැවිලි වලටත් ආසා කරන්නෝ යැයි අපායට ඇති බිය නිසා එම කැවිලි දෙසවත් නො බැලීය. මෙසේ රසකැවිලි දීමෙන් අවුරුද්දක් විමසීම් කළත් කුමරාගේ හැසිරීමේ වෙනසක් නො දැක්කේය.
[missing trans] දරුවන් පලතුරුවලට ගිජු නිසා නොයෙක් රසවත් පලතුරු ගෙනවිත් දුන්නෝය. අනෙක් කුමාරවරු කළහ කරමින් පලතුරු කෑවෝය. කුමරා ඒ දෙසවත් නො බැලීය. මෙසේ පලතුරු දීමෙන් ද වසරක් පමණ විමසීය.
[missing trans] දරුවෝ කෙළිබඩුවලට කැමති නිසා රන්වන් ඇත්රූප ආදී කෙළිබඩු දී බැලුවෝය. සෙසු දරුවෝ මංකොල්ල කන්නාක් මෙන් ඔවුන්ගෙන් කෙළිබඩු පැහැර ගත්තෝය. මහසත් එදෙසවත් නොබැලීය. මෙසේ කෙළිබඩු දීමෙන් ද අවුරුද්දක් විමසීය.
සිව්මස් වයසැති දරුවන් ආහාරවලට ප්‍රියකරන බැවින් නන්වැදෑරුම් ආහාර කෑමට දී විමසූහ. අනෙක් දරුවෝ පිඬුකොට කෑවාහුය. ඒ ඒ ආත්ම භාවයන්හි නිරාහාරව සිටි අවස්ථා ගණනක් නැතැයි අපායට ඇති බියෙන් ආහාර දෙසවත් නොබැලීය. ඉක්බිති ඔහුගේ මව තද දුකින් පෙලී ලජ්ජාවට පත්ව සියතින් කුමරාට ආහාර කැව්වාය. [missing trans]
පස්වස් වයසේ දරුවෝ ගින්නට බිය වන්නාහු යැයි සලකා, බොහෝ දොරවල් ඇති තල් අතු සෙවිලිකොට ගෙයක් සාදවා අනෙක් කුමාරවරු සමග ඒ මැද තබා ගෙට ගිනිලවීය. සෙසු දරුවෝ මහත් සේ හඬමින් පැන ගියාහුය. මහසත්හු නිරයේ පැසෙන්නවුන්ට මෙය ඉතා සුළු දෙයකැයි සලකා නිසොල්මන්ව සිටියාහුය. [missing trans]
සය හැවිරිදි දරුවෝ මත් ඇතුන්ට බියවන්නේ යැයි බෝසත් හා සෙසු දරුවෝ රජගෙයි මිදුලෙහි තබා මනාකොට හික්මවන ලද ඇතුන් එදෙසට මෙහෙයවීය. ඒ ඇත්තු කුංචනාද කරමින් සොඬු බිම පහරමින් මහත් බිය ගෙන දෙන සේ කුමාරවරුන් වෙත ආහ. අනෙක් දරුවෝ මරබියෙන් ඒ ඒ අත පළා ගියාහුය. [missing trans] මනාකොට හික්ම වූ ඇතුන් (බැවින්) බෝසත් සමග මෙහෙකොට පීඩා නොකරම ගියාහුය. [missing trans]