4. කුණාල ජාතකය (536)
එවමක්ඛායතී යන මෙය ශාස්තෲන් වහන්සේ කොවුල් විලක (කුණාල දහෙ) වාසය කරන්නා වූ අකමැත්තෙන් පෙළුණු පන්සියයක් භික්‍ෂූන් අරබයා වදාළ සේක. එහි මේ අනුපිළිවෙල කථාවයි. ශාක්‍ය-කෝළියෝ වනාහි කපිල වස්තු නගරයටත් කෝළිය නගරයටත් අතරෙහි රෝහිණී නම් නදිය එක ම ආවරණයකින් බන්දවා ගොයම් වගාව ආදිය කරති. ඉක්බිති පොසොන් මාසය මුල ගොයම් මිලාන වන කල්හි දෙනුවර වැසි කම්කරුවෝ රැස්වූහ. එහි කෝළිය නගරවාසීහු කීවාහු ය. මේ ජලය දෙපක්‍ෂයම රැගෙන යන්නේ, නුඹලාට ද අපට ද ප්‍රමාණවත් නොවන්නේ ය. අපගේ ශස්‍ය එකම ජලයෙන් ම නිපදවිය හැකි වන්නේ ය. මේ ජලය අපට දෙවු! යනුවෙනි. කපිලවස්තු එවිට නගරවාසීහු කීවාහුය. නුඹලා අහර කොටු පුරවා සිටින කල්හි, අපි රන් මැණික් නිල්මැණික් කහවනු ආදිය ගෙන සිඳණු පසුම්බිය ඇති අත් ඇත්තෝ ව නුඹලා ගේ ගෙවල් දොරවල්හි හැසිරීමට නොහැක්කම්හ. අපගේ ද ශස්‍ය එක ම දියවරෙන් නිපදවන්නේය. මේ ජලය අපට දෙවු! අපි නොදෙන්නෙමු! අපි නොදෙන්නෙමු යයි මෙසේ කථා වැඩී එකකු නැගිට එකකුට පහර දුන්නේය. ඔහුද අනෙකාට දැයි මෙසේ ඔවුනොවුන් පහරදී රාජ පරම්පරා කුල ගැටී, කලහ වර්ධනය විය.
කෝළිය කම්කරුවෝ කියත්. නුඹලා කපිලවස්තු වැසියන් යමෙක් බලු, සිවල් ආදීන් මෙන් තමන්ගේ සහෝදරියන් සමග වාසය කළහ. ඔවුන්ට ඇත් අසුන් ආදීහු ද, පුවරු ආයුධ හෝ ඇත්තේඅ පට කුමක් කරන්නාහුද? ශාක්‍ය කම්කරුවෝ කියති. නුඹලා දැන් කුෂ්ට සහිත දරුවන් ගෙන යවු! යමෙක් අනාථ වූවෝ ද පිටතට ගියෝ තිරිසනුන් මෙන් ඩෙබර ගසක් යට වාසය කළහ. මොවුන්ගේ ඇත්තු-අශ්වයෝ ආදිහුද, පුවරු ආයුධාදිය ද අපට කුමක් කරන්නාහුද, ඔවුහු ගොස් ඒ වැඩෙහි නිරතව ඇමතියන්ට කීවාහුය. ඇමතියෝ රජකුලවලට කීහ. ඉක්බිති ශාක්‍යයෝ සහෝදරියන් සමග සංවාසයේ නිරත වූවන්ගේ බලය, එඩිය ද පෙන්වන්නෙමුයි යුද්ධ සඳහා නික්මුණහ. කෝලියෝ ද ඩෙබර ගස්යට වසන්නවුන්ගේ එඩිය ද-බලය ද පෙන්වන්නෙමුයි යුද්ධ සඳහා නික්මුණහ. පසුව වනාහි ශාක්‍ය-කෝලියන්ගේ දාසීහු ජලය පිණිස නදියට ගොස්, ආධාරකය බිම තබා සැප දුක් කථා කරමින් සිටිකල්හි එකියකගේ ආධාරකය එකියක තමන්ගේ යන අදහසින් ගත්තාය. ඒ නිසා ඔබේ ආධාරකය, මගේ ආධාරකය යයි කෝලාහල පවත්නා කල්හි ක්‍රමයෙන් දෙනුවර වාසී, දාස කම්කරුවෝ ද, සේවක භෝජක අමාත්‍යයෝ ද, උපරජවරු ද සියල්ලෝ යුද්ධ සඳහා නික්මුණාහයි කියති. මොවුන් කෙරෙන් පෙර පරිදි ම බොහෝ අර්ථ කථා පැමිණියේ, ගතයුතු පියවර හෙට ම ගත යුතුයි.
ඔවුහු වනාහි සවස යුද්ධය සඳහා නික්මෙන්නාහ යයි, එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර වැඩවාසය කරන සේක්, අළුයම් කාලයේ ලොව බලන සේක්, මොවුන් මෙසේ යුද්ධය සඳහා නික්මෙන අයුරු දුරු සේක. දැක, අද මා ගිය කල්හි මේ කලහය සංසිඳෙන්නේය යයි සලකන්නේ මම එහි ගොස් කලහය සංසිඳවීමට ජාතක කථා තුනක් කියන්නෙමි. අනතුරුව කෝලාහල සංසිඳෙන්නේය. එවිට සමගිය අර්ථවත් වනු පිණිස ජාතක දෙකක් වදාරා අත්තදණ්ඩ සූත්‍රය දේශනා කරන්නෙමි. දේශනාව අසා උභයනගරවාසීහු අඩක් පමණ අඩක් පන්සියයක් කුමාරවරු පහදිත්. මම ඔවුන් පැවිදි කරන්නෙමි. මහත් සමාගමක් වන්නේය යයි කතිකා කොට, ශරීර පිළිදැගුම් කොට, සැවැත් නුවර පිඬු පිණිස හැසිර, පිණ්ඩපාතයෙන් වැලකුනේ සවස් කාලයේ ගඳකිළියෙන් නික්ම කිසිවෙකුට නොදන්වා, තෙමේ ම පාත්‍ර සිවුරු ගෙන දෙසෙනග අතර, අහසෙහි පලඟක් බැඳ ඔවුන්ට සංවේගය ඉපදවීම පිණිස අන්ධකාර කිරීමට කේතු රැස් මාලා පිට කරමින් වැඩ සිටි සේක. ඔවුන්ට සංවේග මනසක් ඇතිවුණි. තමන්ව පෙනෙන සේ, සවණක් බුදු රැස් දැක අපගේ ඤාති ශ්‍රේෂ්ඨ වූ ශාස්තෲන් වහන්සේ වැඩම කළේනුයි දුටුවේ, අප කෝලාහල කරන බව නිසා යයි සිතා ශාස්තෲන් වහන්සේ වැඩම කළ කල්හි අප විසින් අනුන්ගේ ශරීරයන්ට ආයුධ සැලීමට කෝළිය නගරවැසියන්ට අපව විනාශ කිරීමට හෝ සිඳීමට හෝ නොහැකි යයි ආයුධ ඉවත දැමූහ. කෝළිය නගරවාසීහු ද එසේම කළහ.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ බැස රමණීය පෙදෙසක වැලි තලාවක පනවන ලද උතුම් ආසනයක අනූපම බුද්ධශ්‍රීය පතුරුවමින් වැඩසිටි සේක. ඒ රජවරු ද බුදුරදුන්ට වැඳ සිටියහ. ඉක්බිති ඔවුන් මහරජ, කුමක් දැනගෙන පැමිණියේ දැයි දන්නේ දැයි විචාරා ස්වාමීනි, මේ ස්ථානයේ කෝලාහලයක් හටගෙන වැඩම කළේ ද, නදිය දැක ගැනීම සඳහා සෙල්ලම් කිරීම සඳහා වැඩම කළේදැයි නොදනිමි. මහරජ, කුමක් සඳහා තොප කලහ කරහුද? ස්වාමීනි, ජලය නිසාවෙනි. මහරජ, ජලය කෙතෙක් වටනේද? ස්වාමීනි, ස්වල්පයකි. මහරජ, මහපොළොව කිම වටනේද? ස්වාමීනි අනර්ඝය. ක්‍ෂත්‍රියෝ කෙතෙක් අගීද? ස්වාමීනි, ක්‍ෂත්‍රියෝ නම් අනර්ඝ ම වෙති. මහරජ අල්ප වූ ජලය නිසා මහාර්ඝ වූ ක්‍ෂත්‍රියන් නසවුද? කෝලාහලයේ ආස්වාදයක් නම් නැත. මහරජ, කෝලාහල වශයෙන් එක් වෘක්‍ෂ දේවතාවකු කළු සිංහයෙකු සමග බද්ධ වෛරයෙන් පසුවූයේ මේ කල්පය පුරාම එය නො නැවතියේ යයි වදාරා ඵන්දන ජාතකය දේශනා කළ සේක. අනතුරුව, මහරජ; අනුන්ගේ කීම්වල පිහිට පැතීමෙක් නම් නො කළ යුතුය. අනුන් කීවා ගිවිසීම හේතු කොටගෙන, එක් හාවෙකු ගේ බස් ගිවිස යොදුන් තුන්දහසක් පළල, හිමාලයේ සිවුපා සමූහයෝ මහමුහුදට පැන්නෝ වූහ. එහෙයින් අනුන්ගේ වචන ප්‍රමාණයෙන් යමක් කිරීම නොවිය යුතුයයි වදාරා, දද්දර ජාතකය වදාළ සේක. අනතුරුව මහරජ, කිසිදා දුබලයා, මහබලවතාගේ සිදුරු දකියි. කවදා නමුත් බලවතා ද දුබලයාගේ සිදුරු දකින්නේම ය. ගේකුරුළු පක්‍ෂීන් ඇත් රජු විනාශ කළේ යයි කියා ලටුකික ජාතකය ද වදාළ සේක. මෙසේ කෝලාහල සංසිඳවීම පිණිස, ජාතක තුනක් වදාරා සමගිය අර්ථවත් කිරීම පිණිස ජාතක දෙකක් ද වදාළ සේක. මහරජ, සමගි වූවන්ට නම් කිසිදින පසුබැසීමක් දැකීමට නොහැකි යයි වදාරා රුක්ඛධම්ම ජාතකය වදාළ සේක. එසේ සමගි වූවන්ගේ නම්, මහරජ කිසිදු විවරයක් දැකීමට නොහැකි වේය. යම්කලෙක ඔවුනොවුන් විවාද කළාහුද, ඉක්බිති ඔවුන්ගේ විවාද දත් වැදි පුත්‍රයෝ වටුවන් ජීවිතක්‍ෂයට පමුණුවා තමන්ගේ අභිමතය මුදුන්පත් කළේ යයි ද, විවාදයේ ආස්වාදයක් නම් නැතැයි ද වදාරා වට්ටක ජාතකය වදාළ සේක. මෙසේ මේ ජාතක පහ පවසා, අවසානයේ අත්තදණ්ඩ සූත්‍රය වදාළ සේක.